දෙවියනේ ඔයා කොහොමද මට මෙහෙම කියන්නෙ .....ඔයා දන්නවා ඔයාගෙ කෙල්ල ගැන...... අනේ මේ යනවා යන්න...මට උබගෙන් ඇති වැඩක් නෑ.මන් උබට බලෙන් මුකුත් කරෙ නෑනෙ.උබත් කැමැත්තෙන් ආවෙ....

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
ඒ බලහන් අර...අර ...අතන ඉන්න කොල්ලා..පට්ට නේ............................
ඒ මන් උබව දැක්ක පලවෙනි දවස..හීන් පොද වැස්සෙ මායි මගෙ යාලුවා වෙච්ච නිම්මියි පංති යන්න හිටපු බස් හෝල්ට් එකේ එහා පැත්තෙ උබ හිටියා සුදු අත්දිග ශර්ට් එක නවලා,බ්ලූ ඩෙනිම ට ගැලපෙන සපත්තු දෙකත් දාලා පෝන් එක ඔබ ඔබ....
එක පාරටම උබ මන් දිහා බැලුවා..දෙවියනේ ඒ බැල්ම....උබ දන්නවද උබගෙ ඒ පලවෙනි බැල්මටම මන් වශී උනා...උබගෙ ලාවට ඇදිලා තිබ්බ හිනාව දිහා මන් තප්පරගානක් බලාගෙන හිටියෙ හුස්මවත් නොගෙන........
කාලයක් යද්දි උබයි මායි පෙම්වතුන් උනේ නොහිතපු විදියට ..උබ හුගක් සෙල්ලක්කාර කොල්ලෙක්.උබ මාත් එක්ක යාලුවෙලා ඉද්දිම තවත් කෙල්ලො දෙතුන් දෙනෙක් එක්ක උබගෙ පලහිලව්වක් තිබ්බා කියලා මන් දැනන් හිටියා..ඒත් උබට පැලෙන්න ආදරේ කරපු හිත ඒවා පිලිගන්න කැමති උනේ නෑ................
මගේ සුදු අම්මි...බයවෙන්න එපා..මන් ඔයාව ඉක්මනින් බදිනවා....................
මගෙ ජීවිතේ වටිනම දේ පාලු කාමරයක් අස්සෙ කිලුටු වෙච්චි ඇදක් උඩ නැති කරපු උබ මට දස දහස් ගනනින් පොරොන්දු දුන්නා...එක පාරක් නෙවෙ කීප පාරක්ම උබේ නොසන්සිදුණු ආශාවල් මගෙන් පියව ගත්තට කවමදාවත් මන් උබගෙන් ඒකට ලියවිල්ලක් ඉල්ලුවෙ නෑ........
නිශී උබට පිස්සුද......වරුන උබට කරන්නෙ බොරුවක් ...ආදරෙන් අන්ධ වෙලා ඉන්න එපා යකෝ..කියන දේ අහපන්..........
මගෙ යාලුවො ඔක්කෝම මාව ගොඩගන්න හදද්දි මන් ඒ සේරෝමටම පිටු පෑවෙ මන් උබට අවංකවම ආදරේ කරන හින්දා..උබගෙ ඔය පිස්සු වට්ට්න ඇස් වලට,උනුහුමට මන් හුගක් ආදරේ කලා...ඕනිම ගෑනු හිතකට ලන් වෙන්න පුළුවන් හැකියාවක් උබට ඇත්තටම තිබුනා..ඒ සතුට ඒ මිහිර මන් මගේ ජිව්තේ කියලා මාවම රවට්ට ගත්තා......
ඔහොම මාස ගානක් ගෙවිලා ගියා...උබ දැන් හරි වෙනස්....මාව බලන්න කතා කරන්න උබට වෙලාවක් නෑ....අඩුම තරමෙ මන් උන්නද මලාදවත් කියලා උබට ගානක් නෑ...මන් දන්නවා උබට අලුත් කෙල්ලෙක් ඉන්නවා කියලා ..ඒත් මේ හිත උබට ආදරේ කරන තරම්.............
මේ මොන මගුලක්ද ඕයී..........කොයිවෙලෙත් මගේ ඇගේම එල්ලෙන්න එන්නෙ..........
අනේ ඇයි මගෙ පන මට ඔහොම කරන්නෙ.......
අනේ මේහ්හ්...කටවහගෙන යනවද යන්න....
මන් කොහෙ යන්නද...මට ඔයාව ඕනිනෙ...
යකෝ මන් කරගත්ත මෝඩකමක්..මේ අහනවා නිශී මට තමුසෙ එක්ක ගණුදෙනුවක් නෑ...යනවා යන්න.......
ඒ කිව්වෙ ඔයා මට ආදරේ නැද්ද අයියේ දැන්.....
අනේ මේහ්හ් යනවා යන්න ...මෙතන මාත් එක්ක යමන් කිව්ව ගමන් ඇවිත් අමාරුව හොද කරගෙන මගේ ඇගේ එල්ලෙන්නද හිතන් හිටියෙ..ඒවා හදේ..........
මො..ම්..මොනවද අයියේ මේ කියන කතා...ඔහොම කරන්න එපා මගෙ දෙයියෝ ..
කව්ද දන්නෙ තව කාත් එක්ක නටලද කියලා ..
දෙවියනේ ඔයා කොහොමද මට මෙහෙම කියන්නෙ .....ඔයා දන්නවා ඔයාගෙ කෙල්ල ගැන......
අනේ මේ යනවා යන්න...මට උබගෙන් ඇති වැඩක් නෑ.මන් උබට බලෙන් මුකුත් කරෙ නෑනෙ.උබත් කැමැත්තෙන් ආවෙ....
අහනවා අදින් පස්සෙ උබගෙයි මගෙයි මුකුත් නෑ.යන දේවාලෙක පලයන් දැන්.....වේ###
එදත් උබව දැක්ක පලවෙනි දවස වගෙම හීන් පොද වැස්සකට මාව තෙමෙනවා..උබ යන්න ගියා..ලෝකෙට කෙල්ලෙක් උනත් මන් අවලංගු කාසියක් කරලා උබ යන්නම ගියා...
උබට නැහීගෙන ආදරේ කරපු වරදට,උබවම විශ්වාස කරගෙන මගෙ ජීවිතේ උබට බාර දුන්නු පවට මට ලැබුනු නම්බුව වේ##.....පැය ගනන් හුරතල් වෙද්දි සුදු අම්මි වෙච්චි මාව උබට දැන් එහෙමලු.....
ඉතිං මගෙ ජීවිතේ විනාස කරලා උබ යන්න ගියා.දන්නවද මන් අඩපු තරම..උබ හින්දා පෑරිච්ච මේ හිත උබව අදටත් හොයනවා....
උබත් එක්ක ගෙවපු කාලෙ,අපි කතා කරපු දේවල් ,බොරුවට උනත් උබ මට පෙන්නපු ලස්සන ලෝකෙ,,උබ වෙනුවෙන් මගෙ හිතේ තිබ්බ හීන එක තප්පරේකින් උබ විනාස කරලා දැම්මා...ඇඩුවා පොලොවෙ හැපුනා,හීල්ලුවා ..බලාගෙන හිටියා...ඒත් උබ ආවෙ නෑ............................
නිශ්...ශී...........ඔයා......
කාලයක් ගතවුනා..උබ හින්දා නැතිවුනු මගෙ ජීවිතේ එකක් ඇර අනිත් සේරෝම මන් ආයෙම ලබා ගත්තා...උබ වෙනුවෙන් හූල්ලපු මගෙ ගෑනු හිත මන් කාලෙකට කලින් මරලා දැම්මා..උබට පනටත් වඩා ආදරේ කරපු තරමටම මන් උබට වෛර කරන්න පෙලබුනා....උබ කරපු ද්රෝහිකම හින්දා මන් විදවපු විදවිල්ල,ඇස් කෙවෙනි රිදෙන තරමටම අඩපු තරමක්,ජීවිතේ නැගිටගන්න බැරි තරමටම වැටිච්ච තරමක්....ඒ සේරෝම හින්දා අද මන් ඉන්න විදිහක්.........
මන් එදා කෑ ගගහා උබට වැද වැද කියලත් උබ යන්න ගියා හිතක් පපුවක් නැති එකෙක් ගානට.උබට පිරිලා තිබ්බ මගෙ පපුව පෙව්නට ඒකට යටින් උබ වෙනුවෙන් උතුරපු ආදරේ උබ දැක්කෙ නෑ...උබෙ සල්ලාල හිතට තවත් එක ගොදුරක් වෙච්ච මාව උබට එදා දැනුනෙ නෑ..
ඒත් දෛවයේ සරදමට වගේ අද අවුරුදු ගානකට පස්සෙ උබ මගෙ ඉස්සරහා හිටගෙන.සහතික ටිකක් ෆයිල් එකක දාගෙන උබ අද මගේම කොම්පැනි එකට ඇවිත් රස්සාවක් හොයාගෙන.........
වාඩිවෙන්න.........................
උබව දැක්ක ගමන් මගෙ නහරයක් නහරයක් ගානෙ උබ වෙනුවෙන් තිබ්බ වෛරය එලියට ඇවිත් උබව මේ තට්ටු දහතුනෙන් පහලට තල්ලු කරන්න එක පාරටම හිතුනා..ඒත් මන් මගේ හැගීම් පාලනය කරගත්තා.උබ එදා තිරිසනෙක් ගානට මාව පැන්නුවට මන් එහෙම නෑ.මොකද කවදත් මේ පපුවෙ මනුස්සකම ජීවත් වෙන හින්දා .........
නිශ්...නිශී..ඔය් යා...මොකද මෙහ්..හෙ කරන්නේ...
උබගෙ වචනත් ටැපලෙනවා.පුදුමයි එදා කතාවෙන් කාගෙත් හිත් හොරකම් කරපු උබට මා එක්ක කතා කරන්න වචනත් නෑ..........මන් උබට හිනාවෙනවා.හැබැයි මුහුණෙන් නෙවෙ.හදවතින්...............
ඔව් මන් මෙහෙ..මේ මගෙ කම්පැනි එක.....
ලෝකෙ අංක එකේ නිශිත්මා අදිකාරි ගෲප් එක මගේ....................................
උබ බිම බලාගත්ත..මගෙ හිතේ කාලෙකට පස්සෙ පුංචි සතුටක්..උබගෙ ලැජ්ජාව මට දකින්න ඕනි උනා.
ඇයි ඔයා මෙහෙ ආවේ..................
මෙහෙ ඇසිස්ටන්ට් එකවුන්ට් ඔෆිසර් පොසිශන් එකට මන් ඇප්ලයි කලා..මාව සිලෙක්ට් වෙලා කියලා ලියුමක් ඇවිත් තිබුනා.අදයි ඒකෙ ඉන්ටවීව් ඩේට් එක තිබුනෙ..පහලිනුයි මාව මෙතනට එව්වෙ..............
උබගෙ ඉස්සර පුරාජේරු කතා මුකුත් නෑ අද.ඉස්සර උබෙ තිබ්බ පොශ් ගතිය උබෙන් මට දකින්න නෑ....................
හ්ම්ම්ම් ඔයා සිලෙක්ට් ....හෙට ඉදන් වැඩට එන්න...හෙට ඇවිත් නාමලී මිස්ව හම්බු වෙන්න..දැන් ඔයාට යන්න පුළුවන් ............
මට උබට රස්සාවක් දෙන්න හිතුනෙ නෑ..ඒත් උබ විදවන්න ඕනි.උබ මට දුන්නු වේදනාවට උබ කරපු ද්රෝහිකමට උබ පසුතැවෙන්න ඕනි..උබ මාව එපා කියලා ගිය එකට සිය දහස් වාරයක් පසුතැවෙන්න ඕනි...........ඒකට මේ දඩුවම තමයි හොද..ජීවිතේ පනටත් වඩා ආදරේ කරපු කෙල්ලව අනාත කරලා අසරණ කරලා යන්න ගිය උබ දකින්න ඕනි ඒ කෙල්ල උබ නැතිව මේ ජීවිතේ දින්න හැටි...................
උබ රස්සවට ආවා...මන් උබගෙ දිහාවත් බැලුවෙ නෑ..ඒත් මන් දන්නවා උබ හුල්ලනවා කියලා මාව දකින දකින පාරකට..ආරංචියෙ හැටියට උබ නටන්න තීන හැම වන්නමක්ම නටලා අන්තිමේදී කාවද කරගහගත්ත කියලා මන් දන්නවා..ඒත් උබගෙ පව් පලදෙන්න පටන් ගත්ත නිසාම ඒ ගෑණිත් උබව දාලා ගිහින්ලු...දැන් ඒකි උබගෙන් ඩිවෝස් වෙන්න නඩු බඩගානවලු...මන් උබට වෙච්ච දේට සතුටු වෙන්නෙ නෑ...ඒත් දුකක් වෙන්න තරම් මට අවශ්යතාවයකුත් නෑ...............
හෙට හවස හතරට ග්රෑන්ඩ් හීල්ස් කොෆි ශොප් එකට ඇවිත් ඉන්න..............
උබ පුදුම උනා.උබගෙ ඇස්වල හීනියට ඇදුන සතුට මන් දැක්කා.......එහෙම කියාගෙනම මන් යන්න යද්දි උබ එක හුස්මට මන් දිහා බලන් ඉදපු හැටි කාරෙක ඇතුලට ගිහින් මන් බලන් උන්නෙ...මන් දන්නවා උබට මට කරපු වරද එක්ක මගෙම කම්පැනි එකේ නිතර දෙවේලේ මාව දැක දැක ඉන්න බෑ කියලා ..ඒත් මට ඕනිත් ඒකමයි..මොකද උබ මාව ඒ තරම්ම ගින්නකට ඇදලා දැම්මා.............
වෙලාව හතරයි..හරියට ම මන් ග්රෑන්ඩ් හීල්ස් එක ගාව...උබත් ඇවිත් තිබුනා මන් උබව දැක්ක පලවෙනි දවසෙ ඇදන් හිටපු ඒ ඇදුමෙන් ම..අදත් ඒ වගෙම හීන් හිරිපොද වැස්සක් මගේ මුලු ඇගම තමනවා...මේ මන්දාරම් වැස්ස එක්ක උබෙයි මගෙයි කතාවල හුගක් ලස්සන වගේම දුක් මතකයන් බැදිලා තියෙනවා .............ඒ වැහි බිංදු ඒවට සාක්කි දරනවා ...................
නිශී.........................
උබ කවදාවත් නැති තරමටම හැගීම් බරව මට කතා කලා..ඒ වගේ ආදරණීය ආමන්ත්රණයක් මන් මීට හුගකාලෙකට කලින් බලාපොරොත්තු උනා..ඒත් ඒවා අදුරි සෙවැනැලි විතරක් වෙලා මගේ ජීවිතේ සියුම්ම තැන් අදටත් රිද්දනවා..
සතිශ් මේ වරුන...................
උබ උඩ ගියා.අදහන්න බැරිව ඇති.උබ මන් දිහා ප්රශ්න දාහක් තියාගෙන බලාගෙන ඉන්නවා.....
වරුන මේ සතිශ්............මන් බදින්න ඉන්න කෙනා...............
උබ පුටුවට කඩා වැටුනා..උබට විශ්වාස නෑ වගේ..ඒත් ඇත්ත ඒක තමයි..උබ වනසලා දාලා ගිය මගෙ ජීවිතේ තිත්ත ඇත්ත තමයි මේ මගේ ලග ඉන්නෙ.උබගෙ වේදනාව දැක්කම මට කුරිරු සතුටක් ආවා.ඔව් මොකද උබ මන් ඉන්දැද්දි තවත් උන් එක්ක නටද්දි මන් වින්ද වේදනාව ම අද උබත් විදවන්න ඕනි........
හලෝ මචන්...මට නිශී උබ ගැන,උබ හින්දා මේ කෙල්ල විදවපු හැටි සේරෝම කියලා තියෙන්නෙ .මට එවයින් වැඩක් නෑ බන්..මොකද මාත් හිගන්නෙක් වගේ පාරෙ වැඩ කරපු කොල්ලෙක්..එහෙම ඉදපු මට මගෙ පවුලට මේකි අත දුන්නෙ දෙවියෙක් වගේ..ඕනි නම් මේකි මට උදව් කරපු හින්දා ඒකිට වෙච්ච දේවල් නොකියා ඉන්න තිබ්බා.එහෙම කලත් මට වචනයක් කියන්න බැරි හින්දා..ඒත් සල්ලි වල බලය ඒකි ඔලුවට අරගෙන තිබ්බෙ නෑ..මන් ඒ ගතිගුන වලට ආදරේ වුනා..ඒ නිසාම මන් මේකිට ආදරේ කිව්වා..ඒත් එදා මේ කෙල්ල මාව එපා කීවා.පස්සෙන් ගිහින් වැදලා වැදලා මාව එපා කියන්න හේතුව ඇහුවමයි උබ ගැන,ඒ වෙච්ච හැමදේම අකුරක් නැතිව අඩ අඩා මට කිව්වෙ.කියලා අන්තිමේදී මාව එපා කියලා යන්න ගියා.ඒත් මන් කැමැත්තෙන්ම ඒකිව බාරගත්තෙ මන් ආදරේ කරේ මේ කෙල්ලගෙ ඇගට නෙවෙ හිතට හින්දා........
ඉතිං බන් මේ ගමන් උනත් මට එන්න ඕනි උනේ නෑ.ඒත් මේ කෙල්ලගෙ ඉල්ලීම අහක දාන්න මට බැරි උන නිසයි මන් ආවේ.මට උබට කියන්න දෙයක් නෑ බම්.මොකද මන් දන්නවා මේ වෙද්දි උබ කරපු පව් වලට දඩුවම් විදිනවා කියලා ....ඉතිං තවත් උබ ට රිද්දන්න මට ඕනි නෑ.............
නිශී මෙතනට මන් අදාල නෑ බබෝ..ඒ නිසා මන් කාරෙකෙන් ඉන්නම්..කතා කරලා එන්න..පරිස්සමෙන් බුදු සරනයි ...මන් යනවා මචන්..මගෙ කෙල්ලගෙ හිත ආයෙම රිද්දන්න එපා....................
උබ අඩනවා..දන්නව ඒ වචන වලට අඩන්නෙ නැතුව බෑ කියලා ...උබගෙ ඇස්වල කදුලු දැකලා මගෙ හිත වෙනදා වගේ උණු වෙන්නෙ නෑ..මොකද උබට වඩා මන් අඩලා තියෙන නිසා..
නිශී මට සමාවෙයන් බන්...................
උබ මගෙන් සමාව ඉල්ලනවා .
සමාව...සමාව ඉල්ලන්නෙ මාව රැවැට්ටුවටද,එහෙමත් නැත්නම් මගෙ ජීවිතේ විනාස කරාටද,නැත්නම් මට කරපු අපහස වලටද,එහෙමත් නැත්නම් මට දුන්නු දුක් වේදනා වලටද...මේ මොනාටද වරුන මගෙන් සමාව ඉල්ලන්නෙ.මන් ඔයාට කොච්චර ආදරේ කලාද.මන් මොනාද නොකලෙ ඔයා ලග ඉන්න.ඒත් අන්තිමේදී මට මාවත් නැති කරලා ඔයා වෙන ගෑණු එක්ක හුරතල් උනා.මගෙ ලෝකෙට ගිනි තියලා තවත් කෙනෙක් ගෙ ලෝකයක් මල්වලින් සැරසුවා..
තප්පරයකටවත් හිතුනෙ නෑ නේද මන් මොනතරම් විදවනවා ඇද්ද කියලා ..මේ ඇස් වල කදුලු හිදෙනකල් මන් ඇඩුවා,රිදෙනකල් බලන් හිටියා වරුන ඔයා එනකල්..ඒත් කවදාවත් ඔයා ආවෙ නෑ...මාව තනිවෙලා කියලා මටම පිලිගන්න ලොකු කාලයක් ගියා.ඔයත් එක්ක ජීවත් වෙන්න මවපු හැම හීනයක්ම කඩලා බිදලා දාලා ඔයා එදා මහපාරෙ මාව දාලා යද්දි මන් කොච්චර කෑගැහුවද..මතකද වරුන ඔයාට..නෑ එදා ඔයාට මාව ඇහුනෙ නෑ................ඉතිං මන් හිත හදාගත්තා..පිස්සියෙක් වගේ අඩ අඩා හිටපු මන් ඔයාව මගෙ හිතෙන් සදහටම උදුරලා දැම්මා.අමතක කලා මගෙ ජීවිතේ හැමදේම ..ඔයාට ආදරේ කරපු හින්දා මන් පැදුරෙනුත් බිමට වැටුනා වරුන..ඒත් ඒ හිතෙන්ම බැන්ද වෛරෙ නිසාම අද මන් කෝටිපතිනියක්..ජීවිතේ ඔයා නිසා නැතිකරගත්ත හැමදේම අද මන් ගාව තියෙනවා ..ඔව් මන් ඔයා හින්දා පැරදුනේ නෑ..මැරුනෙ නෑ...ජීවත් උනා මට කරපු ද්රෝහිකම මතක තියාගෙන..අන්න ඒ නිසා ආයෙම කාටවත් රැවටෙන්නෙ නැතිව මන් මේ ගමන ආවා.......................
අනේ මට සමාවෙන්න මගෙ පන...............
උබ මගෙ කකුල් දෙක ගාව වැටුනා.මන් උබව නැගිට්ටුවා.මොකද එක දවසක් හරි ආදරේ කරපු උබ මගෙ කකුලෙ වැටෙනවට මන් කැමති නැති නිසා....
මේ තරම් කාලයක් මන් ඔයාට වෛර කලා වරුන.ඒත් මේ තප්පරේ ඉදලා එහෙම නෑ.මොකද ඔයාට ඔයා කරපු පව් වලට දඩුවම් උඩ ඉන්න කෙනා දීලා..දැන් ඉතිං මට ඔයා එක්ක කිසිම ගනුදෙනුවක් නෑ..මන් යනවා වරුන.කිසිම දවසක අහිංසක හිතක් එක්ක සෙල්ලම් කරන්න එපා..ඒ පව මේ සසරේ කොතැනක හරි ගෙවන්න වෙනවා...පරිස්සමෙන් කොහේ හිටියත්..බුදු සරනයි ........................
උබ එක්ක තිබ්බ හැම මතකයක්ම,හැම වේදනාවක් ම,හැම වෛරයක් ම උබගෙ මායිමේ ම මන් ඇතෑරියා...මීට අවුරුදු ගානකට කලින් මාව උබ ලොකු වේදනාවක් එක්ක මේ ලෝකෙ තනිකලා වගෙම අද මන් උබට ලොකු පසුතැවීමක් ඉතුරුකරලා යන්න යනවා.ඔව් සදහටම මන් යන්න යනවා...................
මගෙ ජීවිතේ හුගක් වැදගත් තීරණයක් ගන්න හැමවෙලේකම ආශිර්වාදයක් වෙච්ච් ඒ හිරිපොද වැස්ස අද මන්දාරම් වැස්සක් වෙලා වහින්නෙ මගේ අතීතයේ තිබ්බ හැම කලු පැල්ලමක් ම හෝදලා දාන්න වගේ...........ඉතිං වින්ද දුක් සේරෝටම අද සතුටක් ලැබුනා.ඒ මගෙ ජීවිතේ අඩියටම ඇදලා දාපු කෙනා ඉස්සරහා ම මගෙ ජීවිතේ ජයග්රහණයෙ සව්දිය පුරන්න පුළුවන් වුනු එක......................
අදින් පස්සෙ උබෙයි මගෙයි අතරෙ මුකුත් නෑ.....
උබගෙ ඒ වචන අද මන් මගෙ ක්රියාවෙන්ම ඔප්පු කලා..ඉතිං අවසරයි නික්ම යන්නට අදුරු වලාවලින් නික්ම රිදී රීඛා ලෝකයට...........
නිමි.................................
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI