උල්පතක් යනු උපත ලබන තැනකි .. නොසිඳෙන තැනකි.. ඉතින් සිතට, සතුට, ප්‍රබෝධය, සිනහ උපදවන තැන ... අන් කිසිවක් නොව, ඔබ ම වේ...".....ආදරය කරන්නන්ට වෛර කරන්නට වෙලාවක් නැත...."

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
 ආදරෙයි හැමදාම 
ආදරය කරන තැනැත්තා නිසා ඔබේ සිත රිදෙන්නට ඇති..
පෑරෙන්නට ඇති ..
ඉතින් අද මේ අලුත් මාසයේ පලවෙනි දවස ඔබ ආරම්භ කරන්නේ ඒ පරණ කුණු කන්දල් හිතේ තබාගෙන ම ද..?
නැවතිලා කියවමු...
ආදරයෙන් දවස අරඹමු..!
ප්රේමයෙන් පපුව පුරවාගනිමු...
ප්රේමයෙන් ම හුස්ම ගනිමු..!
උදෑසන ඇහුන ලස්සන ගීතයක් එක්ක අලුත් මාසයේ පළවෙනිදා පෝස්ට් එක මෙහෙම ලියන්නම්...
".. දෛවයෝගයකින් නොවේදෝ..
හමුවුණේ අප හමුවුණේ...
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ.."
මහාචාර්ය නලින් ද සිල්වා මහතාට අනුව, "... යෝගයක් .." යනු "..එකතුවකි..".
ඉතින්, ඔබත් මමත් මෙසේ හමු වූයේ, දෛවය විසින් සිදුකරන ලද එකතු කිරීමක් නිසා නො වේ ද..?
එහෙත් එ සේ අප එකතු කළ දෛවය ම, අපට සරදම් කරයි...
එසේ සරදම් ලබන්නට, අප හමු වූයේ ඇයි ..?
"... ඇදුරුතුමියයි ප්රේමයේ ඔබ ඇදුරුතුමියයි යෞවනේ..."
මිනිසා මිය යන තුරුම ශිෂ්යයෙකි. මැරෙන තෙක් ඉගැනීම අවසන් නො වේ. ඉතින්, ජීවිතය අතරමැද මට හමු වූ ඔබ, මගේ ඇදුරුතුමියයි ...
යෞවනය සහ ප්රේමය, ".. අ.."යන්නේ සිට හෝඩිය ද, පිලිවෙලින් වාක්යය සහ චේදයන් දක්වා ම ඉගැන්වූ ..ගුරුවරිය යි.
"... ඇත්තටම එයා හම්බෙන්න ඉස්සෙල්ල මම ඒ ගැන දැනගෙන හිටියේ නැහැ .."
"... ඇත්තටම මම ඒක ඉගෙන ගත්තේ එයාගෙන්.."
"...ඒ සම්බන්ධයෙන් එයා මට වඩා හරි දක්ෂයි.. එයා දිහා බලලා මං කොච්චර දේවල් ඉගෙන ගන්නවද..?"
ඔබටත් මෙහෙම හිතෙන අවස්ථා ඕනෑ තරම් ඇති...
"... ශෝකයේ රුදු වේදනාවේ
කඳුලු සයුරේ උල්පත යි.."
සදාකල් සන්තෝෂයෙන් පමණක් සිටින ප්රේමයක් කිසිවෙකුට කිසි දා ලැබෙන්නේ නැත.
ජීවිතය ගෙවෙන්නේ අටලෝ දහම තුලිනි. දුක සතුට නින්දා ප්රශංසා ලැබීම් නොලැබීම් හරහා ය....
ඉතින් ප්රේමය ද , විටෙක දෑසට කඳුළු ගෙනෙයි.. සිතට වේදනා රැගෙන එයි.
ඔබට, එ සේ නොදැනෙන්නේ ද..?
ඊයේ රණ්ඩුවක් වන්නට ඇත.. බහින් බස් වන්නට ඇත.. ශබ්ද නගා උස් හඬින් කතා කරන්නට ඇත..
අනෙකා නිසා ඔබේ සිත රිදෙන්නට ඇත..
පෑරෙන්නට ඇත ..
ඉතින් අද මේ අලුත් දවසක් අලුත් මාසයත් ඔබ ආරම්භ කරන්නේ ඒ පරණ කුණු කන්දල් හිතේ තබාගෙන ම ද..?
වහා නිවැරදි වන්න.
සිනාවක් පලඳාගන්න.
වැරැද්ද ඔබේ වුණත් අනෙකාගේ වුණත් ... හිතවත් වන්න.. තරහව පසෙකට විසි කරන්න.
ඕෂෝ කිව්වාක් මෙන් ජීවිතය කෙටි ය.
සමාව දෙන්න.
සිපගන්න..!!
".. නදුන් උයනයි ප්රේමයේ ඔබ..
සඳුන් සිලිලයි ජීවිතේ..."
නන්දන උද්යානය යනු තුසිත දෙව් ලොව ඇති, ශක්ර දෙවිඳුන්ගේ උයනයි. කිසිදිනෙක මල් නොමැලවෙන, කිසිදිනක කිසිවක් දිරාපත් නො වන, සදාකාලික වසන්තය රැඳි උද්යානයක් වශයෙන් නඳුන් උයන, සාහිත්යයේ කියැවේ..
ඔබ මට එවන් වූ ප්රේමණීය උද්යානයකි. ඔබ නිසා දැනෙන්නේ එවන් සිසිලකි.
"... සොම්නසේ ආනන්දයේ හසරැල් තරංගේ උල්පතයි..."
උල්පතක් යනු උපත ලබන තැනකි .. නොසිඳෙන තැනකි.. ඉතින් සිතට, සතුට, ප්රබෝධය, සිනහ උපදවන තැන ... අන් කිසිවක් නොව, ඔබ ම වේ...
සම්මානනීය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්, අදටත් සිය ජීවිතය ගෙවන්නේ තනිව ය...
එහෙත්, එදා මෙදා තුර, මා විසින් අසන ලද අතිශයින්ම රසවත් ප්රේමයේ සියල්ලම පාහේ ලියා ඇත්තේ එතුමන් විසිනි.......
ප්රේමණීය සිතුවිලි අකුරු කරන්නට, තනි වී සිටීම කිසිදු බාධාවක් නො වන බව කියන්නට, තවත් සාක්ෂි අවශ්ය ද..?
".....ආදරය කරන්නන්ට වෛර කරන්නට වෙලාවක් නැත...."
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI