අවුරුදු පහක මගේ ආදරෙ . හැමදාටම මාව දාලා ගියා. මගෙන් එයාට කිසිම වැරැද්දක් වෙලා නෑ දැනුවත්ව නම් . දැන් එයා මැරි කරලා.. ඒත්😥😥😥 මම පිස්සෙක් වෙලා ..

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
ඔහොම කල්පනා කරන්න එපා පුතේ .. උන දෙ උනා . ඒකිට මගේ රත්තරන් කොල්ලගෙ ආදරෙ ලබන්න පින නෑ.

බලන්නකො ඒ කෙල්ල දැන් මැරි කරලත් මාස දෙකක් වෙනව.. උබ තාම නොකා නොබී ඉන්නව ..

අනේ ප්ලීස් අම්මේ මට පාඩුවෙ ඉන්න දෙන්න ...

අහන්නකො පුතේ හැමදාම ඔහොම ඉදලා බෑනෙ... මගේ පුතේ ඔයත් කවදහරි වෙන කෙනෙක් ගැන හිතන්න ඕනේ

අනේ අම්මේ ප්ලීස් යන්නකෝ

මූට කියනවට වඩා හොදයි මගේ කට ගලක උලා ගන්න එක .😠

.........................................................

ඒ මගේ අම්මා. මගේ තාත්ත පොඩි කාලෙම ඇක්සිඩන්ට් එකකින් නැති උනා ..එදා ඉදන් මාව බලාගත්තේ අම්මා තමා ..

එතකොට මම කවීන් නිලූශ.. මම තාත්තගෙ බිස්නස් බලාගෙන ඉන්නව . දැන් මම ජීවිතේම එපා උන කෙනෙක් .

අවුරුදු පහක මගේ ආදරෙ . හැමදාටම මාව දාලා ගියා. මගෙන් එයාට කිසිම වැරැද්දක් වෙලා නෑ දැනුවත්ව නම් . දැන් එයා මැරි කරලා.. ඒත්😥😥😥 මම පිස්සෙක් වෙලා ..

පුතේ ආච්චි අම්මා කතා කලා

මම පියවි සිහියට ආවෙ අම්මගෙ කට හඩින්

ආ මොකක්ද අම්මේ

ආච්චි අම්මට අසනීපයි ලු. පුතාවත් බලන්න ආසයිලු.

පුතාගෙ හිත හැදෙන්නත් එක්ක ගමෙ ගිහින් එමුද..

අම්මට යන්න ම ඕනෙද

පුතේ ආච්චි අම්ම උබව උස් මහත් කලෙ .... දැන් මෙහෙ නැති උනාට . ගිහින් එමු රත්තරනේ

හරි අම්මා යමු

මම කැමති උනෙ මෙ හැමදේම අමතක කරල ටිකක් නිදහසෙ ඉන්න .

.........................................................

අනේ පුතේ... හෙමින් හෙමින් මොකද ඔච්චර වේගෙන් යන්නෙ.
මරන්නද හදන්නේ මාව . පුලුවන් නම් ඒකත් කරපන් . මට තව ජීවත් වෙන්න ඕනෙ මේ අත් දෙකින් උබේ දරුවෙක්ව වඩාගන්නකම් .

ඇත්තටම ඒ වචනෙ හිත පතුල ටම වැදුනා. මේ මාස දෙකට මම ඒ තරම් මගේ අම්මට දුක් දුන්න .

ඔව් මම වෙනස් වෙන්න ඕනෙ සදකි දුන්න වේදනාව අමතක කරන්න ඕනෙ .. අලුතින් ජීවිතේ පටන් ගන්න ඕනේ..

එහෙම හිත හිත ආච්චි අම්මගෙ ගමටත් ඇවිත් ...

ඇත්තටම ලස්සන ගම්මානයක්.. හිත නැවතුන කීවොත් හරි..

අම්මෙ බලන්නකො ලස්සන වැවක් නේද ..

ඒකනෙ පුතා මෙහෙ ආවත් ඇති හිත සැහැල්ලු වෙනව .

පුතේ පුතේ අයියො ඔන්න බලාගෙන..

අම්මා කියනකොටයි මම ඉස්සරහ බැලුවෙ

දෙවියනෙ කෙල්ලක් පැන්නේ නැද්ද කාර් එකට . තනියමත් නෙවෙ තව පොඩි උන් ටිකක් එක්ක .

මම බ්රේක් ගැහුව පාරට මේකි කාර් එකෙ වැදුන ..

අම්මයි මායි දෙන්නම පිම්මට බැහැලා ආව. යකො මේකිට මොනවා හරි වෙලා තිබ්බොත් එහෙම ... යකෝ මම හිරෙ..

නෑ නෑ ඒකි හොදින් . මෙන්න මෙකි පොඩි උන් එක්ක හිනාව .

අනෙ දුවෙ කරදරයක් නෑ නෙද. පැනපු ගමන් අම්මා ඇහුවෙ නැතැ.

ඔව් නැන්දා මම හොදින් ..

එහෙනම් අපි යන්නම් දුවෙ.. එහෙම කියල අම්මා කා එකට ගියා ..

මම යන්න හදද්දී ම..

මේ හලො වැරැද්දක් කරා නම් සමාව ගන්න දන් නැද්ද .😠😠

හෑ මෙන්න මේකි මට රවනව.

ආහ් හා අයිම් සොරි.. මුන් ඉතිම් ගමෙනේ ඉන්ග්රීසි දන්න එකෙක් යැ. ඒ නිසා මම එහෙම කිවෙ

ඕකෙ මිස්ටර් ප්ලීස් ඩ්ර්යුව් යුවර් කා ස්ලෝලි..

හෑ මෙන්න මේකි ඉන්ග්රීසියෙන් කතා කරනව.. ම්ම්ම් අනේ මන්දා දක්ශ කටකාර කෙල්ලක් .

ඔකෙ බායි ටේක් යා..

එහෙම කියල මම කා එක දිහාටගියා . මම ආයෙමත් හැරිල බලද්දී ඒකි .නෙලුම් මල්වගෙකුත් අරන් හිනා වෙවි පොඩි උන් එක්ක යනව..

ඒකිගෙ කතාවට මටත් හිනා ගියා .. මට දෙවෙනි නැතුව කතා කලානෙ.
.........................................................

අහිංසක කෙල්ලක් වගෙ නේද පුතෙ.. හැප්පිලත් මොකුත් කිවෙ නෑ.. අඩු තරමේ සමාවවත් අපි ගත්තෙ නෑ😥😥

හිකිස් මටම හිනා ගියා .. අම්මා දන් නෑ ඒකිගෙ කට..

මම ඕව කියන්න ගියෙ නෑ ඉතිම් .

ඔව් අහිංසක කෙල්ලක් අම්මා .. යන්නම් කියල ත් ගියා .. 😂😂😂

සී දේවි රූපෙ...

අම්මා හෙමීට කියනව මට ඇහුනා
🙄🙄
......................................................

ඔන්න අම්මා අපි ආව..

ආ අර ඉන්නෙ මගේ සුදු බෝලේ වගෙ😏😏😏 ආච්චි අම්මා ..

කොහොමද දුවෙ අම්මේ කොල්ලව දැක්ක කල්..

කොහොමද ආච්චි අම්මේ ..

හොදයි පුතේ දැන් නම් ... යමු යමු ඇතුලට ගිහින් කතා කරමු...

අම්මා ඉතිම් කියන්නකො .....

ඔන්න ඉතිම් අපෙ ආච්චි යි එයාගෙ දුවයි හම්බුනා කියන්නෙ නිකම් ගම ගෙදරට ගෙනත් දැම්මා වගෙ ..

ඒ තරම් සද්දෙ... අනික කොච්චර දේවල් කතා කරන්න තියේද ..😂😂 කේලම් එහෙම

..........................................................

මම ඉතිම් හෙමීට ලිදෙන් නෑව .. අම්මෝ සනීපෙ. ගෙදර වගෙද ලිද...

මම ආපහු එන්න හැරෙද්දි දැක්කෙ චීත්තෙකුත් ඇදගෙන පැද්දි පැද්දි එන ලස්සන කෙල්ලක්ව.. ඒකි එන්නෙ ලිදට කියල තේරුන නිසා මම හෙමීට මාරු උනා..

ටික දුරක් ගිහින් හැරිල බලද්දී යකො දෙවියන්ට ඔප්පු වෙච්චාවෙ අර කටකාරිනෙ මේ ...

මොකක් හරි කියාගෙනම යන්න හදලත් ආයෙ මම ආව ඉතිම් .. ඒකි මාව දැක්කෙ නෑ..

........................................................

ආ පුතේ නාගත්තද එන්න එන්න කෑම කාලා ඉමු

හා ආච්චි අම්මෙ මොනවා ද තියෙන්නේ කන්න ..

ඔන්න අද පොලොස් ඇඹුලක් හදලා පුතා ආසම දේවල් තියෙන්නේ .. කන්නකෝ...

ම්ම්ම්ම්ම් අම්මෝ රස...බලන්නකො අම්මා ඔයාගෙ වගේද ආච්චිගෙ කෑම ..

අනෙ එනවකො ආයෙ මගෙන් කන්න .. කන එකයි ඇත්තෙ ආච්චිගෙන් ම..

මෙන්න මගේ සුදු අම්මි😏 ට ඩෝන් ගිහින්...

ආව්... යකෝ ගස්ලබු කෑල්ල මගේ මූනෙ... ඒ තරම් අපෙ අම්මට ඩෝන් ගිහින් ..

.........................................................

ආ නදූ දුව මොකද මේ හොරගල් අහුලන්නෙ අද එන් නැද්ද මාව බලන්න 👀 ..

නැ මෙ මෙ

මොකද කෙල්ලෙ මෙන්න මෙහෙ වරෙන් ..

අම්මත් මමත් හැරිල බැලුවෙ ඒ කවුදැයි බලන්න ..

බුදු අම්මෝ මේ අරකි නෙ... එතකොට මෙයා නදූ ද..

ආනෙ මේ අර දුවනෙ. ඔන්න මැද්දට පැන්නා මගේ අම්ම..

ඔන්න අපෙ අම්මා ආච්චි ට විස්තරය කියන්න පටන් ගත්ත .

..........................................................

හායි කොහොමද ...

මමත් ඉතිම් කෙන්ඩිය දාලා බැලුව😂😂

අයිම් පයින් 😂

යකො මේකිත් දෙවෙනි නෑ මටම කියල දෙවියො දීලා වගෙ ..

එයා නදුලි විනුහංසා... යකෝ ගමෙ එවුන්ට ත් මේ දිව ටැපලෙන නම් දාලනෙ😂

ඔහොම ඉතිම් අපි හොද යාලුවො උනා .. ඇත්තටම මට එයා නිසා මගේ පරණ අතීතෙ අමතක උනා ..

මම එයාට ආදරෙ කරන්න අරන් .. නැ නැ එහෙම නෑ ඒ වගෙ ගොඩෙ එකියක් ට මම ආදරෙ වෙයිද 🙄

..........................................................

මම එයා එක්ක ඔරු පැද්ද. කෙල්ලක් උනාට හැමදේම පුලුවන් .. ඉගෙන ගෙනත් තියෙ හොදට ..

පුතේ ඔහොම ඉදලා බැ මේ ආච්චි හොද යෝජනාවක් බලලා හෙට ගිහින් ඒ ගෑනු ලමයව බලලා එමු

හෑ මම ඩිම් උනා .. එතකොට මගේ කටකාරි ...

මොනවා හරි කිව්වා ද කොල්ලෝ ..

නෑ නෑ ආච්චි .

.......................................................... ඔන්න ඉතිම් මට මගේ අම්මට විරුද්ධ වෙන්න බැරි උනා ..

මම ඒ ඇත්තන්ට කිව්වා රත්තරන් කොල්ලෙක් කියල මගේ මුනුබුරා ... හොද පව්ලක්.. මධ්යම පන්තියේ ..

කෙල්ලව මම හොදට දන්නව ... මාව බලාගත්තනෙ ලෙඩ වෙලා දවස් ගානක් ..

කවුද අම්මා ඔය කෙල්ල .. මගේ පුතාට ගැලපෙයිද..

මොකො බන් නැතුව නැතුව .

ඔහොම ඉතිම් එ දෙන්න කියවනව . .
මම වෙනම ලෝකෙක..

ආයෙත් මම දැක්ක එයාව.. මල් කඩනව.

මාව දැකලා රේස් එකෙ ආවෙ නැද්ද මේකි..

මම වාහනෙ නැවත්තුව. ආච්චි අම්මට හිනා ..🙄😒

ආ මහත්තයා යන්නද..

ඔව් නදු මම අද යනව .

එහෙමද මාත් යනව මහත්තයා ..

කොහෙද

නගරෙ ට

ආ එහෙනම් අපිවත් බලල යන්න එන්නකො...

ඇත්තටම මම ගොඩාක් දුකින් හිටියෙ ,,ඒ අහිංසක පෙනුමට යටින් තිබුණු දගකාර කමට මම ආදරෙ කලා ..

හ්ම්ම් මහත්තයා ..

මහත්තයා කියන්න එපා කවී කියන්න ..

හ්ම් මම යන්නම් කවී..

හ්ම්ම් පරිස්සමෙන් ..

එයා ගියා ඒත් මට දැනුනා එයත් මට ආදරෙ කරනව වගෙ.. ඒත් මොනවා කරන්නද..

යන්නම් මගේ කටකාරියෙ..

මම හිතින් ම එයාට සමු දීලා වාහනේට ගියා ..

ආ මොනවා ද පුතේ නදු කිවෙ

මොකුත් නැ ආච්චි

හරිම හොද කෙල්ලක් නේද

හ්ම් ඔව්

දැන් බලපු කෙල්ල නැත්නම් මම අනිවාර්යයෙන් ඔය කෙල්ලව තමා උබට බන්දන්නෙ... දැන් පරක්කු වැඩි...

ආච්චි එහෙම කියද්දී හිත පෑරුනා..

..........................................................

ආ නෝනෙ නෝනේ .... මෙන්න මේ ඈයෝ ඇවිත් ආවනම්..

එනවා මහත්තයා ..

එන්න එන්න පුතේ ...

ඒ මිනිස්සු හොදට අපිව පිලිගත්තා ..

........................................................

කෝ සුමනා දුව.. එක්ක ආවනම්...

ආච්චි පටන් ගත්ත ඉතිම් මම ගැන කියන්න ..

අපෙ පුතා ඒ කියන්නෙ මගේ මුනුබුරා ........

මම ඉතිම් වෙනම සිහියක..

කෝ සුමනා දුව ඇයි තාම නැත්තේ...

එතකොට තමා මම ඒ ඇන්ටිගෙ මූන දැක්කෙ එයා හොදට ම බය වෙලා වගෙ හිටියෙ ...

අන්කලුයි දෙන්න ගෙට ගිහින් කතාව..

අනේ මහත්තයා දැන් මොකද කරන්නේ ...

ඒකනම් මට හොදට ඇහුනා ..

ඇයි සුමනා ප්රශ්නයක් ද..

නෑ මෙ නෝනා කෙල්ල මේ දැන් හිටියා දැන් නෑනේ ..

ආ බය වෙන්න එපා සුමනා ඒකි එයී..

මම පුදුම උනා ආච්චි කොහොමද ඔච්චර විශ්වාසයෙන් කියන්නෙ..🙄🙄
.......................................................... ඔන්න ටික වෙලාවකින් හෙල්පුවක් අරන් කෙල්ලක් ආව . මම නම් මූන දිහාවත් බැලුවෙ නැ.

මම හිතන්නෙ ඒ කෙල්ලත් මම දිහා බලන් නෙවෙ හිටියෙ .. මොකද එයා ඇවිත් මගෙ කකුලෙ හැප්පුණ .
අම්මා අතට ඇන්නම තමා මම හෙප්පුව ගත්තෙ ..

ඔන්න මම එතොකොට තමා කෙල්ල දිහා බැලුවෙ

දෙවියනෙ මගේ කටකාරිනෙ මේ.. මම පැනපු ගමන් බදාගත්තා.

ඒකි ගැස්සුනා .. ඊට පස්සේ ඔක්කෝම අමතක උනා ඒකිත් මට තුරුළු උනා.

හැමෝටම හිනා .ලැජ්ජවෙ බෑ..

මේ ඔක්කෝම අපෙ අම්මගෙයි ආච්චිගෙයි කපටිකම් .

මේකි මල් කඩන්න ගිහින් තමා පරක්කු වෙලා ආවෙ ..
........................................................

එක පාරම සෙරෙප්පුවක් ඇවිත් මගෙ මූනෙ වැදුනා ..

ආව් ආව්...

ආ පොල් බූරුවා යනව කිව්වා නේද .. හිටපිය තොට මම ....

යකො මේ යක්ශනි මගේ පස්සෙන් එනවෝ...

ඒකිට සාරිය ඇදන් දුවන්න බෑ.. කකුල ටැපලුන😂😂 ඒකි මගේ ඇග උඩ...

හෑ මේ මොකො උබල දෙන්න කරන්නේ .

හුටා ආච්චි ..

හා හා ඉවසපන් තව ටිකක් ..

එහෙම කියාගෙනම එයා ගියා .. අපිට හිතාගන්න බැරි උනා මොකද උනෙ කියල ..😂😂

..........................................................

කොහොම හරි එයා මගෙ දැන් ..

ගම්මානේ කටකාරි හැමදාටම මගේ .. ආදරෙයි නදු උබට මම ...

........................................................

සිහිල් සදකැනින්
තෙමන්නට හදවත
දැමුව නුබ අත්තිවාරම
පතුලටම කකියවා හද
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI