ආත්මීය බැදීමක් විදියට.....ආත්මීය සෙනෙහස

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
ආත්මීය සෙනෙහස.... (කෙටිකතාව)
===================
ටිඩි ටිං ඩිං ටිං ඩිං ටිංට ටිංට ටිං ටිං ටිං ටිං ටිං ටිං ටිං...
සුපුරැදු විදියට කොල්ලා උරැවම් බාමින් කහ ඉර ගාවට ඇවිත් හිටගත්ත‍ේ පාර මාරැ වෙලා කොටිකාවත්ත පැත්තට යන බසයකට ගොඩවීම සඳහායි....
අනේ දෙයියනේ .... නවතින්න රත්තරනේ... නවතින්න.... එක්වරම සුදු දිගු සායකින් සහ ලා රෝස පාටට හුරැ බ්ලවුස් එකකින් සැරසුනු වයස විස්සක පමණ රෑමත් තරැණියක් දුවගෙන ඇවිත් කොල්ලගේ අතින් ඇද පපුවට තුරැල් කරගත්ත‍ේ වට පිට හිටපු සියල්ලන්ගේම කටවල් කන් වලට යවමිනි...
මේ මොන මරාලයක්ද?? මොහොතකට ගල් ගැසුනු කොල්ලා ඒ ක්ෂණයෙන්ම තරැණියව පපුවෙන් මෑත් කලේ සිදුවු දේ අදහාගත නොහැකිවයි....
පොරොන්දු වෙන්න මැණික... ආපහු මාව රිද්දලා යන්න‍ේ නැහැ කියලා... කෙල්ල ආදරණීය ලෙස නැවතත් කොල්ලාට තුරැල් වෙන්න බැලුවා...
මේ මොන විකාරයක්ද... මේ තමුන් කවුද?? කොල්ලා එවර නම් වට පිට බල බල කෙල්ලව ඈත් කලේ මේක ලංකාවට අලුතින් සෙට් වුනු prank videos වල සිදුවීමක්වත්දැයි විමසිලිමත් වෙමින්...
මං ආකාශී.....ඇයි මැණික මේ.... මාව අදුරගන්න බැරිද වස්තුව... මං ආකාශී...ඔයාගේ ආකාශී... කොපුල් තල දිගේ උණුසුම් කඳුලු වගුරවමින් කෙල්ල කෑ ගහද්දී කොල්ලා නිරැත්තර වුනා....
මං...මං... හි..ත..න්..නේ... මේක... මේක වැරදීමක්...ගොතගහමින්ම වචන ගොනුකරන ගමන් කොල්ලා , කෙල්ලගේ පාදාන්තයේ සිට නළල් තලය දක්වා සුපරික්ෂාකාරී බැල්මක් දැම්මා...
සැබිවින්ම ඈ රෑප සුන්දරියක් වගේ.... ඒත් මෙච්චර ලස්සන කෙල්ලෙක්....
ඔහුත් කඩවසම් තරැණයෙක්... කුඩා පන්ති වලදී කෙල්ලන් ඔහු පන්ති වලට ඇතුල් වන විට කච කචයන් නවත්තා මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්ද වන අයුරැ ඔහුට සිහි වුනා....
ඒ අතරිනුත් ඔහු ගැන කැමත්තක් ඇති බව මූණටම කී කෙල්ලන්ද නැතිවා නොවේ...
නමුත්... අද මෙතන... මේ තත්වය සපුරාම වෙනස් මුහුණුවරක් ගෙන තිබුනා...
කොල්ලා තවත් මොහොතක් ඒ සුන්දර මුහුණට එබී බලා සිටියා... කිසිදු රැවටිල්ලක බොරැවක ඡායාමාත්‍රයක්වත් ඒ නිල් ඇස් වල ගෑවිලා නැහැ...
ඔ...ඔයා කවුද?? අමාරැවෙන් කොල්ලා වචන ගැට ගහගන්න කොටම තරබාරැ කාන්තාවක් සමඟ එතනට දිව ආවේ සුදු සාරි ඇදගත් කාන්තාවන් කිහිප දෙනෙක් සහ මැදි වයසක පසු වූ පිරිමි කෙනෙක්...
අභිමානී...
මොනවාද රත්තරනේ මේ කරන්නේ... අපි හැමතැනම හොයනවා ඔයාව... තරබාරැ කාන්තාව ඉණට අත් තබා පණ යන ස්වරෑපයෙන් හුස්ම ඉහල පහල යවමින් නෝක්කාඩු කියනවා....පිරිමි පුද්ගලයා දෑසට නැගෙන කදුලු හොරෙන් පිහිදනවා....
යමු අපි රත්තරනේ... තරබාරැ කාන්තාව කෙල්ලගේ අතින් අල්ලා ගත්විට කිසිදු පැකිලීමකින් තොරව කෙල්ල යන්න පිටත් වී නැවත කොල්ලා දිහාට හැරැනා....
ඉක්මනට එන්න මැණික... මාව එක්ක යන්න..
මං බලන් ඉන්නවා....මගේ අනුරාධ......
වැටෙන කදුලු අතින් පිහිදමින් හිනාවෙන්නට උත්සාහ දරන කෙල්ලගේ පෙනුම ඒ අවස්ථාවේදී නම් වඩාත් සුන්දර වුනා...
ආපහු හැරැනු කෙල්ල තරබාරැ කත සහ අනිත් ගැහැණුන් සමඟ පිටවුනේ කිසිවක් සිදු නොවුනු තාලේට...
කදුලු පිහිමින් සිටි පිරිමි පුද්ගලයාද ඒ හා සමඟම පිටත් වන්නට උත්සාහ කරද්දීම කොල්ලා කටහඬ අවධි කලා...
එක්ස්කියුස්මී අංකල්..... අර.... අර ... දැන් මෙතන හිටපු ගර්ල් අංකල්ගේ කවුරැ හරිද?? එයාට මොකක් හරි ප්‍රශ්නයක්ද අංකල්?? නැත්තම් මං වගේ වෙන කෙනෙක්ට රැවටිලා...???
කොල්ලා කතාව නිම කරන්නට පෙර පිරිමි පුද්ගලයා කොල්ලාගේ දිහාට හැරැනා....
ඒ මගේ දුව.... මගේ එකම දුව....දැන් පිස්සියෙක් වෙලා.......කදුලු පෙරමින් පිරිමි පුද්ගලයා පිරිස යන දෙස නැවත හැරී බැලුවා....
කොල්ලා තරමක් කිට්ටු වෙලා පිරිමි පුද්ගලයාගේ පිටට තට්ටු කරලා වට පිට බැලුවේ කිව යුතු කිසිවක් එක් වරම සිතා ගත නොහැකි වූ නිසා...
ඒත්.... මොහොතක නිහැඩියාවකින් කොල්ලා නැවතත් කටහඬ අවදි කලා....
අංකල් අපි පොඩ්ඩක් අයින් වෙලා කතා කරමුද ?? මට පොඩ්ඩක් දැන ගන්න ඕනේ ඇයි මේ දේවල් එකපාරට අද මටම වුනේ කියලා?? එච්චර ලස්සන කෙල්ලෙක් පිස්සියෙක් වුනේ කොහොමද අංකල්?? කොල්ලා පුදුම සහගත දෑස් ආයාගෙන පිරිමි පුද්ගලයා , කෙල්ලගේ තාත්තා දිහාට හැරැනා....
දිගු හුස්මක් හෙලලා කෙල්ලගේ තාත්තා කොල්ලා දිහා බැලුවා....
පුතා .... අද වෙනකල් මං දැකලා නැහැ මගේ දුව කිසිම පිරිමි ළමයෙක් දිහා හැරිලාවත් බලනවා.. අද දුව හැසුරැනු විදිය , කතා කරපු දේවල් ගැන ඇත්තටම මං සමාව ඉල්ලනවා...
පිස්සියෙක් කිව්වාට මගේ දුවට පිස්සු නැහැ පුතා... පොඩි කාලේ ඉදලා ඒත් දුව අමුතුයි... තනියම කතා කරනවා... හීනෙන් බය වෙලා කෑ ගහනවා.... කොච්චර තොවිල් නටලා කරලත් නිකරැනේ සල්ලි නාස්ති වුනා මිසක් කිසිම අඩුවක් වුනේ නැහැ... ඒත් එක පාරම කෙල්ලට වයස දහයක් වෙද්දී ඉබේම හැමදේම අඩුවෙලා ගියා....
මායි , අපේ මැණිකෙයි නොවැදපු දෙවි කෙනෙක් නැහැ සතුටට....ඒත් ඒ සතුට ටික කාලයයි... මගේ අහිංසක කෙල්ලට දහ අටක් පිරෙනකල් විතරයි....
කෙල්ලගේ තාත්තා කොල්ලා දිහා බැලුව‍ේ වෙවුලන ඇස් වලින්....
මං පුතාට මේ දේවල් කියන්න‍ේ ඇයි කියලා මටවත් තේරෙන්න‍ේ නැහැ පුතා... ඒත් මට හිතෙනවා පුතා මාත් එක්ක ආවොත් හොදයි කියලා...කෙල්ලගේ තාත්තාගේ ඇරයුමත් එක්ක කොල්ලා කල්පනා කලේ යා යුතු ගමන ගැනයි....
නමුත්.... කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් කෙල්ලගේ තාත්තා සමඟ යා යුතු යැයි බලකරන්නාක් මෙන් කොල්ලාට දැනුනා....
හරි අංකල්.... අපි යමු... පිස්සන් කොටුව එතරම් දුර නැහැ කියලා දැන උන්නු කොල්ලා සිතට නැගුනු සියලුම ප්‍රශ්න විසඳා ගැනීම සඳහා උත්සුක වුනා...
ම්ම්ම්....කෙල්ලගේ තාත්තා ඉදිරියට නඟන පියවරවල් අනුගමනය කරමින් කොල්ලාද පිටුපසින් ඇදුනා....
අංකල්... මේ පාර පිස්සන් කොටුවට යන පාර නෙමේනේ...?? කොල්ලා වට පිට බලමින් පුදුම වෙලා අහද්දී පිටිපස හැරැනු කෙල්ලගේ තාත්තා හිනාවෙලා අතුරැ පාරකට හැරිලා සුදු තීන්ත ගාලා තිබුනු විශාල නිවසක ගේට්ටුවෙන් ඇතුල් වුනා...
කොල්ලා පුදුමයෙන් ගේට්ටුවේ තිබුනු බෝඩ් එක කියෙව්වා...
මානසික වෛද්‍යය ..............
දිගු ශාලාවක් අවසානයේ කුඩා කාමරයකට ඇතුලු වෙලා කෙල්ලගේ තාත්තා කොල්ලාට ඔලුවෙන් ඇතුලට කතා කලා ,සද්ද නොකර ඇතුල්වෙන ලෙසට...
කොල්ලා ඇතුලට ආවාම දැක්ක‍ේ සුදු ඇදගත් අර ගැහැණු කීප දෙනා සමගම තරබාරැ කාන්තාවත් කාමරය මැද තිබුනු ඇද වටා වටවෙලා...
සුදු ඇදගත්ත තවත් ගැහැණු කෙනෙක් බට්ටා අත් ඔරලෝසුවක්, රත්තරන් ගාංචු සහිත , අඩියක් පමණ ඇදට ඉහලින් අල්ලාගෙන ඇදේ දිගාවෙලා හිටපු අර ලස්සන කෙල්ල‍ගේ මූණ ඉස්සරහින් පද්දනවා....
දෑස් පියාගන්න.....ඔව්....දැන් ඔබට වයස පහයි.... ඔව් දැන් ඔබට වසරයි... දැන් ඔබ කළලයක්...දැන් ඔබ පෙර ආත්මයේ....
මට කියන්න ඔබේ නම දැන්...වෛද්‍යයතුමිය එහෙම අහද්දි කෙල්ල කොදුරන්න පටන් ගත්තා...
මං... මං ආකාශී...
ආකාශී... එයම ප්‍රතිරාවය කරමින් වෛද්‍යයතුමිය තවදුරටත් විස්තර කතා කලා...
කොහොමද ඔබ මරණයට පත් වුනේ...
අනුරාධ.... අනේ මගේ අනුරාධ... කවුද දෙයියනේ ඔයාව යට කරගෙන ගිය අපරාධකාරයා මගේ දෙයියෝ?? මාත් එනවා.... මාත් එනවා...මගේ මැණික ගිය තැනටම මාත් එනවා....
කෙල්ල ඇද උඩම කෑ ගහමින් දගලන්න පටන් ගත්තා...
මේ මොන අවුරැද්ද‍ේ ද? මොන දවසද?? වෛද්‍යයතුමිය පිරිස දිහා බලලා නැවත කෙල්ලගෙන් ඇහුවා...
1999.12.04 ... කෙල්ල කොදුරද්දි හැමෝගෙම ඇස් උඩ ගියා...
මගේ කෙල්ලගේ උපන් දවස....කෙල්ලගේ තාත්තා හෙමිහිට පැවසුවේ කොල්ලගේ කනට ලං වෙලා...
ඒත්... කොල්ලාගේ වෙනසක් තිබුනා...දැන් ඔහු උනන්දුවෙන් කෙල්ල දිහා බලනවා..
කවුද අනුරාධව හප්පලා තිබුනේ??? ‍ෙවෙද්‍යයතුමිය නැවතත් ප්‍රශ්න නැගුවා...
මගේ මස්සිනා... මං බලාගෙනමයි හිටියේ... මගෙයි අනුරාධගෙයි සොහොන් ලග කෑ ගහ ගහා අඩනවා මිනිහා...
එතකොට දැන් කෝ අනුරාධ??? වෛදද්‍යයතුමිය එහෙම අහද්දි කොල්ලාගේ තොලකටත් වියලුනා...
එයත් එදාම ඉපදුනා... මට තත්පර ගානකට කලින්...මං බලාගෙනමයි හිටියේ...
මං නිසා එයා අතේ කොටා ගත්ත අ අකුරත් එක්කම බෝල බබෙක් වගේ ඉපදුනා එයා...
කෙල්ල එහෙම කියද්දිම කන දෙපැත්තෙන් දහඩිය බිදු ගලා යනවා කොල්ලාට දැනෙද්දීම කොල්ලා ඉක්මනටම ෂර්ට් අත නමලා බැලුවේ දකුණු අතේ කලුපාට උපන් ලපය දෙස....
වරක් අම්මා විහිලුවට කියූ කතාවක් කොල්ලාට මතක් වුනා... තාත්තා අ යන්නේන්ම නමක් හොයලා අනූපම කියලා දැම්මේ කොල්ලගේ ලපේ නිසා කියලයි අම්මා එදා විහිලු කලේ...
හතර අතම අදුරැ වේගෙන එනවා වගේ දැනෙද්දිම කොල්ලා කපා හෙලු කෙහෙල් ගොබයක් වගේ ඇදගෙන වැටුනා....
නොපැහැදිලි සිතුවිලි රාශියක ගිලෙමින් සිටි කොල්ලා කෑ ගහගෙන ඇහැරැනා...
අභිමානී...
වට පිට බලපු කොල්ලා දැක්ක‍ේ කෙල්ල ඇතුලු පිරිස වටවෙලා ඉන්න හැටිත් , කෙල්ල හිටපු ඇද උඩම කොල්ලා දාඩිය පෙරාගෙන ඉන්න හැටිත්ය......
සොදුරැ සිනහවකින් මුව සරසාගෙන කෙල්ල කොල්ලාට කිට්‍ටු වුනා..
ඔව්... මගේ මැණික.... මං අභිමානී.... ගිය ආත්මේ ආකාශී...
අපි ආපහු එකතු වුනා රත්තරනේ...
කොල්ලා ක‍ෙල්ලගේ දෑත් පපුවට තුරැල් කරගත්තා...
මතකයි රත්තරනේ මට හැමදේම දැන්..
දෛවය අපිව ආපහු එකතු කලා......
ආත්මීය බැදීමක් විදියට.....
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI