මන් අම්මට කරපු වැරදි වලට දඩුවම් දෙන්නම වෙන්න ඇති

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
#පසුතැවීම

..

මං අනුදි. ඉන්නෙ මැදබැද්දෙ . පොඩි කාලෙ ඉදන් මට හිටියෙ අම්මා විතරයි .තත්තෙක් ගැන මං දන් නෑ . තාත්තා ගැන මතක් වෙද්දී මට අම්ම ගැන ආවත් තරහක් . කොහොම උනත් අම්මා මට හොදට ඉගැන්නුවා . දැන් මං කොළඹ කැම්පස් එකේ දෙවැනි අවුරුද්දෙ . නිවාඩු ලැබුන නිසා අකමැත්තෙන් උනත් මං ගෙදර ආව .

"අම්මේ.... අම්මේ... කොහෙද අනේ ගියෙ . දැන් මං ඇවිත් කොච්චර වෙලා මේ දොර ලගද."

"අනේ...මගෙ මැණික ගෙදර ඇවිත් . මහන්සිද මයෙ පුතේ . මේ ඩිංග දවසට ඇදිල ගිහින්ද මංද." අම්මා ඇස් වල කදුලු පුරවන් මාව අතගගා කියුවත් මට ඕනෙ උනේ නෑ එයා එක්ක කතා කරන්න. මං යන්තං හිනාවෙලා ගිහින් ඇදට වැටුණේ මහන්සියට වඩා යලුවො නැති නිසා දැනිච්ච පාලුව නිසා.

හවස් වේගෙන ආපු නිසා මං හංදියට ආවෙ කඩේට යන්න. කඩෙන් එලියට බහිද්දිම වේගෙන් ආපු car එකක් මගෙ ලග නතර කලා.ටිකකින් පාත් උන විදුරුවෙන් මතු උනේ හීනෙකින්වත් හිතපු නැති රූපයක් . ඒ නවීන්. අපේ ගමේ හිටපු ලොකුම සල්ලිකාරයගෙ පුතා. අපි එක වයසෙ උනත් මීට කලින් කතාකරල තිබ්බෙ නෑ .

"අදද ආවෙ. මාත් ඔයාලැ ගෙවල් පැත්තට යන්නෙ. නගින්න මං ගේ ලගින් බස්සන්නම්.

" ඔනෙ නෑ මං යන්නම්" car එකේ යන්න පොඩි ආසාවක් තිබ්බත් මං එහෙම කියුව.

" නගින්න ලමයො පිස්සු නැතුව. මන් ඔයාව ගිලින් නෑ ..." එහෙම කියල හිනාවෙලා එයා car එකේ දොර ඇරියම මාත් නැග්ග . හංදියේ ඉදන් අපේ ගෙදරට එන ටිකට අපේ කතාබහ ඉවර උනේ number මාරු කරගත්තටත් පස්සේ . 'මේ ඉතින් 21වෙනි ශතවර්ෂෙනෙ . හැමදේම වේගවත්' ' එහෙමයි මට හිතුනෙ.

"Hey anu.." ගෙදරට අඩිය තියද්දීම msg ekak.
"Hi" මාත් reply කලා.

"අනුදී... අනුදි .. කා එක්කද හංදියේ ඉදන් කා එක්කද ආවෙ කිහාං." කොහෙද ඉදන් දුවන් ආපු අම්ම ඇහුව.

මේ මොකද මේ අම්මට වෙලා තියෙන්නෙ. " නවීන්ව හම්බුනා එයා ගෙනත් දැම්මෙ" මං ගනන් නොගෙන කියල දැම්ම.

" ඔය නවීනය හොද ඇති පුත්තරයෙක් නෙමෙයි ..ඌත් උගෙ තාත්තා වගේමයි . උඹ ඈත් වෙලා ඉදහන්. ඇයි හොදයිකන් ඕන නෑ උන් එක්ක"

මං නිකන් යාලු වෙලා රවුන් ගැහුව වගේනෙ මෙයා කෑ ගහන්නෙ. " අම්මෙ මේ ඔයා මගේ දේවල් හොයන්නතුව ඉන්න. ඔයා ඔයාගෙ ජීවිතේ වරද්දගත්ත කියල මං පලි නෑ " අම්මට රිද්දන්න පුලුවන් උපරිමයෙන් රිද්දල මං ගියා කාමරේට .

"Mokada karanne"
"Kaawada"
"Man oyata wada denanawada anu.."
"Koo wadakda"

නවීනගෙන් msg ගොඩාක් ඇවිත් .

"Man heta udee colombo yanna edun laasthi karanawa"

"Maath heta colombo yanna inne. akamaththak nathnam maath ekka yan" නවීන් එවල තිබුන.

දෙපාරක් නොහිත මන් "ha" කියල දැම්මෙ අම්ම එක්ක තිබ්බ තරහටමයි.

උදේම ලැස්ති වෙලා අම්මටත් නොකියම ගෙදරින් එලියට බැස්ස. අඩි 2,3ක් යද්දි නවීන් මං ලග. මං car එකට නැග්ග.

එක එක දේවල් ගැන කතාකරකර යන අතරෙ නවීන් car එක නැවැත්තුව. මං ඇයි කියල අහන්න හදද්දිම " අනුදි ඔයා මට කැමතිද" මගෙ ඇස් දිහා බලන් එයා ඇහුව. අකමැති වෙන්න හේතුවකුත් නෑ .අනික මේක තම අම්මගෙන් පලිගන්න තියන හොදම විදිහ.

" ඔව් මං කැමති.." ටිකක් කල්පනා කරල මං කියුව

" අනු..මොනවහරි බීල යන්ද drive කරලත් මහන්සි." මන් හා කියුවම කුරුණෑගල තිබුන ලොකු hotel එකක එයා car එක නැවැත්තුව .

"මොනවද බොන්නෙ අනූ.."

" ඔයා කැමති දෙයක් ගන්න නවී."

" කොච්චර අහින්සකද මගෙ පිස්සු කෙල්ල" හිනාවෙවී මගෙ ඔලුව අතගාපු නවීන් menu එකෙන් මොනවද oder කලා.

අපි කතා කර කර බීම බියුව. නවීන්ට call එකක් ඇවිත් එයා එහාට ගිහින් කතාකරන අතරෙ මගෙ ඔලුව කැරකෙන්න ගත්ත.

" නවීන් ....." එච්චරයි කියාගන්න පුලුවන් උනේ මගෙ ඇස් බොද වෙලා ගියා.

තද ඔලුව කැක්කුමක් එක්ක නැගිටිදි මන් හිටියෙ හුගාක් සුවපහසු ඇදක් උඩ. මං ඇදන් ආපු ඇදුම් හැමතැනම .
" දෙයියනේ මොකද්ද මං මේ කරගගත්තෙ? කෝ නවීන් ? " අඩ අඩම ඇදුන් ටික අදිද්දි msg එකක් ආව

"Ah nagittada baboo. Kohomada oyata. Thawa tikakin mage flight eka. Dan man airport ekee. Aaith dawasaka hambawemukoo"

එවලෙ ඉදන් මං කොච්චර call ගත්තත් එයාගෙ phone එක වැඩ කලේ නෑ .

මේ දේවල් වෙලා සති 3,4ක් උනත් මං කාටවත් නොකිය මගෙ වැඩ ටික කරන් හිටිය.

එදා lecture ඉවරවෙලා ඉෂාරා එක්ක hostal එකට එද්දිමගෙ ඇගට පන නැතුව ඇස් නිලංකාර වෙලා ගියා . ඉෂාරගෙ බලකිරීමට බේත් ගන්න ගිය මං දිහා හිනාවක් තියාගෙන බලපු doctor මගෙන් ඇහුවෙ හීනෙකින්වත් හිතපු නැති දෙයක්.

" Miss අනුදි marry කරල කොච්චර කල්ද"

" දැන් මාස 3ක් විතර doctor " මං කියුවෙ වෙව්ලන හඩකින්.

" congratulations Miss අනුදි. ඔයා අම්ම කෙනෙක් වෙන්න යනව. මං vitamins ටිකක් ලියල දෙන්නම් ෆාමසියෙන් ගන්න.."

Doctor දීපු බේත් තුන්ඩුවත් ගුලි කරන් මං ඔහේ පාර දිගේ ඇවිදගෙන ආව. මුහුද පේන සීමාවට ආවත් මුහුදට කලින් මට හම්බුනේ රේල් පාර. එතකොටම කෝච්චියක් ගියෙ මට හූ කියාගෙන වගේ.

" තවත් ජීවත් වෙන්නෙ මොකටද" එහෙම හිතාගෙන මං රේල් පීල්ල උඩ වාඩි උනා. එක දිගට ඇස් වලින් ගලන කදුලු අතරෙ මට මැවිල පෙනුනෙ මගෙ අම්මව.

මේ උන කිසි දෙයක් අම්ම දන්නෑ. අම්ම මාව කැම්පස් එව්වෙ බලපොරොත්තු ගොඩගහගෙන. ඒත් මං මොනාද කලේ. මං කලේ අම්මට රිද්දපු එක විතරයි . එයාට ඇහුම්කන් දෙන්න එයගෙ කතාව අහන්න මට ඌමනාවක් තිබ්බෙ නෑ. මගෙ හිත මටම දොස් කියුව.

"මගෙ රත්තරං අම්මගෙ කකුල් ලග වැටිල මට සමාව ගන්න ඕනෙ. මට මැරෙන්න බැ. " ඒ සිතුවිල්ල ඇවිත් මොහොතක් යන්නත් කලින් කෝච්චිය ආවෙ මන් අම්මට කරපු වැරදි වලට දඩුවම් දෙන්නම වෙන්න ඇති.

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI