මං
දැහැමි පින්සාරා බණ්ඩාර. සෙනරත් බණ්ඩාරගෙත් අනුලා සමරණායකගෙත් එකම දුව.
ගුණයහපත්කම සහ අවන්ක කම අතින් දරගත්ත අහින්සක පව්ලක එකම දුව වීමේ භාග්‍යය
මන් උපරිමයෙන් අත් වින්දා.විශ්‍රාමික ගුරු දෙපලකගෙ දුවක් වීම නිසා මන් හොඳ
බුද්ධිමත් කමක් උපතින්ම අරන් ඇවිත් තිබුන.
"වෙලාවකට මටත් හිතෙනව බන් උඹේ මොලෙන් බාගයක් මටත් තිබ්බනම් කියල"
මගෙ හොඳම යලුව වෙච්චි සයුරි හැමදාම වගේ කිව්වෙ එහෙම. ඒ ඉරිසියාවට නම් නෙමෙ.මොකද මට ඉන්න හොඳම යාලුව අවුරුදු 16 ක් තිස්සේ මේ සයුරි තමයි.
"දැහැමියෝ....
කොහේද බන් මේ දුවන්නේ හිටින්ට නගා..... මන් එනකල්ල්ල්ල්..."
"ඇය් ඇය් අනේ..."
"පොඩ්ඩක් හෙමින් යන්නකො අප්පා මොන හදිස්සියකද උඹ් නිකන් උඩරට මැණිකෙට පටකුඩ දෙන්න වගෙනෙ දුවන්නේ.
හරි හරි දැන් ඇය් කියකො මේ"
"මොකක්ද..."
"හනේ... මන් ඇහුවේ ඇය් දුවන්නේ "
" ආ.... මේන් මේක පෙන්නන්ඩ අම්මටයි අප්පච්චිටයි"
මන් එහෙම කිව්වම සයුරි ඔලුවෙ අත ගහගත්තෙ චටස් ගාල සද්දෙත් අහෙන්නම.
"ඇ.. බන් ගොන් හකරියෙ උබ මේ රොකට් ඉන්ධන බීල වගෙ දිව්වෙ මෙක පෙන්නන්නද"
"ඔව් ඉතින්.. මේ.. මන් යනවෝ......."
" ඈ බන් උඹේ පූර්ව ළමා විය සංවර්ධනය වෙලා නැද්ද ඒ කියන්නේ තාම... අනේ මන්දා මේකිනම්.... frown emoticon "
ඇත්ත මන් තාම එහෙම තමයි පොඩි කාලේ වගේ අවුරුදු 16 ක් වෙලත් තාමත් මන් ලකුනු පෙන්නන්න දුවන්නේ අම්ම අප්පච්චි ලගට.වෙන මොනාටවත් නෙමෙ ඒ. මන් ආස කලේ ඒ ඇස් වල අහින්සක සතුට දකින්න. මට මේ ලෝකෙ ලොකුම වටිනම සම්පත මගෙ අම්ම අප්පච්චි ඒ අහින්සක ඇස් වල සතුට මට
මහමෙරක් වගෙ වටිනව.
සාමාන්‍ය පෙල A සාමාර්ථ 9 ක් එක්ක ඉහලින්ම සමත් උන මම අම්මගෙත් අප්පච්චිගෙත් එක හිනයක් හැබෑ කලා. මම උසස් පෙළට තොරගත්තෙ විද්‍යා අංශය. ඒ මන් ආසාවෙන්ම උන්නු රැකියාව නිසා. මන් තරම් නැති උනත් සයුරිත් හොඳ රිසල්ට් එකක් ගත්තා.
"ස්... ස්... නංගී ...."
ඒ සද්ද මට නුහුරු නෑ.පාරට බැස්ස ගමන් මට ඒ වගේ හඩවල් වලින් අඩුවක් තිබ්බේ නැති තරම්.මොකද මන් අහින්සක ලස්සනක් තිබ්බ කෙනෙක්.ඒත් මන් ඒ වගේ හඩවල් වලින් මගෙ හිත නතර කරගන්න තරම් අනුවණ උනේ නෑ.
" අයිය මේ... මට හිතගන්න බැරි නිසය් මේ අහන්නෙ අයිය ශිවන්‍යාගෙ මස්සිනෙක්ද?"
"මොකක්?"...
එහෙම වෙලාවට මාව බේරගත්තෙ සයුරි.කෙල්ලෙක් උනත් කටකාර කම නම් අඩුවක් නැතිව තිබ්බ.
අපි දෙන්න class ගියේ එකටමය්
පන්තියෙදිත් මට පිරිමි ළමයින්ගේ බැල්ම නිතරම වගේ තිබුන.ඒත් ඒ වෙලාවට මට මැවිල පෙනුනෙ මගෙ අම්ම අප්පච්චි . ඒ නිසා මම ඉගනගන්න එක නම් අතපසු කරගත්තෙම නෑ.
"සාරා....
පින්සාරා..."
මීට කලින් කවුරුවත් මට එහෙම කතා කරල නැති නිසාම මන් හැරිල බැලුවෙ ඒ කවුද කියල බලන්න.
"ඇයි?"
"මං දහම්. දහම් ප්‍රාර්ථන හිරිමුතුගොඩ. ඔයා මාව අදුනන්නෙ නෑ මන් හිතන්නේ .."
"නෑ මන් ඔයා අදුනන්නෙ නෑ ."
"ඒක තමයි මං නම් ඔයාව දන්නව.මෙන්න මේක දෙන්නයි මන් ආවෙ."
ඒ දැක්කමයි මට මතක් උනෙ මගෙ class එකේ Card එක බිම වැටිල දහම් ආවෙ ඒක දෙන්නයි .
" Thankz "
"Welcome"
එතනින් ඒ සංවාදය ඉවර උනත් ඊට පස්සෙත් අහම්බෙන් වගේ දහම්ගෙත් මගෙත් ඇස් මුනගැහුනෙ අපි එකම clss එකේ නිස.අනිත් පිරිමි ළමයින්ගෙන් මට තිබුන වදේ දහම්ගෙන් තිබුනේ නැති වුනත් අපි දෙන්නගෙම නම් එකම වගෙ නිසා විහිලු වලින් නම් අඩුවක් වුනෙ නෑ.ඒත් අපි දෙන්න හොඳම Marks ගන්න ළමයි 5 අතරෙ හැමදාම හිටිය.
" සාරා.."
ඒ දහම් කියල මං දන්නව මොකද මට එහෙම කතා කරන එකම කෙන දහම් නිසා.
"ඇයි දහම්.."
" Best of luck for your exam saara."
" thankz Daham. Best of luck
විභාගෙ හොඳට ලියන්න."
"ම්... ඔයත්.."
දහම්ගෙ හිතෙ වගේම මගෙ හිතෙත් පොඩි කැමැත්තක් තිබ්බෙ නෑ කියල කිව්වොත් මන් බොරුකාරියක් වෙනව.එහෙම තිබුන.ඒත් මන් විභාගයට මුල් තැන දුන්නා මන් දන්නව දහම් උනත් එහෙමම තමයි.
"අම්මා... අප්පච්චී... "
"ඇයි මගෙ දෝනී.."
"අනේ අම්මා මන් විභාගෙ හොඳටම පාස්.. District rank 3"
"මගෙ දෝනී.... මගෙ මැණිකට දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි.!"
"මගේ පුතේ අසරණ මිනිස්සුන්ට උපකාරයක් කරන්න හොඳම දොස්තර නෝන කෙනෙක් වෙන්න අහන්කාරකම නෙමෙ මගෙ පුතෙ වටින්නෙ හොඳ හිතයි මනුස්සකමයි.අන්න ඒ දේ මතක තියගන මගෙ පුතේ රටට සේවයක් කරන්න."
මගේ ඔලුව අතගාන ගමන් අප්පච්චි කිවුවෙ එහෙම.
"සාරා....
කොහොමද රිසල්ට් "
"District 3 "
"Woow my congratulations saara.."
"අනේ Thanks දහම් එතකොට ඔයා.."
"මම නම් District 7 සාරා ඔයා තරම් නෑ ඉතින් ඒත් අම්මටයි තාත්තටයි නම් ඒක ගොඩක් වටිනව.මට හිතෙන්නෙ ඔයාගෙ අම්මටයි තාත්තටයිත් එ වගේ තමයි. "
"ඒක ඇත්ත දහම් .."
අපි දෙන්න එදා ගොඩක් වෙලා කතා කරා.මං නොදැනුවත්වම දහම් එක්ක ගොඩක් සමීප විදියට මිතුරු වුනා එදා.
දහම් මම සයුරි අපි තුන්දෙනම එකම Medical college එකට තෙරුනේ මගෙම වාසනාවකට කියල මට හිතෙනව.අපි හරිම සතුටින් ඒ වගේම ගොඩක් අවධානයෙන් හොඳට අපේ ඉගනීමේ වැඩ ටික කරගන ගියා.සයුරිත් දහමුත් මගෙ හොඳම යාලුවො වුනා.
"සාරා.."
මොන හේතුවකටද මන්ද මන් ඒ නමට ගොඩක් ආස කලා.
"ඇයි දහම්"
"මං ඔයාට දෙයක් කියන්න ඔයා මන් ගැන වැරදියට හිතන්නේ නෑ නේද සාරා."
"අනේ නෑ දහම්.ඔයා මගේ හොඳම යාලුවෙක්නෙ. අහන්නකො. ඒත් මන් ඊට කලියෙන් ඔයාගෙන් දෙයක් අහන්නම්ද?"
"ම්.... හරි අහමුකො බලන්න..."
" ඔයා විතරක් ඇයි මට සාරා කියන්නෙ?"
"සාරා ඒකට උත්තරේ මන් ඔයාගෙන් අහන්න හදපු දේම තියෙනව."
"හරි අහන්න බලන්න එ මොකද්ද කියල මාත් ආසයි ඒක දැනගන්න මොකද මට එහෙම කතා කරල තියෙන්නේ ඔයා විතරයි. ඒකයි."
" Because I Love you Saara"
"........."
මගේ උත්තරේ නිහඬයි . මට හිතාගන්න බැරි වුනා.මොකද මගේ හිතේ කැමැත්තක් තිබ්බ තමයි ඒත් ඒක මේ විදියට මගේ කනටම ඇහෙන්න.පුදුමයි.
"ම්ම්..මන් දන්නෙ නෑ දහම්.ඒත් මං කැමතියි ඔයා මේක ගැන අම්ම අප්පච්චිගෙන් අහනවට.අම්මලට ඉහලින් තීරණ ගන්න මන් කැමති නෑ දහම්."
"මං අපේ අම්මල එක්ක නම් කතා කරගන ඉවරෛ සාරා. මං ඔයාගෙ අම්මටයි අප්පච්චිටයි කතාකරන්නම්.
මේ... ඔයා මට කැමතියි නේද..? "
දහම් එහෙම ඇහුවේ මගේ මූණටම එබිල.මාව රතු වෙලා තියෙන්නේ කියල මටම දැනෙනව.
"නෑ නෑ ඒකට උත්තරේ මට මේ රතු වෙලා තියෙන මුනෙන්ම පෙනවා...."
ඉතින් මෙහෙමයි මගෙ ජීවිතේ පටන් ගත්තෙ.අද මං දැහැමි පින්සාරා හිරිමුතුගොඩ. අද මගේම කියල පෞද්ගලික රෝහලක් තියෙනව දහම්ගෙ ඒ කියන්නේ මගෙ මහත්තයගෙ උදව් ඇතිව.හැබැයි මගෙ අප්පච්චි කිව්ව වගේම මං අසරණ මිනිස්සුන්ට නොමිලෙ බෙහෙත් කරන වෛද්‍යවරියක්. අම්මගෙ අප්පච්චිගෙත් හීන හැබෑ කරපු ආදරණීය දෝණි මං.ඒ නිසා නම් මන් හිතින් ගොඩක්ම සතුටු වෙනව.මං ඇත්තටම හොඳ දුවක්.
( මං මේ කිව්වෙ මගේ කතාව නම් නෙමෙ යාලුවනේ.මොකද මට මගෙ අම්ම තාත්තගෙ හීන හැබෑ කරන්න පුලුවන් වුනත් ඒ හීනෙ උපරිමයෙන් ඉශ්ට කරගන්න දෛවය මට ඉඩ දුන්නේ නෑ.ඒ ආදරේ නිසා නම් නෙමේ.හැබැයි ආදරේ නිසාම තමන්ගේ ඉගනීම කඩාකප්පල් කරගන්න මගෙම ආදරණීය නංගී මල්ලි මතක තියගන්න ඔයලගෙන් හීන දකින අහින්සක හිත් දෙකක් ඇස් දෙකක් මුල් හුස්ම පොද පටන්ගන්න වෙලාවේ ඉදන් මග බලනව.ඒ ආදරණීය අම්ම තාත්ත.ජීවත්වෙන්න ආදරේ ඕනේ .නමුත් ජීවිතේම ආදරේ කරගන්න එපා. ඔයාලගෙන් හීන දකින අහිංසක හිත් දෙකට ගින්දර දෙන්න එපා. මේ කතාව මගේ අම්මටයි තාත්තටයි )

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.