සොඳුරු වෙල් යාය අවටින් අඳුර ගලා එද්දී ප්රාර්ථනාගේ ඉකිබිදුම පරිසරයේ නිහඩතාවය බිදින්නට වූයේ සදුන්ගේ හදවතට දරාගන්න බැරිතරමේ වේදනාවක් එක්කරමිනි.
" සුදු අම්මා.... " සදුන්ගේ රලු දෑගිලි දිගු හිසකේ අතරින් පිටුපසට යනවිට ප්රාර්ථනාගේ කදුලු වලට නව පනක් ලැබුණි.
" ම්ම්...?" ලාමක සිහින් හඩේ වෙනදා තිබූ උද්යෝගිමත් බව අහලකවත් නැත.
" හ්ම්ම්.... අඩන්න එපා රත්තරනේ ... ඔයාගෙ අනාගතේ වෙනුවෙන්නෙ, කෝ.... මෙහෙ බලන්න " සදුන් ප්රාර්ථනාගේ සියුමැලි මුහුණ දෝතින්ම අල්ලා තමා දෙසට හැරවූවේය.මුහුණ පුරා කදුලු විසිරී හෙම්බත් වී ඇත,මුවැත්තියකගේ වන් අහිංසක දෑස් ඉදිමී ඇත්තේ කදුලු පිටවූ ප්රමාණයේ ප්රතිඵලයක් ලෙසටය.
" ඇයි අයියෙ ඔයා තව ටිකක් මහන්සි නොවුනෙ? මං කොච්චරනම් කිව්වද? " නිහඩතාවය වැඩිවෙත්ම ඉකිබිදුම අඩුවී කදුලු වියැකී ගියත් හදවතේ රිදුම එහෙමමය.
" ඔයා දන්නවනෙ රත්තරන් වෙච්ච දේවල්... හ්ම්.... " සරසවි සිහිනය බොදවී ගිය රිදුමට වඩා ප්රාර්ථනාගේ දුරස්වීම හදවතට වද දුන්නත් සදුන්ගෙන් කදුලු වලට අවසර ලැබුණේ නැත.එහෙත් මුහුණ පුරා විසිරී ඇති කෙටි රැවුල් ගස් අතරින් මස් පිඩු වේදනාවෙන් දගලද්දී මුහුණ රිදුම් දෙන්නට වූවේය.
__________________________ ________
රාත්රී හතේ කණිසමට ලංවෙද්දී මනුස්ස පුලුටක් අහලකවත් නැති පාලු වෙල් යායේ ඇල අසල ඇති කණ්ඩියේ සිටි දෙදෙනා එකිනෙකාට තුරුල් වූයේ හිතට දැනෙන වේදනාව ඉවසගත නොහැකිවය.
" මං ඔයාට..... පුංචිවත්....හ්ම්ම්... පුංචිවත් අසාධාරණයක් කරන්නෙ නෑ මගෙ අප්පච්චී... සත්තකින්ම නෑ ... " ප්රාර්ථනාගේ උණු කදුලු වේගයෙන් සදුන්ගේ උරහිස මත පතිත වී බොදවී ගියේ ඔහුගේ දෑසටද කදුලක් නගමිනි.
" මං දන්නව සුදූ ඔයා ගැන.පරිස්සමින් ඉන්න,මොනවගේ මිනිස්සු ඉන්නවද දන්නෙ නෑනෙ රත්තරන් " සදුන් තව තවත් ප්රාර්ථනාව තුරුල් කරගත්තේය.
" කවුරු හිටියත් මං....මං ඔයාගෙ විතරයි රත්තරන් .... හැමදාමත් " ප්රාර්ථනා සදුන්ගේ හැඩිදැඩි සිරුරට තුරුල් වූවාය.
* * * * * * * * * * * * * * * * * * * * * *
" හන්තානට, පායන හද,ලස්සනයිද කියන්න ........
මා නොදකින ඒ පුරහද, ඔබට හැකිය දකින්න.......
අදුරු ලලා වහිනා කල,සරසවි බිම තෙමෙන්න.......
කුඩේ යටින් ඔබ යනවිට , එපා තනිය දැනෙන්න.... "
හැන්ඩ්ෆ්රී එක හරහා ගලා ආ වේදනාබරිත හඩ සිවුවෙනි වතාවටත් සදුන්ගේ හදවත රිදවන්නට වූවේය. ප්රාර්ථනා පේරාදෙණිය සරසවියට ගොස් තවමත් ගතවී ඇත්තේ දෙමසකි, ලැබෙන ඇමතුම් ප්රමාණය , කතා කරන වේලාව, ආදරණීය වදන් නොසිතූ ලෙස අඩුවී ඇත.බස් එකෙන් බොහෝ දුරක් ඔහුව දමා ගිය ඈ හදවතින් ඊටත් වඩා දුරක් දමා ගොස් ඇත.
" හෙ... හෙලෝ... " උහුලාගන්නට බැරිතරමේ වේදනාවක් දැනෙන අසුන්දරම වදන් කිහිපය කියන්නේ කෙලෙසකදැයි සිතමින් හිද හිත තදකරන් සදුන් ප්රාර්ථනාට දුරකථන ඇමතුමක් ගත්තේය.
" ඉක්මනට කියන්න , ලෙක්චර් එකක් පටන් ගන්න හදන්නෙ " ප්රාර්ථනා කලඹලයෙන් කිව්වාය.
" හ... හරි හරි පැටියො , කමක් නෑ , මං පස්සෙ ගන්නම්...බුදුසරණයි " පපුව කඩාගෙන යන්නට තරම් වේදනාවක් දැනෙද්දී දුරකථන ඇමතුම විසංධි කර සදුන් කොට්ටයට මුහුණ හොවාගත්තේය.
ඒ සුන්දර සිනහව,වම් ඇහි බැමට උඩින් තියන පුංචි උපන් ලපය සදුන්ගේ තදින් පියවුනු දෑස් ඉදිරියේ මැවි මැවී පෙනෙන්නට විය.
" ඇයි ගත්තෙ අයියෙ ?" පැය දෙකක් පමණ පසුවී ප්රාර්ථනාගේ ලාමක හඩ දුරකථනය ඔස්සේ දෙසවනට ගලාගෙන එද්දී සදුන්ගේ හිතට නව පණක් ලැබුණේය.ඔහු ඇදෙන් එසවී කොට්ටය ඇද විට්ටමට තබා හේත්තු වූවේ දිගු හුස්මක් පිටකරමිනි.
" නිකං ඉතින් , කෑවද කියලා කිව්වෙත් නෑනෙ අද " ප්රාර්ථනා මෙලෙස කතාකරද්දී කීමට ඇති දෙය සගවා ගැනීමට සදුන්ට සිදු වූයේ ඇගේ ඉගෙනුම් කටයුතු වලට බාධාවක් වේයැයි සිතූ නිසාය.
" හ්ම්ම්..... හයියෝ .... මං හිතුව මොකක්හරි හදිස්සියක් කියලා , පොඩ්ඩක් තෙරුම් ගන්න, මෙහෙ ඔහෙ වගේ බෑ රත්තරන් " කිසිදු ආදරණීය බවක් නොමැති පුංචි වදන් සදුන්ගේ හදවත පාරන්නට වූවේය.
" මං දන්නව පැටියො , ඒත්.... "
" ඇයි ඒත් ?"
" න්නෑ නෑ ,මුකුත් නෑ "
" අනේ මන්ද අයියෙ ඔයාට මොනව වෙලාද කියලා , වෙලාවකට පිස්සු හැදෙනවා , මෙහෙ රැග් දෙනවා, ලෙක්චර් දවස පුරාම,රෑට හොස්ටල් එකේ සෙට් එකත් එක්ක ඉන්න ඕනි,මං ෆෝන් එක කනේ ගහගෙන ඉන්න ගත්තොත් මුන් මාව කොන් කරයි " එකදිගටම කියවූ වදන් පිරිමි හදවත පුපුරා යන්නට තරම් වේදනාබරිතය.
" ඔව් ඔව් රත්තරන් , මට තේරෙනවා "
" පොඩි ළමයෙක් වෙන්න එපා අයියෙ , මාත් මාර පීඩනයක ඉන්නෙ "
" සොරි පැටියො " සදුන්ගේ බිදුනු හඩට ප්රාර්ථනාගේ හදවත සන්සුන් වූවාය.
" හරි රත්තරන් , කමක් නෑ , ඒව අමතක කරන්න , ඔයා කෑවද ?"
" ඔව් " කවමදාකවත් ප්රාර්ථනාට බොරුවක් නොකියපු සදුන් අද ඒකටත් හුරුවෙලා.
" තියන්නද එහෙනම් ? "
" හ්... හා රත්තරන් "
" බුදුසරණයි , පරිස්සමින් ඉන්න... "
" හා පැටියො බුදුසරණයි ! " සදුන් දුරකථනය පසෙකට වීසි කර කොට්ටයට මුහුණ හොවා හඩන්නට වූයේ ඉවසාගත නොහැකි තරම් වේදනාවන් ගොඩාක් හිත පුරා රජකර ඇති හෙයිනි.
* * * * * * * * * * * * * * * * * * * * * * * * *
පේරාදෙණිය මල් වත්ත පුරාම ඉරිදා දිනයේ පෙම්වතුන් තැන් තැන්වල හිද පෙම් බස් දොඩමින් උකුලු මුකුලු පාන්නේ, තුරුල් වන්නේ අවට සිටිනවුන් , අසලින් යන්නන් සියල්ලන්ම අන්ධයන් යැයි සිතමිනි, පුංචි දරුවන්ගේ දෑස් මේ නුහුරු ක්රියාව දෙස යොමුවෙත්ම මව්පියන්ගේ දෑත් වලින් එම දසුන් වැසී යයි.
විශාල පදුරකට මුවාවී පෙම් සුවය විදින පෙම්වතුන් මුරකරුවෙකුගේ විසිල් පහරින් ගැස්සී දෙපසට වූවත් පසුව නැවතත් එකිනෙකාට තුරුලු වෙයි,සිප වැළද ගනියි.
" ඔයා මෙච්චර ඉක්මනට මේ තරම් ලංවෙයි කියලා හිතුවෙ නෑ කෙල්ලෙ " ප්රාර්ථනාගේ උරහිසට ඉහලින් තම දකුණත දමාගත් ශෂික ඇයව තම උරහිසෙහි හොවාගත්තේය.
" ඉතින් ඔයානෙ පිස්සෙක් වගේ ආපු දවසෙ ඉදන්ම පස්සෙන් ඇවිත් මාව අල්ලගත්තෙ , මැට්ටා " ප්රාර්ථනා මදක් එසවී ශෂිකගේ මුහුණ දෙස බලා නැවතත් උරහිසට හිස තබගත්තාය.
" ආපෝ ... වැඩේමයි "
" ඇයි ?"
" අල්ලගන්නම කෑල්ල " ශෂික කට කොනකින් සිනාසී කියා හිමිහිට ප්රාර්ථනාගේ අත්ල කෙනිත්තුවේය.
" මං තරහයි " ප්රාර්ථනා බොරු තරහක් මවා හිස ඔසවමින් පසෙකට වනවිටම වටපිට බැලූ ශෂික ප්රාර්ථනාව තමා දෙසට ඇද ඒ මෘදු දෙතොල් සියුම්ව සිපගත්තේය.එකවරම සිදුවූ දෙයින් ප්රාර්ථනා කලඹල වූවත් පසුව ශෂිකට නතුවී පුංචි හා පැටියෙකු සේ නිහඩව සිටියාය.
ප්රාර්ථනාගේ දුරකථනය නාදවන්නට වූ නිසා මදකට පිරිමි උණුහුමින් ඈත්වී දුරකථනය අතට ගත්විට ශෂික රවා එදෙස බැලුවේය.
" Sadhun amma "
සදුන්ගේ මවගේ දුරකථනයෙන් ප්රාර්ථනාට ඇමතුමක් ලැබෙන්නේ කලතුරකිනි, දෙබැම ලං කරගෙන ප්රාර්ථනා දුරකථනය කනේ තබාගත්තාය.
" මගේ දුවේ..... රත්තරනේ ...... මගෙ සදුන් පුතා මාව දාල ගියා රත්තරනේ ...... අනේ දෙයියනේ .... කොහොමද මං මේක ඉවසන්නෙ..... " දුරකථනය අනෙක් පසින් ඇසුනු අදෝනාව ප්රාර්ථනාගේ හදවත් මොහොතකට නතර කරවන්නට සමත් විය.දැස් විසල් වී කදුලු කැට වේගයෙන් මතුවන්නට පටන් ගත්තාය.
" හ්ම්..ම්....මො...මොකද්ද අම්මා...? හ.. හනේ මොකද්ද උනේ සදුන් අයියට ? " හුස්ම වේගයෙන් ඉහල පහල යද්දී කදුලු කැට මුහුණ පුරා විසිරෙන්නට විය.ශෂික කිසිත් සිතාගත නොහැකිව ප්රාර්ථනාගේ සියුමැලි අත්ලට අත තැබූ විගස ඈ අත ගස දමා යකින්නියක සේ ඔහු දෙස රවා බැලුවාය.
" මගෙ රත්තරන් පුතා...... අනේ .... කොල්ලට තිබුණ කරුම ලෙඩේ උඹට කියන්න .... හ්ම්.... උඹට කියන්න හැදුව දෙයියනේ හැමදාම , ඒත් .... ඌ හැමදාම කතාකරල ඉවරවෙලා ... නංගිගෙ ඉගෙනීම් වැඩ වලට බාධාවක් වෙයි අම්මේ.... ඒ නිසා ඕනි නෑ කිව්වා ..... අයියෝ දෙයියනේ ... මට රජෙක් වගේ හිටියනේ.... අප්පෙක් නැතිවුනත් මං කොල්ලට අඩුවක් කලේ නෑ දෙයියනේ ..... " ප්රාර්ථනාගේ කටෙහි කෙල සිදී විසල් වූ දෑස් සෙමින් පියවෙද්දී පණ නැතිවී ගිය ඇගිලි වල සිරවී තිබූ දුරකථනය තණකොළ පිස්ස මත පතිත විය. කිසිවක් සිතාගත නොහැකිව සිහිසුන්ව ගිය ප්රාර්ථනාව වත්තම් කරන් ගැහෙන හදවතින් ශෂික වටපිට බැලුවේ කාගේ හෝ උදව්වක් බලාපොරොත්තුවෙනි.
නිමි.
අවංකවම ආදරේ කරන අයට හොරෙන් අයාලේ යන වංචනික පෙම්වතුන් එකෙකු හෝ යහමඟට ගැනීමේ අරමුණින් රචනා කරන ලද්දකි.
බුදු සරණයි ....!

__________________________

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.