ආදරේ කියන්නේ වැරදි කෝටියක් තිබුනත් එක දෙයකට හරි ආදරේ කරලා හදා ගන්න එකට

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
දැන් ඇති නේද???
අත්හරින්න බලාගෙන නේද ඉන්නෙ??
ඕනි නෑ කියල හිතෙනව නේද??
මූට වඩා සිය දහස්ගුණයකින් හොඳ එකෙක් හොයාගන්න පුළුවන් කියල හිතනව නේද??
පාරෙ යද්දි, කොල්ලෙක් දෙන්නෙක් එහෙන් මෙහෙන් බලලා සූ ගෑවම,
උඹ තරම් කෑල්ලක් නෑ කියල හිතනව නේද????
අර කෙට්ටු කලු කොල්ලව එතකොට පේන්නම බෑ නේද????
ඒක වැරදියි බං
මූ හොඳ නෑ කියල තව එකෙක් ළඟට යන එක පිළියම නෙමේ බං.එතන තමා ගණිකාවො හැදෙන පළවෙනි තැන.
මුලින් ඔය හිත එක තැනක තියාගනින්.
දකින දකින කොල්ල පස්සෙවත්,
උන්ගෙ හයි කැපෑසිටි බයික් දිහාවත්,දිළිසෙන කාර් දිහාවත් උඹේ හිත යවන්න එපා.
මාස ගානක්,අවුරුදු ගානක් එකට හිටපු කොල්ලව අතෑරල උඹ දවස් දෙක තුනක් දැක්ක එකාට ළංවෙනවා.
අහපං ආශා😭🔊
අහපං මැණික,මාස ගානක් අවුරුදු ගානක් උඹ පස්සෙ වැටිල ආදරේ කරපු කොල්ලව අත්හරින්නෙ උඹ අර දවස් දෙක තුනක් දැක්ක එකාගෙ බයික් එක,කාර් එක දැකපු නිසා නේද??
ඇයි උඹගෙ කොල්ලට තියෙන්නෙ පුංචි බයිසිකලයක්නෙ.උඹට ඒකෙ යන්න.දැන් ලැජ්ජයි වගේ නේද???
එතන තියෙන්නෙ ආදරේ නෙමේ බං.තන්හාව,,තන්හාව,,,,
ඒක ඇති උනාම උඹට අර අහින්සක කොල්ලගෙ වැරදිමයි පේන්නෙ.ඌ කෑවත් වැරදියි,ඇන්දත් වැරදියි,හිනා උනත් වැරදි.කොටින්ම ඌ කෝල් එකක් ගත්තත් උඹට දැන් ඒක වදයක්.
උඹ කොහොමහරි කරන්නෙ දැන් ඌව අත්හරින්න හේතු හොයන එක.
ඔයට මාව තේරෙන්නෙ නෑ
උඹ දහසකුත් දේවල් ඒ කොල්ලට කියනව.
යාලු උනේ උඹල දෙන්නම නේද බං??
ආදරේ කරෙත් උඹල දෙන්නගෙම.කැමැත්තෙන්.ඉතින් එහෙනම් ඇයි අත්හරින්න උඹ විතරක් දඟලන්නෙ???
"ගෙදරින් ඔයාට කොහොමත් කැමති වෙන්නෙ නෑ"
අන්න එපාර ගෙදර මිනිස්සු අල්ලල තුරුම්පු ගහනව.,,,
දැන් ඕන මූව කොහොම හරි ජීවිතෙන් එළියට ඇදල දාන්න.
හදවතේ මැද ඉන්න එකාව එලවල දාන්නයි ඕන.,,,
මොකද අතේ කරේ මාල බ්‍රේන්ස්ලට් දාගත්තු,බෙන්ස් එකක් තියෙන කොල්ලෙක් බලාගෙන ඉන්නවනෙ උඹගෙ පපුව අස්සට රිංගන්න.,,
මතක තියාගනින්,,,,හදවතට නෙමේ,පපුව අස්සට රිංගන්න...
"අනේ මාව අමතක කරන්න එපා නංගි"
ඌ හූල්ලනව.උඹට අප්පිරියයි.,,පිරිමි අඩනවද ගෑණු වගේ,,,උඹ එහෙමත් හිතනවා..
ඔව් බං පිරිමි අඩනව.උන්ටත් තියෙන්නෙ අපිට වගේම හිත්නෙ.,,,
"මොකද්ද මම කරපු වරද ඔයාට "
ඒකා අහන්නෙ පුන පුනා ඒක...
ඌ කරපු වැරැද්ද මොකද්ද කියල උඹවත් දන්නෙ නෑ නේද?,,,
ඌ දුප්පත් උනේ,මහ ගොඩක් ලස්සන නැති උනේ උගේ වරදින් නෙමේනෙ,,,,අනික ඒ දේවල් නොදැන නෙමේනි උඹ ඌ එක්ක යාලු උනේ.....
"මට පාඩුවෙ ඉන්න දෙන්නකො මල කරදරේ"
උඹ එහෙම කියන්නෙ,උඹට හිත ක් පපුවක් නැද්ද බං....ඒ උඹට මාස ගානක් අවුරුදු ගානක් නැහීගෙන ආදරේ කරපු කොල්ල,,,,,
"ඔයාගෙ හිතේ වෙන කෙනෙක් ඉන්නවද??"
උඹ නෑ කියනව....ඔව් උඹ කොහොම කියන්නද කටක් ඇරලා,,,,ඒත් උඹේ හිතට උඹට බොරු කරන්න බෑනෙ බං....
"මට කොල්ලො ඕනෙ නෑ.මට කව්රුත් ඕන්නෑ.තනියම ඉන්නව මම "
ඒව සුරංගනා කතා බං,,,,
" තව වද දුන්නොත් මම මැරෙනව හොඳද"
අන්තිමට උඹ එහෙම කියන්නෙ බැරිම තැනනේ,,,,,අනේ ඌ බය වෙනව...මොකද,ඌ කැමති නෑ උඹට සීරීමක්වත් වෙනවට,,,,ඌ සද්ද නැතුව ඉන්නව ඉතින්...
කමක් කමක්නැ උඹට ඕන උනෙත් ඒකනෙ ඉතින්,,,,,
ඌ කාටවත් පේන්න අඩන්නෙ නැතුව ඇති.,,හුගක් පිරිමි එහෙමනෙ,,ඒත් ඌ මහ රෑට කාටත් නොපෙනෙන්න ඇඩුවා,,මොකද ඌ ඇත්තටම උඹට ආදරේ කරපු නිසා....
උඹ ඉතින් හීන ලෝකෙනෙ ඉන්නෙ...ඇහැරවන්න බෑ..ඒ තරම් ගැඹුරෙ ඉන්නෙ උඹ,,,,,
"මට ආදරේ නම් මාව අත්හරින්න"
උඹ ආදරේ උකසට තියල ගේම ගහනවා
"මට මේ හැමදේම එපාවෙලා තියෙන්නෙ,,මට ආදරේ කරන්න හිතක් නෑ,,"
උඹ කියන්න පුළුවන් හැමදේම කියල ඌව කොහොමහරි එලවගන්නවා ,,,,
දැං උඹට සතුටුයි නේද???
ඒ හිඟන කොල්ලගෙන් ගැලවුනා..එහෙමනෙ හිතන්නෙ,,,
දැන් ඉතින් උඹේ හීන කුමාරය බෙන්ස් එකේ ඇවිත් උඹ එනකම් පාර අයිනෙ බලාගෙන ඉන්නව,,,හරි ආඩම්බරයි නේහ්"
උඹ ඒකට නගින්නෙ හරියට කුයින් එලිසබත් වගේ.,,
ඔන්න ජීවිතේ වසන්ත කාලෙ ඇවිල්ලා,,,උඹට දැන් එහෙම හිතෙන්නෙ,,ඌ උඹ කන්න ආස දේවල් ගෙනත් දෙනව,ආස ඇදුම් අරන් දෙනව,,උඹට දැන් ඉතින් උගෙන් තොර ලෝකයක් නෑ,,,,
අර කොල්ල තාම පස්සෙන් එනවා,,වැඳ වැටෙනවා,,
ඒ උගේ නිවටකමනම් නෙමේ බං,,උඹට පණඇරල ඌ ආදරේ නිසා.ඒ ආදරේ බොරුවක් නෙමේ නිසා,,,,,
මොන පිස්සුද,,මොකටද දැන් ඌව උඹට,,
උඹට ඉන්නවනෙ එංගලන්තෙන් ආපු කුමාරයා,,
උඹ ඊළඟට සිම් මාරු කරනවා
ඊටත් පස්සෙ අර අහින්සකයා උඹ එක්ක එක වචනයක් හරි කතා කරන්න පාරවල් ගානෙ රස්තියාදු වෙනවා,,ඌ තාම දන්නෑ,උඹ දැන් යන්නෙ එන්නෙ ප්‍රාඩෝවල බෙන්ස්වල කියල,,,
ඌ තාම මග බලනවා.,,උඹ අරූ එක්ක හීන මවනව,,,,
ඊළඟ වෙන්නෙ ආදරේ නාමයෙන් උඹ කුමාරය එක්ක ඉස්තරම් සීතල කාමරේකට යනව,,
"ආදරේටනෙ ස්වීටි මේ හැමදේම"
ඌ එහෙම කිව්වම අනේ ඉතින් උඹට වෙන මොකුත් ඕන්නෑ,,හැමදේම අමතකයි.
හරි ඒක තමා ආදරේ ,,උඹ හිතන්නෙ එහෙම,,
උඹේ අම්ම අප්පච්ච්,,උඹ ලොකු ළමයෙක් උන දවසෙ ඉදම් රැකපු,අර අහින්සක කොල්ලා යාලු වෙච්ච දවසෙ ඉදම් පරිස්සම් කරපු,උඹේ ගෑණු කම උඹ අරූට දෙනව,,,,
දැන් සන්තෝසයි
ඌ සතියකට දවසක් දෙකක් උඹව සීතල කාමරේ අස්සට අරන් යනව,,උඹත් ආදරෙයි ආදරෙයි කියල හූල්ලනව,,,
එකෙක් උඹ නිසා අරෙහෙ බේබද්දෙක්,ගංජ කාරයෙක් වෙලා,,
උගේ අම්මල උඹට සාප කරනව,,
ඉතින් උඹට ජීවිතේ හරියාවිද බං???,,,කවදාවත්ම නෑ,,කවදාවත් හරියන්නෙ නෑ,,,,
අන්තිමට ඒ අහින්සකයටත් හරියනව.ඌට පණ වගේ ආදරේ කරන කෙල්ලෙක් ජීවිතේට එනව.උඹව අමතක වෙන තරමටම ඒකි ඌට ආදරේ කරනව.,,ඒ කෙල්ල ඌව කොහොමහරි ගොඩදාගන්නව බං,,,,
ඒත් උඹ???
දැන් උඹට අසනීප වෙන්නෙත් නෑ මාස දෙකක ඉදම්,,කන්නත් බෑ,,ඔක්කාරෙ වගේ,,
හරිනෙ වැඩේ,, බබා බඩේ
දැන් හූල්ලනවා,,අඩනවා,,අර කුමාරයට කෝල් ගන්න ට්‍රයි කරනව,,
ප්‍රතිචාර නෑ,,,,,,,
ඕකනෙ කරගන්න ඕනි උනේ,,,
ඕකටනෙ දැගලුවේ,,,
දැං ඉතින් විඳවපං,,,,
උඹ විඳවනකොට උඹේ පරන කොල්ල ජීවිතේ විදිනව බං දැන්,,,,
ඌ ජීවිතේ දින්නා,,,,
උඹටයි වැරදුනේ මැණික,,උඹ පව් බං,,,,
අහපං මැණික
කෙල්ලෙක්ට ජීවිතේ වරදින්න යන්නෙ බොහොම පොඩි වෙලාවයි,,,,
අපිට ගැළපෙන මිනිස්සු මේ ලෝකෙ නෑ,,අපියි ගළපගෙන ජීවත් වෙන්න ඕනි,,,,
උඹට හම්බුන කොල්ල සල්ලි යාන වාහන නැති එකෙක් වෙන්න පුළුවන්,,සල්ලිනම් හොයාගන්න බැරිද බං,,
ඒත් උඹේ ජීවිතේ විනාසවෙලා ගියොත් ?????
සල්ලි වගේ අද තියෙන හෙට නැති වෙන දෙයක් නිසා,,
උඹට පණ වගේ ආදරේ කරන එකෙක් නැති කරගන්න එපා බං කවදාවත්ම......
අඩුපාඩු තියේවි
එහෙම නැති මිනිස්සු මේ ලෝකෙ නැහැනෙ,,,
ඒත් අපිට ඒ දේවල් හදාගන්න පුළුවන්
ගැළැපෙනම කෙනා හොයාගෙන යන ගමනක් නෙමේ බං මේක,,
කොල්ලො කියන්නෙ ඇදුම් නෙමේ,,,
හිතුන හිතුණ වෙලාවට ඇඳ ඇඳ විසිකරල දාන්න,,,,
ඒත් හිත්,,,,
ඒව විනාස කරන්න උඹට අයිතියක් නෑ,,,,,,
මං මේ කියන්නෙ කිසිම උවමනාවක් නැති,
ජීවත් වෙන්නම්වාලෙ ජීවත් වෙන,
එලොවටත් නැති මෙලොවටත් නැති එකෙක් එක්ක ජීවත් වෙන්න කියල නෙමේ,,,
ඒත් සමහර කොල්ලො ඉන්නව,දියුණු වෙන්න මාර උණක් තියෙන්නෙ
උගේ හීන අහසට උසයි,,,,
අන්න ඒ මිනිස්සු දවසක ජීවිතේ දිනනව බං,,,,හීන දකින්න ඕන හීන හැබෑ වෙන්නනම්,,,,,,
පිට ආටෝපෙට රැවටෙන්න එපා බං,,,,මේ ලෝකෙ උඹ ලස්සනට දකින දේවල් පේන තරම් ලස්සන නෑ මැණික,,,,
මේක උඹේ ජීවිතේ
හිතපං උඹම
ජීවිතේ විදිනවද විඳවනවද කියලා,,,,,,
හැබැයි එක දෙයක් මතක තියාගනින් කෙල්ලෙ,,
ආදරේ කරපු හිතකට ගින්දරක් දුන්නොත් ඒක ආපිට එනවමයි කියල,,,,,,
හිතපං මැණික
දවසක ⁣තේරැමි ගනිවි.මගේ මැනික
උබ අනුන්ට ආදරේ කරනකොට
උබට ආදරේ කරන අයට ඹයාව
දවසක එපාවෙලා කියලා....
එදාට කලකිරෙන ජිවිතේ ගොඩ දාන්න
දොබකරේකට වත් බැරි වෙයි හොදද....
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI