°°°°°මතකයන් හිත පාරවයී... වසන්තේ කොහෙදෝ ගිහින්.. ජීවිතේ තැනක නැවතිලා.. මැකී යයි පිය සටහන්... පාසලෙන්....°°°°°°

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
💓#තවත් #ලස්සන #කතාවක් 💓

💞--#මැකී #යයි #පිය #සටහන්--💞

ඔවුන්ගේ ආදරේ පටන් ගත්තේ උ/පෙළ පන්තියෙන්.. අකිල රස්තියාදුකාර,දඩබ්බරයෙක් වුනත් හිත හොද කොල්ලෙකී.. ඉසුරිගේ පළමු ආදරය වුනේ අකිල.. ගුණ යහපත් නිවිච්ච කෙල්ලෙකි ඇය..

රණ්ඩු කොතැනද අකිල එතැන.. අකිල ගැන ඔවුන්ගේ ප්‍රදේශයේ හැම පුද්ගලයෙක් වගේම දැනගෙන හිටියා.. අකිල වගේ කෙනෙක්ට ඉසුරි වගේ කෙල්ලෙක් කැමති වෙයි කියලා කිසි කෙනෙක් නොහිතපු වෙලාවකයී ඉසුරි අකිලට කැමති වුනේ..

එකම පාසලේ එකම පන්තියේ ඉගෙනුම ලැබූ ඔවුන් දෙදෙනාම ඉගෙනීමට දක්ෂයින් වුනා.. අකිල මොන අකාරයට ඉසුරිට සැළකුවත් ඉසුරි කෙදිනකවත් අකිලට වචනයක් කීවේ නෑ.. ඇගේ හිතේ ඔහු ගැන තිබ්බ ආදරේද වෙනසක් වුනේ නෑ..

යාලුවෝ වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට අකිල දෙපාරක් හිතුවේ නෑ.. ඒ නිසාම අකිල කිහිප විටක්ම සිර භාරයට වගේම තුවාල වෙලා රෝහලේද සිටියා..

මොන දේ වුනත් ඒ සෑම විටම ඉසුරි අකිලට බනින්න හැදුවත් අකිල "සුදු බබා" කිව්ව ගමන් ඇය මොකුත් නොකියා අඩන්න පටන් ගයී..

අකිල කොපමන දඩබ්බරකම් කලත් ඔහුගේ ආදර වුනේ ඉසුරි විතරමයී.. ඔහු මොන දේ කලත් ඇයට දැක්වූයේ අවංක ආදරයක් විතරමයී..

………………………………………………………………………

වෙනදා ඉසුරි එක්ක ටියුෂන් යාමට පැමිණෙන අකිල එදා පැමිණ සිටියේ නැති නිසා ඉසුරි ඔහු පැමිණෙන තුරු බස් නැවතුමට වෙලා බලා ඉන්නට විය.. වෙනදා ඉසුරිට කලිම් අකිල එතැනට පැමිණ සිටියා.. ඉසුරි කෙටි පණිවිඩ කිහිපයක්,ඇමතුම් කිහිපයක් ගත්තත් අකිලගෙන් ඉසුරිට ඒවට පිළිතුරු ලැබුන් නෑ..

පැයකට ආසන්න කාලයක් බලා සිටි ඇය තවත් ප්‍රමාද වුවහොත් පන්තියට ඇතුලු වීමට නොහැකි වන නිසා පිටත්ව යයි..

පන්තියේදී කීප විටකදීම ඉසුරි දුරකථන බැලුවත් අකිලගෙන් කිසිදු ඇමතුමක්,පණිවිඩයක් ලැබුනේ නෑ.. අවසානයටම ඇයට අකිලගෙන් ලැබුනේ අද දින පැමිණෙනවා කිව්ව පණිවිඩය පමණයී..

………………………………………………………………………

"ඉසුරි.. ඔයා..."

"අහ් පියුමි.. හොදයි ඔයාව හම්බුන එක.. අනේ බලන්නකෝ උදේ ඉදන් අකිලගෙන් මැසේජ් එකක්වත්,කෝල එකක්වත් නෑනී.. ඒ මදිවට මං කෝල් ගත්තාම ආන්සර් කරන්නෙත් නෑ.."

"ඉසුරි මේ.. අපි..."

කිසිවක්ද කියන්නේ කියලා හිතා ගැනීමට බැරි වුණු පියුමි මගදි හෝ කිසිම ආරංචියක් ඉසුරි දැන ගනීද කියා හිතුන නිසා ඉසුරි සමග ඇගේ නිවසටම යාමට තීරණය කලා..

ඉසුරිත් පියුමිත් බස් නැවතුමේ සිටින විට එතැනට චානකත්,තිසරංගත් පැමිණේ..

………………………………………………………………………

චානක හා තිසරංග කියන්නේ අකිලගේ කුඩා කළ සිට එකට කෑව,බීව,නිදා ගත්ත ළගම යාලුවෝ දෙන්නයී.. යාලුකමකට එහා ගිය සහෝදර බැදීමකි..

"චානා.. මොකද මේ මූණ..? මොකක් හරි අවුලක්ද"

කිසිවක් නොදැන සිටි ඉසුරි එසේ චානකගෙන් අසන විට පියුමි මාරුවෙන් මාරුවට චානක දෙසත්,ඉසුරි දෙසත්,තිසරංග දෙසත් බලන්නට විය..

"දෙ..යි...ය..නේ... චා..."

පියුමි එසේ කියන්නට උත්සහා කරන විට චානක පියුමිව හා ඉසුරිව වැළදගෙන හයියෙන් අඩන්නට විය.. කිසිවක් හිතා ගත නොහැකි වුණ ඉසුරි තිසරංග දෙස බලන විට තිසරංග පැමිණ ඔවුන් තිදෙනාම වැළදගෙන අඩන්නට විය..

"අකිලයා අපිව දාලා ගියා ඉසුරී"

තප්පර ගානකට හුස්ම නැවතුනාසේ ඉසුරිට දැනෙන්නට විය..

………………………………………………………………………

ඉසුරිට සිහිය ලැබෙන විට සිටියේ ඇගේ නිවසේය.. පියුමි ඇතුලු ඇගේ යහලුවෝ කීප දෙනෙක්ම එහෙ සිටි බව ඇය දුටුවා.. තිසරංග කීව දේ ගැන අයට මතක් වී අකිලව සොයා යෑමට ඇය ඇදෙන බැස යාමට සූදනම් වන විට සියල්ලෝම පැමිණ ඇය අල්ලා ගන්නට විය..

"අම්..මා අම්මා මට යන්න ඕනේ අකිල බල..න්න.. අ..කිල අ..ම්මා"

ඉසුරි පිස්සියක් සේ ගොත ගසා කියවන්නට විය.. එතැන සිටි සියල්ලෝම හැඩූ කදුලින් ඒ දෙස බලා සිටියා..

………………………………………………………………………

ඇත්තටම අකිලට මොකද වුනේ? එකපාරටම..

අකිල එදින උදෑසන ඉසුරිට පණිවිඩයක් යවා ඇගට අමාරුවක් දැණුන නිසා තම ගෙවත්තේ  බංකුවකට ගොස් සිටින්නට විය.. හුස්ම ගැනීමට අපහසුවක් දැණුන ඔහු හයියෙන් හුස්ම ගන්නට විය..

දෙයියනේ......

අකිල නහයෙන්,කටෙන් ලේ දමා බංකුවෙන් බිමට වැටී සිටියා.. උදෑසන වැඩට යාමට නිවසින් එළියට පැමිණි අකිලගේ වැඩිමහල් සහෝදරයාට දකින්නට ලැබුණේ තම සහොදරයා ලේ දම දමා බිම හයියෙන් හුස්ම ගන්න දර්ශනයකී..

අකිල රෝහලට රැගෙන යන විටද ද ඔහු මෙළොව අතහැර ගොස් තිබුණී.. කොච්චර දඩබ්බරයෙක් වුනත් හැමෝගෙම ආදරය ඔහුට ලැබුනා.. අද ඔහු කාටත් නොකියාම මෙළොව අතහැර ගොස්ය..

………………………………………………………………………

ඉසුරිගේ දෙමව්පියන් ඉසුරිව රැගෙන අකිලගේ මළ ගෙදරට යන විට.. අකිලගේ මිතුරන් ඔහුගේ දේහය ළග අඩමින් සිටි අයුරු දුටු සියල්ලෝගෙම නෙත් කදුලින් තෙත්ව ගියා..

අකිලගේ දෙමව්පියන්ට,සහෝදරයන්ට,මිතුරන්ට,පෙම්වතියට,පාසලට,ප්‍රදේශයට අකිල නැති අඩුව බොහෝ සේ දැනෙන්නට විය..

………………………………………………………………………

අකිල නැතිවී දැනට මාසයක් පමණ ගතවී ගොස්ය.. ඉසුරිගේ දෙමව්පියන් ඉසුරි ගැනද බොහෝ සේ දුකට පත්ව සිටියා.. හරි කෑමක් බීමක් නොගත් ඇගේ ශරීරයට බොහෝ සේ දුර්වල වී තිබුනී.. ඉගෙනීම කටයුතු වලටද ඇය යොමු වුණේ දෙම්ව්පියන්ගේ බලකිරීම් නිසාය..
වෙනදා සේ තැන් තැන් වල රැස්ව හිනාවීමට කතා කිරීමට අකිලගේ මිතුරන් රැස් වුණේ නෑ.. අකිල නැති අඩුව,දුක ඔවුන්ගේ හිත් තුළ බොහෝ සේ රිදුම් දිදී තිබුණී..

අකිලගේ පවුලේ ඇයද හැඩූ කදුළින් කාලය ගත කරමින් සිටියා.. ඔහුගේ මව අකිලගේ කාමරයට ගොස් නිතරම අකිලගේ පින්තූර,පොත්,ඇදුම් දෙස බල බලා හැඩු අයුරු වට පිට නිවෙස් වල අයගේද ඇස් තෙත් කරන්නට විය..

"ඇතෙක් වගේ හිටිය මගෙ පොඩි එකා.. අම්මටත් නොකිය ගිහින් මගෙ කොල්ලා.. මගේ ආයුෂත් අරන් ඇයි මගෙ පුතේ ඔයා ජීවත් වුණේ නැත්තේ.. දඩබ්බරකම් කරත් මගේ පොඩි එකාට තිබුනේ උණුවෙන හිතක්.."

අකිලගේ මව බලන්න යන සියල්ලන්ටම ඇය මෙසේ කිය කිය හඩන අයුරු දරා ගැනීමට නොහැකි වුණා..

………………………………………………………………………

කාලය ගෙවිලා ගොස්..

උ/පෙළ විභාගය පටන් ගන්න දවසත් උදාවී තිබුණී..

ඉසුරි,පියුමි,චානක,තිසරංග විභාග ශාලාවට ගොස් සිටියා.. ඔවුන්ගේ විභාග ශාලාවේ ජනේලෙයක් ළග එකම එක හිස් පුටුවක් සහ මේසයක් හිස්ව තිබුණී..

විභාගය පටන් ගැනීමට පෙර ඔවුන් සියල්ලෝම කතා කර සිටින විට එක එක්කෙනා අනික් අයට හොරෙන් ඒ ඈත කොනේ තිබුණ පුටුව දෙස බලන්නට විය..

සියල්ලන්ගේම දුරකථන වලට කෙටි පණිවිඩයක් ලැබුණු නිසා ඔවුන් බලන්නට විය..

"හොදට විභාගේ කරපල්ලා මචන්.. මේක ඉවර වුණ ගමන් සුපිරි පාටියක් දාමු බන්.. කොච්චර පිස්සු නැටුවත් මේක අපිට ගොඩ දාගන්න පුලුවන් බන්.. අපි මෙහෙම කටුද කෑවේ නෑනී.. i wish you all the best.. ~අකියා~"

"සුදු බබා හොදට විභාගේ ලියන්න.. ඔයාට පුලුවන්.. හැමදාම ගොඩක් ආදරෙයි.. අපි විභාගේ හොදට ලියලා පාස් වුනාම අපිට ගෙවල් වලිනුත් කැමති වෙයි.. i wish you all the best love.. (බබුචූ)"

දෙයි...යනේ..........

හැමෝගෙම දුරකථන වලට අකිලගෙන් කෙටි පණිවිඩ ලැබී තිබුණී..

………………………………………………………………………

හැමෝම පුදුම වුනත් සුරංගනා කතා වල වගේ ආයෙ අකිලට පණ ලැබී තිබුනෙ නෑ.. තමන්ගේ පොඩි මල්ලි අද ජීවත් වුනා නම් විභාගේ ලියන්න යනවනේ කියලා හිතපු අකිලගෙ අයියා අකිලගේ දුරකථනයේ සේව් කරලා තිබ්බ මේ පණිවිඩ දෙක අකිල වෙනුවෙන්ම ඇගේ හොදම යාලුවෝ තිදනටත් පෙම්වතියටත් යවා තව පණිවිඩයක් කවුද එව්වේ කියා යැවීමට ඔහු අමතක කලේ නෑ..

පණිවිඩ කියූ සියල්ලෝම එකිනෙකාට හොරෙන් දෑස් පිසදමා හිනාවීමට උත්සහ ගත්තා..

………………………………………………………………………

උ/පෙළ විභාගයේ අවසාන දවස.. සියල්ලෝම එකිනෙකාට සමුදී පිටව යන්න හදන විට ශාලාව කොනේ තිබුණු ඒ හුදෙකලා මේසයත්,පුටුවත් දෙස බලා ඉසුරි ඉකිගසන්නට විය..

චානකත්,තිසරංගත්,ඉසුරිත්,පියුමිත් ඒ හුදෙකලා මේසය ලගට ගොස් ඒ දෙස බලා සිටින්නට විය..

"ඉස්කෝල ජීවිතෙත් ඉවරයි අකියා අපේ.. ඒ වගේම උබත් අපේ ජීවිත වලින් ගොඩක් දුර ගිහින්.."

"ඔව් චානකයා.. අකියා නොකියම ගිහින්.. ලබන ආත්මෙත් අපි මේ විදියටම එකට ඉමු"

"හුම් තිසා.. ඒත් අකිලත් එක්කම එදාට මේ දවසේ ඉමු.. උට මගින් හැරෙන්න දෙන්න බෑ එදාටත්.."

චානකගෙත්,තිසරංගගෙත්,පියුමිගෙත් කතා ඉකිගසා අසා සිටි ඉසුරී ඇගෙ පාසල් ජීවිතය වගේම පළමු පෙමද අතහැර මිතුරන් සමග ගේට්ටුවෙන් එළියට ආවා..

විභාගේ අවසන් කර යන ළමුන් දෙස බල බලා අකිලගේ අම්මා,තාත්තා,සහෝදරයෝ හැඩූ කදුලින් පාර දෙස බලා සිටියා..

………………………………………………………………………

දරුවෙකුගේ ඉරණම මෙය විය..

සහෝදරයෙකුගේ,මිතුරෙකුගේ අවසානය මෙය විය..

පාසල් ජීවිතයක අවසානයද මෙය විය..

පළමු පෙමක අවසානයද මෙය විය..

   හීන පොදි බැදන් ගිය ඒ A/l පන්තිය අපි හැමෝගෙම ජීවිත වල දුක,සතුට,මතක බොහෝ ඉතිරි කරපු අවුරුදු දෙකකී..

°°°°°මතකයන් හිත පාරවයී...
වසන්තේ කොහෙදෝ ගිහින්..
ජීවිතේ තැනක නැවතිලා..
මැකී යයි පිය සටහන්...
පාසලෙන්....°°°°°°

මම ශබී..

😉😉😉 චූටි හෙල්ප් එකක් ඉල්ලන්නම්  යාලුවේ. සමහරු කතා කියවලා ලයික් එකක්වත් නොදා යනවා සමහරවිට එයාලා කතාවට ආස නැතුව ඇති..ඒත් ඔයා චූට්ටක් හරි කතාව රසවින්දනම් ඔයාට දැනුනදේ  කියලා චූටි විනාඩියක් වැයකරලා ශෙයාර් කරලා පේජ් එකටත් ලයික් එකක් දාලම යන්න.. 📝📝📝📝👍👍👍👍👍👍👍👍👍👍

👇👇👇👇 🇱🇰🇱🇰🇱🇰🇱🇰👇👇👇👇

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI