ජීවිතේම නුබ නමින්

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
ජීවිතේම නුබ නමින්...
``මගේ දුවේ උබට තුනුරුවන් සරනයි .´´
මදු සමය ගත කරන්න පිටත් වෙන අපිට අම්මා ආශිර්වාද කලේ කදුලු පිහිදමමින්.
මං සහන්යා.මධ්යම පාන්තික පවුලක වයස විසි හතරක් උනු කෙල්ලෙක්.මං වැඩ කලේ පිලිගත් පෞද්ගලික ආයතනයක සේවිකාවක් විදියට.පාසල් කාලේ මගේ පෙම්වතා උනේ කසුන්.ඒ කාලේ නොතේරුම්කමට ආශ්රය කලා මිසක් එයා හොද කෙනෙක් නෙවෙයි.වාහන සර්විස් වැඩපලක වැඩ කල කසුන්ට කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩුවක් විතරයි.එයා බැදපු මිනිහෙක් කියලා දැනගත්තට පස්සේ මං හරිම අමාරුවෙන් හිත හදාගත්තා.
උසස් පෙල විබාගෙන් කැම්පස් යන්න යන්න තරම් නැති උනත් මං හොඳට පාස් වෙලා තිබුනා.ඉතින් අවුරුදු විසි එකක් වෙනකොට මට රස්සාව ලැබුනා.කාගෙත් හොද හිත දිනාගෙන මං එතන වැඩ කලේ ගොඩක් ආසාවෙන්.
ඔය අතරතුරේදී තමයි මහේශ් සර් අපේ ඔෆිස් එකට ආවෙ.සර්ගෙ ඇසිස්ටන් උනේ මම.අවුරුදු හතලිස් දෙකක් උනු සර් ටිකක් ආඩම්බර සැර කෙනෙක්.අවශ්ය දේකට ඇරෙන්න මාත් එක්කවත් කතා කලේ නෑ.සර්ට අවුරුදු හතලිස් දෙකක් උනාට කඩවසම් ප්රියමනාප පෙනුමක් තිබුනා.
``සහන්යා මේ පොඩ්ඩක් ඔයා එක්ක කතා කරන්න පුලුවන්ද?´´
මං වැඩ ඉවර වෙලා ගෙදර යන්න බස් හෝල්ට් එකේ ඉන්නකොට අපේ ඔෆිස් එකේ වැඩ කරන අදීශගේ කට හඩ ඇහුනා.
``ඔව් අදීශ,ඇයි?´´
``මේ සහන්යා මං මේක ඔයාට කොහොමද කියන්නේ කියලයි හිතුවේ.මේ මං ඔයාට කැමතියි.මට හොදට හිතලා උත්තරයක් දෙන්න.´´
එහෙම කියලා අදීශ ඉක්මනින් ගියා.අදීශ කියන්නේ අපේ ඔෆිස් එකේම ඉන්න සෙල්ලක්කාරයෙක්.හැම තැනම කෙල්ලෝ.බලෙන් හරි ඕන දේ ලබා ගන්න කෙනෙක්.ආයිත් මිනිහෙක්ට රැවටෙන්න ඕන නෑ කියලා මං හිතාගත්තා.මෙයත් කසුන් වගේ කෙනෙක් තමයි.මං මේවා හිත හිතා
පාර පැන්නෙ සිහියකින් නෙවෙයි.එක පාරටම බස් එකක බ්රේක් එක වදින සද්දෙයි ඇස් දෙක නිලංකාර වෙනවයි එක්කම මං දැක්කෙ මාව අල්ලගන්න මහේශ් සර්.
``සහන්යා සහන්යා මේ ඇස් අරින්න ලමයෝ.´´
මං ඇස් අරිනකොට ඉදියේ මහේශ් සර්ගෙ කාර් එක ඇතුලේ.
``සර් මට මොකද උනේ?´´ මං ඇහුවෙ බය වෙලා.
``ඔයා බස් එකක හැප්පෙන්න ගියා.මං අල්ල ගත්තා වෙලාවට.බය වෙන්න එපා.මුකුත් උනේ නෑ.ඔයාට එක පාරටම සිහිය නැති උනා.දැන් ප්රශ්නයක් නෑනේ.´´
``නෑ සර්.ගොඩක් ස්තූතියි මාව බේරගත්තට.සර් නැත්තන් මාව මැරෙන්න තිබුනා.සර්ට මං නිසා පරක්කුත් වෙනවනේ.සර් ගෙදර යන්න.මං යන්නම්.´´
`` නෑ නෑ ඉන්න මං ඔයාව ගෙදර ලගින් බස්සන්නම්.දැන් බස් වල යන්නෙපා.කඩවත නේද ගෙවල් ´´
මං ඔව් කියල සද්ද නැතිව ඉදියේ සර්ට තරහ ගියොත් කියලා.මොකද සර් පොඩි දේටත් තරහ ගන්නවා.සර් මගෙන් පාර අහගෙන මාව ගේ ලගින් බැස්සුවා.ඒ සිද්ධියෙන් පස්සේ මගේ හිතේ සර් ගැන පැහැදීමක් ඇති උනා. හිතන් ඉදිය තරම් යකා කලු නෑ වගේ.
පහුවෙනිද ඔෆිස් ගිය වෙලේ ඉදලා මගේ ඇස් හෙව්වෙම සර්ව.ඇයිද මංදා සරුත් මං දිහා සැරින් සැරේ බලනවා.
``සහන්යා මේ මං ඊයේ අහපු දේට මොකද කියන්නේ.´´අදීශ ලගට ඇවිත් අහනකන් මට ඒක අමතක වෙලා තිබුනේ ඊයේ උනු සිද්ධිය නිසා.ඒත් කොහොමත් අදීශ ගැන හිතන්න මට උවමනාවක් තිබුනේ නෑ.
"අනේ අදීශ, මං කැමති නෑ.මට ඔයා ගැන එහෙම හිතෙන්නේ නෑ.සොරි.´´
"අහ් එහෙමද සහන්යා,බලමුකෝ.අපිත් ඉන්නේ මේකෙනේ.´´
"අදීශ මොනවද මෙතන කරන්නේ.මෙතන මේ තමුසෙලට මගුල් කතා කලා කියලා පඩි ගෙවන තැනක් නෙවෙයි.´´
``අහ්.මේ නෑ සර් මං මේ හෙට ප්රසන්ටේෂන් එකේ වැඩ වගයක් අහගන්න ආවේ.´´අදීශ මං දිහා දැඩි බැල්මක් හෙලලා ගියේ මං වැරද්දක් කලා වගේ.
``සහන්යා තමුසෙටත් එක්ක කියන්නේ.මට ඇහුනා ඌ කියපු දේවල්.මෙතන මගුල් නටන්න නම් ලෑස්ති වෙන්න එපා.මේ ෆයිල් එක ෆිල් කරලා තුන වෙනකොට මට ගෙනත් දෙනවා.´´
සර් මූනත් කලු කරන් ඉක්මනින් ගියා.අනේ දෙවියනේ මේ මොන මරාලයක්ද මට කඩන් වැටුනේ.අදීශ ගැන මගේ හිතේ කේන්තියක් හටගත්තා.එයා නිසා තමයි මේ ඔක්කොම.මං නිකන් බැනුම් ඇහුවා.බලමුකෝ කිව්වේ මොනව හිතේ තියන්ද දන්නේ නෑ.මට මෙතනින් යන්න වෙන තැනට මොනව හරි කරාවිද දන්නේ නෑ.එහෙම බැරි මිනිහෙක් නෙවෙයිනේ.
එදා හවස මං ඔෆිස් එකෙන් ගියේ හැමෝම ගියාට පස්සේ.ඒත් සර් විතරක් ඔෆිස් එකේ ඉදියා.
අම්මෝ මහන්සි.ඉක්මනට බස් එකක් එනවනම්.අපෝ අදීශ එනවා.මේ මොන කරදරයක්ද.
"අහ් නංගී උබ මට බෑ කිව්වා නේද ,බලන් ඉදපන්කෝ.උබව මං හොදින් හරි නරකින් හරි මගේම කරගන්නවා.උබව මට ඕන උනේ උබව මං දැකපු දවසෙ ඉදන්.මට ඕන වුනු උබට වඩා ලොකු ලයින් දීපු එවුනුත් මං අල්ලගත්තා.උබ මට ලොකු දෙයක් නෙවෙයි දැනගනින්.´´ අදීශ මගේ අතින් අල්ලගෙන කියවනවා.මං අත ගලවගන්න උත්සාහ කරනකොට සර්ගෙ කා එක මං ඉස්සරහ නැවැත්තුවා.සර් දැක්ක ගමන් අදීශ මගේ අත අතෑරියා.
``අදීශ තමුසේ මොනවද මිනිහෝ මේ කරන්නේ.ලැජ්ජ නැද්ද ?ආයිත් මේ වගේ දෙයක් කලොත් තමුසේ මේ ජොබ් එකෙන් අස් කරලා දානවා.දැනගනින්.´´
සර් අදීශගේ ශර්ට් එකෙන් අල්ලන් කෑගැහුවා.සර් ඉන්නේ ගොඩක් තරහින්.මූන කලු වෙලා තිබුනා.
``සහන්යා තමුසේ ගිහින් කා එකට නගිනවා.´´
සර්ව තවත් තරහ ගස්සන්න බෑ.අනික මං ඉදියේ හොදටම බය වෙලා.මං ඉක්මනට කා එකට නැග්ගා.අදීශ මං දිහා ගොඩක් තරහෙන් බලන් ඉදියා.
මග යනකොටවත් සර් මාත් එක්ක මුකුත්ම කතා කලේ නෑ.ඒත් මං දිහා සැරින් සැරේ බලනවා මට ඇස් කොනින් පෙනුනා.බය වෙලා ඉදිය මාව දැකලා සර් මොනව හරි තේරුම් ගන්න ඇති.කඩවත තිබුනු අපේ ගේ ගාවින් සර් කාර් එක නැවැත්තුවා.මං යන්නම් සර්.ගොඩක් ස්තූතියි කියලා ගෙදරට දුවල ගියා.
මං ඉක්මනට වොශ් එකක් දාගෙන කෑම කාලා ඇදට ආවෙ හිත නොසන්සුන් නිසා.අදීශ නිසා මට ලොකු බයක් දැනුනා.එයා හොද කෙනෙක් නෙවෙයි.එයා දකින හැම පාරම හිතට දැනුනේ බයක්.ඒ මිනිහා කිව්ව විදියට මට මොනව හරි කරොත්.ඒත් සර් මතක් වෙනකොට මගේ බය නැති උනා. සර්ව මතක් වෙනකොට මට ආරක්ෂාවක් දැනුනා.අනේ මංදා මාත් මොනව හිතනවද කියලා.සර් මට වඩා ගොඩක් වැඩිමල්.ඒත් මට එහෙම කවදාවත් දැනිලා නෑ.සර් ලග මට නිතරම දැනුනේ පුරුදු ගතියක්.හරියට නිකන් ගොඩක් කල් දැනන් ඉදිය කෙනෙක් වගේ.සර්ගේ කතා බහ අඩුයි.ටිකක් සැර පාටයි.ඒ උනාට මං දන්නේ නෑ මගේ හිත සර්වම හොයනවා.මට කසුන්ගෙන් පස්සේ කිසිම කොල්ලෙක් ගැන මේ වගේ හැගීමක් ඇති වෙලා නෑ.ඒත් සර් ගැන මට මේ දැනෙන හැගීම් මටවත් තේරුම් ගන්න බෑ.
මහේශ් සර් ගැන හිත හිතා නිදාගත්ත මට ඇහරුනේ පරක්කු වෙලා.අයියෝ මං ඉක්මනට ලෑස්ති වෙලා අම්මට වැදලා පාරට දිව්වා.පාරේ කවුරුත් නෑ.එක පාරටම වෑන් එකක් වේගෙන් ඇවිත් මං ලග නැවැත්තුවා.කව්ද කියලා බලන්නවත් මට වෙලාවක් තිබුනේ නෑ.ඒකෙ ඉදපු මිනිස්සූ මාව වාහනේට ඇදලා දාගත්තා.උන් ඔක්කොම වෙස් මූනු දාගෙන හිටියා.
``අනේ අම්මේ මාව බේරගන්න,මාව බේරගන්න කව්රුත් නැද්ද ´´මං හයියෙන් කෑ ගැහුවේ උදව් ඉල්ලලා.
ඒ යකෝ මේකිට ක්ලෝරෝෆෝම් අල්ලපන්.මේකිගේ සද්දේ ඇහේවි වටේ එවුන්ට.මට මතක එච්චරයි.
ම්ම්...අමාරුවෙන් මං ඇස් ඇරියා.මේ කොහේද මං ඉන්නෙ.පොඩි කාමරයක් ඔක්කොම ජනෙල් දොරවල් වහලා.මගේ අතපය ඇදේ ගැට ගහලා.අනේ දෙවියනේ මාව බේරගන්නකෝ.මං හෙමීට අඩන්න ගත්තා.කව්ද මට මෙහෙම දෙයක් කරන්නේ.අනේ මං කාටවත් කරදරයක් කරලා නෑ.අනේ අම්මේ මාව බේරගන්නකෝ.මට ඉකි ගැහුනා.
``ආහ් නංගී උබ නැගිට්ටද?´´
අදීශ ,ඔයා..අනේ මට යන්න දෙන්න.මං ඔයාට වැරද්දක් කලේ නෑනේ.
"අනේ යකෝ,මං උබෙන් අහපු වෙලාවේ උබ මට ලොකු ලයින් ඇල්ලුවානේ.උබට මට කැමති වෙන්න බෑ ඒ උනාට අර නාකියාට අල්ලනවා.උබ ආස නාකි එව්න්ටද.උන්ට වඩා අපිට කරන්න පුලුවන්.හිටපන් උබට අද පෙන්නන්න.´´
අදීශ මං ලගට අවේ ඇස් අඩවන් කරගෙන.ඒ ඇස් වලින් රාගය බේරෙනවා.
``අනේ අදීශ මාව අතාරින්න ප්ලීස්.අනේ මං වදින්නම්.මට මුකුත් කරන්නෙපා.අනේ අදීශ.ප්ලීස්.´´
මං එහෙම කෑ ගැහුවට ඌට ගානක්වත් නෑ.අත් කකුල් ගැට ගහල නිසා දගලන්නවත් බැරි උනා.මං පුලුවන් තරම් හයියෙන් කෑ ගැහුවේ මාව බේරගන්න කව්රුහරි ඒවි කියලා.
උබ කෑ ගැහුවට මෙහේ කව්රුත් නෑ බන් බේරගන්න.ඒ නිසා මහන්සි නොවී හිටපන්.අදීශ මගේ බෙල්ල සිපගන්න ගත්තේ වියරුවෙන් වගේ.ඒ අත් මගේ ඇග පුරාම දිව්වා.මට පුලුවන් උනේ අඩන්න විතරයි.ඌ මගේ බෙල්ල අතෑරලා තොල් උරන්න ගත්තා.මට ඒකෙන් දැනුනේ වේදනාවක්.ඒක හරියට හපාකෑමක් වගේ.
මගේ ඇග උඩින් නැගිට්ට අදීශ එකපාරට මං ඇදලා ඉදපු බ්ලවුස් එක ගලවලා දැම්මා.කාගෙන්වත් බැල්මකින්වත් කිලිටි නොවුන මං මේ මිනිහා ඉස්සරහ ඉදියේ උඩුකය නිරුවත්ව.මට කරගන්න දෙයක් නෑ.දෙවියොත් අද අහක බලාගෙන.අනේ දෙවියනේ මාව බේරගන්නකෝ.
``අද දෙවියො නෑ බං ඉන්නේ මං විතරයි.බලපන්කෝ උබේ ලස්සන.මට පිස්සු වගේ.´´මගේ ලය පුරාම ඒ මිනිහාගේ හීරුම් හා හපපු පාරවල්.මං ඇස් පියා ගත්තේ අද මං බේරගන්න දෙවියොත් නෑ කියලා දැනුන නිසා..
``වල් බල්ලා තෝව අද මං ඉතුරු කරන්නේ නෑ තිරිසනා.තෝ මොනවාද යකෝන්මේ අහිංසක කෙල්ලට කරන්නේ ´´
එක පාරටම කාමරේ දොර ඇරගෙන ආවේ මහේශ් සර්.අදීශට හිතන්නවත් වෙලාවක් නොදී සර් ඌට ගහගෙන ගියා.
``උබ බල්ලෙක් කියල දැනගෙන ඉදියා ඒත් මේ තරම් බල්ලෙක් කියල දැනගෙන ඉදියෙ නෑ.´´
අදීශට නැගිට ගන්නවත් බැරිවෙන තරමට සර් ගහල ආවෙ මං ලගට.සර් මගේ ඇගට ශීට් එකක් දාල මාව ලිහලා තුරුල් කරගත්තා.
``මං එනකොට පරක්කු උනා නේද කෙල්ලේ මට සමාවෙයන්.´´
මං අඩමින්ම සර්ට තුරුල් උනා..මට සර් ඉස්සරහ ඇත්තටම බයක් ලැජ්ජාවක් දැනුනේ නෑ.සර් නාවනම් අද මං විනාශ වෙලා.
``නෑ සර්,සර් ඇවිත් මාව බේරගත්තට ගොඩක් පින්.අද මගේ ජීවිතේ අන්තිම දවස නැත්තන් .සර් කොහොමද මාව හොයාගත්තේ?´´
``මං උදේ උබ එනකන් උබලගේ ගෙවල් වලට හැරෙන හංදියේ ඉදියේ.ඊයේ හවස උනු සිද්ධිය නිසා උබ ගැන මගේ හිතේ බයක් තිබුනා.උබ පරක්කු වෙනකොට මං උබලගේ ගෙවල් පැත්තට ගිහින් බැලුවා.එතකොට මං දැක්කේ ඔයාගෙ බෑග් එක වැටිලා තියෙනවා.මට කරගන්න දෙයක් හිතා ගන්න බැරි උනා.ආයිත් හන්දිය පැත්තට යනකොට මට ඇහුනා මිනිස්සූ කතා වෙනවා කව්ද කෙල්ලෙක් වාහනයක් ඇතුලේ කෑගහනව ඇහුනා කියල.මං වාහනේ විස්තර අහන් ලග කඩේක cctv චෙක් කලා. ඊට පස්සේ මැනික මං මගේ දන්න අදුරන යාලුවෝ හැමෝටම කෝල් කරලා වාහනේ පෙනුම එහෙම කිව්වා.මට එකෙක් කිව්වා මේ පැත්තට වාහනේ ආවා කියලා.මං එන්න පරක්කු උන්නෙ ඒකයි මැනික.උබේ නමට හොද නැති නිසා මං මූව මරන්නේ නෑ.නැත්තන් මූ ජීවත් වෙන්නවත් වටින කෙනෙක් නෙවෙයි.´´ සර් මගේ මූනට වැටුනු කොන්ඩේ හදන ගමන් කිව්වා.
``අනේ සර් අපි දැන් ගෙදර යමු.මට ගෙදර යන්න ඕන.´´
``ඔව් යන් මැනික.ඔය ඇදුම් ඇදගන්නකෝ.
එහෙම කියලා සර් අදීශවත් ඇදගෙන එලියට ගියා.´´
මං ඇදුම් ඇදගෙන එළියට ආවා.
``යන් මැනික.මේ බල්ලට මං හොදට කියලා දුන්නා.ආයිත් මූ ඔයා දිහා බලන එකක්වත් නෑ.ඌ ආයිත් ඔෆිස් එන එකකුත් නෑ.´´
සර් මාව කා එකේ වාඩි කෙරෙව්වා.සර් මග දිගට එනගමන් මගේ හිත හැදෙන්න ගොඩක් දේවල් කිව්වා.මං සර් කියන ඒවා අහන් ඉදියා විතරයි.
ගේ ගාවටම කා එක ගෙනත් නවත්තලා සර් මගේ අතින් අල්ලගත්තා.``මැනික උබ බය වෙන්න එපා.මං ඉන්නවා.මට ඉවසගන්න බැරි උනා අද.ආයිත් එහෙම දෙයක් වෙන්න දෙන්නේ නෑ මං.දැන් ගිහින් කාල නාලා නිදාගන්න.මං රෑට කෝල් එකක් දෙන්නම්.හෙට ඔෆිස් එක්ක යන්න මඔ එන්නම්.පරිස්සමෙන් බුදු සරනයි.´´
``ගොඩක් පින් සර්,පරිස්සමෙන් යන්න.බුදු සරනයි.´´
මං ගේ ඇතුලට යනකන් සර් බලන් ඉදියා.
``ඇයි පුතේ අද වේලාසනින්.අම්මා ඇහුවෙ පුදුමෙන්.´´
``අනේ අම්මා මට ඇගට හරි නෑ.උන ගන්න වගේ.හරි අමාරුයි.මං නිවාඩු දාල ආවා.´´
``ඉන්න මං පස් පංගුව පැකට් එකක තම්බන්නම්.මූනත් එක්ක ඉදිමිලා.ගිහින් ඇද්ම් මාරු කරන් ඇදට වෙලා ඉන්නකෝ.´´
මං අම්මට ඇත්ත නොකිව්වේ අම්මා බය වෙන නිසා.අම්මට බරක් දෙන්න මට හිතුනේ නෑ.මං හිතේ හැටියට නාගත්තේ අර මිනිහගෙන් කිලිටි උනු ගත පිරිසිදු කරගන්න.
අම්ම ගෙනත් දුන්නු පස් පංගුව බීල ඇදට වැටුනු මට මතක් උනේ සර්ව.
අද සර් ආවෙ නැත්තන් මගේ ජීවිතේ විනාශ වෙනවා.සර් කොච්චර හොදයිද.සර් ගැන මගේ හිතේ තිබුනු හැගීම් මතු උනා.මං සර්ට ආදරේ කරනවවත්ද.මට සර් ඉස්සරහ ලැජ්ජාවක් නොහිතුනේ, සර්ව ආශ්රය කරනකොට පුරුදු ගතියක් දැනුනේ නිතරම සර් ගැන හිතෙන්නේ මතක් වෙන්නේ ඒ නිසාද.ඒත් සර් මං ගැන මොනව හිතනවද දන්නේ නෑනේ.මනුස්සකමට වෙන්න ඇති මාත් එක්ක කතාබහ කලේ.
මං එහෙම්ම නින්ද ගිහින්.නැගිටිනකොට හවස හයත් වෙලා.ටික වෙලාවකින් ෆෝන් එක රින්ග් උනා.සර්..
``සහන්යා මොකද කරන්නේ.මට ඔයාව මතක් වෙනවා.දැන් කොහොමද මොකද කරන්නෙ´´
``හොදයි සර්.මටත් සර්ව මතක් වෙනවා.මං ඇදට වෙලා කල්පනා කරන ගමන් ඉදියේ.´´
``අද උනු ඒවා අමතක කරන්න මැනික.හෙට ඔෆිස් එනවද.මට උබව බලන්න ඕන.´´
``මටත් සර්ව නොබල ඉන්න බෑ.හෙට මං එනවා.´´
``හරි කෙල්ලේ.මං එහෙනම් උදේට හංදියට එන්නම් ඔයාව ගන්න.බුදු සරනයි මං තියන්නම්.´´
``හරි සර් බුදු සරනයි.´´
මං දන්නවා මේ හැගීම් මොනවද කියලා.මගේ හිත නිතරම සර්ව හොයනවා.ආදරෙන් කතා කරනකොට හිතම පිරෙනවා.මං සර්ට ආදරෙයි.මට දැනෙන විදියට සරුත් මට ආදරෙයි.සර් මට වඩා ගොඩක් වැඩිමල්.ඒත් සර්ට එච්චර වයසක් පේන්නේ නෑ.මට එහෙම දැනෙන්නෙත් නෑ.මං සර් ගැන හිත් හිතා රැය පහන් කලා.
උදේ ලෑස්ති වෙලා මං පාරට එනකොට සර් ඇවිත් ඉදියා.මං කා එකේ දොර ඇරන් වාඩි උනා.
``ගුඩ් මෝර්නින් සර්,ගොඩක් වෙලාද ඇවිත්,´´
``නෑ දැන් විනාඩි පහක් විතර.අද සහන්යා ගොඩක් ලස්සනයි.. ´´
මං හිනා වෙලා සර් දිහා බැලුවා.ටික දුරක් ඇවිත් සර් කා එක පාරෙ අයිනට කරලා නැවැත්තුවා.මං සර් දිහා බැලුවේ පුදුමෙන්.
``සහන්යා මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.මං කියන දේ අහලා මාව වැරදියට තේරුම් ගන්න එපා.ඔයාව දැක්ක දවසේ ඉදන් මං ඔයාට ආදරේ කලා.ඒත් මං ඔයාට ඒක නොපෙන්න ඉන්න උත්සාහ කලේ මං ඔයාට වඩා ගොඩක් වැඩිමල් නිසා.ඔයා තාම පුංචි කෙල්ලෙක්.ඒත් මං ඔයාට ගොඩක් ආදරෙයි මට තවත් මේක හංගන් ඉන්න බෑ.ප්ලීස් ඔයා මට අකමැති නම් කමක් නෑ.ඒත් මාත් එක්ක තරහ වෙන්න එපා.´´
``නෑ සර්.මං සර්ගේ අතින් අල්ලගත්තා.මාත් සර්ට ආදරෙයි.අනිත් දේවල් මට ප්රශ්නයක් නෙවෙයි.´´
සර් මාව තුරුල් කරගත්තා.
``ඇත්තමද මගේ රත්තරන්.මං උබට ආදරේ උනේ උබේ මේ අහින්සක කම නිසා.උබ හා පැටියෙක් වගේ මගේ සුදු බෝලේ.´´සර් මගේ නලල සිප ගත්තා.
මේ විදියට පටන් ගත්තු අපේ ආදරේට මාස තුනක් වෙනකොට අපි ගෙවල් වලට කියලා කසාද බදින්න තීරණය කලා.ඒත් මගේ අම්මා නම් කැමති උනේ නෑ එයාගේ වයස නිසා.ඒත් මගේ කැමැත්ත නිසායි පොරොන්දම් විස්සෙන් දහ අටක් ගැලපුන නිසා කැමති උනා.
අද මං ඔහුගේම පතිනිය.අපේ ආදරේ අන්තිමේදී දිනුවා.මේ සතුට එයා නිසයි.ජීවිත් කාලෙම මේ සතුට දුන්න එයා වෙනුවෙන් මං කැප වෙනවා.මේක තමයි මගේ කතාව.
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI