#මිය_යන්න_සූදානම්❤️❤️❤️❤️ 💖💖මා වෙනුවෙන් නොව ඔබ වෙනුවෙන්..............💝💝💝

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
#මිය_යන්න_සූදානම්❤️❤️❤️❤️
💖💖මා වෙනුවෙන් නොව ඔබ වෙනුවෙන්..............💝💝💝

ඇය සිලුනි..සිලුනි උසස්පෙල කරලා කැම්පස් යන්න ලකුනු මදි නිසා ප්රයිවට් කම්පැනියක HRM එකේ වැඩකරන ගැනුලමයෙක් හැබැයි බාහිරින් උපාදිය කරගත්ත උත්සහවන්ත කෙල්ලෙක්.අම්මා රට තාත්තා මේසන් බාස් කෙනෙක් .දුප්පත් පව්ලක හොද කෙල්ලක්.
ඔහු විනුර.කැම්පස් අවුට්වෙලා රජයේ රැකියාවක් කරන කොල්ලෙක්.අම්මා ගුරුවරියක් තාත්තා ව්යාපාරිකයෙක් බොම වැදගත් පවුලක සිලුනි තරම්ම හොද කොල්ලෙක්.
මේ දෙන්නා එක ගම්පලාතේ ඒත් කලින් නොතිබ්බ හිතවත් කමක් ඇතිවෙන්න්නේ මේ දෙන්නා කැලනි කැම්පස් එකේ MA එක කරන්න ගියවෙලාවේ.විනුර දැකපුවෙලාවේ ඉදලා සිලුනිටත් සිලුනි දැකපුවෙලාවේ ඉදලා විනුරටත් මොකක්දෝ හුරුපුරුදු බවක් දැනුනා.ඒත් දෙන්න්නට ඒක කියාගන්න තේරෙන්නෑ.අන්තිමේ විනුර කෙල්ල ලගට යන්නේ එක ගම්පලාතේ කියලා මත නිසායි.කොමත් කෙල්ලෙක් කොල්ලෙක් ලගට ගිහින් කතා කරන්න පෙලබෙනවා අඩුයි කියලා දන්න නිසායි.දෙන්න කොහොමෙන් කොහොම හරි ගිඩක් හිතවත් වෙන්නේ හිතාගන්න බැරි ඉක්මනට.සිලුනි විනුරට වඩා අවුරුද්දක් බාලයි ඒ නිසා මේ දෙන්නා කතා කලේ අයියා නංගි කියලා ඇත්තටම දෙන්නා අයියා නංගි දෙන්නා වගේ සමීප උනා.දෙන්නට දෙන්නා නොකියපු රහසක් නැති තරම්.දවසක් විනුරට කැම්පස් එකට ආපු ගැනුලමයෙක් ගොඩක් හිතට අල්ලලා යනවා ඒ විහාරා.විහාරා ගොඩක් ලස්සනයි.කෙල්ල හරි කට කාරයි ඒ වගේම දගකාරයි.ඉතිං මේ හැඩකාර කටකාර දගකාර කෙල්ලගේ ආදරේ ඉල්ලන්න විනුර දෙපාරක් හිතන්නෑ.කොල්ලා එදා සිනුලි එක්ක මේ ගැන කියනවා.
නංගි ඔයාට මට බඩ්ඩක් කියන්න තියෙනවා බ්න්😊😊
කියපන් බන් ...😏😏
කෙල්ල වෙනදා වගේ අහක බලාන පිස්සියෙක් වගේ කීවේ කිසිම දෙයක් ඕනෑවට වඩා ගනන් ගන්න එක කෙල්ලගේ පුරුද්දක් නෙවෙයි නිසා.
ඉතිම් අහපන්කෝ බන්😟😟😟
ඉතිම් කියපන්කො බන්😂😂
කියපු කෙල්ල ඒපාරම් කොල්ල දිහාට හැරුනා කොල්ල මොකක්ද මේ තරම් කියන්න යන සිරියස් කාරනේ කියලා දැන ගන්න.
මේ මන් විහාරට ආදරේ බන්.😍😍😍
ඒපාරනම් කෙල්ලගේ ඔලුවට හෙනයක් ගැහුව වගේ..
මොකක්......😭😭😭😭😭
කෙල්ල නිහඩ උනා ඇස්වලට කදුලු පිරුනා.කොල්ලා ඈත එන විහාර දිහා කටත් ඇරන් බලාන කෙල්ල කොල්ලට හොරා කදුලු පිහද ගත්තා.කෙල්ලට දුක හිතුන බව විනුරට නම් ගානක්වත් නෑ.විනුරයි සිලුනියි ලගින් ගිය විහාරා එකපාරම් නැවතුනේ විනුර කන්න වගේ බලන් ඉන්න නිසා.
මොකෝ කටත් ඇරන්🙂🙂🙂
😦😦😦මන් කටත් ඇරන් නේද ...
කොලල්ලා අතින්ම කට වහගත්තේ ලැජ්ජාවට.සිලුනිට නම් දුකයි ඒ නිසාම එයා නිහඩයි.
මොකෝ සිලී කතා පෙට්ටිය නැත්තේ.
ඒ වෙලාවෙයි සිලුනි මෙලව සිහියට ආවේ..
අනේ නෑ විහාරා මේ ගෙදර පොඩි ප්රශ්නයක්.😟😟
ගෙදර ප්රශ්නයක්ද ඔයදෙන්නගේ ප්රශ්නයක්ද.මට නම් පෙන්නේ ඒ වගේ 😏😏😏
එම කියපු විහාරා යන්න ගියා.විහාර කියන්නේ ගොඩක් පොසත් පවුලක කෙල්ලක් සල්ලි යායක් ඉපදුනු විහාරට දුක කියන එක මොකක්ද කියලවත් දැනිලා නැති තරම්.නයිට් ක්ලබ් ගිහින් පිස්සු නටලා ජොලිවෙලා පහුදා පාන්දර ගෙදර එන කෙල්ලක්.
එදා ලෙක්චස් අතරේ සිලුනි කල්පනා කලේ මෙවගැන ඒත් විනුර නම් කලේ විහාරා දිහා බලන් ඉන්න එක.විහුරට තිබ්බ එකම ප්රශ්නේ විහාර දකිද්දි කොල්ලගේ ඇස් ලොකුවෙලා කට ඉබේම ඇරන එක.😦😦😦කොල්ලා ඉතින් මේ හින්දා ඇස්දෙකනම් ඕනෙ එකක් කියලා කොච්චරවත් කටට අත තියන් උන්නා.ලෙක්චස්නම් ඉවර උනා.
ඒත් සිලුනි තව කල්පනාව කල්පනාව කොච්චරද කියනවා නම් කට්ටිය යන්න ලැස්ති උනා කෙල්ලට ගානක්වත් නෑ.
එයි සිලී යන්නෙ නැද්ද.
ඒ විනුර.දෙන්නම් එක බස් එකේ යන නිසා විනුර කවදාවත් සිලුනිව දාලා ගියෙ නම් නෑ.දෙන්නත් එක්ක බස් එකට යන්න යද්දි විහාරව ගන්න එයාගේ තාත්තාගේ වාහනයක් ඇවිත්තිබ්බා.කොල්ල ඒක දිහත් කට ඇරන් බලාන😦😦.විනුර ආයෙත් කට ඇරන් කියලා විහාර දැක්කෙ වාහනේට නැගලා ශටර් එක පාත් කරද්දි.විහාරා ශටර් එකෙන් අත දාලා විනුරට ආයේ කට පෙන්නුවා කොල්ල ආයේ අතින් කට වහගත්තේ ලැජ්ජාවෙන් මුන රතු කරන්.
ඒයි සිලී අහනවකෝ ....😟😟😟
හ්ම්ම්ම්ම්ම් කියන්න.
බලනවකෝ අර කෙල්ල දකිද්දි මගෙ කට ඔටිඔ ඇරෙනවනේ.😯😯😯
ඉතිං😡😡😡ඒක මට කියන්නේ එයාට කියන්න😭😭😭
කෙල්ල කිවේ තරහෙනුයි දුකෙනුයි.
අනේ මට එයාව සෙට් කරලා දෙනවකෝ..😟😟😟😟
මට බෑ😦😭😭😭😭
කෙල්ල හිතේ නැගුන දුක හිරකරම්ම එහ්ම්ම කිවා.ඒත් කොල්ලනම් අදහස අත අරින පාටක් නෑ පිස්සා වගේ ගේ ලගට එනකල් විහාරා ගැනමයි කියෙව්වේ.කෙල්ල ගේ ලගට ඇවිත් යන්නම් අයියේ කියනකොටයි කොල්ලා මේ ලෝකෙට ආවේ.
ආ අපි මෙච්චර ඉක්මනට ආවද 😦😦😦
ඔව් ආවා.ඔන්න ආයේ කට ඇරිලා .අරයා මතක් උනාද.😏😏
කියපු කෙල්ල පිටිපස්සවත් නොබලා ගේ දිහට ගියා කොල්ලා ආයෙමත් කට වහගෙන ගෙදර යන්න ගියා.ඒත් මතක් වෙන්නෙම විහාරව.කොල්ලා පහුවදා වැඩට ගියත් මතක් උනේ විහාරව.සිලුනි නම් ගිඩක් දුකෙන් උන්නේ විනුරගේ මේ වෙනස කෙල්ලගේ හිතට ලොකු බරක් .කෙල්ල හිතේ දුක හිරකරන් හිටියා.හරියට හෙලවෙන්නෙ නැති ගලක් වගේ.ඔය අතරේ කෙල්ලගේ පොන් එක රිං වෙනවා.ඒ වෙන කවුරුත් නෙවේ විනුර.
කියන්න අයියේ...😕😕😕
නංගි මට පොඩි උදව්වක් ඕනේ විහාරට සප්රයිස් ප්රපොසල් එකක්දෙන්න ඕනේ මන් කොල්ලෝ ටික නම් සෙට් කරගත්තා ඔයා මට කෙල්ලෝ ටික සෙට් කරලා. දෙනවා නේද සත්තරන්.😊😊😊
කෙල්ලගේ හිසට අකුනක් ගැහුවා වගේ දැනුනා.ඒත් කෙල්ල ඒ බවක් හැගෙව්වේ නෑ කෙල්ල පොරොන්දු උනා.කෙල්ලගේ ඇස්වලින් සට සට ගාලා කදුලු වැටෙනවා.කෙල්ල හැම යාලුවටම පනිවිඩේ කියලා පොන් එක තිබ්බා.කෙල්ල හිතේ විනුර වෙනුවෙන් ආදරේ හිරකරන් ගොඩක් ඉවසුවා ඒත් විනුර ඒ ගැන චුට්ටක්වත් දැනන් උන්නේ නෑ.ඒත් කෙල්ල එදා වැඩ ඇරිලා ගෙදර එනකොට තිරනය කලා කොල්ලට තමන්ගේ ආදරේ කියන්න තව්ත් නම් පරක්කුවෙලා බෑ කියලා.එම හිතපු කෙල්ල ගෙදර ඇවිත් කලේ ඉස්සරලාම වැඩේ විනුරට කෝල් කරපු එක විනුරත් ගෙදර ආව විතරයි.
හලෝ නංගි කියන්න ඇයි ගත්තේ...😌
මට ඔයාට කියන්න දෙයක් තියෙනවා තව පර්ක්කු කරල බෑ😟😟
එනම් ඉතිං කියන්න😕😕
මන් ඔයාට ආදරෙයි.❤️❤️
මොකක්😦😦
අනේ වස්තුවේ ඔයා මගෙ නංගිනේ බබෝ මන් කෝමදඔයාට ඒවගේ ආදරේ කරන්නේ..
කොල්ලා කිව්වා කෙල්ලගේ හුස්ම හිර උනා වගේ ඒ හිරන හුස්ම පලැහැ දාගන්න නම් කෙල්ලට අඩන්නම වෙනවා කියලා දැනුන කෙල්ල පෝල්න් එක කට් කලා.කෙල්ල පෝන් එක කට්කරලා ඇඩුවා .ඒ සති අන්තේ කෙල්ල කැම්පස් එකට ගියෙ නෑ.මොකද විහාරගේ සප්රයිස් එක.උදේ විනුර හොල්ට් එකට වෙලා යාලුවො කට්ටිය එක්ක බලන් උන්නෙ එදා කොල්ලා ගමේ යාලුවොත් එක් කරන් කැම්පස් එකට යන්න බල්න් ඉන්නේ සප්රයිස් එකට නිසා.ඒත් සිලුනි නම් නෑ .විනුර ටයිම් පයිනකොට සිලුනිට කොල් එකක් ගත්තා.
එයි මැට්ටි අද කැම්පස් යන්නැද්ද.මතක නැද්ද අද මගෙ වැඩෙනේ.
මට උන මට මතක නෑ මොකක්ද වැඩේ😭😭😭
මතකම නෑ.අද මගෙ සප්රයිස් එක විහාරට😂😂😂
හා හා ගිහින් සප්රයිස් කරලා එන්නකෝ.
එහෙම කියපු කෙල්ල පෝන් එක තියලා අනිත් පැත්ත හැරිලා නිදා ගත්ත.ටිකකින් කෙල්ලගේ පොන් එක ආයේ රිං උනා.කෙල්ලනම් හිතුවේ ආයේ විනුර කියලා.ඒත්නෑ ඒ කෙල්ලගේ අම්මගේ මරන පනිවිඩේ ආපු කොල් එක කෙල්ලව වෙවුලා යනවා කෙල්ලට කෑගහලා අඩන්න ඕනේ උනාට කෙල්ලට කෑ ගහන්න බෑ හඩ පිට වෙන්නෑ.කෙල්ල සදාකලික නිහඩ වෙනවා.කෙල්ලගේ අම්මා පහුගියදා කුවෙට් භූමි කම්පාවෙන් මේ ලෝකෙන් යන්නටම යනවා.අම්මගේ මරනෙත් එක්ක නිහඩ උන කෙල්ලට ආයේ කතා කරගන්න කටභඩ ලැබෙන්නෑ.ඔහොම ටික කාලයක් යද්දි කෙල්ලගේ තාත්තත් කෙල්ලට නැතිවෙනවා.ඒ තට්ටු 10ක බිල්ඩින් එකක් බදින්න ගිහින් පලන්චියකින් බිමට වැටිලා.කෙල්ල ආයෙත් මේ ලෝකේ තනි වෙනවා.එත් කෙල්ලට කලින් තිබ්බ ලස්සන කටභඩ නෙවේ.කෙල්ලට දැන් දුක දැනිලා දැනිලම හිතට දුක දරාගන්න බොහොම හොද හයියක් ්තිබ්බා.කෙල්ල බාගෙට නවත්තපු MA එකේ වැඩ ආයේ පටන් ගත්තා.ඒ අම්මගේ තාත්තාගේ බලාපොරොත්තු ඉස්ට කරන්න.රස්සාවත් කරන් මේ හැමදේම කරපු කෙල්ල දැන් කවුන්සලිනුත් කරනවා.
දවසක් කැම්පස් එකේදි නොහිතපු දෙයක් වෙනවා.විනුරට නොහිතපු විදිහට අසනීප වෙනවා.ඒත් කොල්ලගේ පන විහාර නෙවෙයි පැත්තවත් බලන්නේ කොල්ලගේ යාලුවොයි සිලුනියි එකතුවෙලා කොල්ලව හොස්පිට්ල් ඇඩ්මිඩ් කලා හොස්පිට්ල් ඉන්න කාලෙටම එකම දවසක්වත් විහාරා විනුරව බලන්න ආවේ නෑ ඒත් සිලුනි නම් පුලුවන් හැමදාම ආවා.කොල්ලා කොච්චරවත් අහනවා විහාරා කෝ කියලා ඒත් සිලුනි උත්තර දෙන්නෑ මග අරිනවා.දවසක් විහාරා ව විනුර දකිනවා හොස්පිට්ල් එකෙන් ඒ ඒ වොඩ් එකේ ඩොක්ටත් එක්ක කොල්ලා විහාරා දිහා බල් උන්නට විහාරා විනුර දිහාවත් නොබලා යන්න යනවා.ඒ වෙනකොට සිලුනි විනුරව බලන්න හොිස්පිට්ල් එන ගමන් .මේ ඩොක්ටත් එක්ක එලියට යන විහාරව සිලුනිට හම්බෙනවා.
කොහෙද විහාර විනුරව බලන්න ආවද😕😕
මට පිස්සු නෑ පිස්සෝ බලන්න එන්න😡😡😡
විහාර කිව්වේ හරිම අමානුශිකව.මුකුත්ම නොකියපු සිලුනි යන්න ගියා.සිලුනි යන්න ගියාම ඩොක්ට ඇහුවා කවුද පිස්සා කියලා.විහාර කිවේ කැම්පස් එකෙන් එයා පස්සේ ආපු කොල්ලෙක් කියලා.විහාරව ගෙදර පිටත් කරලා ඩොක්ට ආපහු වොඩ් එකට එනවා.ඒ එද්දි විනුරට සිලුනි සුප් එකක් පොවනවා.ඒ නිසා ඩොක්ට ටේබල් එක ලග නව තිවා.සුප් බොන ගමන් විනුර ආයෙම විහාර ගැන ඇහුවට එදත් සිලුනි ඇහුන්නෑ වගේ ඉන්නවා.කෙල්ල කොල්ලටවලා ඉවර වෙලා ඩොක්ටව මුන ගැහෙන්න යන්නේ විනුරගේ තත්වේ කොමද බලන්න ඒත් කෙල්ලට වෙන්නේ ඩොක්ටගේ ප්ර්ශ්න වලට උත්තර දෙන්න.කෙල්ල සේරම විස්තරේ අහන් ඉන්නවා.කිසිම දෙයක් නොකියා.
ඩොක්ටගේ කවුද විහාරා 😕😕😕
කෙල්ල අහන්නේ මේ ගැන මෙච්චර ඩොක්ට අහපු හෙතුව අපහැදිලි නිසා.
ඒ මන් බදින්න ඉන්න ගර්ල් .ඒත් දැන්නම් එයා බදින්න තියා ආස් රය කරන්නවත් සුදුසු නෑ.
ඩොක්ට එහෙමකියලා සිලුනි එක්කම විනුරගේ බෙඩ් එක ලගට ආවේ රිපොට් ෆයිල් එක ගන්න.
ඩොක්ට කවුද අර ඩොක්ටත් එක්ක කතා කරපු සුදු 😟😟😟
කොල්ලා අහද්දි ඩොක්ට උඩ ගියා.
ආ ඒ මගේ යාලුවෙක්ගේ නංගි කෙනෙක් දුරින් නෑයොත් වෙනවා 😦😦
ඩොක්ට එහෙම කියලා ෆයිල් ටිකත් අරන් ටේබල් එක ලගට ගියා.සිලුනිත් ඒ පස්සෙන්ම ගියා.විනුරට හාර්ට් එකක් බදද කරන්න වෙලා.කෙල්ලට මුලු ඇගම පිච්චුනා වගේ.ඩොක්ට ලග ඉදලා විනුර ලගට ගිය සිලුනි බලද්දි විනුරට නින්ද ගිහින් .සිලුනි විනුරට කතා නොකරම ගෙදර යනවා.ගෙදර ගිහින් දහ අතේ කල්ප්නා කරන කරන සිනුලි අම්මයි තාත්තයි ලගට යන්න තීරනය කරනවා.කොලේක සිනුලිි ලියනවා එයාගෙ හාර්ට් එක විනුරට දෙන්නකියලා.එහෙම ලිව්ව සිනුලි හොස්පිට්ල් එක කිට්ටුවටම ගිහින්් ඇසිට් බෝතලයක් බොන්නේ විනුරව ජීවත් කරන්න ඕනේ නිසයි.ඇසිට් බිව්ව සිනුලි ICU එකට ඇඩ්මිඩ් වෙනකොටම මේ කොලේ දෙනවා එතන උන්න ඩොක්ටට.ඩොක්ටලා ඉක්මනට ගන්න පුලුවන් උපරිම උත්සගය යොදාලා හාර්ට් පේශන් වොඩ් එකේ උන්න විනුරවයි සිනුලිවයි ඔපරෙශන් තියට එකට ගන්නේ ලංකාවේ තුන්වෙනු හදවත් බද්දය කරන්න.විනුර තමන්ව ඔපරේශන් එකට ගත්තා කියලා දැනන් උන්නට කොහොමද වෙන්නේ කියලා කිසිම දෙයක් එයා දන්නෑ.ඒත් හවස විනුරව බලන්න අම්මලා ආවාම මේ ගැන හොස්පිට්ල් එකෙන් කියනවා.
අනේ මේ දරුවා මොකද මේ කරගත්තේ 😢😢😢
විනුරගේ අම්මා අඩා වැලපුනේ ඔහුවෙනිවෙන් නොවේ.පැය 10කට ආසන්න ඔපරෙශන් එකකින් පස්සේ ඩොක්ට්ලා එලියට ආවේ ලෝකයක් ජයගත්තාවගේ.ඒත් එක්කම සිනුලිගේ මිනිය එහා පැත්තෙන් මෝචරියට අරන්ගියා.විනුරගේ අම්මා ඒ මිනිය බදන වැලපුනේ විනුර ජීවත් උනත් කාත් කවුරුත් නැති මේකෙල්ල කරපුදේ මේ ලෝකේ වෙන කවුරුත් තමන්ගේ දරුවත් නොකර නිසායි.මෝචරිය දොර ලගටම ගිය විනුරගේ අම්මා සිනුලිගේ මිනියට අත් එකතුකර්ලා වැන්දා.විනුරගේ පවුලේ සේරම එකතුවෙලා කාත් කවුරුත් නැති සිලුනිගේ අවමංගල්ය ගත්තා.විනුරට සිහි එනකොට සිනුලිගේ අවමංගලේ වැඩ සෙරම ඉවරවෙලා.අම්මලා විනුරව ගෙදර එක්ක යන්න ආවා.ඒත් වෙනදා හැමදාම වගේ තනියමහරි අම්මලා එක්ක හරි එන සිලුනි නැති නිසා විනුර ටිකක් විපරම් කලා.
කෝ අම්මා සිලී නංගි😕😕😕
විනුරගේ අම්මා නෑහුන ගානට උන්නා ඒත් ඒ ලගම උන්න ඩොක්ට විනුර ලගට ආවා.
විනුර ඔයාගේ නංගි ඉන්නේ මෙතන......
කොල්ලගේ පපුවට අතතියන ගමන් ඩොක්ට කිවා.ඒත් මුකුත් නොතෙරුන විනුර බලන් උන්නා ඩොක්ට විස්තරේ කිකියද්දි කොල්ලා හොස්පිට්ල් එක දෙවනත් වෙන්න කෑගහලා ඇඩුවා.ඩොක්ට කොල්ලව නැවැත්තු කොල්ලට එහෙම හොද නැති නිසා.
විනුර එදා ඉදලා පුදුමාකර වෙදනාවකින් ජිවත් උනත්.කොල්ලා හැමදාම කෙල්ලෙගේ පොටෝ එකට මල් පහන් තියලා වැන්දාකොල්ල වෙනුවෙන් ආදරේ හිතේ තිියන් මේලොකෙන් යන්න ගිය සිලුනි නිසා විනුර අද ජීවත් වෙනවා.මැරුනත් ඒ ආදරේ විනුරව ජීවත් කරනවා.එයයි සැබෑ ආදරේ.ක්රියාවෙන් ඔප්පු කරන තුරු ආදරය යනු වචනයක්ම පමනයි..💝💝💝💝💝💝
නිමි....😌😌😌😌😌
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI