ගෑණු හිත් හරි ගුප්තයි දැනෙන තැන්වල සීමාව බින්දෙ උන්මයි

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

 

" උපන් ලපේ තියෙන්නෙ කොහෙද..? "
දවසක් මං විහිලුවට වගෙ උඹෙන් එහෙම ඇහුවා
" කවුරුත් තාම දැකපු නැති තැනක "
විහිලුවට උඹෙනුත් ඒ වගෙම පිලිතුරක් මට ලැබුනා
" මට කවද්ද ඒක බලන්න දෙන්නෙ..? "
හිතේ උපන්න පොඩි ආසාවක් මම උඹට කිව්වා
" උඹ වටිනම කෙනා වග හිතුන දවසට "
ලේසියෙන් මගාරින්න බැරි හීනයක් උඹ මට එදා දුන්නා,,,
දින, සති , මාස ගෙවිලා ගොඩක් කල් එහෙම
ගතවෙලා තිබුනා
උපන් ලප ගැන හාංකවිසියක මතකයක් මගෙ
හිතේවත් නොතිබුනා
දවසක් හදිස්සියෙම උඹ මගෙ කනට කරලා
මෙහෙම කිවුවා
" ඕනෙනම් දැන් ලපේ හොයපං " ඒ කෙඳිරුමට මගෙ ඇඟේ
හිරිගඬුත් පිපුනා
ඒත් ඔය ඇස් මට ආදරෙන් මෙහෙම කිවුවා,,,
" හැමදේම දැන් උඹට තව ඉවසන්නෙ මොකද "
කියනවා වගෙ හැඟීමක් මට උඹගෙ ඇස්වලින් පෙනුනා
හදගැස්ම වැඩිවෙද්දි හාදුවකින් පටන්ගෙන අපි
දුර ගමනකට මුලපිරුවා
තත්පර විනාඩි ගෙවිලා හෝරාවකුත් එහෙමම
නොදැනෙන්න ගතවෙලා තිබුනා
දුර ගමන් කෙලවරක මහන්සිය වැඩි තැනක අපි
දෙපසකට වී උන්නා
ප්රේමයේ මත්බව බැදින් උඹ කිව් ලපේ මගෙ
ඇස්මානෙ මට පෙනුනා
වෙන කිසිවෙක් නොදුටු තැනකම උඹ කිව්වත් වගේ එය මට
හිනැහෙමින් උන්නා 💛
________________________🍃🤍
“ ගෑණු හිත් හරි ගුප්තයි
දැනෙන තැන්වල සීමාව බින්දෙ උන්මයි "
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI