බිදුන සිතක්

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
📒📒📒බිදුන සිතක්📒📒

පේජ් එකටත් ලයික් එකක් දාලම කියවන්න

කෙට් කතාවක්...

දෛවය  කියන්නේ  හරි  පුදුම  දෙයක්ලු .මන්  දන්නැ  දෛවය පුදුමද  කියන්න  සමහර් විට  A/L  ලංවෙලා  මට  නුවර  යන්න  හිතුනේත්,  උඔට  අවුරැද්දට  නිවාඩු හම්බුනේත්   දෛවයේ  විදිහට  අපිව  මුනගස්සන්න  තිබුන  නිසා  වෙන්න  ඇති.

මං නිම්නදි  පුර්ණා . අම්මා ,අප්පච්ච් , අක්කා  මැද්දේ  හුරතලේට හැදුන වැඩුන  මට  ආදරේ  නම්  කිසිම  අඩුවක්  නොතිබ්බ  තරම් . ගොවිතැන්  කරලා  ජිවිකාව  ගැට  ගහන  අපේ  ජිවිත  වල  ආලොකය  ගෙනාවෙ  මායි  අක්කායි  කියලා  අප්පච්ච් නිතරම  කියනවා. අප්පච්ච්ගේ  මහන්සියේ ප්‍රතිඵලයක්  විදිහට  අක්කා  nurse කෙනෙක් විදිහටත් මං bio අංශයෙන්  A/L කරා.

හැමදාම  ගෙදර ඉදල අවුරුදු  සමරන මම කවදාවත් නැතුව අක්කලගෙ ගෙදර  හිතුන එකනම් මට අදටත් හිතා ගන්න බෑ . අවුරුද්දට බොහෝ  අය ආවා ගියා . ඇත්තටම මට එපා වෙල තිබුනේ . කවදත්  නිහඩ පරිසරයකට  ආස කරන මම ගෙදර  ගොඩක්  අය  පිරෙනවටනම්  පොඩ්ඩක්වත්  කැමති  නෑ.   එදත්  අන්න    ඒ වගේ  දවසක් .  කමරයට වෙලා පොතක්  කියවපු   මට   ආපු  අමුත්තන්ට   තේ  හදාගෙන  ඉස්සරහට  අරගෙන   යන්න උනා.  තේ  ටික   අරගෙන  මන්  ඉස්සරහට   ගියේ   අක්කට  හිතින්  බැන  බැන .  තේ  ටික  තියලා   යන්න  හැරැන   මට  උඔ   හරි  ලස්සනට  හිනා  උනා.  මාත්  උඔට   හිනාවකින්  සංග්‍රහ කරලා  පොඩ්ඩා  සෙල්ලම්  කරන  තැනට  යන්න.

නොහිතපු  විදිහට   උඔත්  අපි  හිටපු  තැනට ඇව්ත්  ඉදගෙන  මාත්  සෙල්ලම්  කරන්න එන්නද   කියලා  පොඩ්ඩාගෙන්  ඇහුවාට  ඔය  ඇස්  තිබ්බේ  මන්  ගාව. සෙල්ලම්  කරන්න   ආපු  උඔ  සෙල්ලම  කෙසෙවෙතත්  හරි   අපුරැවට  මගෙන්  ප්‍රශ්න  පත්තරයක්ම   ඇහුවා .  පුංචි  එකෙක්  වගේ  මුණ  ඇබුල්  කරන්  මං  ගැන  අහන්  නැද්ද  කියලා  අහනකොට  මට  ආපු  හිනාවනම්  මන්  වලක්වා  ගත්තේ  හරි  අමාරැවෙන් .

උඔ  කියපු  විදිහට  උබේ  නම  තරැන්  මින්සද .  Meths  වලින්  A/L  කරපු   උඔට  තිබ්බ   එකම  හීනේ  Nevy  Officer  කෙනෙක්  වෙන  එකලු .  ඒ  හීනේ  ඉෂ්ඨ  කරගන්න  මීට  අවුරැදු   එකහාමාරකට කලින් Nevy  ගියපු උඔ  ත්‍රිකුණාමලේ  කැම්ප් එකේ  ඉන්නේ  කියලා උඔ  කිවේ  ආඩම්බරෙන්ද  මන්දා

කම්මැලි  වෙලාවට  fb යන්න පුරුදු වෙලා හිටපු  මම එදත් ගියේ  කතා  කියවන්න  හිතාගෙන . මට එවලා  තිබුනු මිතුරු ඇරයුම්  අතර උඹේ තිබ්බ මිතුරු  ඇරයුම  අදුර ගන්න මට මහවෙලාවක් ගියේ  නෑ . දෙපාරක්  නොහිතා මං උඹව මගේ යාලුවෙක්  කර ගත්තා.

උඹට  මතකද උඹ මට මුලින්ම  එවුවේ hi  කියලවත් කොහොමද කියලවත්  නොවේ.  දෝණි කියලා. එහෙම පටන් ගත්ත අපේ සංවාදේ  ආදරයකට පෙරලෙයි කියලා මං හීනෙකින්වත්  හිතුවේ නෑ.උඹ මට ආදරේ  කියන කොට මට පුදුම හිතුනා සුදු  මහත්තයෝ  .. ඒ වෙනකොටත් මගේ හිතේ උඹ ගැන මහා ගොඩාක් ආදරය  තිබ්බා සුදු  මහත්තයෝ . ඒත් උඹට තරම් ශක්තියක්  තිබ්බේ  නෑ මගේ  ආදරේ  ගැන උඔට  කියන්න . කෙල්ලෙක්  වෙච්ච්  මං මගේ  ආදරේ  උඔට  එකවර  නම් කිවේ නෑ . මට ඕන  උනේ  උඹේ උපන්  දිනේ දවසේ  මගේ  ආදරේ  ගැන  කියන්න . උඔට  මතකද  සුදු  මහත්තයෝ  මක් හරියටම  රෑ 12ට උඔට  කතා  කරලා  උඔට  ආදරේ  කිවේ.

අපි ආදරේ  කරා මහා ගොඩක් ආදරේ  කරා. වෙන ආදර කතා  වගේ අපිට  හැමදාම  හම්බ  වෙන්න  බැරි උනත්  අපේ  අක්කාගේ  හොදම  යාලුවා  උන  උබේ  අක්කා ,  අක්කලාගේ  ගෙදර  එනකොට  උඔත්  එන්න  පුරැදුවෙලා  හිටියා. ඉදහිට  හම්බුනත්  අපේ  ආදරේ නම්  පොඩ්ඩක්වත් අඩු  උනේ  නෑ.
        අපි හැමදාම  හම්බ නොවුණුනත් පුලුවන්  හැමවෙලේම  කතා  කරා  .  උඔට  මතකද  සුදු  මහත්තයෝ  මන්  ඒම  කියවන්කොට  උඔ  කියන්නේ උඔට  මාර ආදරේ හිතේනවා  දොනි  කියලා. උඔ  මට  වැඩ්පුර  ආදරේ  මගේ  කතාවටලු.  උඔ  මාව අප්පච්ච්   කෙනෙක්  වගේ   බලා ගත්තා  , පරිස්සන්  කරා සුදු  මහත්තයෝ .

ගෙවල්   වලට  හොරා  පටන් ගත්ත අපේ  ආදරේ වැඩ්  කාලයක්   නම් රහසක්   උන්නෑ.  උඔට  මතකද   සුදු  මහත්තයෝ  උබලාගේ  අම්මා  මට  කියන්නේ හැමදාම   මන් අහිංසක  සිදෙව්  කෙල්ලේක්   කියලා . මගේ  අම්මා  අප්පච්ච්  තරමට  උබේ  අම්මා  අප්පච්ච්  මට  ආදරේ   කරා.  ඒ  ආදරේ  අදටත්  එහෙම්මමයි .

එත්  හැම  ආදර  කතා වගේම අපේ  ආදරේටත්   කන  කොකා  හඩන්න  එච්චර  කාලයක්   ගියේ  නෑ.  උඔ  වෙනස්වෙයි  කියලා  මං  හිනෙකින්වත් හිතුවේ   නෑ  සුදු  මහත්තයෝ . ඔව්  උඔ  වෙනස්  උනා.  උඔට  පුලුවන්   හැමවෙලේම   කතා කරන්න පුරැදු වෙලා  හිටපු  උඔ  කතා  නොකර  මග අරින්න පුරැදු උනා. Msg  කරත් Msg  එකක්  දෙකක්  එවලා  නිදගන්න  පුරැදු  උනා.  Online ඉදපු  උඔ  නිදාගත්ත  හැටිද  සුදු  මහත්තයෝ  ඒ?  උඔ  හිතුවේ  මන්  දැක්කේ නෑ කියලා  නේද  සුදු  මහත්තයෝ  නෑ මන්  දැක්කා. උඔට  හිතාගන්න  බැරිතරම්  මගේ හිත  රිදුනා. මං ඔය ගැන අහනකොට උඹ කියන්න පුරුදු  වෙල හිටියේ  නින්ද  ගියා deta off කරන්න බැරි උනා කියන්න. උඹ ඒ රැවැට්ටුවේ  උඔ  ගොඩාක්  ආදරය  කරපු උඹ අඩනකොට අඩපු, උඹ දුක් වෙනකොට දුක් වුන දෝණිව නොවේ . උඹේම හිත . මගේ  number එකක් පවා block කරලා උඔ  යන්න  ගියේ සුදු  මහත්තයෝ . මන් නොහිතපු විදිහට   

මගේ  යලුවෝ  A/L පාඩම්  කරන කොට මන් කරේ අඩපු එක. හැමදාම  දවස ඉවර  උනේ අඩලා අඩලා  හෙම්බත්  වෙලා . මගේ කරැමෙට මගේ අම්මගේ  ,අප්පච්ච්ගේ  හීන පොඩි කරන්න මට ඕන උනේ නෑ. මං  හරි අමාරැවෙන්  නැගිට්ටා පාඩම්  කරා.

මුලු පරිසරේම අදුරු කරන් වහිනවා. පාඩම් කරන්නත් කම්මැලි නිසා හොදට sit එකත් පොරොවගෙන මං  නිදගෙන හිටියේ . කවදාවත් cl ,msg එයි කියලා නොහිතපු උඹේ  number  එකෙන් doni කියලා msg එකක් ආවා .ඒ එක්කම ආපු උඹේ  call එක දෙපාරක්  නොහිතා  answer  කරේ මං  උඔට  තාමත්  ආදරේ  කරන නිසා. උඔට  මතකද  සුදු  මහත්තයෝ  උඔ  එදා ගොඩාක්  සමාව  ඉල්ලුවා .උඔ  මාව  එපා  කියලා  ගියාට මං  උඔට  උඔ  වැරැද්දක් නොකරපු  ගානට  සමාව  දුන්නේ . ඒත්  සුදු  මහත්තයෝ  අපි ආදරන් හිටියේ සති  කීයද?

උඔ  ආපුහු වෙනස්  උනා සුදු  මහත්තයෝ . වෙනදා  විදිහටම වෙනස්  උනා . මගේ  msg  seen කරන්න  විතරක්  උඔ  පුරුදු  උනා . මගේ  ජිවිතේම  මට ආපහු  එපා  කරවලා  උඔ  යන්න  ගියා. ජීවත්  වෙනවට  වඩා  මරණේ  හොදයි  කියලා  හිතුනත් මගේ  අහිංසක  අම්මා  අප්පච්ච්ගේ  හිතට දුකක් දෙන්න  මට  ශක්තියක්  තිබ්බේ  නෑ. Exam  වලට මාස 4 ක් තිබ්බේ  නෑ. ඒත්  හිත  හයිය  කරන් මට පාඩම්  කරන්න මට  පුලුවන්  කමක්  තිබ්බේ  නෑ සුදු  මහත්තයෝ . ඒත්  මං  පාඩම්  කරා .

මගේ  හිත  හදාගන්නකොට උඔ  ආපුහු  ආවා සුදු  මහත්තයෝ . හිතේ  කහටක්  නැතුව  මං ආපුහු  උඔව  භාරගත්තා. උඔට  සමාව  දුන්නා . ගොඩාක්  දවසකින් උඔ  මාවත්  ,මං  උඔවත්  දැකලා  තිබුනේ  නැති නිසා මතකද  උඔට  අපි දෙන්නා  කතා වෙලා  හිටියේ  exam  ඉවර  උනාම උඔ  නිවාඩු  යන  දවසට උඔත් එක්ක නුවර  යන්න . ඇදගෙන  යන ඇදුමේ  පාට පවා  අපි කතා  කරලා  තිබ්බේ. ඒක හීනයක්ම කරලා උඔ  හරි අපූරුවට ආපහු ගිය සුදු  මහත්තයෝ . උඔට  හිතක් පපුවක්  නැතුව ඒම කරේ A/L exam එකට ඉස්සෙල්ලා දවසේ .  උඔට  පොඩ්ඩක්වත්  මං  ගැන  දුක් හිතුනේ නැද්ද සුදු  මහත්තයෝ . අදටත්  මං  දන්නෑ  මං  මොනවද  ලිව්වේ කියලා .

Exam  ඉවර උනා  . හරි අමරුවෙන් මං  හිත  හදා ගත්තා . බුදු දහමට  නැබුරැ  උනා . බැදිම්  කියන්නේ  දුකක්  කියලා  තෙරුම්  ගත්තා  . මට  ආපුහු  මගේ  අම්මාගේ  අප්පච්ච්ගේ  හීන  හැබැ  කරන්න  ඕන . ඒක නිසා  ලොකු  ශක්තියකුත්  එක්ක  මං  ආපුහු  A/L කරන්න  තීරණය  කරා .

ලොකු ගමනක්  යන්න  මං  ආපුහු  අඩිය  තියනකොට  උඔ  ආපුහු  මගේ  ජීවිතයට එබිකම්  කරනවා සුදු  මහත්තයෝ . ආපුහු  උඔව  මගේ  ජීවිතයට  අරන්  මගේ  අහිංසක  දෙමාපියන්ගේ බලාපොරොත්තු  මට විනාස  කරන්න  මට  බෑ . ඒකයි  මං  තීරණයක්  ගත්තේ  සුදු  මහත්තයෝ  උඔ  ගැන  මගේ  හිතේ තියන  ආදරේ  එහෙමම  තියෙව්. උඹේ  සතුට
ඈත  ඉදන්  බලන්  ඉන්නම් . Nevy officer  කෙනෙක්  වෙන දවසට මතක  තියාගනින්  උඹේ  අම්මා  අප්පච්ච්ට පස්සේ  සතුටු  වෙන්නේ  උඹේ  දෝණි කියලා . ඈතට  වෙලා  ඉන්නම් මම  මට  සමාවෙන්න .

                             නිම්.....

😉😉😉 චූටි හෙල්ප් එකක් ඉල්ලන්නම්  යාලුවේ. සමහරු කතා කියවලා ලයික් එකක්වත් නොදා යනවා සමහරවිට එයාලා කතාවට ආස නැතුව ඇති..ඒත් ඔයා චූට්ටක් හරි කතාව රසවින්දනම් ඔයාට දැනුනදේ  කියලා චූටි විනාඩියක් වැයකරලා ශෙයාර් කරලා පේජ් එකටත් ලයික් එකක් දාලම යන්න.. 📝📝📝📝👍👍👍👍👍👍👍👍👍👍
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI