ඔබ_නොපතන්නෙමි
මට කියා දෙන්න ආදරේ කියන්නේ මේකද......
" සර් මං ඊලඟ සතියෙ ඉදල දහම් පාසල් එන්නෑ "
" වෙන දහම් පාසලකට යනවා ද තරිනි"
ඈ මගේ ඇස් දිහාම බලාගෙන හිටියා . මුකුත්ම නොකියා හැරිලා ගියා ..
තරිනි දහම් පාසලේ මං දැකපු නිහඩම ගැහැණු ළමයා . දුප්පත්කම නිසා ඇතිවුන නිහඩ බයාදු කම ආටෝපයන් ගෙන් මිදුනු ඇගේ සුන්දරත්වය වැඩි කරා..
ඉගනගන්න සල්ලි නැති නිසා ඉගනීම නවත්තලා ඇය ඇගලුම් කම්හලක වැඩට යන්න සූදානම් වෙලා කියලා මට දැනගන්න ලැබුනා ..
මං විශ්ව විද්යාලෙන් උපාදිය අරං රැකියාව නිසා ඇතිවුන කාර්යබහුලකම මකාගන්න දහම් පාසලේ උගන්වන්න යද්දී මට අවුරුදු 29ක්. විශ්ව විද්යාලෙදි දහසක් සුන්දර කිරිල්ලියන් අතරේ නොසැලුනු හිත ඇත්තටම තරිනි නිසා සැලුනා.
ඇගේ දෙමව්පියන් මුනගැහිල මාසෙකට ඈ වෙනුවෙන් ඇගලුම් කම්හලෙන් දෙනවට වඩා වැඩි මුදලක් ඈට දෙන්න මං පොරොන්දු උනා .
දුප්පත් උනත් අත පාලා ජීවත් වෙන්න අකමැති ඔවුන් තදින්ම එයට විරුද්ධ උනත් මං අවසානයේ ජය ගත්ත .
ප්රථිපල බලන්න ගිය පාසල් ඇදුම පිටින්ම මං වැඩ කරපු බැංකුවට මාව හොයාගන ඇවිල්ලා අනික් සේවකයොයි මිනිස්සුයි ඉදිරියේ ඇය මට දනගහල වැදලා රිසල්ට් ශීට් එක මං අතට දුන්න ..
ඇගේ හිස අතගාලා උරහිස් වලින් අල්ලල නැගිට්ටවලා පපුවට තුරුල් කරගන්න මට ආස උනත් මගේ ආධ්යාත්මය ඇයට මගේ හැගීම් පෙන්නන්න ඉඩ දුන්නෑ.
මට මාරුවක් ලැබිලා වෙන පලාතකට යන්න වෙද්දී තරිනි කැම්පස් ගිහින් මාස හයයි.
අලුවා පාර්සලයක් අතේ මහපු කොට්ට උර හතරක් ලේන්සු හයක් අරං තරිනි මං හොයාගන ආවා. එදා ගෙදර හිටියෙ මං විතරයි .
" සර් යනවා කියලා හිතෙනකොට මගේ පපුව හිරවෙනව " ඇගේ වම් ඇහෙන් වැටින කදුලක් කොපුල් තලය හරහා රූරා බිමට වැටුනා. කම්මුල් දෙක හිමීට පිහදාල කම්මුල් වලින් අල්ලන් ඈගෙ මූන ඔසවලා ඇස් දිහා බලා ඉදල නලල සිපගන්න ඕන කියලා මට හිතුනා.
" සර්ට පුළුවන් ද ගම දාලා දුර යන්න "
ඇයට අහන්න ඕන උනේ "සර්ට පුළුවන් ද මාව දාලා යන්න " කියලා බව නොවැටහෙන්න තරම් මං පුංචි ලමයෙක් නෙවෙයි .
" සති අන්තෙ ගෙදර එනවා නෙ තරිනි" මං ඈතට ඇස් යොමු කරලා කිව්වා.
බලාපොරොත්තු නොවුන උත්තරෙන් තරිනි කම්පනය උනා . ඒත් මට කියන්න ඕන උන උත්තරය "මට ඔයා නොදැක ඉන්න බෑ තරිනි" කියලා කියාගන්න මට බැරි උනා..
ආයෙමත් මගේ ලග දනගහල මගේ දිහා ඔලුව උස්සලා බැලුවා මගේ ඇහින් දැන් දැන් කදුලු වැටෙයි කියලා මට හිතුනා . ඈ කිසිදාකවත් නොකරපු විදියට මගේ දනහිසින් පහළ දෙපා එක්වරම වැලද ගන මූන දෙපා මැද තිබ්බා .
අනපේක්ෂිත කම්පනය උන මං එක්වරම පස්සට උනා . තරිනි වාරු නැතුව මගේ පා උඩම වැටුන..ඇය නැගිටලා නොකියම මිදුලට බැහැලා දුවන්න පටං ගත්ත .
මං තරිනි දුන්න රෝසමල් මහපු කොට්ටඋර මගේ නිරුවත් පපුව උඩින් තියාගන රෑ නොනිදම පහන් කරා.
උදේ 4 රෙ බස් එකේ නැගල මං ගමට සමු දුන්න . මං එයාට පොරොන්දු උනා වගේ සති අන්තෙවත් ගමට ආවෙ නෑ . කාලය ගෙවුනා. ගොඩක් කල් ගියා . ඉදල හිටල අන්තිම බස් එකේ ගමට ගියත් එක රෑකට වඩා මං ගමේ හිටියෙ නෑ . කිසිම කෙනෙක් ඇහුවට මං වැඩ කරන තැනක් ගැන කියන්න එපා කියලා මට ගෙදරට කියලා තිබ්බා . තරිනි කීපවතාවක්ම ඇවිල්ලා අපේ ගෙදරින් මං ගැන ඇහුව කියලා ගෙදරින් මට කිවා.
කාලය ගෙවුනා . තරිනි ඇය ඉගනගත්ත විශ්වවිද්යාලයේම සහය කථිකාචාර්ය කෙනෙක් වෙලා කියලා දැනගත්තම මට පුදුමාකාර සතුටක් දැනුනා.
වටිනා ඔරලෝසුවකුයි වටින පෑනකුයි එයා මට දෙන්න කියලා ගෙදරට දීලා තිබ්බා . එකදවසක් වත් පාවිච්චි නොකර ඒත් මගේ කදුලු වලින්ම පැල්ලම් හිටපු කොට්ට උරයි ලේන්සුයි මැද්දෙන්ම මං ඒ පෑනයි ඔරලෝසුවයි තිබ්බා .
" උබට මගුල් හොයල හොයල අපිට ඇති වෙලා උබ හින්දා අනික් එකා ගෙදරට නාකි කරන්න බෑ . ලබන ඉරිදට මල්ලිට මගුලක් හරි ගියා අපි ඒක කතා කරන්න යනවා .උබත් ලොකු පුතේ අනිවාර්යයෙන් වරෙන් ." තාත්ත හාන්සි පුටුවෙ දිගාවෙලා ඉද්දිම මට කිව්ව .
මං ඔලුව වැනුවා.
" ලොකු පුතා ඉතින් නොදන්නා ලමයෙක් යෑ අර තරිනි කෙල්ල "
මාව විදුලියක් වැදුන වගේ උඩ විසි උනා .
බෑ මං අල්ලන්න හීන දැකපු ඇගිලි මං අතගාන්න හීන දැකපු කම්මුල් වෙන කෙනෙක්ට අතගාන්න දෙන්න බෑ . බෝඩිමේ ඇදට උඩින් යට ලීයෙ පිපුනු නාරිලතා මල තෙත් කරන්න ඕන මගේ යහන විතරයි . මගේ බිත්තියෙන් එහා මල්ලිගෙ ඇදේ ඈගෙ සුසුම් සද්දෙ ඇහෙනවා අහන්න මට බෑ . කවදහරි මං කසාද බැන්දොත් මනමාලි ි මාස 6 ක් වත් ඉන්නෑ කියලා හදහන් බලන කෙනා කිවහැටි මට මතක් උනා .කීපදෙනෙක් ගාවට ගියත් ඔය හැමෝම මට කිවෙ ඒක .මං සංසාරේ කරපු පවක් නිසා කියලා තමයි ඒ කීවෙ. මට තරිනි මැරෙනවා බලන්න බෑ ..
ඒවගේම මට එයා මනමාලි වෙලා මගේ ගෙදරට එනවා බලන්න ත් බෑ . අවසන් වතාවට තරිනි දකින්න ඕන උනා ඒත් හිත තද කරන් මං ගෙදරින් පිට උනේ මාව හොයන්න එපා කියලා ලියුමක් තියලා. මට දුක නෑ මේ සංසාරෙ මෙතනින් ඉවර නෑ . මට බැදීම් හදාගෙන තව දුක වැඩි කරගන්න බෑ මං හැම බැදීමකින්ම නිදහස් වෙන්න හිතාගෙන මගේම ලෝකයක් හොයාගන හැමදේම අතෑරල පාරට බැස්සා...
හදහන් විශ්වාස කරනවකියල බනින්න ඔට්ටු නෑ ලියන ඔක්කොටම මං එකග නෑ හොදේ

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.