ඇත්තටම රට ඉන්නවා කියන්නේ

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
රට කාසී
සමන් අයියා
මොකද කරන්නේ...
දැන් උඹලට නම් ඉතින් හරි ගිහින්නේ...
මොනවගෙන් කියලා අඩුවක් ද?
ඇයි බන් ඔහොම කියන්නේ චමා...
මොන හරියාමක් ද?
ජිවිතේ ගැටගහන්න ඕනා හින්දා දුක් විඳිනවා මිසක්...
නැතිනම් කැමැත්තෙන් මේ කාන්තාරේ කවුද ඉන්නේ..
අනේ අනේ මේ සමන් අයියා...
උඹ අපිටනේ බන් කියන්නේ එහෙම...
මම දැක්කනේ උඹ ගිය සතියෙත් ලස්සන ෆොටෝ ටිකක් දාලා තිබ්බා...
අපි වගේ ද බන්.. ආතල් එකේ ඔය ඉන්නේ
චමා මල්ලි..
උඹ දැන් ෆොටෝස් ගන්නේ නැද්ද?
ෆොටෝ එකක් ගන්න මහ වෙලාවක් යනවද?
ඉස්සර වගේ හොඳට ඇඳලා කරලා ස්ටුඩියෝ ගානේ රිංගන්න ඕනාද
දැන් ෆොටෝ එකක් ගන්න..?
උඹෙ අතේ ෆෝන් එකක් නැද්ද?
ඒකෙන් උඹට ෆොටෝ එකක් ගන්න වැඩිම උනොත් තත්පර දහයක් යයි...
එතකොට උඹ කියන්නේ ඔය තත්පර 10 දිහා බලලා මම මහා ආතල් එකකින් ඉන්නවා කියලාද?
හරි හරි බන් අයියේ ඉතින් ඕකට ඔය තරම් කේන්ති ගන්න ඕනා නැහැනේ..
අපි චැටක් දාන්න ආවහම තමා ඉතින් ඔය කතා ඔක්කොම..
කෙල්ල කතා කරනකොට ඔය මොනවත් නෑ.
අපි දන්නේ නැද්ද?
ඒ කෙල්ල අඳින ඇදුම් එහෙම.
මොකද ඔය කෙල්ල හම්බ කරලා ගත්තා ඒවාද නැහැනේ..
උඹ එවපුවා තමා.
මේ ඕව වැඩක් නෑ අයියා..
උඹ එනකොට මට ෆෝන් එකක් අරන් වරෙන්.
ඔය දෙකයි පනහේ ඒවා නෙමේ අඩුම ඇපල් 8 එකක් වත්..
මම යනවා..
වැඩ තියනවා.... උඹටත් වැඩලුනෙ මහ ගොඩාක්..
--------------------------------------------------
මොනවද සමන්..
මට නම් එපා වෙලා දැන්
මොකද බබා...
ඇයි දැන් මොකද උනේ...
මොකද උනේ කියලා අහන ලස්සන..
කවද්ද ඔයා එන්නේ..
මට බෑ තවත් යාලුවන්ගෙන් කතා අහන්න.
හැමෝම එක එක දේවල් කියනවා.
ඔයා මට ආදරෙයි නම් ලංකාවේ ඉන්නවලු.
දැන් ඔය රට රටවල් වල ගිහින් මොනවා කරනවද කවුද දන්නේ කිය කියා..
අනික දැන් ගෙදරින් මට බල කරනවා බඳින්න කියලා.
ඔයාට ඒවා ගානක් නැහැනේ..
ඔහෙට වෙලා සැප විඳ විඳ ඉන්නවා..
යාළුවො එක්ක ෆිල්ම් බලන්න යනවා..
ජිවිතේ නිකන් මම විතරක් දුක් විඳගෙන ඉන්න ඕනා...
රත්තරන්.. අහන්නකො බබා..
ඔයා හොඳටම දන්නවා මෙහෙ සැප කියලා දෙයක් නෑ කියලා.
ෆිල්ම් එකක් බලන එක එහෙම නැතිනම් කොහේ හරි පොඩි තැනකට ගිහින් එක නම් කරනවා.
ඒක විතරමයි දෙයකට කරන්න කියලා තියෙන්නෙ නිසා.
දවසට පැය 12ක්-15ක් වැඩ කරලා..
මහන්සියට නිදා ගන්න යන්නතම් ඇඳක් කියලා දෙයක් ඇරෙන්න වෙන මොනවද මෙහෙ තියෙන්නේ..
ලංකාවේ වගේ යාළුවො එක්ක ඇවිදින්න..
දාන ගෙදරක් , මගුල් ගෙදරක් , බණක් , පිරිතක් , අඩුම තරමේ ඔයාට තුරුල් වෙලා එක විනාඩියක් ඉන්න
මොනවද මට තියෙන්නේ.. ගෙදර මිනිස්සු , ඔයාව , යාලුවෙක් කාවවත් දකින්න නැතිව.. ඇඳ උඩට වෙලා
ඉන්න ගියොත් පිස්සු හැදෙයි කියලා තියන බයට සතියකට දෙකකට සැරයක් ෆිල්ම් එකක් බලන එකද බබා
දැන් ඔයා ඔය කියන්නේ.. ඔයා හිතන්නේ මම මේ මෙහෙ ආසාවෙන් දුක් විඳිනවා කියලාද?
හරි අනේ.... ඕවා කියලා වැඩක් නෑ.
හෙට මට පුලුවන්නම් සල්ලි ටිකක් දාන්න.
යාළුවො හැමෝම බඳිනවා.. ඒවාට නොයා බැහැනේ..
අනිත් අය හැමෝම එක්කෝ හස්බන්ඩ් නැතිනම් බෝයි එක්කනෙ එන්නේ..
හැමදාම මම ඉතින් තනියම යන්න ඕනානේ..
අනේ බබා ඉතින් පඩි ලබන සතියෙනේ..
මම ඔයාට කලින් මාසේ සල්ලි දැම්මානේ...
මම මොනවා හරි කරන්න බලන්නම්..
දැන් ඉතින් හිනාවෙලා ඉන්නකෝ...
--------------------------------------------------
පුතා මම මේ නිහාල් අන්කල් කතා කරන්නේ....
අම්මාගෙන් තමා නම්බර් එක ඉල්ලගත්තේ....
අපි මේ ගමේ ෂෝ එකක් තියන්න හදන්නේ..
පුතා ඉතින් රටනේ ඉන්නේ..
මෙහෙ අපි වගේ නෙමේනේ...
සල්ලි ගොඩක් හොයනවනේ...
ටිකක් ලොකු ආධාරයක් ඔන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.
රට ගිහින් ඉන්න මිනිස්සුන්ට මොනවගෙන් කියලා අඩු පාඩුද නේද පුතා..
මම මේ නිකන් මතක් කරන්න ගත්තේ...
ගෙදරට සල්ලි එවනකොට මේකටත් එක්ක එවන්නකො...
මම තියන්නම්......
--------------------------------
බලපන්..... රශ්මික.....
අද දවසට එක දිගට උන දේවල්....
එකෙක් උදේ පාන්දරම කතා කරලා අහනවා දැන් හරි ගිහින් නේද?
එනකොට ෆෝන් එකක් අරන් එන්නලු..
කෙල්ල කතා කරලා මම මෙහෙ සැපට ඉන්නවලු.
හෙට සල්ලි ඕනාලු වෙඩින් එකකට යන්න..
ඒ ඔක්කොටම හපන් මේ ගමේ අන්කල් කෙනෙක් කතා කරලා ෂෝ එකක් කරනවලු එකට සල්ලි ටිකක් එවන්නලු..
ඒක හරි සමන්... ගොඩක් උන් හිතාන ඉන්නේ රට ඉන්නවා කියන්නේ සුර සැප කියලා.
සල්ලි ගස් වලින් කඩන්න ඇවිත් කියලා හිතාන ඉන්නේ..
දුක් විදින්නේ ජිවිතේ සතුටින් ඉන්න තමා. එත්...
අපි මෙහෙ හැම සතේම හොයන්නේ දුක් විඳලා කියන එක උන් හිතන්නේ නෑ බන්
ඒක ඇත්ත රශ්මික... කවුරුවත් උඹට කොහොමද?
කන්න බොන්න එහෙම හොඳට තියනවද?
ලෙඩක් හැදුනොත් එහෙම මොනවද කරන්නේ ඔය දේවල් ගැන හිතන්නේ නැ
රට නම් සල්ලි කියලා තමා හිතන්නේ..
විඳින දුක... තේරෙන්න නම් ඉතින් රටම එන්න ඕනා බන්..
ඇත්ත බන්.. ඕව ගැන කතා කරලා වැඩක් නෑ බන්..
අපි ටිකක් හරි ශේප් තැනක වැඩ කරල හොඳ සැලරියක් ගන්න නිසා හොදයි..
එත් බලපන්කො.. මාසෙම එක දවසක් වත් නිවාඩු නැතිව ගෙවල් වල වැඩ කරන අය.
හොයන තුට්ටු දෙකත් දානකන් ලංකාවේ ඉන්න අය බලාන ඉන්නේ වියදම් කරලා දාන්න..
මෙහෙ කදුළු තමා සල්ලි වෙන්නේ කියලා නොදැන....

( මේ මගෙ පුද්ගලික කතාවක් නම්නෙමේ ඉතින්.ඊයෙත් මෙහෙ ගැන කතාවක් ලියපු නිසා යාලුවෙක් කීවා මොනවද බන් මෙහෙ විඳින දේවල් පොඩ්ඩක් අකුරු කරපන්. ගෙදර අයට පෙන්නන්න කියල .
මොකද කවුරුවත් මෙහෙ දුක් විඳිනවා කියලා හිතන්නේ නෑ කියලා..
ඇත්තටම රට ඉන්නවා කියන්නේ සැප විතරක් කියලා ගොඩාක් අය හිතනවා.. තමන්ගේ අයගෙන් ඈත් වෙලා ජිවිතේ හොදම කාලේ වෙන කොහෙවත් රටක ගෙවලා දාන්නේ ජිවිතේ ඉස්සරහ කාලේ වත් සැප විදින්න බලාගෙන තමා. එත් විදින හැම දුකක්ම ලෝකෙට පේන්න නොදුන්නට.. රටින් පිට කියන්නේ කාට උනත් සැප විතරක් තියන තැනක් නම් නෙමේ... )
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI