ආදරේ නාමයෙන් තනිවුන පෙම්වතුන් පෙම්වතින් මේ මිහිපිට කොතරන්නම් සිටීද...

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
💕#සුදු_නෙළුම💘
අවන්කවම ඇඩුනොත් ශෙයා කරන්න හොදද


උඹනම් මහ පිස්සු කෝච්චියක්..

මම එහෙම කියලා තට්ටු කළා උඹේ ඔලුවට.
උඹ හිනාවෙලා එල්ලුනා මගේ අතේ..

උඹ හිනාවෙනවා හරි ලස්සනට මන් ආසම විදියට..

ගොඩාක් වෙලාද පාරට ඇවිත් මම ඇහුවේ උඹ අල්ලන් ඉඳපු මගේ අත අරන් කරට දාළා උඹව ලඟට කර ගන්න ගමන්..

ඔව් මගුල එපා වුනා.

උඹ කිව්වේ හිනාවෙවී.

ඔන්න අපිට මාසයක් නිවාඩුයි..

හෑ..ඇයි එකපාරටම.. උඹ ඇහුවේ පුදුම වෙළා.

කෝස් එකකට යන්න තියෙයි මාස හයකට ඊට කලින් මාසයක් නිවාඩු ලැබුනා..

කොහෙද රටකටවත් යන්නද?

ඔව්නේ නෙදර්ලන්ඩ් යනවා..

උඹ දුකින් වගේ බලන් ඉන්නවා මන් දිහාම..

මම කල්පන.. උඹ සිඟිති..
එකම ස්කෝලෙ එකම පංතියේ එකට ඉගන ගත්ත යාළුවො ..මම උඹට වඩා දක්ෂයි මම කැම්පස් ගියා..මන් තරම් දක්ෂ නැතත් උඹ උසස්පෙල ගොඩ දා ගත්තා..මම කැම්පස් ගියා අව්ට් වුනා ජොබ් එකක් ලැබුනා.. උඹ ගෙදර ජොබ් ඉන්ටෙව්,ගැසට් බල බලා තාමත් ගෙදර ..
මම හැම සති අන්තෙම ගෙදර එද්දි උඹ පාරට එන්නෙ මගේ අතේ එල්ලිලා එන්න..
උඹෙයි මගෙයි තිබුනේ පුදුම බැඳීමක් නමක් නැති පුදුම බැඳීමක්..

කල්පන මොනවද අප්පේ මේ අහස පොලව යා කරන්න වගේ කල්පනා කරන්නේ?

උඹේ හඬින් කල්පනාව බිඳුනේ මගේ..

මොකුත් නෑ..

කෝ නැන්ඳ ගෙදරද?

නෑ අම්මා හේනට ගියා..

එහෙම කියපු උඹ ගෙදර ලඟින් නතර වුනේ මම ඈතට යනකම් බලන් ඉඳගෙනමයි..
විනාඩි පහක් දුර ඇති ඕන නම් උඹට අපේ ගෙදර ඉඳලා උඹේ ගෙදරට ඒ තරම් ලඟයි අපි අපිට..

-----******-----
කොල්ල ඇදිල ගිහින් ..

මාව දැකපු අම්මා දුවන් ඇවිත් කියනවා.

කොච්චර මහත් උනත් අම්මට කොළඹ ඉඳලා ගෙදර එන මාව පේන්නෙම කෙට්ටු වෙලා වගේ.
දාහක් ජාති කියනව ඉතින්.

සිඟිති කෙල්ල හමුවුනාද?

ඔව්.

පව් ඒකි ජොබ් හොය හොයා ඇව්දින එකමයි වැඩේ..

අම්මා එහෙම කියද්දී මටත් දුක හිතුනා..
පව්ලේ එකම කෙල්ල වෙච්ච උඹට පව්ල් බර දැනෙනව ඇති..හේන් ගොවිතැනෙන් ජීවත් වෙන්න අම්ම තාත්තාට සැපවත් ජීවිතයක් දෙන්න උඹත් හීන දකිනව ඇති කියලා මට හිතුනා..

කෝ ලොකු අයියා..

යාලුවෙක්ගෙ ගෙදර යනව කියලා ගියේ..

අපේ ගෙදර මාත් අයියලා දෙන්නෙකුත් නිසා අගහිඟකමක් තිබුනෙ නෑ අපිට..
සිඟිතිලාට වඩා යමක් කමක් තිබුන මිනිස්සු..
රෑ වෙළා සිඟිති බලන්න යන්න හිතාන හිටියත් වැස්ස නිසා ගෙදර නතර වුනා මම..

----*****-----

මහා වැස්සකට පස්සේ ගහකොල පරිසරේ අමුතුම නැවුම් බවකින් පිරිලා ඉතිරිලා යනවා.

උදේම ඇහැරිලා තේ කහට කෝප්පයක් බීලා දුවන් ආවේ සිඟිති බලන්න..නමක් නොමැති බැඳීමක් උනත් හිත තිස්සෙම ඉල්ලුවේ ඒ අහිංසක රූපෙ බලන්න..
නිතරම මාත් රහසේම පැතුවද මන්ඳා ඒ ඇස් දකින්න...

හානේ කල්පන ළමයනේ එන්න පුතේ ඇතුලට..

සිඟිතිගේ අම්මා මාව දැකලා හිනාවෙලා කතා කරද්දී මන් හෙව්වේ කෝ සිඟිති කියලා..

කෙල්ලනම් ගෙදර නෑ පුතේ.
නෙලුම් මල් කඩන්න වැවට යනවනේ..

වැස්ස නේද වතුර වැඩී නේද.. සත්තයි ගැස්සුනා හිත..

ඒකිට පුරුදුයි ඕව..

සිඟිතිගේ අම්මා එහෙම කියලා ගෙට ගියේ මට බොන්න තේ කහට එකක් ගේන්න කියන ගමන්.

පැය ගානක් බලන් ඉඳලා උඹ නාපු නිසා මන් ගෙදර ආවේ..

----*****-----
පොඩි පුතේ..
උඹට හොඳ තැනකින් කටයුත්තක් බලලා තියෙන්නේ අප්පොච්චී සෙනසුරාදා යන්ට ලෑස්ති වෙයන් කීවා..

ඒ අම්මා..

මොනව කියන්නද..අම්මගෙ හිත රිද්දන්න බැරි කමට ඔලුව වනලා මන් හා කිව්වේ ..

❤️💘❤️💘❤️💘❤️💘

කල්පන අයියා..

කඩුල්ල ලඟ ඉඳන් කතා කරනව ඇහුනේ උඹ ..

චීත්ත ගව්මට කොන්ඬ කරලක් ගොතන් කටපුරා හිනාවෙවී උඹ ඉන්නවා කඩුල්ල ලඟ..

අහිංසක ඒ හිනාවට ඇස් වලට නොකිව්වත් මේ හිතත් පෙම් බඳිනවද කොහෙද ...

කල්පන අයියා ...අපේ ගෙවල් පැත්තේ ආවා කියලා අම්ම කිව්වේ.

ඔව් කොහෙද ඔයා හිටියේ නැහැනේ..

වැවට ගියා මල් කඩන්න..

වැසි දවස්වලට යන්න එපා වතුර වැඩීනේ..

මන් උබේ අව්ල් උන හිසකෙස් පිලිවෙලට හදන ගමන් කිව්වේ ..හිනාවෙනවා උඹ හරි ලස්සනට..
මන් ආසම විදියට..

යමු ඇතුලට..

බෑ මන් යාළුවො එක්ක වැවට යන ගමන් ආවේ..වෙන දවසක් එන්නම්කො ..

මන් වෙන යමක් කියන්නත් කලින් උඹ පුංචි එකෙක් වගේ හිනාවෙලා දුවනවා.මන් තාමත් බලන් ඉන්නවා කඩුල්ල ලඟ.. පොඩි එකියක් වගේ පිම්මේ දුවන උඹ දිහාම..

-------*****-----
අම්මගෙ බර බරේට මන් මනමාලී බලන්න යන්න ලෑස්ති වුනේ..අම්මගෙ කල්පනාව මන් රට යන්න කලින් බන්ඳන්නමයි..

බලන්න ගිය මනමාලි අවලස්සනක් නෑ .ඒත් උඹ තරම් මේ හිතට දැනුන නෑ..කෙල්ලෙක් කියලා කෙනෙක් මේ හිතට දැනුන නම් ඒ උඹ විතරයි..

------*****------
බලන්න ගිය මනමාලී හොඳද පුතේ..

රෑ කෑම එක අතට දෙන ගමන් අම්ම ඇහුවේ අප්පච්චීගෙත් අයියලාගෙත් මූනු දිහා බලන ගමන්..

කිසි හාවක් හූවක් නැතුව මන් බත් කෑවේ..

මල්ලි කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න අපිට..අපි හොයල බලලා හොඳනම් පිලිවෙලක් කරලා දෙන්නම්..

ඒ ලොකු අයියා..

සිඟිතිට ආදරේයි කියලා කියන්න හිතුනත් කවදාවත් අපේ අම්මල උඹට කැමති වෙන එකක් නෑ කියලා මට හිතුනා..උඹට වඩා ඉගන ගත්ත රස්සාවක් කරන මට අම්මල හෙව්වේ ඉහල පංතියෙ මිනිස්සු ..
ඉතින් මගේ ආදරේ අසරණයි නේද ..

මට මනමාලීයක් බලන්න කියලා ගියා කියලා ආරංචි වෙච්ච උඹ දුවන් ආවා මාව බලන්න..

උඹේ ඇස් ඉදිමිලා මට හොඳටම තේරුනා උඹ අඬලා කියලා..

සිඟිති ඇයි මේ..

ඔයාට මනමාලියෙක් බලන්න ගියාලු නේද .

අනේ උඹ කිව්වේ ඇස් වල කඳුළු පුරවන්..

ම්හූ..

ලස්සනද මනමාලී..

ඔයා තරම් නෑ.

උඹ කඳුළු එක්ක පොරබදනවා එක හිනාවක් මට දෙන්න..

සතුටින් ඉන්න ඒ ඇති..

උඹේ වචනවල පිරිලා තිබුනේ මන් වෙනුවෙන් උපන් සෙනෙහස කියලා මට නොතේරුනා නෙවෙයි ..ඒත් මන් අසරණයි..
ඒ දවස් ගානම ගෙව්නේ හිතේ තෝන්තුවෙන්..
උඹ නොදැක ගෙව්න දවස්ගාන මැරි මැරී ඉපදුනා මම..

ඉවසලා ඉවසලා බැරිම තැන මන් උඹ හොයාන ආවේ හිතලු ඔක්කම කියලා දාන්න කියලා ..ඒත් උඹ හිටියේ නෑ හැමදාම වගේ අදත් වැවට මල් කඩන්න ගිහින් ..

බලන් ඉඳළා ගෙදර ඇවිත් අම්මා එක්ක කිව්වා උඹ ගැන ඕන දෙයක් උනාවේ කියලා හිතානම...

ඇයි පොඩි පුතේ කලින් නොකිව්වේ..
සිඟිති කෙල්ල අපිට හරි කරුණාවයි..ඊට වඩා හොඳ තේරීමක් කොහෙද ..අපි ඒ කටයුතු පිලිවෙලක් කරමු..

හිතුවෙවත් නැති පිලිතුරක් අම්මගෙන් ලැබෙද්දී මන් එක පිම්මට දිව්වේ රෑ කියලා නොබලම උඹේ ගෙදර ..

💕💘💕💘💕💘💕💘

කුප්පී ලාම්පූ එලි ගොඩාක් අතර දැක්කේ ගමේ මිනිස්සු එකතු වෙළා ඉන්නවා ..

කලබලේට පය පැටලිලා ටෝච් එකත් බිම වැටිලා පෙරලන් ගියා ඈතට..

අනේ පුතේ නෙලුම් මල් කඩන්න ගියා.. කෙල්ල තාම නැහැනේ...

උඹේ අම්මා අඬාගෙන ඇවිත් කියද්දී හිරි වැටුනා මුලු පපුවම..

ගමේ මිනිස්සු එකතු වෙලා වැවේ උඹව හොයද්දී කෙලපොදක්වත් ගිල ගන්න
හයියක් නැති මම බලන් ඉන්නවා..

හරියටම දවස් දෙකක් ගම්මු එකතු වෙලා උඹ හෙව්වා..පිරිමි හිත් හයියයි තමයි ඒත් උඹ නිසා මන් ඉකි ගහලා ඇඬූ තරමක්..

දෙවැනි දවසේ වැවේ මැද තිබිලා මිනිස්සු උඹේ නිසල සිරුර අරන් ගොඩට ආවා..
සුදු නෙලුමක් වගේ උඹ යන්න ගිහින් ..
උබේ අතේ මල් මිටක් නෑ විසිරුනු ඇඟිලි මලානික ඇස් වතුරට තැම්බිච්ච උඹ නිසොල්මන්..යලි කවදාවත් මුන නොගැහෙන්න උඹ රහසේම යන්න ගිහින් ..
එකම පාරක් හරි අනේ උඹ ආයෙත් මුන ගැහෙනවනම් මේ හිතේ උඹ වෙනුවෙන් තිබුන සෙනෙහස කියන්න මට..
නෑ ආයේ කවදාවත් මේ අත්භවේ උඹ මට මුන ගැහෙන්නෙ..
මතු අත්භවයක අපි ආයෙත් මුන ගැහෙයි..ඒ අත්භවේ උඹ මෙහෙම අකාලයේ යන්න එපා මටම හිමිවෙළා මගේම වෙයන්..

-----****------
උඹ නැති ගමේ තවත් ඉන්න හයියක් තිබුනෙ නෑ මට.හැම තැනකම පෙනුනේ උඹ ..දැනුනේ උඹේ සුවඳ..
අහම්බෙන් ගමට ආවාත් පුරුද්දට මන් බලන් ඉන්නවා උඹ පාරට ඇවිත් මගේ අතේ එල්ලිලා ගෙදර යන්න එනකම්.
අදටත් මන් ගමේම කෙල්ලන්ගෙ ඇස් අතරේ හොයන්නේ උඹ ..මැණික උඹ දුකක්..සංසාර දුකක්...කිසි දවසක මේ හිතින් මකලා දාන්න බැරි දුකක් උඹ මට දුන්නේ....අනේ උඹ මේ ලෝකෙන් යන්න ගිහින් කියලා තාමත් නෑ හිත පිලිගන්නේ..තාමත් උඹ මගේ හිතේ ගැඹුරුම තැනක නිදානයක් වගේ හරි පරිස්සමට ජිවත් වෙනවා මැණික මන් මේ ලෝකෙන් යනකම් ආයෙත් මතු අත්භවේ හමුවෙනකම් සත්තයි මම උඹ වෙනුවෙන් පේ වෙලා ඉන්නවා..
මගේ සුදු නෙලුම රැක ගන්න මට බැරි වුනා කියන පසුතැවිල්ල තිස්සෙම මේ හිත පාරනවා..

ගමේ හැමදේම වෙනස් වෙලා ..ඒත් උඹ දීපු මතකේ අනේ තාමත් එහෙමමයි..වෙනසක් නෑ අබමල් රේනුකවත්..
මැණික ..

හැමදේම දාළා අද මන් දුර රටක..
ඒ උඹ නිසා..තිස්සෙම හිත පාර පාර මතකෙට ඇවිත් රිද්දන උඹ නිසා..

දැන් මට අවුරුදු පනහක්..
අදටත් මන් උඹ නමින් තනියම..උඹට ඇරුනම කාටවත්ම බැරි උනා මේ හිතට තට්ටු කරන්න ..
හැමදාම උඹ විතරයි මේ හිතේ රජ කළේ.
එක චායාරූපයක් නැති උඹ මගේ හිතේ ඒ කාලෙ වගේම සිත්තන් වෙලා හරි අපූරුවට..
උඹ තාම මට අවුරුදු විසිතුනේ පුංචි කෙල්ලමයි..වියපත් උනේ මම මිසක් මගේ හිත නොවෙයි..

මැණික තව වැඩිකලක් නෑ මට..
උඹ වෙනුවෙන් පේ වෙලා ඉඳපු මට දෙවියෝ සාදාරනයක් කරාවී...මන් එනවා ඉක්මනට උඹේ ලෝකෙට..
මතු අත්භවේ අපි අපේ වෙලා ඉපදෙමු මැණික ..
මගේ මැණික ...

-----------****-------------

ආදරේ නාමයෙන් තනිවුන පෙම්වතුන් පෙම්වතින් මේ මිහිපිට කොතරන්නම් සිටීද...

💕💕💕💕💕💕💕
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI