මොකෝ මේ සුදුමහත්තයො

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
#විනාඩියක් #අරන් #කියවලා #බලන්න ❤️
මොකෝ මේ සුදුමහත්තයො ගැලරියේ විඩියෝ වලට පාස්වර්ඩ් එකක් දාලා..
මට මතක නෑ ...ඕකේ විඩියොත් නෑ මොකට පාස්වර්ඩ් දාන්නද මම ..
මේ මැරුම් නොකා පාස්වර්ඩ් දීපන් ..මහත්තයෝ .මොනවද උබ මට පාස්වර්ඩ් දාලා හන්ගන්නෙ ..
අනේ ...මොකුත් හන්ගන්නෙ නෑ ,සුදූ..
ආ තියාගනින් උබේ හොර ගුහාව..මම යනවා...
අනේ එපා..දැන්නෙ ආවෙ..අනික ක්ල්ස් ඇරෙන්න වෙලා,තියේ.අම්මා බලයි මොකෝ කියලා කලින්..
එහෙනම් පාස්වර්ඩ් දෙන්න...
මට මතක නෑ ...අනේ ..
මම යනවා..තියාගනින් උබේ පෝන් එක..
ආ ..මතක් උනා .ඉන්න..
කො පෝන් එක ..මොකක්ද පාස්වර්ඩ් එක..
ඔයාගෙ නම සුදූ..
මොකක්ද මුලු නමමද..
නෑ..දසුනි කියලා විතරයි ..
මොනවද සුදු මහත්තයෝ ..මේ වීඩියෝ ..උබට සයිකොද..බලපන් ජරාව..ඒ මදිවට මේ මල ජරාව රකින්න පාස්වර්ඩ් එකට මගෙ නම..උබට වේස ගෑනු හැමනෙනවා බලන්න මේ තරම් ආසද..
නුබ පොඩි එකෙක් හොර වැඩක් කර අම්මාට අසුවූවාක් මෙන් බිම බලා ,මාපට ඇගිල්ලෙන් බිම හාරමින් සිටියේය..
සුදු මහත්තයෝ ..බලපන් මගෙ මූන දිහා..මාව මදිද .මගෙ දේවල් විතරක් දැක්කාම මදිද උබට..
ඇති..
එහෙනම් බූරුවො මේ ජරාව..
යාලුවෙක් ඔවා පෝන් එකට දැම්මෙ සුදූ..
ආ,,ආ ,,බලෙන් දැම්මා..උබ බබා...ඩිලීට් කරපන් සේරම..ඩිලීට් කරලා..මගෙ ඔලුවෙ අතතියලා දිවුරපන් මේ ජරාව බලන්නෙ නෑ කියලා...
අයෙ බලන්නෙ නෑ ..සත්තයි ..
චූටි දුව ....රෑ වෙලා මිදුලට වෙලා මොනවද කල්පනා කරන්නෙ ..එන්න ගෙට
අම්මා ගේ කට හඩින් මගේ දැහැන බිදුනි..එකාලය කොතරම් සුන්දරද...අපේ ආදරය බාදා තිබ්බේම නැත..නුබට මට විසිඑක සම්පූර්ණ වෙද්දී දෙමව්පියන් ගේ ආශිර්වාදයෙන් අපි එක කූඩුවක කූඩු විය..ඒ අතින් අපි මොන තරම් වසනාවන්තද..ඒත්.අද නුබ කොහිද මම කොහෙද..
සුදුමහත්තයො ...අද කලින් ගෙදර එන්නකෝ..
ඇයි මැනික ඒ...
පාලුයි මහත්තයෝ ගොඩක් ...අනේ ඔයා ගෙදර ඉද්දි මුලුගේම පිරිලා..
මම ගෙදර නැතිවෙද්දිත් ගේ පිරෙන්න පැටියෙක් දෙන්නකො ඉතින් ...
හ්ම්ම් ...අද ඉක්මනට එන්න..සුදු බෝලයක් හදමු අද..
හ්ම්ම් ...අද ගොඩක් වෙලා ඕනෙ මට..
අම්මෝ උබ මරයි මාව අද එහෙනම්..
එපාද..
ඕනෙ...මම මැරෙන්න කැමති ...
එහෙනම් ...මම ගෙදර එද්දි රතුපාට කොට නයිට් ඩෙර්ස් එක ඇදන් ඉන්න..
ඇයි ඒ...
උබ ඒක ඇන්දාම රතුපාට ස්ටොබෙරි ගෙඩියක් වගේ.. කන්න හිතයි මට..
ඒ වසන්තය කොතරම් සුන්දරද..දෙයියෝ හැමදේම දී අන්තිමට මග හැර යයි .අපිටත් ඌයෙ ඒ දේම විය හැම.
මහත්තයෝ ..
හ්ම්ම් ..
ඩොක්ටර් කෙනෙක් ගාවට යන් අපි...අවුරුදු දෙකකුත් උනා තාම පැටියෙක් නෑනෙ..
කමක් නෑ මැනික ...අපි ටිකක් බලමු තව..
එහෙම බෑනෙ මගෙ මොකක් හරි අවුලක් තියේනම් මගෙ බේත් ගන්න ඕනෙනෙ..මහත්තයෝ
එන්න බලන්න...
ඇයි ..
අඩුවක් තියේද බලන්න..කෝ බලන්න මේ තියෙන්නෙ සේරම හොදට ..
අනේ එපා කිති අනේ මහත්තයෝ කිති..කෑගහනවා මම..
දැන් කෑගන්න පුලුවන්නම්..
නුබ මගේ තොල් තදින් සිපගත්තේය...
මහත්තයෝ උබට තාම විසේ අඩුවෙලා නෑ..තාම බැන්දදා වගේමයි..
හ්ම්ම් ..ඔයා මට හැමදාම නැවුම්..මේදැන් පැකින් කැඩුවා,වගේ .
මහත්තයෝ ...මට කවදාවත් පැටියෙක් හදන්න බැරි උනොත්...
එහෙම වෙන්නෙ නෑ මගෙ පන...
එහෙම උනොත්...කියන්නකො මහත්තයෝ ..
ඒත් මේ වගේම ආදරෙන් ඉන්නවා..සත්තයි මැනික..දන්නව නේද මගෙ ආදරේ තරම් ..
දන්නවා රත්තරන් ..
"ඩේලි පකින් නෝ children "කියලා එදාටත් මගෙ පනට මේ වගේම ආදරෙයි ..
ඒ කීවේ..
මෝඩියේ ඩේලි කියන්නෙ මොකක්ද
හැමදාම..
එතකොට පකින් කියන්නෙ...
හ්ම්ම් ..දන්නවා..
එහෙනම් තේරුම හැමදාම ෆකින් ඒත් ලමයි නෑ
අයියෝ මහත්තයෝ ...
තුරුල් ගොඩක් මහත්තයෝ මාව..
හ්ම්ම් ..හුස්ම ගන්න බැරිවෙන්න බදාගන්නවා..
කමක් නෑ ඔය තුරුලෙ මැරුනත් සැපයි..
ඒත් මැරෙන්න තියා ලග ඉන්නවත් අද නුබ ලග නැත..
............................................................................
ඔයාලා මැරි කරලා කොච්චර කල්ද
Three years ඩොක්ටර් ...
හ්ම්ම් ...
ඔය දෙන්නගෙම සාම්පල් චෙක් කරා මම කලින් ආව සැරේ ගත්ත..කෝ හස්බන්ඩ් ආවෙ නැද්ද අද..
නෑ ඩොක්ටර් ...
මගෙ මොකක් හරි අවුලක්ද ඩොක්ටර් බබාල නැත්තෙ...
අයෑම් සොරි ..ඔයාලට ලමයි හදන්න,බෑ කවදාවත්...
ඇයි ඩොක්ටර් ඒ....
එදා මගේ මුලු සිහින ලෝකයම බිද වැටුනි..ගෙදර ආවෙ කෙසේදැයි නොදනිමි..කාමරයේ දොරවසා පැයගනනක් හැඩුවෙමි..නුබ විත් බෙල් එක නාද කරන තුරු මට නින්ද ගොස් තිබිනි..
ඇයි මේ මූන ඉදිමිලා මැනික..
නින්ද ගියා මහත්තයෝ ...
ඩොක්ටර් මොකෝ කීවෙ..
බේත් දුන්නා විශේෂ දෙයක් නෑ මහත්තයෝ ...
වොස් එකක් දාගන එන්නම්...අද ඔයාගෙ සරු දවසක් ,,අනිවාර්යයෙන් පැටියෙක් ඉදී..මම එනකන් චූටි ගවුමක් ඇදන් ඉන්න..
නුබ බාත්රූම් එක්කට ගිය පසු මට යලිත් හැඩුනි..මහත්තයෝ අපේ හීන හීනයක් අපිට ඒ පින නෑ රත්තරන් ..
ඇයි මේ අද ...අවුලක්ද මැනික..
නෑ මහත්තයෝ ..
මහන්සි ද..
ටිකක් ..
එහෙනම් අද පැටවු හදන වැඩේහෙටට කල්දාමු.
කමක් නෑ මහත්තයෝ ...ඔයාට ඕනෙ වෙලාවක මම බෑ කියන්නෙ නෑනෙ..
එදා සිට නුබමා සිබිමින් කොතරම් රමනයේ යෙදුනත් ..මා සිතින් ඒ හැම විටම වැලපුනි..ඒ නුබේ දරු සිහිනය කවදාවත් ඉටුනොවෙන බැවිනි..
මහත්තයෝ නැගිටින්න ..
පරක්කු වෙලා මටත් නින්ද ගියා..ඔපීස් යන්න පරක්කු වෙයි.
ඇයි මැනික ඔයා අමාරුවෙන් වගේ...
මෙන්සස් වගේ බඩත් රිදෙනවා..
නුබ ලොකු සුසුමක් පිට කලේය...
ඒ කියන්නෙ මේ මාසෙත් නෑ..
අනේ මට සමාවෙන්න මහත්තයෝ ...
එදාසිට නුබ වෙනස් විය..එදා නුබ ගෙදර ආවේ හතරගාතයෙනි..
අනේ ඇයි මහත්තයෝ මේ..ඇයි රත්තරන් මේ බීලා..ඇයි මගෙ දෙයියො ජරාව බීවෙ..
මොකටද අපි හොදට ඉදලා අපිට පැටියෙක් නැතිව..
මට පපුව පැලෙන්න තරම් රිදුනි..මම නුබ බදාගන හැඩුවෙමි..එදා සිට සතුට යන්නම යන්න ගියේය..නුබේ අම්මා මට කල අපහාස නිමක් නොවීය.ඇයට මම කාලකන්නි වද ගෑනියක් විය
මම තීරනයක් ගත්තෙමි..සමහරවිට නුබට මම ගියපසු හොදක් සිදුවේවි..වෙලාව රෑ 11.30වී තිබිනි..නුබ දෙස බලාසිටියෙමි.නුබ මගේ පනයි.කෙසේනම් මා,නුබ දමා යන්නද..නුබ බදා හඩන්නට ඕනෑ විය එහෙත් නුබ ඇහැරුනොත් මට යන්න දෙන්නෙ නැත..මා ගුලිවී නිදාගත් පපුවට අතක් තැබුවෙමි..මා ගියත් මෙසේ කවදාවත් වෙනකුගේ නොවෙමි..රැගෙන යන්නට කිසිත් නැත.ඇත්තේ අපේ මතකයන් පමනි,ඒ මතකයන් රැගෙනයාමට ලෝකෙයේම බෑග් තිබුනත් මදිය..දොර ලගට ගොස් යලිත් හැරී බැලීමි..නුබේ මූන දකින විට,පපුව රිදුනි.යලිත් හැරී විත් නුබේ දෙපා සිපගත්තෙමි.
.............................
එසේ පැමින අදට අවුරුදුකි..නුබ මා,සොයනවා ඇත.ඒත් නුබට සොයන්නට බැරිය ..ඒ මාසිටින්නේ ලංකාවේ නොවන බැවිනි..මා එනවිට ගෙනා එකම වස්තුව,නුබේ බැනියමකි.එහි තාමත් නුබේ සුවද තිබේ..අනේ නුබ එකවරක් දකින්නට ඇත්නම්..සමහරවිට නුබ නොකා නොබී තැවෙනවා ඇති ,එසේ මතක් වන විට මට දුවන් එන්නට සිතේ..එහෙත් මට අවශ්‍ය නුබ සතුටින් ඉන්නටය.නුබ චූටි පැටියෙකුට කොයිතරම් ආසද..නුබ මා සමග නම් එය සිහිනයක් පමනි.මට අවශ්‍ය නුබ මා හිතින් මකා දම කවුරුන් සමග හෝ කුඩා පැටියෙක් සදාගන සතුටින් ජීවත් වන්නටය..නමුත් ,නුබ තවකෙකියකුගේ සරීරයට අතතබනවා සිහිවෙද්දී මම වෙවුලා යයි..රත්තරන් නුබ කා එක්ක හිටියත් සතුටින් නම් මට කමක් නෑ..ඒත් නුබ බිබී මා ගැන වද වෙනවාද..අනේ එපා මහත්තයෝ එහෙම නම්..
අම්මෙ ..
ඇයි චූටි දුව...
ලංකාවට යන්න ඕනෙ..
ඇයි..එපා යන්න පරන දේවල් අමතක කරන්න,අපි හොද කෙනෙක් ඔයාට මෙහෙන් හොයලා තියෙන්නෙ ....
දැන්නම් මා යායුතුමය..නුබ අත තැබූ සරීරය වෙනකුකට අවසි නැත..මා තීරනයක් ගතිමි..ලංකාවට ගොස් එක් වරක් නුබ දැක සිල්මාතාවක් වීමයි..
................................................
හසරැල් ..යකෝ උබ සොට් එක දිහාබලන් භාවනා කරනවද ...අනිවා p h i ආවොත් කේස් එක දානවා
ඒ ඇයි බන්
මදුරුවන් ඇතිකිරීමට අනුබල දීම...උබ සොට් එක දාලා ගොඩක් වෙලා අනිවා මදුරුවො ඕකෙ බිත්තර දාලා කීටයෝ හැදිල ඇති..
කල්පනාවක් හිටියෙ බන්..
දමා තිබූ අරක්කු වීදුරුව හිස් කොට තව එකක් දමා එක හුස්මට බීවෙමි..
ඇයි බන් මාව දාලා දසුනි ගියෙ..
සරලයිනෙ මචන් ..හසරැල් ..උබෙන් පොර මදිවෙලාවත් නැත්නම් වෙන එකෙක් ඉදලවත් නෙමේ..ඒකිට දරුවො නැතිබව දැනගත්තා,ඊට පස්සෙ උබත් බිබී පිස්සු කෙලියා..උබලගෙ අම්මා එහෙන් ඒකිට බාල්දි පෙරලනවා..ඒකි වෙන මොනව කරන්නද යනවා ඇරෙන්න.
මම මහ පවු කාරයෙක් හුත්තො ..පවුකාරයෙක්.
එපා හසරැල් එපා .බීවා ඇති පලයන් ගෙදර ...
මොකට යන්නද ගෙදර ..ඉස්සර මම යද්දි දුවන් ගේට්ටුව ගාවට එන කෙල්ල අද නෑ.මගෙ සපත්තු ගලෝල මේස් ගලෝල ...
මහත්තයෝ කකුල් රිදෙනවද..
ටිකක් ..
ඉන්න මසාජ් කරන්න..
තව ටිකක් උඩට මසාජ් කරන්න.
හ්ම්ම්
තව උඩට..
බෑ උබ නෝටි වෙනවා..නාල ඉන්න.ඔපීස් එකේ ගෑනු කීයක් දිහා බැලුවද
එකෙක් වත් දිහා නෑ සත්තයි
මරනවා බලලා තිබුනොත්...
අනේ මම කවුරුදිහාවත් බැලුවෙ නෑ එන්න,කියපන් මචන් දසුනි ට..මට ලමයි ඕනෙ නෑ මට ඕනෙ දසුනි.ඉන්න තැනකින් ගෙනත් දියන් බන් දසුනි ව..
හසරැල් ..කෑගහන්න එපා..හොටෙල් එකේ උන් සේරම බලනවා අපි දිහා .යන් ගෙදර ,අපි කොයිතරම් හෙවුවද ඒත් නෑනෙ බන් දසුනි
.............................................
ඇදේ ඒ මේ අත පෙරලෙමින් සිටියත් නින්ද අසලකටවත් ආවෙ නැත.නුබ නිතර අදින රතුපාට ගවුම ගෙන ,නුබ ගල්වන ඕඩිකොලොන් එක ගෙන එයට හලා මූනට තුරුල් කර සිටියෙමි..නින්ද අසලට එද්දි පෝන් එක නාද විය..
හසරැල් .මගෙ යාලුවෙක් දසුනිව ඕස්ට්‍රේලියවල ,පර්ත් වලදී දැකල තියනවා..
.................................................
අම්මෙ මම ගිහින් එන්නම්..
චූටි දුව ලංකාවට ගියාට කමක් නෑ..පරන,දේවල් ජීවිතයට ලංකරගන්න හදන්න එපා ඉක්මනට එන්න මැනික...
මම ගුවන් යානයටනැග කුඩා පර්ස් එකේ ඇති නුබේ ජායාරූපය ගෙන බැලුවෙමි.මහත්තයෝ නුබ බැදලනම් මගෙ පපුව පැලෙයි..ඒත් මට වෙන්න ඕනෙ ඒක.කා එක්ක හරි සතුටින් ඉන්න මගෙ පන .ඒත් මගේ යටි සිත ඉල්ලුවෙ එය නොවෙයි.
......................................................
මචන් ගිහින් එන්නම්.
හසරැල් උබ මුලු ඕස්ට්‍රේලියවම පෙරලල හරි දසුනිව අරන් එනකන් අපි බලන් ඉන්නවා.ආපුවාම ගෑර්න් පාර්ටියක් දාමු..
දාමු ,ඒත් මම ආයේ බොන්නෙ නෑ..
එල කොල්ලො ...බුදුසරනයි ගිහින් වරෙන්.
.....................................
3
ගුවන්යානය කටුනායක ගොඩ බැස්සවූවත් මට හිට ගන්නට දෙපාවාරු නොවීය.ඒ නුබව වෙනකෙකුට දන්දී නුබේ සතුටගැන සිතුවත්,නුබ දැන් වෙනකෙකියකගේ නම් එය දැකීමට මට නොහැක.අනේ කාගෙවත් වෙලානම් ඉන්න එපා සිතමින් ලක්පොලවට පය තැබීය.
......................................................
එහෙත් ඇය ලක්පොලවට පය තබනවිට ඔවු ඔස්ට්‍රේලියාව බලා යන ගුවන්යානයෙ අසුන්ගෙන සිටියේය .
.................................
ගුවන්යානයේ අසුන් ගත්පසු මගේ හිත බොහෝ නොසන්සුන් විය.ඒ නුබ ලගඉන්නවා මෙන් දැනෙන්නට ඌ බැවිනි.මම නුබ සොයාගන මිස ආපසු නොයෙමි ,තරයේ සිතා ගතිමි .ඔරලෝසුවේ වෙලාව අනුව ගුවන්ගතවීමට තව විනාඩි දෙකකි.
....................................
මම කුඩා බෑගය කරේ දමාගන දෙවන පිවිසීමේ දොරටුවෙන් එලියට පැමිනියේය.ටිකක් දුර ඇවිදගොස් අසල තිබූ මෝටාර් රතය තුලට එබී..
මල්ලි නුවරට යන්න කීයක් ගන්නවද..
දෙයියනේ දසුනි..
ශානුක,,ඔයාලා
හසරැල් ඔයා හොයන්න ඕස්ට්‍රේලියා ගියා අපි එයාව දාන්න ආපු ගමන්.ඌ පිස්සෙක් වගේ මෙච්චර කල් ඔයා හෙවුවා.
මම ඉකිගසා හැඩුවෙමි.අනේ එයා නවත්තන්න ..
මචන් .වෙලාව කීයද..
10.15 ප්ලයිට් එක නග්ගවයි.
උබ කාටද කෝල් ගන්නෙ ඌට කොල්ගත්තා කියලා හසරැල් ප්ලේන් එකෙන් පනින්නද..
හලෝ මේ ගුවන්තොටුපලේ හදිස්සි ඇමතුම් අංශයද..
දැන් ඕස්ට්‍රේලියා වලට පිටත් උනු ප්ලේන් එකේ බෝම්බයක් තියෙනවා..
යකෝ හිරේයන්න වෙන්නෙ සිම් එකේ අයිතිකාරයා හොයන් එයි .
වැඩක් නෑ.මේක මම මැරිච්ච සීයගෙ අයි ඩී එකට ගත්ත සිම් එකක්..
..........................................
ප්ලේන් එක යලිත් ගොඩබෑවෙ ඇයිදැයි සිතාගත නොහැක.ගොඩබෑ විගස මගීන් ඉවත් කෙරුනි.පෝන් එක නාදවන්නට විය.ඒ ශානුකය,
මචන් එලියට වරෙන් හදිස්සියක්..
මට කිසිම දෙයක් සිතාගත නොහැකි විය.
..........................
මම එලියට එනවිට ,,,,,දෙයියනේ ඔයා
මහත්තයෝ ,මගෙ පන
ඇයි මාව,දාලාගියෙ රත්තරන්
මට පැටවු හදන්න බෑනෙ ,වදගෑනියක් මොකටද ඔයාට .
කට ගුටිකන්න එපා .දන්නවද මම විදෝපු තරම්
දැනුනා මහත්තයෝ ඒකනෙ හොයන් ආවෙ.උබ බැදලනම් මහත්තයෝ එකපාරක් ඔයාව බලලා මහනවෙන්න ආවෙ
මහනවෙමු හැබයි,දෙන්නම එක පන්සලක.
හොදට හිටී.
ආදරෙයි මැනික..එපා ආයේ දාලා යන්න මම මැරෙයි.
ඒත් මට පැටවු නැතිවෙයි.
කමක් නෑ උබයි මට ඕනෙ.ඒත් මැරෙනකම් ට්‍රයි කරමු.හැමදාම ඩේලි පකින් නෝ චිල්ඩ්‍ර්න් වෙන එකක් නෑ..
ශානුකයා උබලයි එහෙනම් ප්ලේන් එකට බෝම්බ තිබ්බෙ
සමරමු මේ සතුට
මහත්තයෝ බීවොත් මරනවා
ආයෙ බොන්නෙ නෑ මැනික ..
(නිමි)
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI