නිරුවත් ආදරය

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
මම එන්නද ඇතුලට?
එන්න මහාත්තයො ..( එන්න එපා කියන්න මට අයිතියක් නැනේ  මගේ ජිවිතේම දැන් විකිනෙනවා දවසින් දවස... එදා මාව හදලා ලොකෙට බිහි කරලා මාව මෙහෙම අතර මන් කරලා නොගියානම් අර කාලකන්නි ගැනි මිනිහයි මට මෙහෙම ජිවිතයක් උරුම වෙන්නෙ නැනෙ... ඉස්පිරිතාලෙන් මාව පවුලකට හදාගන්න දුන්නා දුප්පත් උනත් මාව බලාගනි කියලා හිතලා වෙන්න ඇති අවුරුදු අට සම්පුර්න උන ගමන් එ ගැනි මිනිහත් වෙන් උනා අම්මා කියලා කියපු ගැනි මාව මහාපරේ අතර මන් කරා... මහපාරේ හිගා කකා මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලද්දි හිගන්නි කියලා අපහස ලැබුවේ මම ඇස් දෙකට නොදැක්ක ගැනියක් නිසානේ ... මගේ අසරන කම දැකලා සුමනා මාව ගෙදර කැන්දන් ගියේ පවු අසරන කෙල්ල කියලා මට එතකොට අවුරුදු එකොලහා සම්පුර්න උනා විතරයි ... මම සුමනා අම්මාට වැඩ කාර කම් කරන් උන්නා... මටත් දුවෙක්ට වගේම සැලකුවා... මට කිවුවේ සිදෙවි කෙල්ල කියලා... මගේ ජිවිතේ ලස්සනම දවස උදා උනා මම එදා ලා කොල පාටින් සැරසිලා උන්නේ.. මාව නාවලා සුදු මල් වලින් පොල් ගෙඩියක් බිදලා මාව ගෙට ගත්තා හරියට තමාන්ගේම දුවෙක් වගේ... එත් එදා මගේ ජීවිතේ තාවත් කරුමයක ආරම්භයක් කියලා දැන ගද්දි මම පරක්කු වැඩි .. මට අවුරුදු පහාලොව ලබද්දිම සුමනා අම්මාගේ බොඩිම කියලා තැනකට කැන්දන් ගියා... එදා මාව එහෙ නැවැත්තුවා... මට කිවුවේනම් කෙනෙක් එවි එ ආවාම එයා කියන විදිහට ඉන්න කියලා... මම හිතුවේ වෙනදා වගේම මට කන්න බොන්න හදලා දෙන්න තියෙන්නේ කියලා ... එත් මට මගේ අතට අදින්න කියලා දනිහෙන් හොදටම උඩ තියන සායකුයි අත් කපපු බ්ලාවුස් එකකුයි දුන්නා එකෙත් බඩ ලගට විතරයි තිබුනේ මට මෙවා ඇදලා පුරුදු නැ කියද්දි ඇදගනින් කෙල්ලෙ උබේ අම්මා නෙද මම ඇහුවා.. එවෙලේ මට අම්මාට පිටුපාන්න බැරි නිසා මම
ඇදගත්තා.. ඇමති කෙනෙක්ගේ පුතෙක් එන්නෙ කියලා දැනගත්තේ අනිත් කාමරේ අක්කා කෙනෙක් අනිත් කෙනාට කිවුව නිසා.... මම එයලා ඉන්න තැනට ගියා... මොනවද අක්කේ මට කරන්න තියෙන්නේ එ සර් ආවාම මම කන්න හදලා දෙන්නද ඔනා? එ දෙන්නා මන් දිහා බැලුවේ අසරන කමකින් එතන හිටපු එක්කෙනෙක් එතනින් ගියා... අනිත් කෙනා ඔවු ඉනොකා අක්කා එයා කට අරින්න යද්දිම ඇමති පුතා අවා... එදා මගේ ජීවිතේ විනාස උනා... මගේ නිරුවත එ මනුස්සයා ඉදිරියේ මට වහාගන්න බැරි උනා.. එදා ඉදන් දවසට දෙපාරක් තුන්වතාවක් මන් විකිනුනා..අදත් මේ දැනුත් මම හැගිම් දැනිම් නැති කෙනෙක් වගේ බලන් උන්නා.. මාත් හින මැවුවේ ලස්සන මනාලියක් වෙලා යන්න ලස්සන පුන්චි පවුලක් හදගන්න. අද උන්නේ හරිම ලස්සන තරුනයේක් මෙයත් කාගේ හරි දනවතෙක්ද දන්නෙ නැ අපිව හොයන් එන්නේ එම අයනේ... මම බලන් උන්නේ ඇදට හෙත්තුවෙලා මගේ ලගට එනකන් එත් ආවෙ නැ... )
ඇයි ඔයාට ?... නැ මම ආවෙ එහෙම දෙකට නෙමේ... මම ඔයාව දැක්ක මුල්ම දවසේ ඉදන් ඔයාව හෙවුවා එත් ඔයා ඉන්නෙ මෙතන කියලා දැනගත්තේ ලගදි පස්සෙ දවසක මම ආවා ඔයාව බලන්න එදා එන්න මහාත්තයා කියලා වයසක ගැනු කෙනෙක් කැන්දන් ගියා මට ගානවලුත් කිවුවා...එදා තමා මම දැනගත්තේ මෙක ගනි...නිවාසයක් කියලා...මම එදා සල්ලි දිලා කාමරේට ගිහින් එ ගැනු ලමයාට ඔනි දෙයක් කරගන්න කියලා ඉදගන ඉදලා පාඩුවෙ ඉදන් ඉදලා ආවා... ආය දවසක එහෙම උනා එදත් එ දෙම උනා එත් ආද වාසනාවට මට ඔයාව මුන ගැහුනා... මට ඔයා ගැන මොනාත් දැනගන්න ඔනා නැ මම කැමති ඔයාට ඔයා මාව විස්වාස කරන්න මම ඔයාට ආදරේයි...
(විස්වාසය ...එහෙම විස්වාස කරලා නෙන්නම් අද මම ගැහැනියක් වෙලා සෙල්ලම් බඩුවක් වගේ එක එකාගෙ වටේ විකිනෙන්නේ... එත් මම මොකුත් නොකියා උන්නා)
මම විශ්ව මට කාත් කවුරුත් නෑ මගේ අම්මා තාත්තා කාර් ඇක්සිඩෙන්ට් එකකින් නැති උනා... දැන් ඉන්නේ මට මම විතරයි මම මැරි කරලා නෑ තාම මට දැන් වයස විසි නවයයි... මම දන්නවා ඔයාට තාම දහා නවයයි කියලා එත් ඔයාගේ ජිවිතේ මෙහෙම විනාස වෙනවට වඩා හොදයි නෙද මන් එක්ක එන එක?
( එහෙම කියලා විශ්ව යන්න ගියා...ගෙවුනු හැම දවසකම විශ්ව මාව බලන්න අවා.. එ වගේම ඇමති පුතාත් ආවා... එයාට ඔනා උනේ මගේ නිර්වත දකින්න... මගේ ජිවිතේ එක්ක සෙල්ලම් කරන්න මාව බදිනවා කියලා හැමදාම පොරොන්දු දිලා යන්න ගියා... එ නිසාම මම විශ්වට කැමති උනා මගේ ජිවිතේ හදාගන්න ඔනා නිස...මම ඉනොකා අක්කාගේ සහාය ඇතුව ගෙදරින් පැනගත්තා... එත් මට ටික දුරයි විශ්ව එක්ක යන්න හම්බුනේ ඇමති පුතා... නිමෙශ් මන් ලගට ආවා මැරයො එක්ක එයින් පස්සේ හොදටම විශ්වට ගැහුවා... මාව මගේ ඇදුම් බැක් එකත් විසි කරලා කාර් එකට නග්ගගන ගෙදරකට කැන්දන් ගියා.... මාව කාමරෙක දලා වැහුවා... එයින් පස්සෙ ගෙවුනි හැම දවසක්ම මම උන්නේ එ කාමරේ බිත්ති හතරට හිර වෙලා නිමේශ්ගේ හොර ගැනි විදිහට... දවස් වෙලාවන් නොදැනිම මම වයසට යනවා මගේ කොන්ඩෙ එකින් එක ඉදිලා යනවා.... එත් මේ කරුමෙට තිතක් නැ ... අවසාන මොහොතෙත් මගේ හුස්ම යන මෙ මිනිහා මාව මේ මිනිහගේ අසාවල් ඉස්ට කරන්න වෙවිද කියලා මට තෙරෙන් නැ... එත් දැන් මට මේ ජිවිතේ පුරුදුයි අර අසරනයාට මොනවා හරි උනා නම් එදා ඉට වඩා මේ වන්දිය මාමම මේ අත්මේ ගෙවලා ඉවර කරන එක සැපයි... අවසානයක් නොවු අවසානය...
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI