සිහින_සේයා

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
#සිහින_සේයා
කසුන් කියන්නෙ දුප්පත් පවුලක කොල්ලෙක්. මල්ලිලා දෙන්නෙක් හිටිය කසුන්ට තාත්තා හිටියෙ නෑ.තාත්තා වැඩ ඇරිලා බස් එකේ එද්දි කොටින්ගෙ බෝම්බෙකට අහුවෙලා නැති වෙලා තියෙන්නෙ.එදා ඉදන් කසුන්වයි මල්ලිලා දෙන්නවයි ලොකු මහත් කරන්න අම්මා ගොඩක් මහන්සි උනා.ගොඩක් ආර්ථික ප්‍රශ්න අස්සෙ කසුන් ලොකු මහත් උනා.දැන් කොල්ලට අවුරුදු 22ක්.මල්ලිලා දෙන්නම තාම ඉස්කොලේ යන නිසා පවුල් බර අදින්න කසුන්ට සිද්ද උනා.ඒක නිසා කොල්ලා ගරාජ් එකක වැඩට ගියා.උදේ ගියාම කසුන් ගෙදර එද්දි ගොඩක් හවස් වෙනවා.සමහර දාට රෑ වෙනවා.කසුන්ගෙ ගෙවල් වල ඉදන් කෝච්චි පාරට500m විතර තිබුනෙ.කොල්ලා වැඩ කරන තැන ඉදන් ගෙදර එද්දි අතුරු පාරක ඇවිත් කෝච්චි පාර cross කරල තමා ගෙදර එන්න ඕනෙ.අද කසුන්ට ගොඩක් වැඩ තිබුනු දවසක්.ගරාජ් එකක් උනාට ඒක තමා ඒ පැත්තට තිබුන ලොකුම ගරාජ් 1.කොහොම හරි වැඩ ඉවර වෙද්දි රෑ 9 විතර උනා.මජං ගෑවුනු වැඩ ඇදුම මාරු කරගෙන ඇදුමක් දාගත්ත කසුන් ඉක්මනින් ගෙදර යන්න ලෑස්ති උනා.අතුරු පාර දිගේ ඇවිත් කෝච්චි පාර ගාවට ලන් වෙද්දිම කොල්ලට call එකක් අවා.ෆෝන් 1 අරගෙන කොල්ලා බැලුවා කාගෙන්ද ඒක කියලා.'Amma'.
''පුතා කොහෙද ඉන්නෙ තාම ගරාජ් එකේද"
"නෑ අම්මා මන් මේ ලග ඉන්නෙ.තව විනාඩි 5න් ගෙදර"
"හරි පුතා පරිස්සමින් එන්න"
කසුන් call එක cut කරනකොටම කෝච්ච් නලා සද්දෙ අහුනා.නුවර කෝච්චිය...කසුන් හිතුවා.ඒත් එක්කම කෝච්ච් එලිය ලන් වෙනව කසුන් දැක්කා.කෝච්චිය යනකම් ඉදලම එහා පැත්තට පනිනවා කියලා කසුන් හිතුවෙ ඒ කොච්චියෙ රියදුරු සහයකට ඉන්න කසුන්ගෙ හොදම යාලුවට අත වනන්න කියල හිතාගෙන.කෝච්චි එලියට පෙනුන දෙයින් එකපරටම කසුන් ගැස්සිල ගියා.මනුස්සයෙක්ගෙ චායාවක් පීල්ලට බෙල්ල තියගෙන ඉන්නව දැක්ක කොල්ල ඉක්මනටම ඒ දෙසට දුවන්න පටන් ගත්තෙ ජීවිතයක් බේරා ගැනීමෙ අදහසින්.මේ ලගම station එකක් තිබුන නිසා කෝච්චිය නියමිත වේගයට අවිත් තිබුනෙ නෑ.ඒත් කොච්චිය එන්න එන්නම ලන් උනා.නලාව නොනවත්වා නාද උනත්.ඒ කෙනා රේල් පාරෙන් අයින් උනෙ නම් නෑ.වාසනවකට කසුන්ට පුලුවන් උනා කොච්චියට කලින් එතනට යන්න.කෝච්චියට 5m විතර වෙද්දි කොල්ලා ඒ කෙනාව ඇදල ගත්ත පාරෙන් එලියට.දෙවියනේ කෙල්ලෙක්!!!කසුන්ට ඇවිත් තිබුන කේන්තිය වචන වලට පෙරලෙන්න ගත්තා.ඒ ඔක්කොම අහගෙන හිටපු කෙල්ල හොදටම අඩන්න ගත්තා.කසුන්ට තේරුනා දැන් බනින්න ඕනෙ වෙලාව නෙවෙයි කියලා.
"හරි හරි දැන් නවත්තන්න අඩන එක...සොරි මට කේන්ති ගියා.නැගිටින්න...අපි යමු අපේ ගෙදර..මෙතන ඉදන් වැඩි දුරක් නෑ...""
කොල්ලගෙ කීම අහපු කෙල්ල වචනයක්වත් කියන්නෙ නැතුව නැගිට්ටා.කොල්ලා කෙල්ලව ගෙදර එක්කන් යන ගමන් කල්පනා සාගරයක කිමිදිල හිටියෙ.ඒ වෙන මොනවත් ගැන නෙවෙයි මේ කෙල්ල ගැන.
"""අම්මේ අම්මේ මේ දොර අරින්න""
කසුන් එනකන් මග බලාගෙන හිටිය අම්මා ඇවිත් දොර අරියා.
""දෙවියනේ කව්ද පුතේ මේ?""
කිසි දෙයක් හිතා ගන්න බැරි උන කසුන්ගෙ අම්මා ඇහුවා..නමුත් පුතා කිසි වැරැද්දක් නොකරන බව ඇය දනගෙන හිටියා...
"හැම දේම කියන්නම් අම්මෙ යමුකො අතුලට"
"අම්මෙ වතුර එකක් ගේනවද?"
දැන් තමා කසුන් කෙල්ලව හරියට දැක්කෙ.මට වඩා අවුරුද්දක් 2ක් බාල ඇති.පුදුම හිතෙන ගොඩාක් ලස්සන මූනක්!!ඇයි මේ වගෙ දෙයක් කර ගන්න හිතෙන්න ඇත්තෙ??කසුන් හිතන්න ගත්තා.
--"ආ පුතේ වතුර 1.."
--"මට නෙවෙයි අම්මෙ මෙයාට දෙන්න"
වතුර 1 එක උගුරට බීපු කෙල්ල කටහඩ අවදි කලා.
--"බොහොම පින්"
--"පුතේ මට කියන්න කව්ද මේ ලමයා?"
--"මම දන්නෙත් නෑ අම්මෙ මේ කවුද කියලා.."
සිද්ද වෙච්ච හැම දේම කසුන් අම්මට කිව්වා..
--"දුව කියන්න අපිට මොකද උනේ ඔයාට මේ වගෙ දෙයක් කර ගන්න තරම්?
ආයෙත් කෙල්ල අඩන්න ගත්තා..
--"කෝ කෝ අඩන 1 නවත්තන්න.මන් ඔයාගෙ අම්මා කියල හිතාගන්නකො දරුවෝ...කියන්න මොකද උනෙ ඔයාට?
ඉකිගසමින් කෙල්ල කතාව කියන්න පටන් ගත්තා.
--"මගේ තාත්තා ටවුන් එකේ ලොකු businessman කෙනෙක්.අපිට හොදට සල්ලි තිබුනා.ඒක නිසා කිසිම අඩු පාඩුවක් අපිට දනුනෙ නෑ.ඒත් පවුලෙ අයට මාත් එක්ක ඉන්න වෙලාවක් නෑ.අම්මත් ගොඩක් වෙලාවට තාත්තගෙ උදව්වට යනවා.A/L ඉවර උනාට පස්සෙ තමා මට තනිකම ගොඩාක් දැනෙන්න ගත්තෙ..දවල්ට ගෙදර ඉන්නෙ මමයි ගෙදර වැඩට ඉන්න 2යි විතරයි.ඒ දෙන්නා එයලගෙ වැඩ කරනවා මිසක් උවමනාවකට ඇරෙන්න මාත් එක්ක කතා කරන්නෙවත් නෑ.මන් ගොඩක් පාලුවෙන් හිටියෙ.ඔහොම ඉන්නකොට තමා මට යොහාන්ව හම්බුනේ..IT course එකක් කරන්න යනකොට.අපි දෙන්න ගොඩක් හොද යාලුවො උනා.පස්සෙ එයා මගෙන් කැමත්ත අහුවා.මාත් දෙපාරක් හිතන්නෙ නැතුව කැමති උනා.මොකද අපි දෙන්නට දෙන්න හොදින් තේරුම් අරන් හිටියෙ.යොහානුත් ලොකු සල්ලිකාරයෙක්ගෙ පුතෙක්.ඒක නිසා අපි දෙන්නට පවුල් වලින් අකමැති වෙන එකක් නැති වෙයි කියල අපි හිතුවා.වෙන අයට ඕවත් ප්‍රශ්න වෙන නිසා අපි ගොඩාක් සතුටින් හිටියෙ,අපි බදින දවසට දෙගොල්ලගෙම ආශිර්වාද අරගන්න පුලුවන්නෙ කියල...අපි දෙන්නගෙ ආදරෙට ගිය මාසෙට හරියටම අවුරුද්දක්.යොහාන් හරිම හොද කෙනෙක්.අනික් කොල්ලො නම් කෙල්ලට කරන්න පුලුවන් හැම දෙයක්ම කරනවා.හැම විදියටම කෙල්ලව use karanawa.ඒත් මගෙ යොහාන් එහෙම නෑ.එයා මගෙ අතින්වත් අල්ලලා නෑ අද වෙනකන්.අපි දෙන්නට දෙන්න නැතුවම බැරි උනා.ඒත් දැන් මාසයක විතර ඉදන් මට තේරුනා එයාගෙ වෙනසක්.මන් ඒක එච්චර ගනන් ගත්තෙ නෑ.පස්සෙ මට තේරුනා එයා මාව මග අරින්න හදනව කියල.ඒත් මන් එයාව සැක කරේ නෑ.මොකද මන් මේ ලෝකෙ වඩියෙන්ම විස්වාස කලේ එයා.මීට සතියකට උඩදි මට යාලුවෙක් කිව්ව යොහාන් තව කෙල්ලෙක් එක්ක පාක් එකේ ඉන්නව දැක්ක කියලා.මන් ඒකිටත් හොදටම බැනලා ගෙදර ඇවිත් කොට්ටෙ බදාගෙන හොදටම ඇඩුවා.මන් ඒත් එයාගෙන් ඒ ගැන මොකුත් ඇහුවෙ නැත්තෙ ඒ කතාව බොරුවක් නම්...එයාටත් ගොඩක් දුක හිතෙයි කියල හිතලා.ඒත් යොහාන් මාව හොදටම රවට්ටලා...
ඊයෙ හවස මට අර යාලුවගෙන් call එකක් ආවා.
"උබ එදා මට බැන්නනෙ.වරෙන් ඇවිත් බලා ගනින් පාක් එකට.දැන්ම වරෙන්.නැත්නම් show 1 ඉවර වෙයි"
කියල 4n 1 කට් කලා.මම ඉක්මනට ලෑස්ති වෙලා දුවගෙන ගිහින් නතර උනෙ පාක් එකේ තව කෙල්ලෙක් එක්ක පෙම් කෙලින යොහාන්ව දැකලා.
ජීවිතේට මගෙ අතින් වත් අල්ලලා නැති යොහාන් ඒ කෙල්ලත් එක්ක එතන කරන දේවල් දැක්කම මගෙ පපුව හෝස් ගාලා පිච්චිලා ගියා.මට කැරකිල්ලක් වගේ හැදුනා.මේ වගේ කෙනෙකුටද මන් ආදරෙ කලේ කියලා...මන් අමාඅරුවෙන් දෙන්න පෙම් කෙලින බන්කුව ගාවට ගියා.යොහාන් මාව දැකපු ගමන් ඇස් උඩ ගිහින් මන් දිහා බැලුවා.
"ඔ....යා.... මෙ..ත..න..?"
යොහාන් කියපු ගමන් මම අත පුරෝල කනේ පාරක් දීල එතනින් ආවෙ කදුලු කැට ඇස් වලින් පනිද්දි.අමාරුවෙන් ඇවිත් 3 වීල් එකකට නැගපු මට ජීවිතේ එපා වෙලා තිබුනෙ..මන් ගෙදර ගිහින් හොදටම ඇඩුවා.ඒත් මන් අම්මලාට වෙනසක් පෙන්නුවෙ නෑ.මුලු රෑම අඩ අඩ කල්පනා කරා.මට ජීවිතේම එපා වෙලා තිබුනෙ.අද දවසම මන් කල්පනා කරා අපි දෙන්නා මවපු හීන ගැන.එයා ඒ හීන සේරම ගිනිතියපු හැටි ගැන.අන්තිමට මන් තීරනය කලා මැරෙන්න.හවස මන් ගෙදරින් පිට උනේ යාලුවෙක්ගෙ ගෙදර යනව රෑට පාඩම් කරන්න කියලා.මන් කෙලින්ම ආවෙ station 1 ගාවට.ඇවිත් බන්කුවක් උඩට වෙලා හිටියා රෑ වෙනකම්.එහෙම ඉදල හිත හදාගෙන කෝච්චි පාර දිගේ ඇවිදන් ආවෙ පාලු හරියකට.ඈතින් කොච්චිය එනකොට ජීවත් වෙන්න තිබුනු සියලු ආසාවල් අත ඇරල මන් රේල් පීල්ලට බෙල්ල තියන් ඉද්දි මේ අය්ය තමා මාව බේර ගත්තෙ.""
කතාව කියල ඉවර වෙද්දි කෙල්ල ආයෙත් ඉකි ගහ ගහ අඩන්න ගත්තා.
--"කෝ ඉතින් අඩන 1 නවත්තන්නකො මගෙ දරුවො.ජීවිතේ ඔයිට වඩා ප්‍රශ්න මිනිස්සුන්ට එනවා.මගෙ මහත්තය නැති උන වෙලාවෙ මමත් ඔයා ගත්ත තීරනෙ ගත්තනම් මොකද වෙන්නෙ.මගෙ දරුවො 3 දෙනා අනාත වෙනවා.ප්‍රශ්න වලට මුහුන දීල ඉස්සරහට යන එකයි ජීවිතේ කියන්නෙ.ඒක නිසා දැන් දුව හිත හදා ගන්න අර අහින්සක දෙමපියො ගැන හිතලා.හොදද?""
කියන ගමන් කසුන්ගෙ අම්මා කෙල්ලගෙ ඔලුව අත ගෑවා.කෙල්ල අඩන 1 නවත්වලා ඇස් වල කදුලු පිහ දාගත්තා.
--"මොකක්ද දූගෙ නම?"
--"සදුනි"
--"සදුනි දුව දැන් ඔයාව ගෙදර යවන්න විදිහක් නෑ.අද ඔයා මෙහෙ ඉන්න.හෙට උදේම පුතා ඔයාව ගිහින් දායි."
--"ගොඩක් පින් ඔයාලට.."
මේ සියල්ල දිහා උපේක්ශාවෙන් බලාගෙන හිටිය කසුන් පුටුවෙන් නැගිට්ටෙ සදුනිගෙ තුවාල වෙලා තිබුන කකුල දැකලා.ඇයටවත් ඒ ගැන ගානක් තිබුනෙ නෑ..
--"නංගි ඔයගේ කකුල තුවාල වෙල නේද?රේල් පාර ගාවදි වෙන්න ඇත්තෙ.මන් ඔයාට wash room 1 පෙන්නන්නම් යන්න ගිහින් නාගෙන එන්න.ඇවිත් ඕකට බේත් දාමු.."
සදුනි නාගෙන ආවට පස්සෙ කසුන් එයාගෙ අතින්ම තුවාලෙට බේත් දැම්මා.කවදාවත් ඇති නොවුන අමුතු හැගීමක් කොල්ලගෙ හිතේ නලියනවා.කෙල්ලගෙ හිතට ලොකු සහනයක් දැනුනා කවදාවත් නැති විදිහට.කසුන්ගෙ අම්ම බෙදල දුන්න බත් 1 කාල සදු නිදා ගන්න යනවා.
--"පව් අසරන දරුවා"
--"හ්ම් ඔව් අම්මෙ.මල්ලිලා නම් හොදට නිදි නේද?"
--"ඔව් අද කලින්ම නිදා ගත්තා දෙන්නම"
--"ඒක හොදයි.ඒ දෙන්න මේ ප්‍රශ්නෙ දැන ගන්න ඔනෙ නෑ.මාත් හෙට උදෙන්ම වැඩට යන්න ඔනෙ අම්මෙ"
--"හොදයි පුතේ ඔයා යද්දි අර ලමයවත් දාගෙන යන්න හොදද?"
--"හොදයි අම්මෙ"
උදෙන්ම කසුන් නැගිටලා කුස්සියට යද්දි දැකපු දෙයින් කසුන් පුදුම උනා.සදුනි උදේම නැගිටලා අම්මට කෑම හදන්න උදව් වෙනවා.ඊයෙ තමන්ගෙ ජීවිතේ නැති කර ගන්න හදපු කෙල්ල අද සාමාන්‍ය තත්වෙට ඇවිත්.ඊයෙ තමන් කරේ හොද දෙයක් කියල කොල්ලා හිතුවා.මේ වෙනකොට කොල්ලට කෙල්ල ගැන තිබුනෙ පැහැදීමක්.
--"අයියෙ ඔයාගේ තේ 1.."
කසුන් කෙල්ල එයා ලගට එනකම්ම දැක්කෙ නෑ.
--"තෑන්ක්ස් නන්ගි"
--"ඔයාටයි අයියෙ ස්තූති කරන්න ඕනෙ මන්.මගෙ ජීවිතේ බේරුවට..."
--"ඔය වගේ දෙයක් ඕනෙ කෙනෙක් කරනවා.දැන් ගිහින් ලෑස්ති වෙන්න.මන් ඔයාව දාගෙන යන්නම්."
වෙනදට කසුන් වැඩට ගියෙ පයින් උනත් අද කෙල්ල නිසා තාත්තගෙ පරන බයික් එකේ යන්න තීරනය කරා.සදුනි කොල්ලගෙ අම්මට වැදලා,ගොඩක් ස්තූති කරලා,කොල්ලත් එක්ක ගමන පිටත් උනා..
--"අයියෙ ඔයාට පරක්කු වෙන්නෙ නැත්නම් අපි පන්සල් ගිහින් යමුද?මට බුදු සාදුගෙනුත් සමාව ගන්න ඕනෙ"
--"කමක් නෑ නංගි අපි යමු.මට පරක්කු වෙන්නෙ නෑ"
දෙන්නත් එක්කම බුදුන් වැන්දා.කෙල්ලගෙ මූනෙ තිබුන මලානික ගතිය දැන් නැති වෙලා ගිහින්.කෙල්ල ගොඩක් සතුටින් හිටියෙ ඒ වෙනකොට.කෙල්ලට ජීවිතේ දුන්න කසුන්ටත්,අම්මටත් පින් දෙන්න කෙල්ල අමතක කරේ නෑ.කසුන් කෙල්ලව ටවුන් එකට ගෙනත් දැම්මා.
--"නන්ගි මෙතන ඉදන් ගෙදරට කොච්චර දුරද?"
--"වැඩි දුරක් නෑ අයියෙ.':
--"එහෙනම් නංගි මෙතන ඉදන් 3 වීල් එකක යන්න.මට ඔයාව ගෙදරටම දාන්න බැරි කමක් නෑ.ඒත් ඔයාලගෙ ගෙදර කවුරුවත් මාව දැක්කොත් ඔයාට හොද නෑනෙ.අයේ එහෙම මෝඩ තීරන වලට යන්න එපා.""
--"ගොඩාක් පින් අයියෙ හැම දේටම.මන් ඔයාල මට කරපු උදව්ව කවදාවත් අමතක කරන්නෙ නෑ."
--"දැන් හිත හදා ගන්න බලන්න.කවද හරි ඔයාට ගැලපෙන කෙනාව ඔයාට හම්බෙයි.එතකන් ඉන්න.බුදු සරනයි."
කෙල්ලව 3 වීල් එකට නග්ගපු කොල්ලා අතට සල්ලිත් දීලා කෙල්ලව පිටත් කරා.ගරාජ් එකේ වැඩ කරන ගමනුත් කසුන්ට මතක් උනේ කෙල්ලව විතරයි.කොල්ල වැඩට ඇවිත් වැඩි කාලයක් ගත උනේ නැතත් හැමෝගෙම හිත දිනාගෙන ඉන්න පුලුවන් උනා.ගරාජ් එකේ අයිති කාරයත් කොල්ල ගැන ගොඩක් පැහැදිලා හිටියෙ කොල්ලට වැඩක් බාර දුන්නොත් හරියටම කරන බව දැනගෙන හිටිය නිසයි.ඒක නිසා boss ගෙ ප්‍රශන්සා වලට කසුන් නිතරම ලක් උනා.කසුන්ගෙ බොස්ගෙ නම සරත් එදිරීවීර.ඔහුට ගරාජ් එක විතරක් නෙවෙයි.තවත් ආයතන ගොඩක් තිබුනා.ediriweera constructions,ediriweera tradors,ediriweera designers ඒවයෙන් කීපයක්.කොච්චර සල්ලි තිබුනත් ඔහු ඉතා ගුන යහපත් මිනිසෙක් බව කසුන් දැනගෙන හිටියා.කොල්ල උනන්දුවෙන් වැඩ කරන නිසා කොල්ලට උසස්වීමක් ලබුනා ගරාජ් එකේම supervisor කෙනෙක් විදිහට.දවසක් වැඩ ඇරිලා ගෙදර එද්දි කොල්ල දැක්ක ඈතින් දැකල පුරුදු මූනක්.දෙවියනේ සදුනි..කොල්ලාට දැනුනෙ මාර සන්තෝසයක්.දෙන්න ලන්වුනත් සදුනි කොල්ලව දැක්කෙ නෑ.
--"නංගි......."
--"දෙවියනේ අයියෙ ඔයා!!"
--"දැන් නංගිලාට අපිව මතකත් නෑ නේද?අහක බලගෙන යන්නෙ"
--"අනේ සොරි අයියෙ මන් ඔයාව දැක්කෙ නෑ.මන් වෙන කල්පනාවක හිටියෙ"
--"අනේ අනේ ඔහොම පාරෙ ගියොත් හොදට තියෙයි"
කෙල්ල හයියෙන් හිනා උනා.හිනා වෙද්දි කෙල්ලගේ තිබුනු ලස්සන දැකල කොල්ලා වශී උනා.කසුන් කවදාවත් කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියෙ නෑ.
ගමටම හිටිය හැන්ඩියා උන කසුන්ගෙන් කෙල්ලො දෙතුන් දෙනෙක්ම කැමත්ත ඇහුවත් කොල්ලා කැමති උනේ නැත්තෙ පවුලෙ බර තමන්ගෙ කර මත වැටිල තිබුනු නිසයි.ඒත් මේ කෙල්ල දැක්කම කොල්ලට ඇති උන හැගීම් ඔහුටවත් තේරුනෙ නෑ.
--"මොකද මගෙ මූනෙ පෙරහැරක්වත් යනවද?"
කෙල්ල හිනා වෙලා අහද්දි කොල්ලට ලැජ්ජ හිතිල අහක බලා ගත්තා..
--"කොහෙද නංගි ගියෙ?clz ද?"
--"ඔව් අය්යෙ මන් කරපු IT කෝස් එකේ අන්තිම විභාගෙ අද තිබුනෙ.ඒක ලියලා ගෙදර යන ගමන් මේ.අය්යා වැඩ ඇරිල එන ගමන්ද?"
--"ඔව් නන්ගි අද ටිකක් කලින් වැඩ ඉවර උනා"
දෙන්නා ටවුන් එකේ තිබුන ලොකු ගහක් යටට වෙලා ගොඩක් වෙලා කතා කර කර හිටියා.මේ හමු වීම ගැන දෙන්නම හිටියෙ ගොඩක් සතුටින්..
--"ඒක නෙවෙයි අයියෙ ඔයාට මන් අයියා අයියා කිව්වට ඔයාගෙ නම දන්නෙත් නෑ.වයස දන්නෙත් නෑ."
--"ඔව් නේද?මට ඔයාට අදුන්වල දෙන්න බැරි උනානෙ මාව..මන් කසුන් වයස 22යි."
--"අයියා තමා වෙන්නෙ මට තාම 21යි."
කෙල්ල හිනා වෙවී කිව්වා.කෙල්ල හිනා වෙද්දි කම්මුල් වල ගැහෙනවා.මාරම ලස්සනයි.දෙන්න ගොඩක් දේවල් කතා කරා.අන්තිමට කෙල්ල කොල්ලගෙන් 4n no.1ත් ඉල්ල ගත්තා.
--"නංගි දැන් ගොඩක් හවස් වෙලා.ඔයා දැන් යන්න.නැත්නම් ගෙදරින් හොයයි ඔයාව?"
--"හොදයි අය්යෙ මන් යන්නම් එහෙනම් එදා කරපු උදව්වට ගොඩාක් පින්.bye.bs"--
--"bye.බුදු සරනයි නංගි."
දෙන්නම එතනින් වෙන් උනේ කැමැත්තෙන් නෙවෙයි.කෙල්ල ගොඩක් සතුටින් ඉන්නෙ කියල කතා කරද්දි කොල්ලට තේරුනා.කොල්ලත් සතුටු උනා..කසුන් ගෙදර ආවෙ ඉහේ මලක් පිපුනා වගේ.අර සිද්දියෙන් මාස 3කට පස්සෙ තමා දෙන්න අද මීට් උනේ.රෑ8 ට විතර දන්නෙ නැති නොම්බෙරේකින් කොල්ලට call එකක් එනවා.
--"හෙලෝ කව්ද මේ?"
--"කවුරු කියලද හිතන්නෙ?"
කොල්ල කට හඩ අදුරගත්තා.ඒ සදුනි.
--"සදුනි නංගි නේද මේ?"
--"අදුර ගත්තා නේද?හ්ම්..
--"ඔය අනිත් අයට වගේ නෙවෙයි අපිට පුලුවන් ඉක්මනට අදුරගන්න."
කොල්ලා කෙල්ලට හින්ට් එකක් පාස් කරා.
--"සොරි අය්යෙ ඒක දැන් අමතක කරන්න."
ඔහොම ගොඩාක් දේවල් දෙන්නා කතා කරා.සදූ පාලුවෙන් ඉන්න ගොඩාක් වෙලාවට කසුන්ට call කරේ සදූගෙ පාලුව නිවන්න කසුන්ට පුලුවන් උන නිසා.දෙන්නා ගොඩාක් හිතවත් උනා.දෙන්නට දෙන්න නැතුවම බැරි උනා.ඔය කාලෙ තමා කසුන් වැඩ කරපු තැන හිටපු manager කරපු හොර කමක් බොස්ගෙ(mr.ediriweera ) අතටම අහුවෙලා ඔහුව අයතනයෙන් එලෙව්වෙ.boss එක්ක තිබුනු හිතවත්කමයි,කසුන්ගෙ හැකියාවයි නිසා ඒ තනතුර කසුන්ට දුන්නා.ගොඩක් ලොකු ගරාජ් එකක් උන ඒකෙ manager කියන්නෙ ලොකු වගකීමක් කියන්න දැනගෙන හිටපු කසුන් ඒක බාර ගත්තා.එදිරීවීරට හිටියෙ දුවෙක් නිසා තමන්ගෙම පුතාට වගේ ඔහු කසුන්ට සැලකුවා.කසුන් ටිකෙන් ටික දියුනු උනා.ඔය අතරෙ කසුන්ගෙයි සදූගෙයි යාලුකම ආදරයකට පෙරලුනා.ඒත් දෙන්නගෙන් එක්කෙනෙක් වත් ඒක ඇගෙව්වෙ නෑ.හැමදාම ඒක හිතේ තියාගන්න බැරි බව තේරුම් ගත්ත කසුන් දවසක් සදූට call එකක් ගත්තා.
--"හෙලෝ සදූ මට ඔයාට කියන්න දෙයක් තියනවා.හෙට ඔයාව මීට් වෙන්න පුලුවන්ද?"
--"ඇයි අයියෙ මොකක් හරි ප්‍රශ්නයක්ද?"
--"අනේ නෑ නංගා එහෙම දෙයක් නෙවෙයි.මන් හෙට ඔයාට කියන්නම්කෝ"
--"හරි අයියෙ මන් ඔයාව හෙට හම්බෙන්නම්"
කෝල් 1 කට් කරල සදූ හිතන්න ගත්තා කසුන් කියන්න යන්නෙ මොකක් ගැනද කියලා.පහුවදා දෙන්නා මීට් උනා.කසුන් එයාගෙ හිතේ තිබුන සේරම සදූට කිව්වා.සදූ ගොඩාක් කැමැත්තෙන් කසුන්ට කැමත්ත දුන්නා.එදා දවසම දෙන්න හිටියෙ එකට.දවස් සති මාස ගනන් ගෙවිල ගිහින් දෙන්නගෙ ආදරෙට අවුරුදු 3ක් උනා .ඒ ගෙවිච්ච කාලෙට දෙන්නා අතර පුංචි රන්ඩුවක්වත් උනේ නෑ.ඒ මොකද කිව්වොත් ඒ දෙන්න හොදින් දෙන්නව තේරුම් අරන් හිටියෙ.දැන් එදිරීවීරගෙ විශ්වාසවන්තම ගෝලය උනේ කසුන්.එදිරීවීර අලුතෙන් පටන් ගත්ත ගාර්මන්ට් එකේ ලොක්කා විදියට කසුන්ව පත් කරා.company එකෙන් කාර් එකකුත් අරන් දුන්නා.කසුනුත් බොස්ට ගොඩක් ගරු කලා.දවසක් කසුන්ට සදූ ගෙන් call එකක් ආව.
--"හෙලෝ සදූ කියන්න බබා?
--(ඉකිබිදින සද්දයක්)
--"ඇයි ලමයො මේ අඩන්නෙ.කියන්න මට මොකද උනේ?
සදූග තාත්තා සදූට proposal එකක් ගෙනල්ල.සදූ සිද්දවෙච්ච දෙවල් ඔක්කොම කසුන්ට කියනවා.කසුන් කෙල්ල කියපු දේවල් සේරම අහන් ඉදල 4n 1 කට් කරන්නෙ.මම ඔයාගෙ තාත්තා හම්බෙන්න එනවා.කියමින්.කොල්ලා පහුවදා වැඩට යන්නෙ හවස සදූගෙ තාත්තාව හම්බෙන්න යාමේ අදහසින්.කසුන් ඔෆිස් එකට වෙලා කල්පනා කර කර ඉද්දි බොස් කොල්ලව හම්බෙන්න එනවා.
--"good morning sir"
--"වාඩි වෙන්න කසුන් පුතා.මන් මේ ආවෙ හවස මාත් එක්ක ගමනක් යමු කියන්න."
--"කොහෙද සර්?
--"මන් හවසට කියන්නම්කො.ලෑස්ති වෙලා ඉන්න."
--"හොදයි සර්"
කසුන් එහෙම කිව්වෙ සර් කියන දෙයට පිටින් යන්න බැරි නිසා...දෙවියනේ මගෙ කෙල්ලව තව කෙනෙකුට බන්දලා දෙන්න හදන්නෙ.ඒ අස්සෙ බොස් කොහෙද යන්නත් කතා කරනවා.මම අද රෑ වෙලා හරි සදූගෙ තාත්තව හම්බෙන්න යනවා.කොල්ලා හිතා ගත්තා.
හවස බොස් ආව කොල්ලව ගන්න.දෙන්නම වාහනේට නැග්ගට පස්සෙ එදිරීවීර කතාව පටන් ගත්තා.
---"පුතා මන් කියන දේ හොදට අහගන්න.ඔයා තමා මට මෙච්චර කාලෙකට හම්බුන හොදම සේවකයා.ඒ වගේම ඔයා මගේම පුතෙක් වගේ.මගෙන් පස්සෙ මගෙ කම්පැනි 1 බාර ගන්න ඉන්න හොදම කෙනා හැටියට මන් දකින්නෙ ඔයාව.මට ඉන්නෙත් දුවෙක් විතරයි.ඒක නිසා මන් හිතුව ඔය දෙන්න එකතු උනොත් හැම දේකටම උත්තර හම්බෙයි කියලා.දැන් මන් ඔයාව මේ එක්කගෙන යන්නෙ අපේ ගෙදර.ඔය දෙන්නම කැමති නම් විතරයි මේ marriage 1 වෙන්නෙ.ඒක නිසා ඔය දෙන්න අද කතා කරල අපිට උත්තරයක් දෙන්න.--"
මේ කියපු හැම දෙයක්ම හොදට අහගෙන හිටිය කසුන් වචනයක්වත් කිව්වෙ නෑ.
මොකක්ද දෙවියනේ මේ වෙන්න යන්නෙ.අපි දෙන්න මවපු හීන සේරම සුන් වෙන්න්යි හදන්නෙ.කමක් නෑ එන විදිහකට මුන දෙනවා.මන් සර් ගෙ දුවට පහදල දෙනවා.කියලා කසුන් හිතා ගත්තා.
--"පුතා ඉද ගන්න.ඉන්න මන් දුවට කතා කරන්නම්" දූ කවුද බලන්න මේ ඇවිත් ඉන්නෙ.ඉක්මනට ලෑස්ති වෙලා පහලට එන්න."
--""මේ එනවා තාත්තා. "
පිය ගැට පෙල බහින සද්දයෙන් කොල්ල තේරුම් ගත්තා ඒ එන්නෙ බොස්ගෙ දුව කියලා.
--"පුතා මේ ඉන්නෙ මගෙ දුව සදුනි එදිරීවීර "
--"දුව මේ ඉන්නෙ මන් ඔයාට කියපු කෙනා.කසුන් ජයතිලක."
දෙදෙනාම පහත් කරන් සිටි හිස එසවූයේ නම් 2 ඇසුනු පසුවයි.මොන තරම් පුදුමයක්ද?දෙදෙනාගේම මූනු වල නැගුනු සිනහව............ඒ සිනහව ඇතුලෙ තිබ්බ අවංක බව...........සහ..............ආදරය....... දෙන්නම ගොඩාක් සතුටු උනා එදා
පසුව හැමෝගෙම කෙමැත්තෙන් කසුන් සදුනිව විවහ කරගෙන සතුටින් ජීවත් වුනා.
......... නිමි......
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI