ඔබේ සිනා ලග සිත නැවතුනදා

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
ඔබේ සිනා ලග සිත නැවතුනදා
..........................................................
වෙලාව පාන්දර හතරයි හතලිස් අටයි...අවුරුදු හයකට පස්සෙ ආයෙමත් මන් ලන්කාවට පය තිබ්බා...
ආයෙමත් එන්නෙම නැහැයි කියලා දිවුරුම් දුන් මේ ලක් පොලවට මන් ආයෙමත් ආවෙ..සුදු අක්කගෙ චූටි පුතා බලන්න...
මගෙ බෑග්ස් ටිකත් එක්ක මන් කැබ් එකකට නැග්ගා...
අවුරුදු හයක් ජීවීතෙ ලස්සනම කාලෙ මගේම අයගෙන් ඈත් වෙලා මන් සමුදුරු හතෙන් එහා තට්ට තනියම ජීවත් උනා..ඒ මගේම උවමනාවට..අතීතය අමතක කරන්න කොච්ච්‍ර උත්සහා කලත් අලු යට තියෙන ගිනි පුලිගු වගෙ ඒ අතීතය නැවත නැවත උඩට මතු වෙනවා...
ස්‍ර් කොහෙටද
යායුතු තැන කැබ් එකෙ ඩ්‍රයිවර්ට කියලා සීට් එකට හේත්තු වෙලා ඇස් පියා ගත්තා...
එදා මෙදා තුර කොච්ච්ර නම් දේවල් වෙනස් වෙලාද...සුදු අක්කට දැන් ලමයි දෙන්නා..අප්පච්චි අසනීපෙන්..ලන්කාව..ඔව් දැන් ලන්කාවත් වෙනස් වෙලා..එතකොට මන්...ඒ ලන්කාවෙන් අරන්ගිය වේදනාවන් තවමත් මගෙ හිතෙ..
වෙනසකට තියෙන්නෙ රට උන්නු කමට හම පාට වැටිලා ඇග පත වැඩිලා තියෙන එක විතරයි..සිතුවිලි වලින් මන් තාමත් එදා හිටපු කොල්ලමයි...
දැන් අපි කොහෙද මචන් ඉන්නෙ
කලුතරට කිට්ටුයි සර්
ඕකෙ බෝදිය ලගින් නවත්තහන් මචන්
හරි සර්
ටිකකින් කැබ් එක කලුතර බෝදි වාහන අන්ගනයෙන් නැවතුනා
හරි සර්
හ්ම්ම්..මන් ටක් ගාලා එන්නම්
මාත් යනවා සර්...වැදලා එන්න
හ්ම්ම් හරි
ඈතින් පේන සමනල කන්ද කදු පන්ති වටකරන් එදා වගේම අදත්.තවමත් උදෙ හතයි...මන් සුදු නෙලුම් මල් පොකුරක් එක්ක කලුතර චෙත්‍ය වන්දනා කලා..දැන් යන්න ඕනි පාරෙන් එහා පැත්තට...වාහන පෙලක් ඇදෙනවා....
.....................
සයුරි..
මට ඇය මුන ගැසුනේද මේ කලුතර බෝදිය ලගදි..වෙසක් පෝය දාක මන් වගේම එයත් මිතුරියො එක්ක වන්දනා කරන්න ඇවිත් උන්නා...
කොලු කමට දුන් පෝන් නම්බරය ආදරයක් බවට පෙරලෙන්න මහා ලොකු දවසක් ගියෙ නෑ...
ඒ දගකාර ඇස්,හීන් දෙතොල්,පිරුනු කම්මුල්,පිරිපුන් කෝමල වත ,කටකාර කතාව,උතුම් මනුසත් හදවත ඉස්සරහා මගෙ පිරිමි හිත ඇයටම ඇදී ගියා..
කාලය ඉගිල ගියෙ බොහොම වේගෙන්...තත්පර පැය වෙලා..පැය දව්ස් වෙලා සතිමාස උනා..
අපේ ආදරය දෙපැත්තෙ දෙමාපියන්ගෙ ආශිර්වාදය සමගින් දලු දාලා අතුඉති මෝරලා ඉහලට තව තව වැඩුනා....
අපි හමුවෙලා අවුරුදු දෙකක්..හෙට වෙසක් පෝය...මන් ඇයට ඇමතුමක් ගත්තා...රින්ග්ස් යන පරක්කුවට ඇය ආන්සර් කලා
සුදු මහත්තයෝ
ම්ම් කෙල්ල පෝන් එකෙ එල්ලිලාමයි නේද ඉන්නෙ
ඒම නැතුව බෑනෙ මගෙ සුදු මහත්තයා මට කොයි වෙලේ කතා කරයිද දන්නෑ නේ...
ආදරෙයි මගෙ මැනිකේ..
මමත්...මොකො අද මහත්තයට මට ආදරෙ හිතිලා
මැට්ටි..මන් ආදරෙයි හැමදාම හරිද
ම්ම්ම්ම්
ඒක නෙමි..මතකද හෙට දවස
නෑ නේ..
ඇය හුරතල් වන්නීය..
මතකම නැද්ද
මතකයි..පැණි කූඹියෙක් මගෙ හිත කෑව දවස
එතකොට දැන් මන් පැනි කූඹියෙක්ද
ඔව් මන් ඔයාගෙ සීනි කැටෙ
මැට්ටි
මැට්ටා
මට ආසයි
මොනාටද
එදා වගේම ඔයාව කලුතරදි හම්බෙන්න
ආහ්
ඇයි ආහ්
මන් අම්මිලා එක්ක පන්සලෙ සිල් ගන්නයි හැදුවෙ
හ්ම්ම් අපි කතා කරොත් නෙ බැරි..උපාසක ආච්චි සිල් ගන්නවකො..මන් තියනවා
හෝව් හෝව්..පැනි කූබියො ඔහොම ඉන්න
මට බෑ මන් බිසි
මන් තරහින් පෝන් එක තිබ්බා..ඊටත් විනාඩි දෙකකට පස්සෙ සයුරිගෙන් මැසේජ් එකක්
මන් නවය වෙද්දි බෝදිය ගාව
මන් දන්නවා මැට්ටි මන් තරහා වෙනවට බයයි...
.......
වෙසක් සද ලස්සනට පායලා අලුත් දවසක් උදා කලා...
සුදු ටී ශර්ට් එකට කලු ඩෙනිමකින් සැරසුනු මන් සයුරි වෙනුවෙන් මිලදි ගත් පුන්චි ටෙඩි බෙයාත් එක්ක බයික් එකට නැග්ගා...අද සයුරි මොකක් ඇදන් එයිද..මොනා ඇන්දත් ඒ සුදු වතට ගේන්නෙ අපූරු ලස්සනක්...
ගෙදරින් එද්දි මට බයික් එකෙ පෙට්‍රල් බලන්න බැරිව ගියා..මගෙ මෝඩකම..බයික් එක මග නැවතිලා හෝල්ට් දෙකක් ශෙඩ් එකට බයික් එක තල්ලු කරන් යන්න උනා...
හ්ම්ම්..පරක්කුයි..සයුරි බලන් ඇති...
කලුතර බෝදිය ලග බයික් එක නවත්තද්දි දහයට විනාඩි පහයි තිබුනේ..අද නම් මේ කෙල්ල මාව කයි...
බයික් එක නවත්තලා මන් ඉස්සරහට ගියා..කෝ මගෙ දගකාරි...
සයුරි අද ඇදන් උන්නෙ යටිපතුල් තෙක් දිග ගවුමක්..සුදු පාට ඒ වතට අපූරු චාම් ලස්සනක් ගෙනල්ලා...මන් ඈතින් ඉදන්ම ඒ වත රස වින්දා...
කෙල්ල හොදටම බය වෙලා වට පිට බ්ල බල ඉන්නවා..කෝල් එකක් ගත්තා..පෝන් බිසි.එයත් මට ගන්න හැඩයි...
පාරෙන් එහා පැත්තෙ ඉදන් මන් ඇගෙ නම කියලා කෑ ගැහුවා...
සයුරි.....
ඒ කතා කරන ඇස් මාව දැක්කා..ඈ කලබල උනු හැඩයි...මගෙ දිහාවටම සිනා කටක් පා කර කලබලෙන් පාර පැන්නා....
දඩාස්....
දෙවියනෙ..
මන් ඒ දැක්කෙ මොකක්ද..කොලඹ ඉදන් ආව වෑන් එකක ඇමිණි ඇය ඉදිරියට අඩි දහයක් විසික් උනා...
තත්පරයක පමාවෙන් මා ඈ අබියස...මගෙ අහින්සක රෝස මල තැලි පොඩි වී ලේ විලක් මැද..
ඈ අසල දණ ගසා ඒ වත මගෙ දෝතට ගත්තා
ඈ අමාරුවෙන් දෙනෙත් ඇරියා
ආදරෙයි සුදුමහත්....ත..ය්...ය්..යෝ
ඒ මා මේ ලෝකෙ අවසන් වරට ඇහුව ආදරනීය වචනය...ඇය මගෙ දෙඅත් මතම ඒ දගකාර ඇස් පියා ගත්තා...ආයෙ මා දිහා නොබලන්නම...
........... ........
මීනිමරුවා.....
ඇගෙ මලගමට ආ සියලු දෙනා ඇගෙ මරණයට මා වගකිවයුතු බවට දොස් පැවරුවා...
මමත්...
එදා මා ඇයට එන්නට නොපැවසුවා නම් අද ඈ තාමත් මා ලග....
...
සර් ගොඩාක් පරක්කු උනා වැදලා ඉවර නම් යමුද....
නෙතින් රූරා වැටුනු කදුලු බිදුවක් ලොවට රහසේම කලුතර බෝ සමිදුන් අබියස තාරපාර තෙත් කලා...
....නිමි.....
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI