මම හමුදාවේ සේවය කරපු නිසා නෙමෙයි මෙහෙම කියන්නේ...
ළගදි දවසක මම දියතලාව කදවුරට ගිහින් ගෙදර එන්න කියලා බස් එකට නැග්ගා. බස් එක ෆුල් ලෝඩ් වෙලා තිබුන නිසා මං ෆුට් බෝඩ් එකේ එල්ලිලයි ආවේ. ටිකක් දුර එනකොට කොන්ඩෙයි රැවුලයි වවාගත්ත බාටදෙකක් දාගත්ත රස්තියාදුකාරයෙක් වගේ කොල්ලෙක් බස් එකට නැගලා ෆුට් බෝඩ් එකේ එල්ලුනා. පොර බොහොම අමාරුවෙන් තමයි බස් එකට නැග ගත්තේ. කකුලේ නොන්ඩියක් තිබුනා. මං ඇහුවා විස්තර ටිකක්. පොර කමාන්ඩෝ LRP. ( Long Range Patrol = දිගු දුර විහිදුම් බළකාය ) කොල්ලෙක්. අන්තිම ඔප් එකේදී ඇටෑක් එකකට අහුවෙලා කකුල කපලා. දිග කලිසමක් ඇදලා ඉන්න නිසා පේන්නේ නෑ. අමාරුවෙන් නැගපු නිසයි මටත් අහන්න හිතුනේ. පොර හමුදාවෙන් ලබපු පන්නරය නිසා කකුලක් නැතත් වෙන කෙනෙක්ගෙන් වාඩිවෙන්න ශීට් එකක් ඉල්ලුවේ නෑ. LRP කරපු කමාන්ඩෝ කොල්ලෙක්ගේ දරාගැනීම කොහොමද කියල කියන්න හමුදාවේ කොල්ලෝ දන්නවා. අපි වෙනුවෙන් යුද්ධ කරලා කකුලකුත් අහිමි කරගෙන බස් එකක්ට නැග්ගම ඒකේ ඉන්න කෙලෙහිගුණ් නොදන්න බහුතරයක් සිංහලයෝ අහක බලාගෙන බොරුවට නිදාගෙන වගේ ඉන්නවා. මට ඒ කතාව අහපු වෙලාවේ ඇස් දෙකට කදුලු ආවා. කෑගහලා බස් ඒකේ හිටපු ඔක්කෝටම බනිනකොට නැගිටලා අර කකුල බැරි කොල්ලට වාඩි වෙන්න ශීට් එකක් දුන්නෙත් නිවාඩු ඉවරවෙලා කෑම්ප් එකට යන හමුදාවේ කොල්ලෙක්මයි. ඇත්තටම ලැජ්ජයි ලංකාවේ මිනිස්සු ගැන. දැන් යුද්ධය නෑ තමයි. ඒත් යුද්ධය ඉවර වුනේ ඉබේම නෙමෙයි. ත්‍රිවිද හමුදාව කරපු කැපකිරීම් නිසා තමයි අද මුලු ලංකාවේම මිනිස්සු නිදහසේ හුස්ම ගන්නේ. මේ පෝස්ට් එක දකින ඔයාලගෙන් මං ඉල්ලන්නේ හමුදාවේ අයට පාරකදී බස් එකකදී දැක්කත් හිනාවකින් හරි සංග්‍රහ කරන්න. හමුදාකාරයෝ කියලා එවුන් නෑ. ඉන්නේ හමුදා සොල්දාදුවන්. හිතේ තියෙන දුකටයි මේ පෝස්ට් එක දැම්මේ. අන්තිම ඉල්ලීම තමයි මීට වඩා පොඩ්ඩක් හරි දේශයේ මුර දේවතාවන්ට ගවුරව කරන්න කියලා විතරයි...මං පවන හෙට්ටිආරච්චි .

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.