තමන්ට හැමදේම කාලය විසින් ලැබෙන්නේද නැත.. තමන් ලබා ගන්නවා මිසක.. ඒ වගේම තමන්ට ඇත්තටම ආදරේ කරපු කෙනෙක් රවට්ටනේ නම් කාලය විසින්ම එයට දඩුවම් කරාවි.. සත්‍ය වැටහෙන විට සියලු දේ සිදු වී හමාරය.

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

"දුවේ අද අර පිරිමි ළමයා ඔයාව බලන්න එනවලු"
"මොන පිරිමි ළමයද අම්මේ😱"
"ඇයි ළමයෝ මම ඊයේ කිව්වේ.. අර තාත්තගෙ යාළුවගෙ පුතා"
පූර්ණි ඇස් දෙකත් උඩ තියාගෙන අම්මගෙන් ප්රශ්න කරන්නවුනේ මොකක්ද? මොන පිරිමි ළමයෙක් ගැනද? මේ කියන්නෙ කියන අදහසින්..
"මට මතක නෑනෙ අම්මේ"
"ඇයි ළම⁣යො මම අර photo එකකුත් පෙන්නුවෙ.. මතක නෑ කියන්න එපා බොරුවට දැන්"
"අෆ්ෆෝ අම්මේ.. අර මිහිරාන් කියන කෙනාද"
"හ්ම්"
"මොකක්ද අම්මේ.. මට නම් බෑ දැන්ම කසාද බදින්න.. අනික ඔය ආදරේ කියන දේ මම විශ්වාස කරන්නෙත් නෑ.. අම්මා දන්නවනෙ මම නුවන්ට කොච්චර ආදරේ කරත් අන්තිමට එයා මාව දාලා ගියපු විදිය"
"ඕවා ඉතින් මුලින් මුලින් ගෙදට්ටත් හොරෙන් කරගන්න හදපු දේවල්නෙ.. අන්තිමට ගෙදර මිනිස්සුන්ව රවට්ටන්න ගිහින් තමන්ම රැවටුන හැටි තාම මතක තියෙනවනම් හොදයි ඉතින්"
අම්මා පූර්ණි දිහා යටින් බල බල ඉණටත් අත තියාගෙන කිව්වේ ඇයට ⁣වෙච්ච දේ හරි කියනවා මෙන්ය..
ඒත් එක්කම පූර්ණි අස් පුරවලා කදුලු වරුසාවක් හිර කරන් බිම බලාගෙන සුසුමක් හෙලන්නටවුනි..
"අනේ අම්මේ මට කසාද බදින්න බෑ"
"අනන් මනන් හරියන්නෙ නෑ පූර්ණි.. ගියසැරේ මමයි තාත්තයි ඔයාගෙ කැමත්තට ඉඩ දුන්නෙ අපිට ඉන්න එකම කෙල්ල වැරදි තීරණයක් ගනී කියලා හිතාගෙන.. අන්තිමට මතකනෙ ඌ නටපු නාඩගම්"
පූර්ණිට තවත් වචනයක් කතා කරන්නට ඉඩ නොලැබෙන බව ඇයට වැටහිනි..
"අම්මා මොනා කිව්වත් මම කසාද බදින්නෙ නෑ දැන්ම.. අනික මට නුවන්ව අමතක කරන්නත් බෑ"
"එතකොට උබ හදන්නෙ ගෙදට්ට නාකි වෙන්නද.. කොහෙද යන රස්තයාදු කාරයෙක් ගැන හිත හිත"
පූර්ණි මොනවත් නොකියා ගේ තුලට දුවගෙන ගියේ හඩ⁣මින්,මුමුණමින්ය..
**********
"මැණිකෙ කෝ දුව"
පූර්ණිගෙ තාත්තා වැඩ ඇරී හවස ගෙට ගොඩ වෙද්දී දුව ගැන ඇහුවේ වෙනදට පොඩි එකී වගේ තමා ඉස්සරහට දුවගෙන එන දූ පොඩිත්ත අද ආවේ නැති නිසාම වෙන්න ඇති..
"අර ඉන්නෙ කාබරේට වෙලා අඩ අඩ"
"අඩනවා ඒ මොකද.. මොනාහරි කියලා කෙලීගෙ හිත රිද්දන්න ඇති එහෙනම්"
"ඔව් ඔව් දැන් තාත්තටයි,දූටයි මං තමයි වැරදි"
පූර්ණිගෙ අම්මා එහෙම කියාගෙන ගේ ඇතුලට ගියේ තරහක් පිට කරන ගමන්මෙනි..
"දුවේ"
"තාත්තෙ එන්න ඇතුලට"
පූර්ණිගෙ තාත්තා පූර්ණි ලගට ගියේ තමන්ගෙ දුව කනස්සලෙන්,හෑඩූ කදුලින් ඉන්නවා දැකීමට අකමැති නිසා..
"දුවේ මොකද මේ අඩන්නෙ.. හරියට පොඩි ළමයෙක් වගේනේ"
"තාත්තෙ මට කසාද බදින්න බෑ.. තාත්තවත් තේරුම් ගන්නකො"
ඔහු පූර්ණිගෙ කදුලු පිහිදාන ගමන් කට කොනින් හිනා වෙන්නටවුනි..
"ඇයි තාත්තෙ"
"දුවේ මම ඔයාට ගොඩක් ආදරෙයි.. ඔයාගෙ අම්මටත් මම ගොඩක් ආදරෙයි.. ඒත් මම කැමති නෑ ඔය දෙන්නගෙන් එක්කෙනෙක්වත් කදුලු පෙරාගෙන,දුකින් ඉන්නවට.. එතකොට මට හිතතෙන්නෙ මගේ අතින් ඔයාලට අඩුපාඩු වෙනවදෝ කියලා.. ඔයා දන්නවද ඔයාගෙ අම්මා මාත් එක්ක ආවට පස්සෙ අඩපු දවස් දෙකක් තියෙනවා.. එකක් ගෙදර අය මතක්වෙලා.. අනිත් එක ඔයාව හම්බවුනාට පස්සෙ.. ඉතින් මම අදටත් අම්මට අඩුපාඩුවක් නොකර බලාගන්න උත්සාහ කරන්නෙ මාව විශ්වාස කරලා ආපු කෙනාගෙ හිත රිද්දන්න හීනෙකින්වත් බැරි නිසයි.. ඉතින් ඔයත් ඔහොම නොකා නොබී අඩ අඩ ඉද්දි මට වාවන්නෙ නෑනෙ දුවේ"
පූර්ණිට හැඩීම පැත්කින් තියලා තමන්ගෙ තාත්තා හරියට ගුරුවරයෙක් වගේ කියන දේවල්,තේරුම් කරන්න හදන හැටි අහගෙන හිටියේ ආසාවෙන්.. ඇයට දැන් දුක මතකවත් නෑ..
"ඇයි තාත්තෙ මම නුවන්ට මෙච්චර ආදරේ කරලත් එයාට මාත් එක්ක ඉන්න බැරිවුනේ.. "
"පුතේ අපිට ඇත්තටම ආදරේ කරන කෙනෙක් හම්බවෙන්නේ එකපාරයි.. ඉතින් පුතා සතුටු වෙන්න නුවන් වගේ කෙනෙක් ඔහොම හරි ඈත් වෙච්ච එක ගැන.. මම දුවට කසාද බදින්න බල කරන්නෙ නෑ.. ඒත් මම කවදාවත් මගේ දුවගෙ ජීවිතය විනාශ කරන්නෙත් නෑ.. ඒක නිසා තමන්ට ආදරේ නැති කෙනෙක් තමන්ගෙන් අයින් වෙච්ච එක ගැන සතුටුවෙලා බලන්න.. එතකොට දුවටම තේරේවි දුව වෙනුවෙන් මවපු කෙනා තාම ලැබිලා නෑ කියලා"
එහෙම කියාගෙනම තාත්තා පූර්ණිගෙ කාමරෙන් ඉවතට ගියේ ලොකු පණිවිඩයක් අැයට දුන් නිසාය..
මටත් තාත්තා වගේ ආදරය කරන කෙනෙක් ලැබෙනවනම්.. එහෙම හිතාගෙනම ඇය මිහිරාන්ට කැමත්ත දී කසාදෙ ජයටම ගත්තාය..
මාසයකට පසු___
"මැට්ටි මෙහෙට එන්නකො.."
"මට බැහැ බබා.. දැන් වැඩ ගොඩාක් තියෙනවා කරන්න.. උයන්නත් ඕනි දවල්ට.."
"ආ බැරිද මැට්ටි"
මිහිරාන් පූර්ණිව ඇදට අරන් අත් මිරිකන් නලලට කිස් එකක් දුන්නේය..
ඇය ඇස් පියාගෙන එහි රසය විදින්නට වුනි..
"මේ දැන්වත් මාව අතාරිනවද මෝඩයෝ"
"ඔන්න ඔන්න අතඇරියා.. මේ ඒක නෙවෙයි අද අපි හවස පන්සල් යමුද.."
"හා යමුකො.. අපි පිල්ලෑවෙ යමු එහෙනම්"
"හා මැණික"
**********
"පූර්ණි ඉක්මනට එන්නකු දැන් යන්නත් හවස් වෙනවා.."
ඉස්තෝප්පුවට වී කෑගහන මිහිරාන්ගෙ හඩ ගේ තුල රැව් පිලිරැව් දුනි..
"එනවා එනවා" කියාගෙන පූර්ණි ඉස්තෝප්පුවට එනවා දැකපු මිහිරාන් ඇස් අදහා ගත නොහැකි විය..
කොණ්ඩ කරලක් ගොතලා,ලස්සන සුදු ගවුමට රතුපාට පුංචි පිච්ච මල් වැටුණු ගවුම ඇයව තවත් වර්ණවත් කලේය..
"ශා මගේ බිරිදගෙ ලස්සන.. අද හරියට ඉටි රූපයක් වගේ"
එහෙම කියාගෙනම මිහිරාන් ඇයගේ් අතින් ඇද ලගට කර කන⁣ට කොදුරන්නවුනි..
"අයියෝ අතාරිනවකො මැට්ටො ඔය ඉතින් කොණ්ඩෙත් අවුල් වෙනවා"
"මට බයයි පූර්ණි"
"ආ ඒ මොකද"
"ඔයාව කවුරුහරි අරන් ගියොත්.. මටත් හොරෙන්"
"පිස්සුද සුදු මහත්තයො එහෙම දෙයක් හීනෙකින්වත් වෙන්නෙ නෑ"
තමන්ට ආදරේ නැති කෙනෙක්ට අච්චර ආදරේ කරානම් තමන් වෙනුවෙන් ඉන්න කෙනාට කොච්චර ආදරේ කරනවද කියලා ඇයට දහස් වාරයක් මිහිරාන්ට කොදුරන්නට සිතුනි..
ඔවුන් දෙදෙනා කාර් එකට නැග පන්සල් යන්නට පිටත් වුනි..
*************
"සුදු අපි බෝ මළුවට යමුද"
"පූර්ණි ඔයා බෝ මළුවට යන්න බබා.. මම ඉස්සරහට ගිහිල්ලා වාහානෙ පාර්ක් කරලා එන්නම්"
"අනේ මමත් එන්නම්කො"
"එපා බබා වාහානෙ පාර්ක් කරන තැන ඉදලා ගොඩක් ආපහු ඇවිදන් එන්න ඕනෙ.. ඒක නිසා ඔයා බෝ මළුවට යන්න.. නැත්තම් මගේ කෙල්ල ඇවිදන් ඇවිල්ලා දාඩිය දාවි"
එහෙම කියාගෙන මිහිරාන් යන්නටවුනි.. මම කොච්චර වාසනාවන්තද මේ වගේ ජීවිතයක් ගත කරන්න.. මිහිරාන් කොච්චර හොද කෙනෙක්ද.. මේ හැමදේම මගේ තාත්තා නිසා තමයි.. මගේ තාත්තට ගොඩක් පිං දෙවියනි..
"පූර්ණි"
එකපාරටම තමන්ගෙ නම කියලා කෑ ගහන්නෙ කව්ද කියලා බලන්න ඇය ඔළුව පැත්තට හැරව්වාය..
"දෙයියනේ නුවන්"
ඈතින් ඇදී එන නුවන්ගෙ රුව දැකපු පූර්ණි ගල්ගැහී බලන්වුනි
"පූර්ණි ඔයා පන්සල් ආවද කාත් එක්කද"
"නුවන් ඔයා"
"හ්ම්"
ඇයට කරගන්නට දෙයක් නැතිව දෙගිඩියාවෙන් හිදී..
"පූර්ණි මට සමාවෙන්න.. මෙච්චර ආදරේ කරපු ඔයාව දාලා ගියාට"
පූර්ණි හිනාවෙන්නට වුනි
"ඔයා සමාව ඉලන්න ඕනි නෑ නුවන්.. ඔයා මාව දාල ගිය එක ගැන මම ගොඩක් සතුටු වෙනවා"
"ඔයා තාමත් මාත් එක්ක තරහින් නේද ඉන්නෙ.. ඒත් ඔයා තරම් මට කව්රුත් ආදරේ කරන්නෙ නෑ පූර්ණි"
එහෙම කියාගෙනම නුවන් පූර්ණිගෙ අත අල්ලන්නට තැත් කලේය..
"පූර්ණි"
ඒ හඩ දෝංකාර දෙද්දිම නුවන් අත අහකට කර බැලීය.. ඒ මිහිරාන්ය ඔහු එතනට ආවේ තම බිරිද දුටු නිසා බව නුවන් දන්නේ නැත..
"සුදු ඔයා තාම මෙතනද.. යමු බෝ මළුවට"
එහෙම කියනවාත් එක්කම මිහිරාන්ගෙ අත පටලවාගෙන පූර්ණි අතේ එල්ලුනි..
"අනේ මගෙ මහත්තයට මහන්සි පාටයි නේද"
පූර්ණි එහෙම කියද්දි නුවන්ට ඉරිසියාවක් ඇති නොවුනාම නොවෙයි..
"නුවන් මේ මගෙ හස්බන්ඩ්.. පැටී මේ මගෙ යාළුවෙක් නුවන්"
"ඔහ් එහෙමද.. හායි නුවන්"
"නුවන් අපි දැන් යනවා.. ඔයාට ගොඩාක් ස්තූති"
එලෙස කියාගෙනම පූර්ණි මිහිරාන්ගෙ අතේ එල්ලී යන්නටවුනි.....
තමන්ට හැමදේම කාලය විසින් ලැබෙන්නේද නැත.. තමන් ලබා ගන්නවා මිසක.. ඒ වගේම තමන්ට ඇත්තටම ආදරේ කරපු කෙනෙක් රවට්ටනේ නම් කාලය විසින්ම එයට දඩුවම් කරාවි.. සත්ය වැටහෙන විට සියලු දේ සිදු වී හමාරය..
සමාප්තයි....
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI