මතු භවයක හෝ

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
මතු භවයක හෝ
-ඔයා වෙනස් වෙලා සුදු නංගී, ඔයාට ඔහොම කරන්න බෑ මට.
සචිනිගේ වෙනස්වේම දරාගන්න බැරි කවිඳු හඬ අවදි කලේ මහත් ශෝකයෙනි
-ඔවු, මට ඔයාගෙන් වැඩක් නෑ කවිඳු අයියේ. වද නොදී ඉන්න.මම හසිත් අයියව මැරි කරනවා කියලා පොරොන්දු උනා.මට ඔයාව එපා.
හිස මත අකුණු දහසක් පිපුරුවා හා සම හැඟීමකින් පාර අයිනෙම බිම කවිඳු වාඩි විය.
ඒ සමගම පැමිණි CBR 400cc බයික් එකට සචිනි නැග්ගේ කවිඳු පිලිබඳ වගේ වගක් නැතිවයි.
කවිඳු සචිනි යනු වසර 6ක සිට පෙම්වතුන්‍ ය.
################################
- Happy anniversary මගෙ කවිඳු අයියේ...
ලා කහ වර්ණ ටී ශර්ට් එකක් කවිඳු ට ලබා දුන් සචිනි දඟකාර හාද්ද්ක් ඔහුට දීමට අමතක නොකලාය.
-අනේ, මට අමතක උනා නේ....
-බොලූ... අයියගෙ සුදු මැණික අයියට ලැබුණ දවස කවදාවත් අමතක වෙන්නෙ නෑ නේද???
-ඒත් අද අමතක උනානෙ. අනේ මංද බබී.. ඇත්තටම අවුරුදු කීයක්ද...??
විහාරමහදේවි පාක් එකේ බංකුවක වාඩි වෙලා කවිඳුගේ උරහිසට ඔලුව තියන් හිටපු සචිනි ක්ශනිකව ක්‍රියාත්මක වී කවිඳු ගේ අත හැපුවේ කවිඳු නොසිතූ නිමේශෙකයි.
-ආව්..
-සුදු අයියේ..... මේ 6 වෙනි අවුරුද්ද.. ආයේ අමතක වෙන එකක් නෑ නේද පණ...
-අනේ කොටිච්චි... ඉන්නවකො මම හොඳ වැඩක් කරන්න,
-කෝ ඉතින් සුබපතන්නකෝ
ආදරේ දඟකාරකම් නොඅඩු මේ ආදරේට 6 වසරක් පිරීම නිසා ලස්සන රන් මුදුවක් ඈ අත පැලඳූ කවිඳු සෙනෙහසි ඇගේ නලලත උණුසුම් කලේය.
################################
සචිනි තමා හැරගොස් වසරකට ආසන්න විය.ඇය ගැන ආරංචියක් වත් නෑ.
-පුතා, දැංවත් කසාදයක් කරගන්නෙ නැද්ද?
සචිනි දූව ඕනෙමයි කිව්ව නිසා අපි කැමති උනානේ. අන්තිමට මොකද උනේ. දැං අවුරුද්දකටත් කිට්ටුයි නේ.කරුණාකරල ලෑස්ති වෙන්න හෙට අර කිව්ව දැරිවි බලන්න යන්න.
ඒ ටික කියද්දි අම්මගේ ඇස් වල මෝදු වූ කඳුල කවිඳු දුටුවේ නැත.
අම්මලගෙන් කරදරේ, ඉවසන්න බැරිම තැන කවිඳු විශාකා ව බලන්න යන්න කැමති උනා.
............... වසරකට පසු ........................
-උඹේ කසාදෙ දවසෙ මෙහෙම අහනවට සමාවෙයන්. උඹ සචිනිව අමතක කරලද ඉන්නෙ?
ඒ කවිඳුගේ හොඳම යාලුවා විදුර,
-යකෝ, ඒකිට මාව එපා නම් එපා. කාලයක් ඒකි මගෙ පණ වෙලා හිටියා. ඒත් ඒකි කලේ බලු වැඩේ. දැං හසිතයව බැඳල ඇතිනේ. මම එහෙම එකියක් නිසා ජීවිතේ නාස්ති කරගන්නෙ නෑ බං. දැං මගෙ පණ, වයිෆ් විශාකා. මගේ ලෝකේ විශාකා.
සචිනිගේ මතකයන් පිළිබඳ දුක, දැං වෛරයක් වී හමාරයි.තම ජීවිතයම අපායක් කල ඒ ආදරේ ඔහු අමතකම කර දමා ඇත.
-සතුටුයි මචන් කවී. මේ කෙල්ලව පණ වගේ පරිස්සම් කරගනින්.
################################
-මහත්තයෝ කෑම එක,
ඒ කවිඳු ගේ ආදරණීය බිරිඳ විශාකා ය
-මම එනකල් පරිස්සමෙන්, කිසිම වෙලාවක උඩ තට්ටුවට යන්න එපා, අඩමානම් වැඩ එපා, මොනාහරි නම් සීතට කියන්න. එයා කරල දෙයි..
විශාකාට ඔය ටික කටපාඩම්. තුන් මසක සිට කවිඳු වැඩට යන්න කලින් පුරුද්දක් ලෙස ඔය ටිකම කියනවා.
-පරිස්සමෙන් මහත්තයෝ. තෙරුවන්සරණයි
විශාකගේ හිස අත ගා වැඩට පිටත් විය.
################################
-මචං කවී, මේක හසිත ඇවිත් උඹට දීල ගියා..
ලියුමක් උස්සන් පැමිණි විදුර කවිඳු ට පැවසුවේ පුදුමෙනි
-සචී දීලද දන්නෙ නෑ. වැඩක් නෑ බං, මැරෙන්න යෑ, ශික්, මම අමතක කරල ඉන්නෙ බං.
-වරෙන් කන්න. කාල කියවමු.
උදෑසන ආහාරය ගත් කවිඳු ලිපිය දිගහැරියේ චකිතයෙනි.
ආදරණීය කවිඳු අයියේ,
සමාවෙන්න.මේ ලිපිය ඔයා කියවද්දි මේ ඔයාගෙ සචිනි ජීවතින් අතර නෑ.ඔයාව දාල යන්න බැරුව ගොඩාක් ඇඬුව මහත්තයෝ. මුලින්ම ඔයාගේ අම්මට කිව්ව මට කැමති වෙන්න එපා කියලා. ඔයා මාව ඕනේමයි කියලා බල කරා අම්මලට. ඒත් මම කියපු විදියට ඔයාගෙ අම්මලා ඔයාට වෙන කෙනෙක්ව හොයල තිබ්බා, ඔයාට මාව අමතක කරන්න බෑ කියල මම දන්නවා. ඒකයි ඉස්සර ඉස්කෝලේ හසිතගෙ උදව්වෙන් අපි අතර සම්බන්ඳයක් තියනව කියල පෙන්නුවේ.එතකොටවත් ඔයාට මාව අමතක කරන්න ලේසි වෙයි කියලා.මම දින්න. ඔයා අඬල ඬලම මාව අමතක කලා. ඔයාට දුක් විඳින්න සිද්ද කලාට සමාවෙන්න රත්තරනේ.. විශාකා කියන්නෙ මගෙ යාලුවෙක්.මම විශාකට මේ හැමදේම කියල තියෙන්නේ.ඔයාගෙ අම්මට විශාක ගැන කිව්වෙත් මම. මොකද දවසක මේ ලියුම ලැබිලා ඔයා කලබල උනොත්, ඔයාව නොදන්න කෙනෙක් ට බෑ ඔයාව තේරුම් ගන්න.ඒත් අද විශාකා ඔයාව තේරුම් ගන්නවා.
වැඩි විස්තර හසිත කියයි අයියේ.මට තව ලියන්න බෑ...
පොරොන්දු වෙන්න. විශාක එක්ක සතුටින් ඉන්නව කියලා.ඒක තමයි මගෙ ආත්මෙට තියන එකම සැනසීම..
සමාවෙන්න රත්තරනේ....
ඔයයි මගේ හුස්ම ටික හැම ආත්මෙකදිම.
මම ඔයාගේ චූටි නංගි සචිනි
බොඳ වූ දෑසින් ලියුම කියවූ කවිඳු ක්ශනිකව හසිතට ඇමතුමක් ගත්තේ සචිනි ගැන අවසන් ඇත්ත දැනගැනීමට හිත හයිය කරගෙනය.
"ඔවු මචන්, කවිඳු
හිත හයිය කරගෙන අහපං, දින කාලවකවානු මට මතක නෑ කොල්ලෝ,සචිනි මට කෝල් කලා.උඹ දන්නවනේ සචී මගෙ හොඳම යාලුව කියල. මේ දේ කියන්න කෙනෙක් නෑ ලු. පොඩ්ඩක් එහෙ එන්න කිව්ව. මම එහෙට යද්දි එහෙ නිකන් මලගෙයක් වගේ. ඇන්ටිට ප්‍රෙශර් නැගල, සචී මට කිව්වා,
අයියේ, මට කවිඳු ව අමතක කරන්න උදව් කරන්න කියලා.මම බැන්න මචං,
ඒත් ඒකි මට විස්තරේ කිව්වම ඒ උදව්ව නොකර ඉන්න බැරි උනා."
"කියපන් යකෝ මොකද උනේ මගේ සචීට"
"ඉවසපන්, සචීට අසනීපයක් තිබ්බා, ඩොක්ටර්ස් ලා කිව්වේ ඇඟේ ස්නායු දුර්වල වෙනව කියලා, ඒක නවත්තන්න පුලුවන් ලෙඩක් නෙමෙයි ලු, දවසින් දවස දුර්වල වෙනවලු කෙල්ලව, ඒකි අඬ අඬ කියද්දි මාර දුක හිතුන බං, ඒකිම උඹට විශාකව සෙට් කලෙත්, සචිනියි මායි යාලුයි කියල පෙන්නුවෙත් උඹෙ හිත හදන්නයි.මේ කෙල්ලගෙ අදහස් ඔක්කොම. අන්තිම කැමැත්ත ඉටු කරන්න එපැයි මම. දවසින් දවස දුර්වල වෙච්ච කෙල්ල ඊයෙ රෑ නැති උනා.නැති වෙද්දි කෙල්ල හිටියෙ ජ'පුර ඉස්පිරිතාලෙ.ඇඳේ කෙල්ල ඉන්නවද කියන්න පේන්නෙ නෑ.ඒ තරමටම වැහැරිලා.ඔය ලියුම ලිව්වෙ ඉස්පිරිතාලෙ නතර උන මුල් දවස් වල,මේ ඉරණම එයා භාරගන්න ලෑස්ති වෙලයි උන්නේ, හැමදාම ඇඬුව උඹ ගැන කිය කිය. අන්තිම වෙද්දි සිහිකල්පනාවක් තිබ්බෙ නෑ කෙල්ලට, "
"ඇති බං ඇති, අනේ මගෙ කෙල්ල"
කවිඳුගෙ දෑස් පලාගෙන කඳුළු වැටුනේ සචිනි සිදුකල පරිත්‍යාගය පිලිබඳ හිතේ උපන් වේදනාවටයි,
එවෙලෙම සුදු මල් පොකුරක් රැගෙන සචිනිගේ නිසල දේහයට අවසන් ගෞරවය දැක්වීමට කවිඳු ගියේ හිස් මනසින් ය.
ඒ වනවිට සචිනිට අවසන් ගෞරවය දැක්වීමට කවිඳු ගේ මව, පියා මෙන්ම විශාකද පැමින සිටියා.
ඒ කිසිත් නොතකා නිසලව සිටින සුදෝ සුදු මනාලිය පාමුල සුදු මල් පොකුර තබා මොහොතක් බලා හිඳි කවිඳු යලි ආවේ විශාකා දෙසටයි. ඇගේ අතින් අල්ලාගෙන නැවත සචිනි වෙත පැමිනි ඔහු,
"මට බොරු කිව්වට මම ඔයා එක්ක තරහ නෑ සුදු නංගි,මෙච්චර හොඳ කෙල්ලෙක් මට ලබල දුන්නට පිං.පොරොන්දු වෙනව, විශාකව හොඳින් බලාගන්නවා"
සියලු දෙනාගේ කඳුලු මැද ඇය අවසන් ගමන් ගියේ පණ සේ ආදරේ කල කවිඳු ගේ ජීවිතයට අර්ථයක් එක් කරය
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI