සුදු_මැණික_දන්නවද_ඔයා-උඹ තමයි මගෙ ජීවිතය කියලා .
🔴#මොහොතක්_නැවතිලා_මේ_සුන්දර_ආදර_කතාව_කියවලා_යන්න
ඔයා දන්නවද මගේ සුදු නෝනා...?
උඹ තමයි මගෙ ජීවිතය කියලා ..?
ඔව්..මම හිතන්නෙ.. උඹ ඒක දන්නවා ..
මං උඹට වඩා අවුරුදු 4ක් වැඩිමල් , ඒත් ඒ වෙනස කාටවත් පෙන්නේ නම් නැති වුණාට මට උඹව ගොඩක් චූටි කෙල්ලෙක් වුනා රත්තරන් , මට 26 යි.උඹට 22යි. ඒ නිසාමද කොහේ උඹගොඩක් හුරතල් සුදු නෝනා...
අවුරුදු 3ක් ආදරේ කරලා අපි විවාහාවෙද්දි.. යාන්තම්..උඹට 20 ලැබුවා විතරයි..
"තව අවුරුදු 2ක්වත් ඉමු සුදුනෝනා"
කියලා මං කියද්දි ..
"මට බෑ සුදු අයියේ... තවත් ඔයාගෙන් ඈත්වෙලා ඉන්න මට බෑ..😭😭"
කියලා ඇස් වල කදුලු පුරවන් ,මූණ රතුකරන් උඹ කිව්වේ මටත් උඹ නැතුව ඉන්න බැරි බව දැන දැනමයි..
මම පැනපු ගමන් හැමදාම වගේ උඹේ බෝල කම්මුලක් විකුවෙ ඔය හුරතලේ දරාගන්න බැරිකමටමයි මැණික..
"හරි සුදු මැණික අපි ඉක්මනටම අපේ වෙමු "
කියලා මං කියද්දී මගේ කපටි කෙල්ල තුරුල් වෙලා හිටපු මගේ පපුවෙන් අයින් වෙලා මගේ මූණ දිහා ඔලුව උස්සලා බැලුවේ හරිම ආදරෙන්.. ඒ බලපු බැල්මට මං තාමත් ආදරේ කරනවා රත්තරන්....
අපි දෙන්නගෙම හීන එකතු කරලා අපේ ලස්සන වෙඩින් එක හිතුවටත් වඩා හොදට කෙරෙද්දී එදා මගේ රත්තරන්ගේ සතුට , එහෙම සතුටක් කවදාවත් මං ඔයාගෙන් දැකලා තිබ්බේ නෑ මැණික...
ඒ වගේම එදා දවස වගේ කවදාවත් දුක් වෙලත් නැතුව ඇති රත්තරන් ඔයා , ඔයාගේ අම්මා තාත්තා ඒ වගේම ඔයත් එක්ක රණ්ඩු කරපු ඔයාගේ මල්ලිව දාල එදා උඹ මගේ ලගට ආවේ සතුටින් වුනාට හිතේ දුක තිබ්බා නේද රත්තරන්.....?
එදා උඹ මගේම වුන දවසේ චූටිම චූටි සුදු හා පැටියෙක් වගේ මගෙ පපුව අස්සෙ ගුලිවෙලා
" රිදෙයිද සුදු අයියේ...? "
කියලා අහද්දි සත්තයි මැණික මගෙ පපුව පැලෙන්න ආවා , මම උඹව මගෙ පපුව උඩට අරන් හිමින් ආදරෙන් මූණ ඉඹ ඉඹ ඉද්දි..
"ඔච්චරද මට අහ්..."
කියලා මූණ රතුකරන් ලැජ්ජාවෙන් අහද්දි මම උඹේ කට මිරිකුවේ
"අනේ මැට්ටි , දැන් චුට්ටකට කලින් නේද රිදෙයිද කියලා ඇහුවෙ..?"
කියලා හිනාවෙවී කියකියම..
"ඉතින් මැට්ටෝ රිදෙයිද කියලා ඇහුවා මිසක් මුකුත් කරන්න එපා කිව්වේ නෑනේ මම.."
උඹ මගෙ පපුවේ මූණ හංගන් කොදුරුවේ ඒක මටවත් නොඇහෙන ගානට වුනාට ඒ උඹේ වචන වල හඩට මගෙ මුළු ඇගම හිරිවැටිලා ගියා කියලා උඹ දන්නවද සුදුනෝනා....?
ඒ මොහොතෙන් පස්සෙ උඹ හීන් කෙදිරියක් එක්ක මගේම වෙද්දි
මම කිව්වෙ...,
"මට සමාවෙයන් මගෙ සුදු නෝනා උඹව රිදෙව්වට "
කියලා..
"කමක්නෑ සුදු මහත්තයෝ ඒක වේදනාවක් නෙමෙයි මට , එච්චර රිදුනේ නෑ මට...."
දාඩිය පිරුනු මූණෙන් හිනාවෙලා උඹ මට කිව්වෙ මගෙ හිත සනසන්න කියලා මම දන්නවා සුදුනෝනා. ඒ නිසයි මම උඹේ නළලට උඹ ආසම කරන හාදුව දුන්නෙ ඒ වෙලාවෙ... මොකද ඒ වෙලාවේ උඹේ ආදරේ දරා ගන්න බැරිවුනා කියලා උඹ දන්නවද සුදු නෝනා....?
එදා පටන්ගත්තු අපේ අලුත් ජීවිතය උඹයි මමයි ගෙව්වේ හරි සතුටින් නේද සුදු නෝනා.....?
අනේ උඹ පොඩි එකක් වගේ..
කොයිවෙලෙත් මාත් එක්ක වලි..
මට හිනහයිත් එක්ක..
මමත් ආසයි උඹව අවුස්සලා උඹෙ
රතුවෙන කම්මුලක් හපලා දාන්න..
කොයිවෙලෙත් මාත් එක්ක වලි..
මට හිනහයිත් එක්ක..
මමත් ආසයි උඹව අවුස්සලා උඹෙ
රතුවෙන කම්මුලක් හපලා දාන්න..
අන්න එතකොට ....,
"අනේ රිදෙනවා ගොන් මැට්ටෝ... නරකයි ඔයා... "
කියලා මගේ පපුවට ගහද්දි මම ආසයි බං ඔය මූණ දිහාම බලන් ඉන්න..
උඹ හැමතිස්සෙම හෙම්බිරිස්සාව හදාගන්නවා..ඇයි ඉතින් පොඩි එකා වගේ අයිස්ක්රීම් කනවා ඉන්නෙත් වතුරෙමනෙ දියබරියා වගේ..
"ගුටි දෙන්නෙ මේක බිව්වෙ නැත්තම්.."
මම පොඩි තරවටුවක් කරලා බෙහෙත් පොවාගන්න මහන්සි වෙන තරම් උඹට පෙනුනා නේද සුදු නෝනා....?
උඹ මූණ හංගන්
"මට එපා කට තිත්තයි "
කියද්දි.. මගෙ පපුවත් හෝස් ගාලා යනවා කියලා දන්නවද සුදු නෝනා...?
අන්න ඉතින් ඒ වෙලාවට දන්න ගැජට් ඔක්කොම දාලා කෑම ජාති හද හද උඹට කවලා බෙහෙත් පොවන්න මම පුදුම ආසයි කියලා උඹ දන්නවද සුදුනෝනා...?
උඹත් මම මොනවා හැදුවත්
""රසයි මගෙ අයියෙ ""
කියලා කනවා ඉතින්..
මම දන්නවා..ඒවා සතෙක්ටවත් කන්න බෑ කියලා..උඹ පව්..
මම දන්නවා..ඒවා සතෙක්ටවත් කන්න බෑ කියලා..උඹ පව්..
සමහර දාට උඹයි මායි යනවා රෑට ඇවිදින්න..ඒ ගිහින් කඩචොරු මල්ලක් අරන් නිදහස් තැනක වාඩිවෙලා උඹ ඔහේ කියව කියව කනවා බලන්න මම හරි ආසයි කියලා උඹ දන්නවද සුදුනෝනා....?
උඹෙ කියවිල්ල තමයි කොහොමත් මාව පිස්සෙක් කලේ..ඉතින් මමත් උඹ කියන පිස්සු කෝලම් බොරු අහගෙන ඉන්නවා මැට්ටෙක් වගේ.....
"ඔෆිස් එකේ වැඩ ගෙදර ගේන්න එපා කියලා මම කියලා තියෙනවනෙ සුදු අයියේ...?"
මම ලැප් එක අතට ගත්තොත් උඹ දුවලා ඇවිත් තොදොල් වෙලා මගෙ උකුලට පනින්නෙ එහෙම කියාගෙන.
අනේ ඒ හුරතලේ ඉවසගන්න බැරුව සමහර වෙලාවට නතරවෙන්නෙ ඇද උඩ කියලා උඹ නොදන්නවත් නෙමෙයි නේද සුදුනෝනා.....?
උඹටත් මොහොතක්වත් මං නැතුව බෑ කියලා මම දන්නවා ඉතින්..
ඇයි ඉතින් මම ඔෆිස් ගිය වෙලාවෙ ඉදලා හවස එනකම්ම උඹ ඉන්නෙ පාලුවෙන් තනියමනෙ..
ඇයි ඉතින් මම ඔෆිස් ගිය වෙලාවෙ ඉදලා හවස එනකම්ම උඹ ඉන්නෙ පාලුවෙන් තනියමනෙ..
ඔහොමම අපේ ආදරේ අවුරුදු ගානක් ගෙවුනේ අපේ වයස 50 ත් පහුකරද්දී කියලා උඹ දන්නවද සුදු නෝනා....?
"සුදු මහත්තයෝ..මහත්තයට කලින්..මමයි මැරෙන්නෙ කමක්නෑනේ.."
උඹ මට තුරුලුවෙලා කියද්දි..මගෙ පපුව ගැස්සිලා ගියා රත්තරනේ..."
"ඇයි ඒ මගෙ සුදු නෝනා එහෙම කියන්නෙ..?"
මම ඇහුවෙ පුදුමයෙන්.
"මට මහත්තයා නැතුව මොහොතක්වත් හුස්ම ගන්න බෑ... ඉතින්...ඒ නිසා මම කලින් මැරෙන්නම් හා නේද ?"
ආයෙත් උඹ මගෙන් ඔහොම අහද්දි දන්නවද සුදු නෝනා මට දැනුනු වේදනාව. මටත් උඹ නැතුව මොහොතක්වත් ජීවත්වෙන්න බෑ කියලා උඹත් දන්නවා ඇතිනේද ඉතින්..
"මැරෙනවානම්..දෙන්නම එකට මැරෙමු.."
මම අන්තිමට කිව්වෙ එහෙම.
ඔව් අද පාන්දර උඹ මාව දාලා ගිහින්..උදේ නැගිටලා මම උඹට කතාකරද්දි..උඹේ සීතල අත පය මට දැනුනා.මමත් උඹ ලගින්ම ඇලවෙලා..ඔය පපුවට ඔලුව තියාගෙන ඇස් පියාගත්තා..
#දන්නවද_සුදුනෝනා...
මමත් එනවා උඹත් එක්කම..
මැරෙනවානම් එකට මැරෙමු ..
මැරෙනවානම් එකට මැරෙමු ..
මොකද.. උඹ නැතිව හුස්ම ගන්න එක අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක් නිසා.....
මොකද.. ඒතරමටම..
මම උඹට ආදරේ කරනවා කියලා
උඹ දන්නව නේද මගෙ සුදුනෝනා....?
මම උඹට ආදරේ කරනවා කියලා
උඹ දන්නව නේද මගෙ සුදුනෝනා....?
විදින්න තියෙන ආදරේ විදවන්නේ නැතුව සතුටින් විදින්න.. ඔයාගේ ආදරේ ට අවංක වෙන්න , ඔයාගේ ආදරේට කියන්න අවංකව ආදරෙයි කියලා මේ මොහොතෙම......❤️❤️❤️