අනෙ.......මගේ රත්තරන්......නෝනියේ .......වරදක් උනා නම් සමාවෙයන් මය අම්මා.......උබට මං ගොඩාක් ආදරෙයි ........වස්තුවේ.......මය අම්මා හිමීන් සැරේ උඩට වරෙන්

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
සුදාම්මිට කෝල් කරන්න ඩේටා කාඩ් එකක් ගන්න අතේ සත පහක් නැතිව ගේ ඉස්සරහා අට්ටාලෙට වෙලා දාහතේ කල්පනා කරමින් හිටියේ.
සුදාම්මී මං ගැන මොනවා හිතනවද දන්නේ නෑ." අයියේ මෙච්චර කාලයක් හිතේ හිරකරහෙන ඉදලා බැරිම තැන මම මේක ඔයාට කියන්න යන්නේ" කියනකොටම සල්ලී ඉවර වෙලා පෝන් එක කට් උනානේ.
අවුරුදු තුනක් තිස්සේ සුදාම්මිගේ ආදරේ ඉල්ලලා මං අහින්සක සටනක නිරත වෙලයි හිටියේ. ඒත් අද මට ආදරෙයි කියලා කියන්න වෙන්න ඇති ගියේ. කොහෙද ඉතින් කරුමෙට පෝන් එක කට් උනානේ. පස්සේ අදහස වෙනස් කරගනීද දන්නේ නෑ.
දාහතේ කල්පානා කර කර ඉන්න අතරේ ඉස්සරහා වෙල පැත්තෙන් සරමත් උස්සගෙන මොකාද යකෝ මේ දුවගෙන එන්නේ.
මං පොඩ්ඩක් ඔලුව උස්සලා බැලුවා. නියර මැද වැටි වැටී දුවගෙන එනවා. කිරි වදින ගොයන් ගස් දෙකත් ඉවරයි මේකා පාගලා. මොකක් හෝ කලබලේකට තමයි මේ එන්නේ.
"............ගුනයගේ ගෑනී ලිදට පැනලා.......... වර යන්න බලන්න.........." වෙන මොකෙක් වත් නෙවෙයි ධනුෂ්කයානේ මේ දුවගෙන එන්නේ.
"..........නෑ............මොකටද පැනලා තියෙන්නේ...."
".........යකෝ.......ලිදට............"
"........හරි හරි මං දන්නවා හේතුව මොකක්ද............"
".......ගුනයත් එක්ක රන්ඩු වෙලා පනින්න ඇති වර යන්න බලන්න........."
"........ඉදපන් මන් ශර්ට් එකක් දාගන්නකම්.........."
"........ඉක්මනට දාගෙන වරෙන්........."
ශර්ට් එක ඇදන් ඉවර වෙලා මාත් දුවන්න ගත්තා මූත් එක්ක.
පැනලා තියෙන්නේ ජය සොමයාගේ ලිදට. ජය සෝමයා කෑ ගහනවා "......ඕකී මොකටද මේ ලිදට පැන්නේ අර වැවට පැන්නනම් හරිනේ බලපන් දැන් සේරම වතුර ඉහින්න එපැයි......අනික ඉන ලගට වතුර නෑ....... මේකි මොකටද මේකටම පැන්නේ..........."
ලිද වටේටම ගමේ සෙනග පිරිලා ගුනේ මාමා ලිද උඩ ඉදන් කබයක් දැම්මා නැන්දට උඩට එන්න. ඒත් ඒ නැන්දා උඩට එන්න බෑමයි කියන්නේ.
".........අනෙ.......මගේ රත්තරන්......නෝනියේ .......වරදක් උනා නම් සමාවෙයන් මය අම්මා.......උබට මං ගොඩාක් ආදරෙයි ........වස්තුවේ.......මය අම්මා හිමීන් සැරේ උඩට වරෙන්..........."
".........බෑ.........තමුසෙත් එක්ක මට ජීවත් වුණා ඇති........මම මේකේ ඇතුලෙම මැරෙනවා......."
"..........අනේ........එහෙම ......කරන්න එපා .......මට උබ නැතිව ජීවිතයක් නෑ රත්තරනේ............"
ගුනේ මාමාගේ ඇස්වලින් වැටෙන කදුලු දැක්කම ඒ වෙලාවේ මටත් දුක හිතුනා. මං එදා තමයි තේරුම් ගත්තේ ගුනේ මාමා කොච්චර නම් ඒ නැන්දට ආදරෙයිද කියලා.
"........කෝ........මය ........අම්මා.........කියන දේ අහලා උඩට එන්න රත්තරනේ..........."
".......බෑ............මම ......අද .......යන්නම යන්නවා........මගේ මහත්තයා සතුටින් ජීවත් වෙන්න.........."
"......උබ......නැතිව මට ජීවිතයක් නෑ........රත්තරනේ වරෙන් මය දෙයියා උඩට............"
".........බෑ............මම.......එන්නේ නෑ.........."
"............මතක නැද්ද නෝනියේ උබ බලන්න ආපු පලවෙනි දවසේ මං උබට බටර් පාං ගෙඩියක් අරන් ආවා......අපි දෙන්නා ඒකත් කකා ගෙදර ආවෙ ........එහෙවු ආදරෙන් හිටපු මය අම්මා මාව දාලා යන්න එපා........."
".........බෑ.........මගේ මහත්තයෝ.........මම අද මගේ මැරුනු අම්මා ලගට යනවා..........."
".........කවදාවත් නැතිව මාස ගානකින් ඊයේ රෑ උබයි මමයි එකට හිටියේ...........ඇයි උබ මට මෙහෙම කරන්නේ............"
ගුනේ මාමගේ ඒ වචනය කිව්වට පස්සේ නැන්දගේ හිත පොඩ්ඩක් වෙනස් වෙන්න ගත්තා. ලිද ඇතුලට දාපු කබේ එක අතකින් අල්ලා ගත්තා.
"........අන්න හරි මය අම්මා ඔහොම කියන දේ අහලා උඩට වරෙන්.........."
".....එන්නම් මහත්තයෝ.........ආය මට කවදාවත් බනින්න එපා.........ගහන්නත් එපා............."
".......නෑ........මගේ රත්තරන් මං කවදාවත් එහෙම කරන්නේ........මය අම්මා උඩට එන්න........"
නැන්දා ටිකෙන් ටික කබේ එල්ලිලා උඩට එන්න ගත්තා.ගුනේ මාමගේ ඇස්වලින් වැටෙන කදුලු නැන්දගේ මූනට වැටෙන්න ගත්තා. ඒ කදුලු අතරන් නැන්දා උඩට ආවා.
ගුනේ මාමා නැන්දව දෝතින් අරගෙන බිමින් තිව්වා. නැන්දා හැගීම් බරව ගුනේ මාමා දිහාවේ බැලුවා.
"..........කැ.. වෙ. තෝ දැනගනින් ආය විතරක් ලිදට පැන්නොත් බලාගන්නම් උබේ අම්මට හැ....නෙන්න තෝ මොකටද ලිදට පැන්නේ. පල ..ත්ති දුවපිය ගෙදරට ආය විතරක් මේ වගේ ගොං වැඩ කරලා තිබුනොත් දැනගනින් මේ ගුනය කරන දේ. පපුව ගිනි අරන් හිටියේ තෝ උඩට එනකම්..."
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI