ඔන්න යන්න හදද්දිම මගේ හිත කියන්නෙම යන්න එපා කියලා

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

සත්‍ය සිදුවීමක්..
හරි අපි කතාවට බහිමුකෝ එහෙනම්.මන් ඉන්නෙ ශ්‍රී පාදය කිට්ටුව.මන් යාළු වෙලා ඉන්න කෙනා මාතර..ඔන්න ඉතින් කොලු කාලේනේ..මන් ඉතින් අපේ ගමෙන් ටිකක් දුරස් වෙන්න ඔනේ කියලා ගියා මාතරට එහේ මන් බෝඩ් වෙලා හිටියේ..චුටි ජොබ් එකකුත් කලා...හොද පිලිගත් අයතනයක..
ඔන්න ඉතින් මාසයක් විතර ජොබ් එක කරලා.පඩියත් අතට ගත්තා ඉතින් මට හිතුනා ගෙදර යන්න.මන් යන්නෙ බයික් එකේ මන් ලග තියෙන්නෙ ඩිස්කවර්135 එකක් එකටත් දැන් අවුරුදු 10 වෙනවා..හරි ඔන්න ඉතින් මන් නංගිටත් කිව්වා මන් ගෙදර යනවා කියලා..එයත් එන්න ඔනමයි කියලා කරදරේ.ඉතින් මන් අම්මාගෙන් අහලා කැමැත්ත අරගෙන ගෙදර යන්න පිටත් උනා..මාතරින් ආවේ 6.00 විතර ඔන්න අපි දෙන්නා ශ්‍රීපාදේ යන්න හිතාගෙනම ආවා...
ඔන්න දැන් තමයි සීන් එකට එන්ටර් වෙන්නෙ.ඔන්න දැන් කියව කියව එනවා මගේ ගමන් මාර්ගය උනේ මාතරින් වලස්මුල්ල,ඇඹිලිපිටිය හරහා බලංගොඩ කැලේ පාරක් තියෙන්නෙ එක ලගයි අපේ ගෙදරට ලගයි කිව්වාට 186km තියෙනවා..
ඔන්න දැන් දෙන්නාම එනවා මගේ හිතට හරි මදි යන්න එපාමයි කියන්නෙ..ඔන දෙයක් වෙච්චදෙන් කියලා ආවා..ඔන්න කටුවන කිට්ටුවෙද්දි මන් දැක්කා මලගෙයක් එකෙන් මගේ හිත ගැස්සුනා මන් බයයි කරුවලට...එතකොට 7.30 වගේ ඇති මන් දැක්කා ගැහැණු කෙනෙක් මන් දිහා බලන් ඉන්නවා වගේ අවුලක් නෑ කියලා හිතාගෙන ආවා..මෙන්න පැල්මඩුල්ල කිට්ටුව තවත් මල ගෙයක් එතනදිත් අර ගැහැණු කෙනාම දැක්කා දැන්නම් හිතට හෙන බයයි...කොහෙමෙම් කොහොම හරි බලංගොඩට ආවා..දැන් මන් එහෙනම බයයි බලංගොඩ කැලේ පාරට දවල්ටවත් වහනයක් යන්නෙ නෑ...ගොඩක් පාළුයි..කොහොම හරි ඔන්න කැලේ පාර කිට්ටුවට ආවා එතනට එද්දි 1.00විතර ඇති කැලේපාර පටන් ගන්න තැනම තියෙනවා සමන් දෙවාලයක් ඔනම වහනයක් එතන නවත්වලා තමයි යන්නෙ...ඔන්න පට්ටම සිතලයි ජෙකට් එහෙමත් දාගෙන ඔන්න වැදලා යන්න ලැස්ති උනා මට වැඩිය බයයි කැල්ල...
ඔන්න යන්න හදද්දිම මගේ හිත කියන්නෙම යන්න එපා කියලා මෙච්චර දුර ආව එකේ මේ ටික නොගිහින් බැහැනේ...කියලා පඩුරු දාද්දිම එක පාරට දේවාලේ ලයිට් ඩිම් වෙලා පත්තු වෙන්න පටන් ගත්තා...මන් දැක්කා අර එද්දි දැකපු ගැහැණු කෙනා ඉන්නවා...හිතට ගැම්ම අරන් ඔන්න කැලේ පාරේ එනවා දැන් නංගි ආරක්ෂක ගාථා කියනවා...කැල්ල ඉස්සරා චා ටර් වෙන්නත් බැනේ ...මමත් හිතින් මුහුමුන මුහුමුන ආවා..කොහොම හරි කැලේ මැදදි ගොනෙක් පැන්නා මගේ දෙලෝව රත් උනා ඔන්න කොහොම හරි ගෙවල් ලගට ඇවිත් මස්කෙළිය ටවුන් එකට ආවා...ඒ වෙද්දිත් මට උන ගැණිලා කියලා මට තෙරෙනවා...තව4km තියෙන්නෙ මෙන්න අර දැකපු ගැණු කෙනා වගෙම කෙනෙක් මගේ බයික් එක නැවත්තුවා එතකොට වෙලාව 3 කිට්ටුයි..ඉතින් මන් බයික් එක නවත්වලා බලද්දි අපේ ගෙවල් ලග අක්කා කෙනෙක් පියුමි කියලා..මන් ඇහුවා මේ වෙලාවේ මොනවාද කරන්නෙ කියලා...ඒ අක්කා කිව්වා අහ්හ්..තෙරෙයි උදේ වෙද්දි දැන් මල්ලී යන්න කිව්වා මමත් හා කියලා ආවා...ගෙට ගොඩ වෙන්න හම්බ උනේ නෑ උඩහා ගෙදර පියුමි අක්කා මැරිලා කිව්වා පන්සල් ගිහින් එද්දි ශ්‍රීපාදේ ආවා වහනෙක හැප්පිලා..එයා ඇක්සිඩන්ට් එක වෙද්දි ඇදගෙන ඉදලා තියෙන්නෙ සුදුසරියක්...ඒ අක්කා මා එක්ක පට්ට පිට් ...ඒ වචන ටික ඇහුවා විතරයි මන් එතනම කලන්තේ දලා වැටිලා....
සත්‍ය සිදුවිමක් තවත් කතාවක් තියෙනවා ශ්‍රීපාදේ වෙච්ච එකක් ලගදිම දන්නම් බුදුසරණයි හැමෝටම

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI