කොල්ලෝ යක්කු වගේ

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
කොල්ලෝ යක්කු වගේ...හරි චන්ඩයි..වසයි...සත්තු වගේ.හරි රලුයි..හරි විසේ දගයෝ...කොල්ලෝ ගැන කෙල්ලෝ හදුන්වන්නේ එහෙමනේ..
ඒත් කොල්ලෙක් හිටියා ක්ලාස් එකේ..අමුතුයි...කතා බහක් නෑ...පොත් ගුල්ලෙක් වගේ...ඔක්කොම කොල්ලෝ මට පැනි හලද්දි...එයා එහම කරේ නෑ...දග කතා කිව්ව්වෙත් නෑ...
කොල්ලෙක් විහිලුවක් කරා කියලා.මෝඩ විදියට තරහා ගත්තු කෙල්ලෙක් නෙවේ මමත්.මාත් විහිලුවෙන්ම උත්තර දුන්නා..ඒ හින්දද මන්දා මට පිරිමී යාලුවෝ ගොඩාක් හිටියා..ටිකක් විතර ලස්සන හන්දද මන්දා ආදර යෝජනා නම් හැදාම වගේ ආවත්..මට එහෙම විශේශයක් දැනුනේ නෑ කා ගැනවත්...
තාරක..වෙජීටේරියන් කියලා මන් බර්ත් එකට දුන්නු කේක් කෑල්ල වත් කෑවේ නෑ..අනිත් කොල්ලෝ නම් කෑලී දෙක දෙක කෑවා..
"ඔයාට සුබ උපන් දිනයක් මුතු..."
තාරක කිව්වේ හරි කෙලින් මගේ ඇස් දිහා බලාගෙනමයි..
ඒ බැල්ම මොහොතකට මාව කම්පනයට පත් කරා..
එයා මගේ දිහා බැලුවේ නෑ නෙවෙයි..අනිත් අය වගේම එයත් මා දිහ බලනවා කියලා මට තේරුනත්..මාව ඒ බැල්මට අහුවෙන හැම මොහොතකම එයා ඇස් බිමට හරවා ගත්තා..
මට එයාව යාලුවෙක් කර ගන්න තදින්ම උවමනා උනත්..එයා වැඩිය කතා නොකරන නිසා ඒක අපහසු උනා.
එයාගේ ෆ්බ් එකට මන් රික්වෙස්ට් එකක් දැම්මට එයා ඒක ඇක්සෙප්ට් කරෙත් නෑ..
මන් අත ඇරියෙත් නෑ ඉතින් වෙන නමකින් එකවුන්ට එකක් හදාගෙන එයාගේ ෆ්බ් ෆ්‍ර්‍රෙන්ඩ් කෙනෙක් උනා.
එයාගේ වෝල් එක පුරාම නිසදස් තිබ්බා..
එයා මේ තරම් ලස්සන අදහස් තියෙන කවියෙක් කියලා මන් දැනන් හිටියේ නෑ...
මන් ඒ කවි එකක් නෑර කියෙවද්දි සමහර ඒවට මගේ ඇස් ඉබේම තෙමුනා..
හරියටම මගේ උපන දිනය දවසේ එයා ලියලා තිබ්බ කවියට මගේ ඇග හිරි වැටුනා..
මටම ලිව්වා වගේ..
එයා එක්ක මන් මැසේජ් කරා..හරි අඩුවෙන් චැට් කරේ එයා..එත් පස්සේ එයා මට එයාගේ හීන කුමාරි ගැන කියන්න තරම්..මන් ගැන විස්වාසයක් ඇති කර ගත්තා..
විස්වාස කරන්න..එයා ආදරේ කරලා තියෙන්නේ
මුතුමාලි පබසරාට..ඒ..කියන්නේ මට...දෙයියනේ..මට ඇඩුනා..එදා...ටිකක් වෙලා මැසේජ් කර ගන්න බැරිව මන් ඔහේ බලාගෙන හිටියා..මට ඇඩුනේ සතුටට..
පහුවදා මන් ක්ලාස් එකේදී එයාව දැක්කේ වෙනස්ම විදියකට..එයා මට ආදරෙයි කියලා..මන් දන්න නිසාද මන්දා.හිතට වෙනස්ම හැගීමක් දැනුනා..
අද එයා මට කියාවී හෙට එයා මට කියාවි කියලා මන් බලන් හිටියත් එයා කිව්වේ නෑ..මට මාර තරහක් ආවා..
ක්ලාස් එකේ ඔක්කොම ලමයි..එලියට ගිය වෙලාවක මන් එයාව අල්ල ගත්තා..
එයා පුදුමයකින් වගේ මන් දිහා බැලුවා....
ඇයි..
කවද්ද කියන්නේ ඔයා ආහ්..
මොනාද..
ආදරේ...
දන්නේ නෑ..
කියන්නේම නැද්ද..
කියන්නම්..
හා..
ආදරෙයි මන්..
කාටද..
ඔයාට..
එයාගේ ඇස් වල කදුලු පිරෙනවා මන් දැක්කෙත් මගේ බොද වෙච්ච ඇස් වලින්මයි...දෙන්නටම ඇඩුනා..
ඔන්නා ඔහොමයි අපි යාලු උනේ.මන් ඉස්සර උනේ නැත්නම් මේක තාමත් හොරෙන් මන් දිහා බල බල කවි ලිය ලිය ඇති හොරෙන්ම..
පලවෙනි හාදුව දුන්නෙත් මේ මමම තමයි..
ඒ අහින්සක කම මාව පිස්සු වැට්ටුවා..
දම පාට..හැන්දාවක..එයාගේ නලලට මන් මගේ කුලුදුල් හාදුව දුන්නා..ආදරෙයි මහත්තයෝ..
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI