ආදරේ නාමෙන් මම ගොඩාක් විඳෙව්වා. ගොඩක් කල් බලාගෙන හිටියා.ඒ ආදරේ නාමයෙන් මට ඉවසන්න පුලුවන්.

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
#ආදරේ_නාමයෙන්

"මට එන්න වෙලාවක් නෑ. අනික මට අම්මගෙ අකමැත්තෙන් මුකුත් කරන්න බෑ." උමේෂ් කියද්දි මගෙ පපුව කීරි ගැහිල ගියා.

"අනේ ඇයි මට එහෙම කරන්නෙ? මට අමාරුයි." මම අඬ අඬ කිව්වත් එයා ෆෝන් එක කට් කරා.

"ඔයා ඉස්සර නම් කොහොමද... මට පුංචි අසනීපයක් උනත් මැරෙන්න හදනවා. මට ඩෙංගු හැදිලත් ඔයාට බැරිද මගෙ ලඟින් ඉන්න ඇවිත්. එක පාරක් මට ඇලර්ජි එකක් හැදිලා ඔයා හැමදාම තුන් සැරේටම හොස්පිට්ල් ආවා. ඒ කාලෙ කොච්චර සුන්දරයිද?" මම මතක් කලේ අපි දෙන්නගෙ අතීතය....

මම සංසලා.. උමේෂ්ට පණ වගේ ආදරේ කරන එයාගෙ චූටි මැණික. මම මුලින්ම ආදරේ කලේ උසස් පෙලට ආව කාලෙ. ඒත් එයා මාත් එක්ක යාලු වෙලා ඉද්දිම වෙන කෙනෙක් එක්ක යාලු උනා. මම මගේ පළවෙනි ආදරයට වෛර කරනවා. ඒත් උමේෂ්... උමේෂ් කියන්නෙ මගේ දෙවනි ආදරේ. අපි දෙන්නා හම්බ උනේ දවසක් බස් එකේදි. එදා....

මගෙ ලඟ ඉඳගෙන ඉඳපු චූටි බබා මගේ බෑග් එකේ කී ටැග් එක අල්ල අල්ල සෙල්ලම් කරනවා. මාත් පුංචි හිනාවක් මූණෙ තියාගෙන බලාගෙන හිටියෙ ඒ බබගෙ තියෙන සුරතල් කම නිසාමයි. එකම විදියට බලන් ඉඳලා කම්මැලි නිසා මම නිකමට මගෙ ලඟම වගේ හිටගෙන ඉන්න කෙනා දිහා බැලුවා. මම බලද්දි එයා ගැස්සුනා. එයත් හිටියෙ මගේ දිහා බලාගෙන. එයා ලාවට හිනා උනා. මාත් හදිස්සියෙන් එයාව බස් එකේදි දකින නිසා හිනා උනා. එදා ගෙදර යද්දි ඒ හිනාව, ඒ ඇස් දෙක මගේ හිතේ චිත්‍රයක් වගේ ඇඳිලා තිබුනා. කලින් පාරක් ආදරේ කරලා රැවටුන කෙනෙක් නිසා මම සාමාන්‍යයෙන් ආදරේ කරන්න ඉක්මන් උන කෙනෙක් නෙමෙයි. කොහොම උනත් මට දැනුනා මම එයාට ආදරේ බව. මම දන්න තරමට එයා අපේ ගමට එහා ගමේ. මගේ යාලුවෙක්ගෙන් මම එයාගෙ විස්තර අහගත්තා. එෆ් බී එකෙන් එයාව සර්ච් කරලා බැලුවා. ඔහොම කීප දවසක් යද්දි....

"එයාගෙන් රික්වෙස්ට් එකක්. වාව්." පැනපු ගමන් ඇක්සෙප්ට් කරා මම.

"Hi" එයාගෙන් මැසේජ් එකක්.

"hi hi" මාත් රිප්ලයි කලා.

"oya sansala neda?" එයා ඇහුවා. හේතුව තමයි මම එෆ් බී හිටියෙ මගේ ඇත්ත නමෙන් නෙමෙයි.

"na" මම රිප්ලයි කලා. එයා ගියා. මම ඊට පස්සෙ මැසේජ් කලා ඔව් මම සංසලා තමයි කියලා. ඒත් එයා ආවෙ නෑ. මම බලම් හිටියා දවස් තුනකට පස්සෙ එයා ආවා.

එතනින් පටන් ගත්ත යාලුකම නිසාම අපි දෙන්නා දවසක් මීට් උනා ගම්පහ පාර්ක් එකේදි. අපි ගොඩක් දේවල් කතා උනා. මම එතකොට aat ක්ලාස් යනවා. 2nd level එක මම කලේ. එයා කැම්පස් සිලෙක්ට් වෙලා දැනට people's bank එකේ ට්‍රේනින්. එදා මම වරුවෙන් ක්ලාස් යන්න ආවත් මට එයාව දාලා යන්න හිතුනෙ නෑ. දවසෙම අපි කතා කර කර හිටියා. අම්මා බැඳලා දුන්න බත් පැකට් එකත් දෙන්නත් එක්ක කෑවා. හවස පාර්ක් එකේ ඉඳන් එද්දි....

"මම දෙයක් ඉල්ලන්න ඔයා වැරදියට හිතන්නෙ නෑ නේද?" උමේෂ් ඇහුවා.

"මොකද්ද?" මමත් ඇහුවෙ හිතාගන්න බැරි නිසා.

"මට ඔයාගෙ අතින් අල්ලන් යන්න ආසයි." එයා අහිංසක විදියට කියද්දි මම එයාගෙ අතින් අල්ලගත්තා. එදා ගෙදර ආවම එයා මට ආදරෙයි කිව්වා. අපි දෙන්නගෙ ෆෝන් නම්බර්ස් හුවමාරු කරගෙන හිටියෙ ඒ වෙද්දි. මම කෙලින්ම උත්තරයක් නොදී ටික දවසක් හිටියා. මැයි මාසෙ 23 මම එයාට ආදරෙයි කිව්වා.

අපි දෙන්නා හැමදාම රෑ 11 වෙනකන් පාඩම් කරනවා. එයා චාටඩ් එක්සෑම් කරා. කොහොම හරි අපි 11 න් පස්සෙ 1 පහුවෙනකන් කතා කරනවා. සමහර දවසට 2 විතර වෙනවා නිදියනකොට.

ක්ලාස් තියෙන හැමදවසකම අපි මුණ ගැහුනා. ගම්පහ ස්ටෑන්ඩ් එකේ ඉඳන් එක්කො මම එක්කො එයා දෙන්නගෙන් කලින් එන කෙනා අනිත් කෙනා එනකන් බලන් ඉන්නවා. ඊට පස්සෙ හොස්පිට්ල් එක ලඟට එනකන් පයින් ඇවිත් මම JMC යනවා එයා බෑන්ක් එකට යනවා. හවසටත් එහෙමයි. අපි දෙන්නටම සල්ලි තිබුනෙ නෑ. මම තාම ඉගෙන ගන්නවා එයාත් තාම පොඩි ජොබ් එකක්නෙ කලේ. අපි හරි සරල විදියට ආදරේ කලේ. ලොකු ලොකු තැන් වලට ගියේ නෑ. පාක් එකට තමයි වැඩියෙන්ම ගියේ.

"බයික් එකක් තිබුන නම් හොඳයි නේද?" මම දවසක් නිකමට වගේ කිව්වෙ. එදා එයා හිනාවෙවී මං දිහා බලන් හිටියෙ. අදටත් ඒ ආදරේ මතක් වෙද්දි පපුව රිදෙන තරම්. ඊට පස්සෙ දවසක උමේෂ් බයික් එකක් ගත්තා. එයා ඒක අරන් කෙලින්ම ආවෙ මාව බලන්න.

"වාව්.... ලස්සනයි." මට කියවුනා.

"නගින්න.." උමේෂ් ආදරේ වෑහෙන ඇස් දෙකෙන් බලලා කියද්දි මම නැග්ගා. එදා දවසෙම අපි ගොඩක් විනෝද උනා.

දවසක් සුපුරුදු විදියටම ක්ලාස් එකේ ඉද්දි මගේ ඇඟ කසන්න අරන් පලු දැම්මා. උමේෂ්ට කෝල් කරාම එයා දුවගෙන ආවා මාව බලන්න. එයා ගොඩක් බය වෙලා හිටියෙ. එයාගෙ පෙරැත්තෙටම මම හොස්පිට්ල් ගියා. දවස් තුනක් හොස්පිට්ල් එකේ හිටියා මම. උමේෂ් හැම වෙලාවෙම මාව බලන්න ආවා. මම හිටියෙ හරිම සතුටින්. මට දැනුනා එයාගෙ ආදරේ ගොඩාක්. මම හොස්පිට්ල් එකේ ඉද්දි ලාස්ට් රිවිෂන් ක්ලාස් එක තිබුනෙ. මට ඒකට යන්න උනේ නැති නිසා එක්සෑම් එකට බයෙන් මම හිටියෙ. හොස්පිට්ල් ඉඳලා ගෙදර ගියාට පහුවෙනිදා මම ක්ලාස් කියලා ගෙදරින් පැන ගත්තෙ උමේෂ් ලඟින් ඉන්න ඕනෙ නිසා. එදා මට පොත් සේරම ගේන්න කියලා එයා මට එක්සෑම් එකට එන දේවල් කියල දුන්නා. ඒ නිසා මම එක පාරින්ම එක්සෑම් එකත් පාස් උනා.

මෙහෙම කාලය ගතවෙද්දි අපේ ගමේ අය දවස් තුනක ට්‍රිප් එකක් ලේස්ති කරලා අම්මයි මායිත් ඒකට යන්න ලේස්ති උනා. උමේෂ්ගෙ තාත්තට ලොකු බස් එකක් තිබුනා. ඒකෙ තමයි ට්‍රිප් එක ගියේ. මම උමේෂ්ටත් කතා කලත් එයා කිව්වෙ ගෙවල් වලින් දැනගත්තොත් ප්‍රශ්නයක් වෙයි කියලා. මොකද තාම අපේ එෆෙයාර් එකට මාස 4ක් විතරනෙ.

අපි ට්‍රිප් එක ගියා. අන්තිම දවසෙ රෑ උමේෂ්ගෙ තාත්තට අපේ අම්මා අපි දෙන්නගෙ සම්බන්ධය කියලා. අපේ සම්බන්ධය අම්මා දැනගෙන හිටියෙ. අනිත් කවුරුවත් දන්නෙ නෑ. අම්මා එයාගෙ තාත්තට කියපු බව මම දන්නෙත්.....

"මොකද්ද සංසලා ඔයා මේ කලේ. අපේ ගෙදරින් මට කනක් ඇහිලා ඉන්න තැනක් නෑ. දැන් හරිනෙ සේරම." ගෙදර ආව දවසෙ රෑ උමේෂ් කතා කරලා මට බැන්නා.

"ඇයි පණ. මම මොකද්ද කලේ?" මේ කිසිම දෙයක් නොදන්න මම ඇහුවෙ උමේෂ් සැරෙන් කතා කරපු නිසා ඇති උන දුකෙන්.

"අපේ අම්මලා මේකට කැමති නෑ. සොරි අපි මේක නවත්තමු." උමේෂ් කෝල් එක කට් කරා.

"අනේ මාව දාල යන්න එපා. ප්ලීස්...." මම ඇඬුවා හොඳටම. ඒත් එයාට ඇහුනෙ නෑ. බැරිම තැන මම මගේ අත කපා ගත්තා. එහෙම කලේ මගෙ හිතේ වේදනාව නැති කරගන්න. ඒ තුවාල වල ෆොටෝස් යැව්වා මැසේජ් යැව්වා මාව දාල යන්න එපා කියලා. ඒත් එයාට යන්තන්වත් දැනුනෙ නෑ. එයා මාව ගොඩක් මග ඇරියා.

දැන් එයා කැම්පස්. මට ඩෙංගු හැදිලා හොස්පිට්ල් ඉන්නෙ දවස් ගානක ඉඳන්. මට ඩෙංගු කියලා දැනගත්ත ගමන් එයා දුවගෙන ආවා. ඒත් ඉස්සර ආදරේ ඒ ඇස් වල නෑ. එකම එක පාරයි මාව බලන්න ආවෙ. එයාගෙ ගෙදරින් මගේ අම්මටත් ගොඩක් බලපෑම් කලා මේක නවත්තන්න කියලා.

දැන් මාව බලන්න නාවට. මාව අමතක උනාට ඉස්සර නම්...

"කැම්පස් ගියාම මාව අමතක කරනවද?" මම ඇහුවෙ උමේෂ්ගෙ අත තද කරමින්.

"කැම්පස් යන්නෙ ඉගෙන ගන්න මිසක් ලව් කරන්න නෙමෙයිනෙ." උමේෂ් සුළගේ යන මගේ කෙහෙරැල්ලක් අතින් මෙහාට කරලා කිව්වා. එදා නම් මම ගොඩක් සතුටු උනා. ඒත් අද....
ෆේස් බුක් එක පුරාම එයාගෙයි එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙයි ෆොටෝස්. මම කොහොමද මේවා බලන් ඉන්නෙ. මම එයාව බ්ලොක් කරලා දැම්මා. ඒත් අදටත් මට දුකයි. මම ආදරෙයි එයාට. අපි ආශ්‍රය කලේ, ආදරේ කලේ මාස හතරයි. ඒත් මට ඒ මාස හතර ජීවිත කාලෙටම ඇති. ඒ තරම් මම ආදරෙයි.

ආදරේ නාමෙන් මම ගොඩාක් විඳෙව්වා. ගොඩක් කල් බලාගෙන හිටියා. ඒත් එයා ආවෙ නෑ. අන්තිමට මට ඉතුරු උනේ අතේ තියෙන තුවාල කැළැල් තුනක් විතරයි. ඒත් එයා සතුටින් ඉන්නව නම් මගේ පවිත්‍ර ආදරය වෙනුවෙන්... ඒ ආදරේ නාමයෙන් මට ඉවසන්න පුලුවන්.

අවසානයි.

සත්‍ය කතාවක් ඇසුරින් ලිව්වෙ. නම් ගම් සියල්ල මනඃකල්පිතයි. හදිස්සියෙ ලිව්ව නිසා මම දන්නෙ නෑ හොඳයිද කියලා. කතාව කියවලා අදහසක් කියාගෙන යන්න..

තෙරුවන් සරණයි!
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI