උන්ට තමයි බං කියන්නේ..ගමන පත්තිනි රෙද්දෙ තුත්තිරි කියලා.

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
🌹ලීක් විඩියෝව 🌹
" උන්ට තමයි බං කියන්නේ..ගමන පත්තිනි රෙද්දෙ තුත්තිරි කියලා.."
විශ්වවිද්යාල භූමියට ඇතුළු වෙනකොටම ඇහුණ හඩට මම ගල් ගැසුනෙමි.මගේ හොඳම යාලුවා මල්මි මගේ අත මිරිකලා අල්ල ගන්නා විටමම ඇගේ මුහුණ දෙස බැලුවෙමි .ඒ ඇස් වල මට නොකියපු කතාවක් තිබුණි. .
" මල්මී...."
" යම් සකූ ඉක්මනට .."
මල්මි මාවත් ඇදගෙන ඉක්මනටම විශ්වවිද්යාල භූමියෙන් කෙළවර ඇති නේවාසිකාගාර පැත්තෙ ආවාය.
" ඇයි බං එහෙම කිව්වේ ..අපිට කිව්වා නෙවෙයිනේ..ඉතින් උඹ බය වෙලා මොකද...."
මල්මිගේ හැසිරීම තේරුම් ගන්න බැරි නිසාම මම ඇසුවෙමි.
" න්..නෑ..මොනවත් නෑ..."
මල්මිගේ කළබලකාරි උත්තර මට පේහෙලිකාවක් විය.
" උඹ..මොනවා හරි මගෙන් හංගනවා...."
" නෑ...බං..."
මල්මි අහක බලාගෙන කිවාය.
" නෑ..නෙවෙයි ඔව්...කියපන් එ හරුපේ තේරුම...මොකක්ද.."
මම එහාට මෙහාට ඇදෙන සහෝදර සිසුන් ගැන නොකතා ටිකක් උස් හඩින් ඇසුවෙමි.
" නෑ...මේ...මේ.... මම උඹව එක්කගෙන ආවේ..ඔය..ව..වගේ කතා ඇහෙනකොට උඹ නලියනවානේ..."
එත් මට මල්මිගේ වචන පිලිගන්න අමාරු වුනි.
" ඇත්ත කියපන්...මොනවද වෙන්නේ..."
" එහෙම කිව්වෙ උඹට ....."
" මට...."
මම පුදුමයෙන් ඇසුවෙමි .මොකද මේ වෙනකම් මම දේශකට ආදරය කලාට අපි අතර කිසිම අයතා සම්බන්ධකමක් ඇති වෙලා නොතිබුණ .සිදුවූ එකම වරද ගෙදරට හොරෙන් දවස් තුනකට කලින් තිබුණු ඔහුගේ මිතුරු උපන්දින පාටියකට සහභාගි වීම පමණයි.ඒ නිසාම මල්මිගෙ වචන මට ප්රහේලිකාවක් වුණි.
" මොනවද මල්මී මේ කියන්න..."
" ඉස්සෙල්ලාම මෙතැනින් වාඩි වෙයන්..."
මල්මි මාව එතන තිබුණු සිමෙන්ති බංකුවේ වාඩි කළාය.
" උඹ දේශක එක්ක පාටි එකට ගිහිල්ලා කොහෙද ගියේ.."
මල්මි මවක් දරුවෙක් ගෙන් ප්රශ්න කරනවා සේ මගෙන් ඇසුවාය.
" පිස්සුද බං මම කොහෙවත් ගියේ නැහැ..."
" තවත් බොරු කරන්න එපා....උඹ දන්නවද උඹේ නිරුවත් වීඩියෝ එකක් එලියට ඇවිල්ල කියල .."
" දෙවියනේ...."
ඒ වචන වලට මට උතුර දකුණ මාරු උනි.එහෙම දෙයක් කොහොමවත් වෙන්න නොහැකිය.
" පිස්සුද බං... මුං මේ හිතට ආවට කියනවා ඇති එහෙම දෙයක් වුණේ නැහැ.."
මම සිනාවක් මුවේ නගාගෙන කිවෙමි.
" එහෙනම් මේක බලපන්....."
මල්මි මට ඇගේ දුරකථන තිබුණු වීඩියෝ එක බලන්නට දුන්නාය..අදහන්න ඒ වීඩියෝ දැක්කාම මට පොලව පලාගෙන යන්න හිතුනි .උඩුකය සම්පූර්ණයෙන්ම නිරුවත් ව තිබුණු මගේ යටි කය පුංචි රෙදි කෑල්ලකින් වැසී තිබුණි .කාමරයේ දොර ලඟ ඉඳන් මම ඇඳගෙනගිය ඇඳුම දක්වා ඇවිත් සෙමින් සෙමින් ඇද දිගේ මගේ සිරුර පුරාම හිස සිට දෙපතුල දක්වාම වීඩියෝ එක විහිදී යන්නට විය .මම දුරකථනය පසෙකට විසි කලෙමි..
" දෙවියනි මල්මි මෙහෙම දෙයක් වෙන්නේ කොහොමද.."
මම අදහාගත නොහැකි එ දසුනෙන් අන්දමන්දව ඇසුවෙමි.
" හොඳට මතක් කරපං එදා මොනවද වුණේ කියලා .."
මල්මි මගෙ අතට අත තබා සුපුරුදු ලෙන්ගත්කමෙන් කිවාය.
" අනේ මල්මි..."
මට ඇඬුණි.විශ්වවිද්යාලයීය සිසුන් අප දෙස හැරි හැරි බැලුහ.එහෙත් මට එ ගැන හිතන්නට වගක් නොවිය.
" උඹ එදා බිව්වද....."
" පිස්සුද බං උඹ දන්නවානේ... මම කවදාවත් බොන්නේ නැහැ කියලා දෙයියනේ මගේ අම්මා මේක දැනගත්තොත් මැරෙයි බං .."
මම හිත හඩන ඉකිබිඳුම වලකාගෙන කිවෙමි.
" එහෙනම් කොහොමද මෙහෙම වීඩියෝ කළේ.."
මල්මි රහස් පොලීසිය වගේ මගෙන් ප්රශ්න කලාය.
" මම දන්නේ නෑ බන් මම දන්නෙ නැහැ ..පාටියෙදි නෙල්නා මට බීම වීදුරුවක් දුන්නා ..හැබැයි ඒක බිව්වහම මට ටිකක් ඔලුව කැක්කුම වගේ ආවා..මම එතන තිබුණු මෙසේ ඔලුව පියා ගත්තා ..පාටිය වුණඋනාට පස්සෙ නෙල්නා මට කතා කළා ...මම හිටියේ සැටියක් උඩ .."
පාටිය දවසෙ වුන දේ මගේ හිතේ තියෙන ටික මම මල්මිට කිවෙමි.
" දෙවියනේ මට හිතාගන්න පුළුවන් වෙලා තියෙන දේ ..."
මල්මි දිගු හුස්මක් ඉහලට අරගෙන කිවාය.මම කුතුහලයෙන් ඇය දෙස බැලුවෙමි.
" ඒ කිව්වේ..."
තවමත් මේ කිසිවක් නො තේරුම නිසා මම ඇසුවෙමි.
" උන් ප්ලෑන් කරලා උඹේ බීම් එකට මොනව හරි දාලා දීලා තියෙන්නේ ඊට පස්සේ තමා මේක වීඩියෝ කරල තියෙන්නෙ.."
මල්මි බලාගෙන සිටියා වගේ හුස්මක් නොගෙනම කියාගෙන කියාගෙන ගියාය.
දෙවියනේ..දේශක මෙච්චර පහත් මිනිහෙක්ද ..මම ආදරේ කලේ ඒ වගේ බල්ලෙකුට ද..
හිතට නැඟුණු කෝපය නිසා මම දේවක සොයාගෙන ඔවුන් යාලුවන් සමග සිටින තැනට ගියෙමි .
දේශක...
විශ්ව විද්යාල භූමියේ තවත් අය සිටින වග නොදන්නා සේ දේශකට මම හයියෙන් කතා කලෙමි.
අාහ්... සකුනි ...
දේශක සරදමට වගේ මගේ නම කිව්වේය.
පර බල්ලෙක් උඹ....
එකපාරටම දේශක ළඟට ආපු මම ඔහුගේ කම්මුලට හයියෙන් පාරක් ගැසුවෙමි .
තෝ විශ්වාස කලාට ද මිනිහෝ... මට අර වගේ වැඩක් කෙරෙ....
කෝපයෙන් වියරු වැටීසිටි මට තවත් නැති වෙන්න ආත්ම ගෞරවය නැති නිසාම හයියෙන් කෑ ගැසුවෙමි.විශ්වවිද්යාලයීය භූමිය ,සිසුන් ,මගෙ යාළුවෝ මේ හැමදේම මට අමතක විය.
අනේ මේ තෝ එක එකා එක්ක කාමරවල ලැගලා මාව අල්ල ගන්න එපා හරිද බැල්ලි .....
දේශක හයියෙන්ම කියලා මාව තල්ලු කර දැමුවෙිය.
උඹලා වගේ ගෑනුන්ට ආදරය කරාට මටයි ගහන්න ඕන බං ..මම කතා කරන්න බෑ කිව්වා පත්තිනි අම්මා වගේ . .ඒ උනාට ඔය කරපු දේවල් එළියට ඇවිල්ලා තියෙන්නේ..
දේශක තවත් මට ලැජ්ජා කරන්නට මෙන් උස්හඩින් කිවේය.
තවත් ලැජ්ජ වෙන්න එපා යම් සකු ...
එතනට ආපු මල්මි මගේ අතින් ඇදගෙන ටිකක් ඈතට ගියාය.මගෙ දෙකම්මුල් පවා ලැජ්ජාවට වඩා කෝපයෙන් රත් විනි.
මම ගෙදර යනවා මල්මි..
යමන් මමත් එනවා උඹ එක්ක..
මල්මි මගෙ අතින් අල්ලගෙන කිවාය.ඇය දුකෙදි මා අත් නොහැරිය හොදම මිතුරියක බව නොකියාම බැරිය.
එපා උඹ .ලෙක්චර්ස් වලට යමන්..
මල්මි තවත් වචනයක් කියන්න කලින් මම එක පිම්මට විශ්ව විද්යාල භූමියෙන් එළියට ආවෙමි .
මම සකුනි පුන්සරා සතුරුසිංහ නම් ලද පවුලේ එකම කෙල්ල විය.තාත්ත යුද්ධ හමුදාවේ කැප්ටන් කෙනෙක් වු අතර දැනට විශ්රාම ගොස් නිවසේ සිටියේය.සිල්ලර බඩු කඩයක හිමි කරුවෙකු නිසා තාත්තා දවසම එ වෙනුවෙන් යොදවන විට අම්මා ගෙදර මගේ තනියට හිටියාය .පවුලේ එකම කෙල්ල වුණු මට හැම සැප සම්පතක්ම තිබුනි.ඉංජිනේරු පීඨයට තේරිලාවයඹ විශ්ව විද්යාලයට ඇවිත් මාස පහක් ගෙව්නා පමනි.මේ තරම් පුදුමාකාර දෛවය තීරණය කරපු ආදරයට මාස තුනකි.
එ සමගම මගේ දුරකථනය නාද උන නිසා මම ඒ දිහා නොබලාම අතට ගත්තෙමි.
හෙලෝ
හෙලෝ සකූ...මම සුපුන්..
දේශකගේ යාළුවෙක් එහා පැත්තේ සිටියේය.
කියන්න තවත් මොනවා හරි වීඩියෝ එකක් ද ..
මම හිතට දැනුන දුක මැඩගෙන ඇසුවෙමි.
නැහැ....නැහැ මං ඔයාට ඇත්ත කියන්න ගත්තේ..
තවත් මොනවද ඇත්ත....
දෙශක අපිත් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා ...ඔයත් එක්ක යාළු වෙනවා කියලා....ඔයාගේ වීඩියෝ එකක් ගන්නවා කියලා..
මොකක්ද....
ම⁣ගෙ දෙකම්මුල් ලැජ්ජාවට රතු විනි.
ඔව් ..සකුනි ..ඒත් ඌ ඒ වගේ දෙයක් ඇත්තටම කරයි කියලා අපි හිතුවේ නැහැ ...
තවත් මොනවත් අහන්න ඕන නැති නිසා මම දුරකථන නිසා මම දුරි පමණ දුරකථනය ක්රියා විරහිත කරලම දැම්මෙමි .
මගේ ආදරේ ඔට්ටුවක් දෙවියනේ... මට මොනවද මේ ඇහෙන්නේ..
මට එතනම මියැදෙන්න තරම් හිතුනි.
ඕකි බඩුවක්..වීඩියෝව ලීක් කරගෙන..
හතුර අතින්ම ඇහෙන වචනත් එක්ක මට මුකුත්ම දරාගන්න බැරි වුණි.
නෑ..දෙවියනේ මම එහෙම නෑ...එහෙම නෑ...
දෑතින්ම දෙකන වසා ගෙන මම පාරේ මැද්දේ එහෙමම ඉදගත්තෙමි.එකපාරටම මාව විසි වෙලා ගියා මට මතකය.
😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆
මුළු ගතම රිදුම් දෙන විට හෙමිට ඇස් ඇරපු මම හිසට ඉහලින් කැරකෙන විදුලි පංකාව දිහා බැලුවෙමි.නහයට දැනුන සැර බෙහෙත් ගද මේ රෝහලක් බව මට පසක් කලේය.
මේ කෙල්ලට පිස්සුද කොහේද...නැත්නම් පාරේ මැද්දේ එන වාහනය දැක දැක ඉදගන්නවාද...
අනේ මන්ද මටත් හිතාගන්න බෑ..
කඩහඩවල් කීපයක් ඇසුන නිසා මම යන්තමට නෙත් අගින් එ දිහා බැලුවෙමි .එ සමගම කාමරයෙ එක් තරුණයෙක් විතරක් ඉතුරු වෙලා අනිත් අය පිට වෙලා ගියහ.
ඇත්තටම පිස්සු කෙල්ලෙක්...
ඔහු තමාටම කියා ගත්තේය.මම හෙමිට ඇස් ඇර ඔහු දෙස බැලුවෙමි.
ඇ..ඇයි මාව බේරගත්තේ...
මම ඇසෙන නෑසෙන හඩින් ඇසුවෙමි.එ ඇස් පුදුමයෙන් මං දිහාට හැරුනේය.
ඔ...ඔයා...
මගේ සිත පාසලේ තිබුන ඒකපාක්ර්ෂික පේමය වෙත දිව ගියේය.මගෙ ආදරය ඉල්ලගෙන ආපු මානුෂ දිමින්ත මගෙ ඉදිරියේ මටම අදහාගන්න නොහැකිව සිටගෙන සිටියේය.
මාව දන්නවා ද...
මානූෂ එහෙම අහන කොට මගේ මුහුණ දෙතුන් පලක ප්ලාස්ටර් නිසා ඔහුට මාව අදුරගන්න බැරිවුණා එක
ගැන මම සතුටු වුයෙමි.
න්..නෑ...
තව දුරටත් මිනිස්සු ඉස්සරහට යන්න පුළුවන් කමක් මට තිබුනේ නැති නිසාම මම ඔහුට මම කවුද කියා නොකිව්වේ මි.
අයියේ මොනවද බං මෙහේ කරන්නෙ...මමී හොයනවා..
එකපාරටම තවත් තරුණයෙක් කාමරයට ආවේය.
පොඩි ඇක්සිඩන්ට් එකක් වුනා මල්ලි...මේ ගර්ල් මගේ කාර් එකට හැප්පුන...
මා දෙසට ඇගිල්ල දිගු කර මානුෂ කිවේය.
අනේ මේ කීයක් හරි දීලා එනවා..යං ගෙදර...ඔය සල්ලි කඩාගන්න බොරුවට ඉන්නේ..
එ හඩ දේශකගේ...එ කියන්නේ මානූෂ අයියද...අනේ දෙවියනේ..
දේශක මනූෂව ඇදගෙන එළියට යද්දිම පොලීසියෙ නිළධාරියෙකු කාමරයට ආවේය.
මොකද පාරේ යන මිනිස්සු අමාරුවේ දාන්න හදන්නේ...
නිල ඇදුමේ හයිය පෙන්වමින් පොලිස් නිළධාරියා හයියෙන් ඇසුවේය.
න්..නෑ සර්...
නෑ තමයි..තමුසේලට ලව් ෂීක් වුනාට අහිංසක මිනිස්සු පලි නෑ.
මතුපිටින් විතරක් බලන ප්රශ්නය ගැඹුරට නොයන කාකි නිල ඇදුම ඇදගත් පොලිස් නිළධාරි ගැන මට කලකිරිමක් ඇති වුනි.එහෙම තැනක අසරණ වුන කෙල්ලෙක්ට නීතියේ පිළිසරණ පැතිය හැකිද.
එහෙම කතා කරන්න එපා ඉනිස්පෙක්ටර්...කෙල්ලෙක් මහා පාර මැද්දේ එහෙම ඉදගන්නේ නෑ...ප්රශ්න ඇති...
කැම්පස් එවුන් ගැන කියන්න එපා මානුෂ මහත්තයා අපිට...ගාමන්ට් වලට උන්ට හපන්...
පොලිස් නිළධාරියාගේ ගරුත්වය පැත්තකට දලා දෙකක් කියන්න මගෙ හිතට ආවත් ගතේ දුබල බව මට හරස් වුන නිසා මම කට පියා ගත්තෙමි.
හැමෝම එකම මිම්මෙන් මනින්න එපා..කොයි රස්සාවෙත් කොතනත් හොද නරක දෙගොල්ලම ඉන්නවා...අනික මිස්ට කොහොමද දන්නෙ මේයා කැම්පස් කියලා..
මම මානූෂ ගැන පුදුම වූයෙමි.එදා තිබුන ගතිගුණ එලෙසම ඇත.ඔහු කවදත් මිනිස්සු පහත් කර කතා නොකල අයෙකි.රස්සාවෙන් හෝ සිටින තැනින් කිසිවෙකුට කාටවත් චරිත සහතික ලිවිය නොහැකි බව ඔහු සැම විටම පැවසු කතාවකි.
ඇයි සර්ටම අමතකද මෙයා පිටේ එල්ලගෙන හිටිය බෑග් එක පිටින් අරගෙන ආවේ කියලා. ..ඒක එතනින් මෙයාගේ අයිඩී එක තියෙනවා මේ ...
දෙවියනේ ඒක දැක්කොත් නම් මානූෂ මාව අඳුර ගනීවි..දැන් මොනවද කරන්නේ....
මම මගෙන්ම ඇසුවෙමි.
මට දෙනවාද මෙයාගේ විස්තර ටිකක් ගෙදරට පණිවිඩයක් දෙන්න ඕනේ..
මානුෂ එහෙම කියන විට මට හීන් දාඩිය දාන්නට විය.
හරි සර්...
මානුෂ මගේ ජාතික හැදුනුම් පත අතට ගන්න විට ඇත්තටම මම වෙව්ලා ගියෙමි.එයා ඒක බලලා මං දිහා පුදුම වෙලා බලාගෙන හිටියේය.
ශා..ශාකි...
වෙන්න යන දේ මට හිතාගන්න වත් බැරි වුන මම අහක බලාගත්තෙමි.
ඉනිස්පෙක්ටර් ඔයාගේ වැඩ ඉවර වෙලා මට ටිකක් මෙයාට කතා කරන්න ඕනේ ..
මානුෂ මා දෙස බලාගෙන කිවේය.
හරි සර් දැම්ම මෙයාගෙන් උත්තරයක් ගන්න බෑ ...තාම අමාරු පාටයි ඉන්න තව ටිකක් එන්නම්..
එහෙම කියලා පොලිස් නිලධාරියා පිට වෙලා ගිය පසු මානුෂ මගෙ ඇද ලගට ඇවිල්ලා මගෙ මුහුණට එබුනේය.
ශාකි මොනවද මේ වුනේ..
අහක බලාගෙන හිටපු මම ඇස් දෙක තදින් පියා ගත්තෙමි .මානුෂ මගේ මූණ එයාගේ පැත්තට හරව ගත්තේය .මටත් නොදනිම මගේ ඇස් වලින් කඳුළු බේරෙන්නට විය.
ඉස්කෝලේ දගකාර..කෙල්ලට මොනවද වුණේ ...
මට වුන දේ කාටවත් කියන්න බැරි නිසාම මම නිහඩවම සිටියෙමි.
හරි දැන් මොනවත් කියන්න එපා හවසට කතා කරමු ...ටිකක් රෙස්ට් කරන්න පස්සේ එන්නම් ..
ඒත් මානුෂට කියන්න දෙයක් ඉතුරුවෙලා නැත .ලෝකයා ඉදිරියේ මගේ නිරුවත එලියට ඇවිල්ල ඉවරයි මට තවත් ජීවත් වෙන්න පුළුවන් දැයි මමම නොදනිමි.
මට කියන්න දෙයක් නැහැ...
ශාකි මම ඔයා ගැන දන්නවා.... ඔයා මෙහෙම කර ගන්නේ නැහැ හේතුවක් නැතුව...මොකද ඔවා මේ වගෙ බොළඳ වැඩ කරන කෙල්ලෙක් නෙවෙයි...
මානුෂ කියන දේ නෑහුනා වාගේ මම සිටියෙමි.
කෝල් එකක් අරගෙන දෙන්න පුළුවන් ද..
ආ..
මානුෂ මට දුරකථනය දුන්නෙය.එහෙත් මල්මිගෙ දුරකථනය වැඩ නැති නිසා මම ඔහුට අාපසු ඔහුට දුරකථනය දුන්නෙමි.
ඒක වැඩ කරන්නේ නැහැ..
ඒකට කමක් නැහැ මට ගෙදර නම්බරය දෙන්න ... මම ගෙදරට ගිහිල්ලා හරි නැත්නම් කියන්නම් ..
දැන්ම ගෙදරට කියන්න එපා ..එයාලා කලබල වෙයි ..මට ටිකක් තනියෙන් ඉන්න දෙන්න ..
හරි මම පස්සෙ එන්නම්...
මානුෂ කාමරයෙන් පිටවී යන දිහා මම ඔහේ බලාගෙන හිටියෙමි.
😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆
හිතුවෙවත් නැති ඉක්මනට මානුෂ ආපහු ආවාට ඔහුගේ මූහුනේ ලොකු රකුසු පෙනුමක් තිබුණෙ⁣ය.
ශාකි....
මම ඔහු දිහා බැලුවෙමි.බලන්නට බය හිතෙන තරමටම ඇස් දෙක රතු වී ඇත.
මේක හින්ද ද මැරෙන්න හැදුවේ...
මානුෂ මගේ නිරුවත් වීඩියෝව පෙන්වන කොට මට පොලව පලාගෙන යන්න හිතුනි .හයියෙන් කෑගහලා අඬන්න හිතුනත් මගේ කඳුළු පිහදාන්න කවුරුත් එන්නේ නෑ කෙ නෑ කියල මටම තේරැන නිසාම මම නිහඩ වුයෙමි.
කියනව මේකද හේතුව..
මම ඔව් කියන්න හිස සැලුවෙමි.
හරි ඒකට ඕන දේ මම කරන්නම්.....මාව විශ්වාස ද ..
මානුෂ විශ්වාස කරන්න මට අමුතු අටුවාටිකා අවශ්ය නැත.ඔහු නියම මහත්මා ගති ඇත්තෙකි.
ඔයාව නොදැක මාස ගාණක් යන්න ඇති... ඒත් මම ඔයාව දන්නේ අවුරුදු ගානකට කලින්..මම දන්නවා මගේ සාකි කවදාවත් මෙහෙම කරන්නේ නැහැ ..වෙන මොකක් හරි දෙයක් ..මෙතන තියෙනවා...
මගෙ සකි....
මම හෙමින් ඒ වචන ආයිත් උච්චාරණය කලෙමි.
ටිකක් අමාරු උනත් හවසට මාත් එක්ක ගමන ලෑස්තිවෙලා ඉන්න ...දැන්ම යන්න පුළුවන් නම් එක ගොඩක් හොඳයි......
කොහෙද....
ගියාම දැනගන්න පුළුවන් වෙයි යන්නේ කොහෙද කියලා ...අමාරු මං හෙට යමු ..
ඇත්තටම මගේ ඇඟට වෙහෙසක් දැනුණි.
හෙට යන්න...පුළුවන් නේද....
ගතේ වෙහෙසට වඩා හිතට තනියම ඉන්න ඕනෑ නිසා මම කිවෙමි.
එහෙනම් මට ගෙදර නම්බර් එක දෙන්න මම ගෙදරට විස්තරයක් කියන්නම් ..
කරන්නම දෙයක් නැති තැන මම දුරකතන අංක ලියන මහිමට දුන්නෙම්.එළියට ගිහිල්ලා කතා කරපු ඔහු ආයෙත් කෝපයෙන් පිපිරෙමින් ඇතුලට ආවේය.
ගෙදර අයට ඔයා මැරිල ලු ..
දෙවියනේ ...
මට හයියෙන් ඇඬුණි .
අඬලා වැඩක් ඒ වීඩියෝ එක තාත්ත දැකලා එයා කියනවා සේ ගෙදර දුව මැරිලා .. පවුලට අවනම්බු කල නිසා දානේත් දීලම පවුගෙන් අයින් කළාලු..මම මොනවත් නොකියා නොකියා දුරකථනය තිබ්බා...
අඬනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් මගේ මගේ ඔලුවට ආවෙ නැත.
අඬන්නෙපා සකූ... ගොඩාක් අම්මලා තාත්තාලා ලොකු වරදක් කරනවා.දෙයක් දැක්ක ගමන් එක පාරටම විශ්වාස කරනවා.ටිකක් ඒ ගැන හොයල බලන්න ඕනේ ...ඒත් එයාලා එහෙම නැහැ ... පොඩි කාලේ ඉඳන් හදපු දරුවාට වඩා වෙන දේවල් එයාට විශ්වාසයි ..කමක් නැහැ අපි මේ ප්රශ්නය කොහොම හරි විසඳුමක් ..දැන් රෙස්ට් කරන්න...අපි මම හෙට එන්නම්..
😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆
මීගමුව රසූල් පෞද්ගලික රෝහලෙන් පැය දෙකකට මාව එළියට ගත් මානුෂ කෙලින්ම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ තිබෙන පරිගණක අපරාධ හා විමර්ශන මධ්යස්ථානයට මාව එක්ක ගෙන ආ⁣හ.වෙන්න යන දේ ගැන මට මොනවද මොනවත් හිතාගන්න බැරි වුණි .
යම් අපි ඔය වගේ ජරා මිනිස්සුන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ..
මානුෂ මේ හදන්නේ එයාගේ මල්ලි ව නීතියට හසු කරන්න කියලා මට කියන්න හිතුණත් කවුරු කලත් වරද වරදක්ම නිසා මම ඔහු යන්න කලින් ඇත්ත පවසන්නට හිතා අතින් අල්ලගෙන ඔහුව නැවැත්තුවෙමි.
මේක කලොත් ඔයාට ලැජ්ජාව..
මට..එ කොහොමද..
මානුෂ ඇස් පුංචි කර ඇසුවේය .
ඉයේ ආවේ මල්ලිද..
අපෝ ඔව්..ඕකා කෙල්ලෙක් එක්ක යාළු වුනාම ඉස්සරලාම කරන්නෙ එකිට හොරෙන් පොටෝ ගන්න එක..ඊට පස්සේ එක පෙන්නලා එකිගෙන් ගන්න ඕනෙ දේ අරගෙන අතැරලා දානවා..
ඔයාට මගෙ එක හම්බ වුනේ කොහොමද...
මේ වන තුරු හිත තුළ කැකෑරෙන ප්රශ්නය මම ඇසුවෙමි.
ඔයා වැඩ කරන්නෙ නෑ කියලා කියපු නම්බරයට මම ගත්තා.මට මල්මි හැමදේම කිව්වා ...එ වගේම එයා ඔයාගේ ගෙදරට ඇත්ත කියලා දවල් හොස්පිටල් එක්කගෙන එනවා කිව්වා..හරි එක නෙවෙයි අපේ නොසන්ඩාලයා ගැන ඇහුවේ ඇයි..
න්..නෑ...නිකම්...
දේශක ගැන කියන්නට මගෙ දිව නොනැමුනි.
මට කියනවා...නිකම් නෙවෙයි..හේතුවක් තියෙනවා...මොකද...
මානුෂ සැරෙන් ඇසුවේය.
මේ..මේක කලේ එයා....එදා පාටිය දවසේ..
මො....මොනවා...
මානුෂගෙ දෙනෙත් මහත් විය.
ඔව්..
මේ පාර නම් මම මේකව අතාරින්නෙ නෑ..මූව අපිට හදන්න බැරි නම් පිටින් හරි හැදෙන්න ඕනෙ..මගෙ මල්ලි වුනත් වරද වරදමයි...අනික මූට කෙල්ලන්ගේ ජිවත සෙල්ලමක්..මේ දේ නොකලොත්..ඔයා වගෙ තව අහිංසක කෙල්ලෝ කී දෙනෙක් මැරෙයි...ද
මානුෂ කෝපයෙන් කිවේය.
එත්..
කරන්න ඕනේ දේ හිතාගන්න බැරිව මම පැටලුනෙමි.
මොනවත් එපා ඔයා..ඉන්න..මම ඉස්සරලාම ගිහිල්ලා එ විඩියෝ එක අයින් කරලා ඉන්නම්..
හ්ම්ම් ...
උන් වීඩියෝ ලීක් කරලා ආතල් අරගන්නවා ...ඒත් උන්ට අමතක වෙලා උන් මේ ලෝකේ එළිය බැලුවෙ ගෑණියෙක්ගෙන් කියලා ....ගෑණියෙක්ගේ නිරුවතට කෙල හල හල හිනාවෙන උන්ට අමතකයි උන් මාස දහයක් ඉඳලා ආපු තැන..එදා අම්මා ලැජ්ජා බය දෙක පැත්තකට දාලා දොස්තර ළඟට ගියේ නැත්නම් අද ඕව හිනාවෙවී බලන්න උනුත් මේ ලෝකෙ නැහැ . මම ඉක්මනටම එන්නම්..
මානුෂ කියන්නේ ඇත්ත කියල මම දනිමි.අද මං වැරදි නොකර වැරදිකාරියක් වෙලා වගේම වීඩියෝ ලීක් කරගත්තු එකියක් කොටින්ම කියනවනම් වේස ගෑනියෙක් වෙලා අවසන්ය.
සකූ..
මානුෂ ආයෙත් ඇවිල්ල මට කතා කලා.
හැමදේම හරි ....මම ආයෙත් ඒ වීඩියෝ එක ඉන්ටනෙට් වැටුණේ එක නැවැත්තුවා......
එ වචන වලට මම සැනසුම් සුසුමක් හෙළුවෙමි.
එහෙනම් දැන් ඉවරයි නේ අපි යමු ...
මම ගතේ අමාරුව මැඩගෙන හිතේ උපන් සැහැල්ලුවෙන් කිවෙමි.
නැහැ තාම මේක ඉවර නෑ..මගේ එකා උනත් වරදක් කළා නම් වරද තමයි එකම නීතිය ඉස්සරහට අරගෙන එන්න ඕනේ....මොකද වරදක් නොකරපු ඔයාව අද වැරදිකාරයෙක් කියලා අපහස කරල ඉන්න උන්ට දඬුවම් දෙන්න ඕනේ ..වෙස ගෑනියෙක්ට වුණත් අපහසු කරන්න කාටවත් අයිතියක් නැහැ ..එහෙනම් මේ රටේ නීති වැඩක් නැහැනෙ..
කා එක පදවාගෙන ආපසු එන අතරේ මානුෂ තවමත් පහව නොගිය කෝපයෙන් කිවේය.
හ්ම්ම් ..
😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆
මානුෂ කියපු විදිහට හැම දේම කලේය.ඔහු ගෙදර අයවත් තරහ කරගෙන මට යුක්තිය සාධාරණය වෙනුවෙන් පොලිසියට ගියේය.කරපු වරද පිළිගත්ත දේශකට මාස හයක සිරදඬුවමක් එක්ක මට ලක්ෂ 5ක් ගෙවන්න දඩ නියම වුණි. .මගේ අම්මා තාත්තට විතරක් නෙවෙයි හැමෝම ඉස්සරහා ම මම වැරදි කරලා නෑ කියලා ඔහු ඔප්පු කර පෙන්වුයේ ය .ඇත්තටම ඒ ඇස් වල තිබුන දිලිසෙන පෙනුම මේ කාලය පුරාම මාව අතීතය ට අරගෙන ගියේය.
එහෙනම් මහත්තයෝ මගේ කෙල්ල වෙනුවෙන් කරපු දේට පින්..අපිත් වැරදියට හිතන තව ටිකෙන් කෙල්ලව නැති කර ගන්නවා ..
අම්මා දෑත එකතු කර මානුෂ දෙසට හැරෙමින් කිවාය.
නෑ අම්මේ මේ වගේ වෙලාවක අම්මලා බුද්ධිමත් වෙන්න ඕනේ ..හැමදේකම යථාර්ථය ගොඩක් දුරට වෙනස්..
ඒක තමයි මහත්තයෝ ඔයා අපිට අපේ වරද පෙන්නල දුන්නා..අපි ගිහිල්ල එන්නං
තාත්තා මගෙ අතින් අල්ලගත්තේය.
එව්ව කොහෙද..අපේ දුව අපිට දීලා ඔයාලට යන්න පුළුවන් ..
ඒ හඬට මම උසාවියෙන් පිටවන දොරටුව දිහා බැලුවෙමි..මානුෂ ගේ අම්මයි තාත්තයි හිනාවෙමින් අපි ළඟට ආහ.
මට තේරුණේ නෑ මහත්තයෝ ....
මම දුර නොබලා කරපු ගොන්කම නිසා තාත්තාගේ කටහඬක් දුර්වල වෙල තිබුනි .ඒ වගේ වෙලාවක දෙමාපියන් මොනතරම් අසරණ වෙනවා ඇද්ද ලෝකයා මොනව නොකියනවා ඇද්ද කියා මේ මොහොතේ මට පසක් විය.
මට සමා වෙන්න අම්මේ තාත්තේ .. මම ඔයාලා ට ඒ දුක් දුන්නා ..ඔයාලා දුන්න නිදහස ඕනාවට වඩා භුක්ති විඳින්න ගිහිල්ලා ඔයාලගේ විශ්වාසය කැඩුවා..ලෝකය ඉදිරියේ ඔයාලගේ හිස ලැබීමට ලැබිමට ලැජ්ජාවට පත් කළා....
මම අම්මාටයි තාත්තාටයි දෑත එක් කොට කිව්වෙමි.
දුව අපිට දීලා යන්න..
මානුෂගෙ මව ආයෙත් කිව්වම මම පුදුමයෙන් ඔහු දිහා බැලුවෙමි . ඒ ඇස් ආදරෙන් දිලිසෙන්නට විය.
අපි කැමතියි මානුෂ ට සකුනි බන්දලා දෙන්න ..
මට මාවම අදහාගත නොහැකිය.ආදරයේ පිසාචයන් පලා ගියාට පූජා බඩු විසි කල යුතු නැති බව මම තේරුම් ගත්තෙමි.
🌺පහල කොටසත් අනිවාර්යෙන් කියවන්න...🌺
😆😆😆😆 අවසානයි 😃😃😃😃
ආදරණීය යාලුවනේ . .ලීක් වීඩියෝව තුල සිටින්නේ ඔබේ පවුලේ කෙනෙකු නොවන තාක් එය ඔබට ආතල් එකක් වනු නොඅනුමානය .නමුත් ඔබේ ආතල් එක තව අයෙකුගේ ජීවිතේ ජීවිතය ජීවත් කරවීමට හෝ ජීවිතෙන් නැති කිරීමට ඇති කිරීමට බලපාන බව ඔබ නොසිතෙනවා විය හැකිය .ගණිකාවක් වුවත් ඇය හරි එය හරි හෝ වැරදි අපිට ඇඟිල්ල දිගු කිරීමට නොහැකියි .
මොහොතක් සිතන්න ....ඇය ඔබෙම පවුලේ කෙනෙකු වුව හොත් ඔබට එහි ආතල් එකක් කිසිදාක නැත .
අද සමාජයේ දකින්න ලැබෙන දේ මට ලියන්නට හිතුනා.
හොඳ නරක කියල දෙන්න ඔයාලටම භාර දෙනවා.
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI