·
# ආයෙමත්_මට_ආදරෙන්
සුදු මහත්තයා... දැන්වත් නැගිටින්නේ නැද්ද...." කෙල්ල අහන්නේ තමන්ගේ බෙල්ල මතින් වැටිලා තියෙන කොල්ලගේ අතට ඉඹලා...
"ම්හ් ම්හ්... තව ටිකක්..." කොල්ලා ඇස් පියානම කියනවා...
"හරි ෂෝක් ඈ...... මං පාන්දර ඉදන් මේ කීවෙනි සැරේටද අහන්නේ... එක්කෝ මට නැගිටින්න මේ අත ගන්නකෝ සෙනුර..." කෙල්ල කියන්නේ සෙනුරගේ අත උස්සන්න හදන ගමන්... ඒත් කොහෙද කොල්ලගේ අත උස්සන්න තියා හොලවන්නවත් කෙල්ලට බෑ... සෙනුර ඉතිං ඇස් පියානම හිනාවෙනවා...
"අනේ මැට්ටෝ... යන්න දෙනවකෝ... උයන්නේ නැද්ද මං.... ඔයා ඔෆිස් යන්නේ නැද්ද... මට තව වැඩ තියනවා..." කෙල්ල ඉවරයක් නැතුව කියවනවා... කොල්ලා එකපාරටම අතදාලා කෙල්ලව තම නිරුවත් පපුව මතට ගත්තා... කෙල්ලගේ කට වැහුනේ සෙනුරගේ හුස්ම පවා කෙල්ලට දැනුන නිසා...
"මොකද චණ්ඩි රැජිනගේ කට වැහුනේ... ආ.."
"අනේ යන්න දෙන්න සෙනුර..." කෙල්ල ලැජ්ජාවෙන් කියද්දි කොල්ලට හිනා... සෙනුර ලග දැවටෙද්දි කෙල්ලට දැනෙන්නේ කියා ගන්න බැරි සතුටක් වගේම ආදරයක්... ඒත් ඒක පිටවෙන්නේ ලැජ්ජාවකින්...
"මේක හරි වැඩක්නේ බොලේ... උඹව මං මැරි කරලා අවුරුදු කීයක් වෙනවද... අවුරුදු තුනක් වෙන්න එනවා නේද..." කොල්ලා අහනවා..
"ම්...." කෙල්ල කොදුරන්නේ සෙනුරගේ පපුවට හිස තියාන...
"ඉතිං බොල... මොකද මේ ලැජ්ජාව... හරියට මං තාම උඹේ මොකුත් දැකලා නෑ වගේනේ.."
කෙල්ල හිනාවෙනවා...
"මො...න...වා මතක්වෙලාද හිනාවෙන්නේ..." කොල්ලා ඇදලා එහෙම කියලා කෙල්ලව ඇදේ තියලා ඒ මූණට එබුණා... දෙන්නගෙම ඇස්වලින් දෝරේ ගැලුවේ ආදරේ...
"මොකුත් මතක් වුණේ නෑ... මං යනවා.. අයින් වෙන්න.... අයින් වෙනවකෝ මැට්ටෝ..." කෙල්ල ඒ පපුවට අත්දෙක තියලා තල්ලු කරන්න හදනවා..
"ඒ මැට්ටියේ... දන්නවනේ මගේ කොන්දේසිය.. මෙතනින් බේරිලා යන්න ඕන නම්... හැමදාම වගේ මගේ උම්මා නවයයි... ස්පෙෂල් එකයි දීලා යන්න ඕන..." කොල්ලා තවත් ඒ ඇස්වල කමිදිලා කියනවා...
"මොන කරදරයක්ද මන්දා..." කෙල්ල බොරුවට කියනවා..
"දවසක මං උදේට මෙතන නැති වුණාම තේරෙයි ඔයාට..." කොල්ලා එහෙම කියලා ඇදේ හාන්සි වුණේ.. එහෙම කිව්වාම කෙල්ල ඕන දෙයක් කරන නිසා...
"අනේ සුදු මහත්තයෝ... කවදාවත් එහෙම වෙන්නෑ... ඔයා මගේ ලගමයි ඉන්නේ... ඔයා මාව දාලා ගියත් මං එනවා හොයාගෙන.." කෙල්ල එහෙම කියලා කොල්ලගේ පපුව මතට බරවෙලා මුහුණ පුරාවට හාදු නවයක් සටහන් කලා...
"යේ.... දැන් ස්පෙෂල් එක..." කොල්ලා හිනාවෙලා කෙල්ලව බදාගෙනම කියනවා.. කෙල්ලගේ දෙතොල් කොල්ලගේ දෙතොල් මතට බරවුණා... සුලු මොහොතක් දෙන්නා ඒ පහස විදගත්තා..
"දැන් ඇති... හැමදාම මාව බ්ලැක්මේල් කරලා කිස් ගන්නවා... ඒ මදිවට දත් මැදලත් නෑ..." කෙල්ල කියන්නේ කට බෙරි කරලා...
"ආ.... මං විතරද.. මගේ සුදු නෝනත් දත් මැදලා නෑනේ... ඒකෙත් නිකං ගැම්මක් තියෙනවා නේ..."
"අපි ඉතිං දත් මැද්දේ නෑ කියලා නෑ... කොයිවෙලෙත් පිච්ච මල් සුවදයි..."
"අපොයි හරහට තමයි... මන්නේ දන්නේ..."
"අයින් වෙනවා..." කෙල්ල කොල්ලගෙන් ඈත් වෙලා ඇදෙන් නැගිට්ටා... සුදු අත්දිග දණහිසට ටිකක් උඩට වෙන්න තිබුනු කොල්ලගේ ලොකු ෂර්ට් එකක් තමයි කෙල්ල ඇදන් හිටියේ... ඒකටම හරියන්න චූටි කලිසමකුයි... ෂර්ට් එකට කලිසම පේන්නෙත් නෑ.... කොණ්ඩෙත් ගැට ගගහා වොෂ්රූම් එකට යන කෙල්ල දිහා කොල්ලා බලන් හිටියේ ආදරයෙන්....
සෙනුර සහ කිෂූ එකතු වන්නේ යොජිත විවාහයකින්... එතනින් පටන් ගත්ත ඔවුන්ගේ ආදර කතාව ලස්සනට ගලාගෙන ගියා... දෙන්නටම තිබුණේ හිත වසඟ වෙලා යන රූපයක්.... දෙන්නා නොකරපු දෙයක් නැති තරම්... බෝට්ටු සවාරි... කදු නගින එක... හැම තැනම කරක් ගහලා තියෙනවා... දෙන්නම එකතු වෙලා දරුවෙක් හදන එක පස්සට දැම්මේ ජීවිතේ තවත් එන්ජෝයි කරන්න හිතුන නිසා... සෙනුර කියන්නේ කිෂූ ගේ පණ ටික.... කිෂූ කියන්නේ සෙනුරගේ පණ ටික... ඒ ආත්මීය බැදීම ඒ තරම්ම දුර ගියපු සම්බන්දකමක් බවට පත්වුණා.... කාලය ගෙවිලා ගියේ දෙන්නගෙම ආදරයයි... බොරු රණ්ඩුයි මැදින්...
"කිෂූ... මැණික මට අද මීටින් එකක් තියෙනවා... එන්න ටිකක් රෑ වෙයි..." සෙනුර කියන්නේ ටයි පටිය ගැට ගහන ගමන්..
"එච්චර රෑ වෙන්නේ..." කෙල්ල ලගට ඇවිත් කොල්ලගේ ටයි පටිය තද කරන ගමන් අහනවා...
"මීටින් එක නුවර තියෙන්නේ කිෂූ.... සූට්ටක් රෑ වෙයි..." සෙනුර කෙල්ලගේ නහය මිරිකලා කියනවා...
"ම්.... ඔයාට මොකුත් අද මතක් වුණේ නැද්ද..." කෙල්ල අහනවා...
"ම්හ්.... ඇයි අද විශේෂ දවසක්ද..." කොල්ලා කියන්නේ කොන්ඩේ අතින් හදන ගමන්...
"නෑ... මං ඔයාගේ බත් එක බෙදාගෙන එන්නම්..." කෙල්ල එහෙම කියලා පහලට ගියේ පරල වුණ මුහුනින්...
"සුදු මැණික... මට අමතක නෑ... අදට අපි මැරි කරලා අවුරුදු තුනයි... මගේ ජීවිතේ ලස්සනම අවුරුදු තුන ගෙව්නේ ඔයත් එක්කනේ මැණික... ඉතිං අද දවස මට අමතක වෙන්නේ කොහොමද... ඔයාට දැන් දුක හිතෙයි... ඒත් හවසට නම් ඔයාව මං කවදාවත් නැති තරම් සප්රයිස් කරනවා... සත්තයි මැණික.... ආදරෙයි පැලෙන්න..." කොල්ලා කියා ගත්තේ හිතට..
කෙල්ල බත් පිගානත් බෙදාගෙන ඇවිත් සෙනුරට බත් කැව්වේ අම්මා කෙනෙක් වගේ... වෙනදා වගේම කෙල්ල බත් කවද්දි රිදෙන්නේ නැති විදියට කොල්ලා ඒ ඇගිලි ටික හැපුවා... වෙනදා බොරුවටත් එක්ක හූ මිටි තියන කෙල්ල අද මූණ එල්ලන් ඉන්නවා දැකලා කොල්ලට දුක හිතුණා...
"මං දන්නවා... ඔයා ඔය දුකින් ඉන්නේ මට අද දවස අමතකවෙලා කියලා හිතලා... එක්කෝ මං දැන්ම කියලා දානවා... බෑ එතකොට සප්රයිස් එක.. බෑ... මගේ මැණික අදට මේ මහත්තයාට සමාව දෙන්නකෝ... හිත රිද්දනවට..." කොල්ලා එහෙම හිතුවේ කෙල්ලගේ ඇස් දිහා බලාන...
"මට ඇති..."
"අනේ... බත් කටවල් තුනයි කෑවේ..." කෙල්ල පියවි සිහියට ආවේ එතකොට..
"ඔයා වෙන සිහියක ඉන්නේ... මට ඕන නෑ...." එහෙම කියලා කොල්ලා අහක බලාගත්තා..
"අනේ නෑ සෙනුර.... ප්ලීස් ඔහොම කරන්න එපා මගේ හිත රිදෙනවා කියලා දන්නවනේ... රිද්දන්න එපා මහත්තයෝ..." කෙල්ලගේ ඇසින් කදුලක් මෝදු වුණා...
"නෑ මැණික අඩන්න ඔට්ටු නෑ ඉතිං... ඔය ඇස්වලට සතුටකදිවත් කදුලක් එනවට මං කැමති නෑ දන්නවා නේද..." කොල්ලා අත් දෙකෙන්ම ඒ මූණ අල්ලගෙන කියනවා..
"ම්... ඔයා මගෙන් ඈත්වෙලා වගේ දැනෙනවා සෙනුර..."
"එහෙම හිතෙනවද මගේ පණට.... එහෙනම් මගේ ආදරේ මැණිකට දැනෙනවා අඩු ඇති... කවදාහරි මං මැරුණ දවසට... අන්න එදාටත් මගේ ආදරේ මගේ මැණිකට විතරයි... ඔයා ලගන්ම මං ඉන්නවා... කවදාවත් මං ඔයාව තනිකරන්නෑ සුදු මැණික.... මැරුනත්.... මගේ ආත්මේ ඔයත් එක්ක ඉදී..."
"අනේ ඇයි මේ සුභ දවසේ අසුබ කතා කියවන්නේ.. ඔයා කොතනද මාත් ඔයා ලගම තමයි... දැන් මේ බත් ටික කාලා ඉන්න..." කොල්ලා කෙල්ලගේ නෙතින් වැටුන කදුලැල් පිසදාලා... කෙල්ල කවපු බත් ටික ඔක්කොම කෑවා....
"මං යනවා කිෂු..." කොල්ලා කිව්වේ කිෂූගේ නලලත හාදුවක් තියලා...
"පරිස්සමින්... ඉක්මනින් ගිහිං එන්න මහත්තයෝ..." කෙල්ල කිව්වේ ඒ පපුවට තුරුලුවෙලා...
"ම්... ගිහිං එන්නම්..." කොල්ලා තමන්ගේ අලුතින්ම ගත්තා හයිබ්රිඩ් වර්ගයේ කා එකෙන් ඉගිල්ලිලා ගියේ කෙල්ල දිහා තවත් වරක් හැරිලා බලලා...
"සුදු මහත්තයාට අද දවස අමතකවෙලා වගේ... පව්.. එයා කොච්චර මහන්සි වෙනවද... ඕවා මතකේ තියාන ඉන්න පුලුවන්යෑ... මං අද ඔයාට නියම ඩිනර් එකක් රෙඩි කරන්නම්... ඔයා සප්රයිස් වෙයි... ඔයා මට ආදාරෙයි මේ ලෝකේ කාටත් වඩා... මං දන්නවා ඒක..." කෙල්ල ඇද උඩ තිබුන සෙනුරගේ ෆයිල් ටිකත් අරගෙන ගියේ ඔෆිස් රූම් එකෙන් තියන්න කියලා...
"දඩාස්....." දොර රෙද්ද නිසා දොර ඇරලද වහලද කියලා නොදැනම හිතේ මතකෙන් දොර ඇරලා ඇති කියලා... අා වේගෙන්ම කාමරේට ඇතුල්වෙන්න ගියා... ඒත් දොර වහලා තිබුන නිසා කෙල්ලගේ නහය වගේම නලලත් දොරේ හැප්පුනා... කෙල්ල එතනම ඉද ගත්තේ එලොව තරුත් පේන්න ගත්ත නිසා...
"අම්මේ.... මේ දොර ඇරලනේ දෙයියනේ තිබුණේ... ම්... මගේ නහය.... මැට්ටා දොර වහලා ගිහිං.... ඒ මදිවට ලොක් කරලා යතුරත් අරං ගිහිං... මේක කිව්වොත් බඩ අල්ලන් බිම පෙරලි පෙරලි හිනාවෙයි... මගේ පිස්සා..." කෙල්ල නහයත් අත ගගාම ආයෙත් කාමරේට ගියා...
කෙල්ල සෙනුර ආස හැම කෑමක්ම හැදුවේ හරිම ආදරෙන්... උඩ තට්ටුවේ බැල්කනි එකේ රවුන් මේසේ සරසලා කෙල්ල ලස්සනට හැමදෙයක්ම සූදානම් කලා... තමන්ගේ කාමරේ ඇදේ... සුදු අැතිරිල්ල මතට රෝස පෙති දාලා හැඩ කලේ තමන්ගේ මධුසමය දා යහන මතක් වෙන්න වගේ.... රතුපාට තරමක් රැලි... දණහිස තරමක් උඩට වෙනකම් තිබුන අත් රහිත ගවුමට... තැනින් තැන දුඹුරු හැපැ ගැන්වූ කොන්ඩේ කඩා දාලා... කෙල්ල බලන් හිටියේ... සෙනුර එනකම්... හවස ඉදන් ෆෝන් එකත් ඕෆ් කරලා තිබුන සෙනුර ගැන කෙල්ලට චූටිම චූටි තරහකුත් ආවා..
"මෝඩයා... ෆෝන් එකත් ඕෆ් කරන්.." කෙල්ල වෙලාව බැලුවා... රාත්රි අටයි...
"තාමත් නෑ..." එහෙම හිතමින් මේසේ උඩ ඔලුව තියන් හිටි කෙල්ලට නින්ද ගියා...
කෙල්ලගේ ෆෝන් එක රින්වෙද්දි කෙල්ල ගැස්සිලා ඇහැරුණේ... ඇය සුව නින්දක පසුවුන නිසා... කෝල් කරන්නේ සෙනුර.... කෙල්ලට ඉඹේම බැලුනේ වෙලාව දිහා... රාත්රි එකොලහ හමාරයි... කෙල්ල දුකටත් තරහටත් කෝල් එක කට් කරා...
"ඔයා දැන් ඔය ගන්නේ.. අද එන්න වෙන්නෑ කියන්න වෙන්නැති..." කෙල්ලගේ දෑසින් කදුලු ගැලුවා... කෙල්ලට ගොඩක්ම දුක අද වගේ දවසක් නිකම්ම ගෙවිලා ගිය එක ගැන විතරක් නෙවේ... සෙනුරට විෂ් කර ගන්නවත් බැරිවුන එකට....
තවත් විනාඩියකින් විතර ආයෙම සෙනුරගෙන් කෝල් එකක් ගත්තා... කෙල්ල තරහා අමතක කරලා කෝල් එක ආන්සර් කලේ දැන්වත් විෂ් කරන්න කියලා හිතාගෙන...
"දැන් ඉතිං... එකට බොරු දාහක් කියලා මාව යාලු කර ගන්න දගලයි..." කොල්ලා ගැන දන්න නිසාම කෙල්ල එහෙම හිතුවා...
"කියන්න සෙනුර..." කෙල්ල කතා කලෙත් ඕනවට එපාවට...
"මැ....ණික" කෙල්ලට අහන්න ලැබුණේ කොල්ලගේ විහිලු සැහැල්ලු කටහඩ නෙවේ.... වේදනාවෙන් කෑ ගහන කටහඩක්...
"අනේ මහත්තයෝ... ඇයි... ඇ..යි" කෙල්ලට පුටුවෙන් නැගිට්ටුනා...
"මං එක්සිඩ...න්ට් වුණා... සුදු මැණික.. ප්..පාලම ලග ඉන්නේ... එ..න්න... ම..ට ඔයාව බල..න්න ඕන.." සෙනුර අමාරුවෙන්ම එහෙම කියා ගත්තා...
"අනේ දෙයියනේ... සෙනුර... මොකුත් වෙන්නෑ මහත්තයෝ.... මං... මං දැන් එනවා..." කෙල්ල එහෙම කියලා තමන්ගේ කා එකට නැගලා ගියේ හීයක බඳු වේගෙන්... රාත්රිය නිසා වාහන එතරම් තිබුනෙත් නෑ..... නිවසේ ඉදන් පාලම ලගට කිලෝ මීටර දෙකක් වගේ තිබුණේ... කෙල්ල යනකොටත් කොල්ලගේ අලුත්ම වාහනේ පාලමේ කණුත් කඩාගෙන අනිත් පැත්ත හැරිලා තිබුණේ.... කෙල්ල කෑ ගහගෙනමයි එතනට ගියේ.... කවුරුවත් පේන්නවත් හිටියේ නෑ... සෙනුර කා එකේවත් නෑ.... එත් ලේ නම් හැමතැනම... කෙල්ලට ඇඩුණේ මහ හයියෙන්... බිම දණ ගහගෙන අඩන කෙල්ල පස්සෙයි දැක්කේ... වාහනේට මීටර් දහයක් විතර එහායින් මුනින් අතට වැටිලා හිටිය කොල්ලව......
කෙල්ල සෙනුර ලගට දුවගෙන ගියේ.... කොල්ලගේ හිස උස්සලා කෙල්ල තම ඔඩොක්කුවෙන් තියා ගත්තා... ඔලුව පැලිලා ලේ ගලන්නේ ටිකක් නෙවේ.... මුලු වතම රත් පැහැ වෙලා...
"අනේ සෙනුර... මොකක්ද දෙවියනේ මේ කර ගත්තේ..." කෙල්ල අඩ අඩම ඒ මූණ අත ගෑවා...
"මැ...ණික... මං.." කොල්ලා අමාරුවෙන්ම වචන එකතු කලා...
"නෑ... මොකුත් කියන්න එපා.. ඔයාට අමාරුයි දෙයියෝ.... අපි යමු..." කෙල්ල වට පිට බැලුවේ කවුරුහරි ඉන්නවද බලන්න.. ඒත් බලු බල්ලෙක්වත් හිටියේ නෑ... කිෂූ හැදුවේ කොල්ලව හොස්පිට්ල් එක්ක යන්න.. එ්ත් කොල්ලව නැගිට්ටව ගන්න කෙල්ලට බැරිවුණා...
"ආ.... හ්... රත්තරනේ රිදෙ...නවා." කොල්ලා කෑ ගහනවා... ඒ කෑ ගැහිල්ලට කෙල්ලට දැනුනේ හදවත පැල්ලා යන්න තරම් වේදනාවක්... කෙල්ල සෙනුරගේ කකුල් දෙක දැක්කා ඒ කකුල් දෙකම කැඩිලා කියලා කෙල්ල දැක්කේ ඒවා තියෙන විදියෙන්....
"අනේ දෙයියනේ... දෙයියනේ... මේ මොකද වෙලා තියෙන්නේ... අනේ රත්තරං මහත්තයෝ ඇයි මෙහෙම දෙයක් වුණේ..." කෙල්ල අඩන්නේ කොල්ලගේ මූණ බදාගෙන...
"කිෂූ..... හැ..පි එනිවසරි මැණික... ම...ට අමත..ක වුණේ නෑ... ආ..." කොල්ලා කදුලු බේරි බේරිම එහෙම කියලා... ලොක් කරලා දාලා තිබුන සෙනුරගේ ඔෆිස් කාමරේ යතුර කෙල්ලගේ අතෙහි ගුලි කරා... කෙල්ල තවත් අඩනවා...
"මං දොලහට කලින් කි..කිව්වා නේද.. " කොල්ලා එහෙම කියලා ෆෝන් එක ඔන් කරා... හරියටම එකොලහයි පනස් හතයි... කොල්ලා සුසුමක් ඇරියේ ඒක දැකලා..
"හැපි එනිවසරි මහත්තයෝ... අනේ ඔයාට මොකුත් වෙන්නෑ... ඇයි දෙයියනේ කවුරුවත් නැත්තේ..." කෙල්ලගේ ඇස් රතුවෙලා....
"මැණික... පොරොන්දු වෙන්න අඩ..න්නෑ කියලා..." කොල්ලා කිව්වේ කෙල්ලගේ අතක් තදින් අල්ලගෙන...
"ම්..." කෙල්ල තොල් දෙක තදින් හපා ගත්තා...
"ආදරෙයි මැණික... මහ හුග....ක්..." කොල්ලට කියන්න පුලුවන් වුණේ එච්චරයි... හරියටම මධ්යම රාත්රි දොලහේ හෝරාවෙදී කොල්ලගේ හුස්ම පොද නැවතුනා....
"සෙනුර..... අනේ දෙයියනේ මාව දාලා යන්න එපා...." කෙල්ල කෑ ගැහුවේ සුසුම් පොදක් නැති... ප්රාණය නිරුද්ධ තම ස්වාමියාගේ සිරුර බදා ගනිමින්...
"මැණික... මට මොකුත් වුණේ නෑ... මං මේ ඉන්නේ..." ඒ හඩ ඇහුනේ සෙනුරටම විතරයි... ඔව් සෙනුරගේ ආත්මෙටම විතරයි... තම සිරුර අත හරින්නට වුණත් ඔහුගේ ආත්මයට කෙල්ලව දාලා යන්න බැරි වුණා... තම නිසල සිරුර බදාගෙන වැලපෙන කෙල්ලගේ ලගින්ම වාඩිවෙලා සෙනුරගේ ආත්මීය සෙවනැල්ල හිටියත් කෙල්ලට එය දැනුනේ නෑ... සෙනුර කෙල්ලව අල්ලන්න හැදුවත් ඔහුට එය කරන්න බැරිවුණේ දැන් ඔහු මියගිය පුද්ගලයෙක් නිසා....
සෙනුරගේ අවසන් කටයුතු සිද්ද කෙරුනා... කෙල්ල ඒ දිනවල සිහසුන් වෙලා හිටිය වාර ගණන සිහියෙන් හිටිය වාර ගනනට වඩා වැඩිවුණා.... මේ වෙන හැම දෙයක්ම සෙනුරගේ ආත්මය පැත්තකට වෙලා බලාන හිටියේ දරා ගන්න බැරි දුකකින්...
හැමදෙයක්ම ඉවර වුණා.... සෙනුරගේ තුන්මාසේ දානේ ඉවර දින කෙල්ල සාලෙට ආවා... කිෂූගේ අම්මයි තාත්තයි... සෙනුරගේ අම්මයි තාත්තත් සාලේ හිටියා.. කෙල්ලගේ ඇස් අඩලම ඉදිමිලා තිබුණේ... කෙල්ල පුටුවකින් වාඩිවුණා... දවස් ගාණකින් කුසට අහරක් නැති නිසා කෙල්ලට පණක් නැතිව හිටියේ....
"ඇයි මයේ පුතේ..." ඒ කිෂූගේ අම්මා...
"අම්මේ.... ඔයාලා... දැන් මෙහෙන් යන්න..." කෙල්ලගේ ඒ කතාවට සෙනුරගේ දෙමාපියනුත් කිෂූගේ දෙමාපියනුත් විතරක් නෙවේ මේ හැමදේම පැත්තට වෙලා බලන් හිටිය සෙනුරගේ ආත්මෙත් ගැස්සුනා...
"ඇයි රත්තරං යන්න කියන්නේ... අපි ගියාම ඔයා තනියමනේ...."
"අම්මේ මං තනියම නෙවේ ඉන්නේ..." කට්යියම මූනෙන් මුන බලා ගත්තේ කෙල්ලගේ ඒ කතාවට.....
"තනියම නෙවේ කියන්නේ ...."
"අම්මේ... මගේ සෙනුර මාත් එක්ක ඉන්නවා... ඉතිං මට මොන තනියක්ද..." කෙල්ල කිව්වේ හරියට සෙනුර ලග ඉන්නවා කියලා දැනිලා වගේ... අම්මලා හිතුවේ ඇය මනසින් මවාගෙන ජීවත්වෙන්න හදනවා කියලා..
"පුතේ... තව මාසයක් ඉන්නම්... මං නැත්තම් සෙනුර පුතාගේ අම්මා හරි..." අම්මා කිව්වේ කදුලු පිස දමමින්...
"එපා අම්මේ... කවුරුවත් එපා... අපිට පාඩුවේ ඉන්න දෙන්න... මෙහෙන් යන්න..." කෙල්ල එහෙම කියලා යන්න ගියා...
පසුදා උදේම කෙල්ලගෙයි කොල්ලගෙයි දෙමාපියන් පිටත් වුණේ කෙල්ලගේ බලකිරීමටමයි.... ඔවුන් ගිය පසු ගෙදර සොහොන් පිට්ටනියක් තරම් පාලු මූසල ගතියක් පෙන්වූවේ... අම්මලාව පිටත් කරලා කාමරේට එද්දියි සෙනුරගේ ඔෆිස් රූම් එකේ යතුර ඇහැ ගැටුණේ... කෙල්ල දඩිබිඩියෙම යතුරත් අරගෙන දොර ලගට ගියා..
"එපා රත්තරං දැන් ඕක අරින්න... ඔයාගේ හදවත තවත් රිදෙයි... එපා මැණික..." සෙනුර කෑ ගහලා කිව්වත් කෙල්ලට ඒ වදන් ඇහෙන්නේ නෑ... අඩුම තරමේ දැනෙන්නෙවත් නෑ... කෙල්ල දොර ඇරගෙන ඇතුලට ගියා... කෙල්ලගේ ඇස්වලින් කදුල් ගලන් ගියේ ඒ කාමරේ දැකලා... මාස තුනක් කාමරේ වහලා තිබුන නිසා මකුණු දැල් බැදලා තිබුණේ... ඒ වගේම මුලු කාමරයම රතුපාට බැලුම්වලින් පුරවලා තිබුණේ... දැන් නම් ඒවයේ හුලනුත් බැහැලා... කාමරේ මැදට වෙන්න චූටි රවුන ස්ටූල් එකේ උඩ තිබුණේ පුස් බැදුණු සුදු පාට කොටු කේක් එකක්... ඒකේ "HAPPY 3RD ANNIVERSARY MAGE RATHTHARAN" කියලා රතු පාට අයිසින් වලින් ලියලා තිබුණේ.... කෙල්ලට එතනම බිම ඉන්ද වුණා...
"අනේ මහත්තයෝ... ඔයා කොහෙද.... ඇයි මාව දාලා ගියේ... මාවත් එක්ක යන්න රත්තරං...." කෙල්ල දූවිලි ගොඩේම වැතිරුණා... කෙල්ලගේ ඔලුව උස්සලා උකුල උඩින් තියාන සනසවන්කවත් බැරිව කොල්ලත් ඒ ලගින්ම ඇවිත් වාඩිවුණා....
"කිෂූ.... සමාවෙන්න මැණික... ඔයා ඔහොම විදවනකොට මැරිලවත් මට සැනසීමක් නෑ... එදා මීටින් එක ඉවර වුණේ හුගක් රෑ වෙලා මැණික... දොලහට කලින් ඔයාට විෂ් කරන්න ඕන නිසා මං වේගෙන්ම ආවා.... ඒත් පාලම ලගදී මට වේගේ පාලනය කරගන්න බැරුව ඉස්සරහින් ආව ලොරියේ වැදුනා.... මාව එලියට විසිවුණා.... උන් හිතුවේ මං මැරිලා කියලා... ඒ බයටම මාව එහෙම දාලා ගියා.... ඔයාට කතා කරේ ඊට පස්සෙයි මැණික.... මට සමාවෙන්න... ඔයා මෙහෙම විදවනවා බලන්න මට බෑ...." සෙනුරගේ ආත්මෙත් හඩා වැටෙන්නට වුණා...
දවස් ගෙව්නා... කෙල්ලගේ ජීවිතේ නම් වෙනසක් වුණේ නෑ... හැම තැනම සෙනුරගේ දගකම්වල මතක ඉතිරිවෙලා තිබුණා...කෙල්ල හැමදාම සෙනුර වැඩ ඇරිලා ගෙදර එන වෙලාවට පාර බලාන ඉන්නේ සෙනුර ඇත්තයම එනවා වගේ.....
"වෙනදා වගේ.... අදත් මං එන්නෑ කියලා දැන දැනම.... මග බලාගෙන ඉන්න එපා රත්තරං... මට ආය ඒ වගේ එන්න වෙන්නෑ මැණික.... ඇවිත් ඔයා තුරුලු කරගන්න මට බෑ....'' කණුවකුත් බදාන පාර දිහා කදුලු වගුරවමින් බලන් හිටිය කෙල්ල ලගට වෙලා සෙනුර කියනවා..
එදත් කෙල්ල සෙනුරගේ ලොකු ෂර්ට් එකක් ඇදගෙන ඇදට අාවා... අැය නොදන්වා වුනාට සෙනුර ඇය අසලමයි හිටියේ... ඇය අඩන වෙලාවට ඇඩුවා... කෙල්ල සෙනුරගේ කොට්ටෙත් බදාගෙන ඇඩනවා.... ඒ සුවඳ තාම එහෙම්මමයි... ඒ සෙනුර ලග ඉන්න නිසා කියලා කෙල්ලට නිකමටවත් හිතුනේ නෑ...
"නිදා ගන්න රත්තරං... මං ඔයාගේ ලගම ඉන්නවා... අපේ හීන හැමදෙයක්ම නැති වුණා... මේ ඇදේ සුන්දර මතක... ඔයාට දරාගන්න අමාරුයි කියලා මං දන්නවා මැණික...." කොල්ලා කිව්වේ ඒ හිස අතගාමින්...
කෙල්ලට උදේ අැහැරුණා.. පුරුදුදට වගේ කෙල්ල හෙව්වේ සෙනුරව...
"දවසක මං උදේට මෙතන නැති වුණාම තේරෙයි ඔයාට..." කෙල්ලට ඒ වදන් ඒ විදියටම දොන්කාර දෙන්න ගත්තා... හැමදාම වගේ කෙල්ලගේ දවස ආරම්භ වුණේ කදුලින්...
කුස්සියට ගියත්.... කෑම මේසෙට ගියත්... වත්තට ගියත් කොහේ ගියත් සෙනුරගේ මතකයන්ගෙන්නම් කිෂූට ගැලවෙන්න බැරිවුණා... කෙල්ල සාලේ පුටු සැටිය ලගින් යනකොට පුටුව උඩ ටීවි රිමෝඩ් එක තියෙනවා දැක්කා... කෙල්ල එතනට ගිහිං රිමෝඩ් එක අතට ගත්තා...
"මොකක්ද සෙනුර... දාන්නකෝ අර කතාව.." සෙනුරගේ පපුව උඩ හිස තියානම කෙල්ල කියනවා...
"අනේ මේ ඔය හිංදි පඩික්කම් බලන්න බෑ... බඩවැල වගේ දිගයි... කිසිම තේරුමක් නෑ... අනික උන්ව බෝම්බ දාලවත් මරන්න බෑ... මැරෙන්නෙත් නෑ රෙද්ද..." කොල්ලා එහෙම කියලා ක්රිකට් මැච් එකක් බලනවා... කෙල්ලට ඕන කොල්ලව අවුස්සන්න..
"අනේ මෙන්න මෙහේ දෙනවා... ඔය බෝල පස්සේ දුවන ඒවා බලන්න බෑ මට... අද හොදම කොටස... අද ඉෂිතා පීහුව දකිනවා.." කෙල්ල රිමෝඩ් එක උදුරගෙන ආයෙත් සිරස දැම්මා...
"මැට්ටි... මගෙන් ගුටි කන්නැතුව ඕක දෙනවා.... මේ මැච් එකේ අනිතිම ඕවරේ..."
"බෑ බෑ.... මේකෙත් අන්තිම විනාඩි පහ..." කෙල්ල රිමෝඩ් එක අරන් පුටුව වටේ දුවන්නේ සෙනුර පස්සෙන් පන්නපු නිසා... අන්තිමට එදා දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් මැච් එකවත් කතාවවත් බලන්න වුණේ නෑ... එතන වුණේ වෙනම දෙයක්.... ඒ දේවල් සිහිවෙලා කෙල්ල පුටුව ලගම දණ නමාන රිමෝඩ් එකත් පපුවට තුරුලු කරන් අඩනවා...
"අඩන්න එපා රත්තන්... ඔයා පොරොන්දු වුනා නේද මට...."
"පොරොන්දු වුණා මගේ මහත්තයෝ... අඩන්නෑ... කියලා... ඒත් මට දරාගන්න බෑ... මට ශක්තියක් නෑ..." කෙල්ල එහෙම කිව්වේ සෙනුරගේ වදන් ඇහිලා වගේ... පහසක් නොදැනුනත් සෙනුර කෙල්ලගේ හිස අතගාමින් දුකින් බලන් ඉදලා ඒ වත තුරුල් කර ගත්තා....
"දකින්න ආසයි ඉස්සර වගේ ඔයාගේ හිනාව... වල ගැහෙන කම්මුල්වලින් හිනාවෙලා ඉන්න මැණික.... මං හිතලම ඔයාව දාලා ගියේ නෑනේ... මගේ හිත ඔයත් එක්ක ඉන්නවනේ රත්තරං... ඔයා මෙහෙම විදවද්දි මට දරා ගන්න බෑ.... සංසාරේ කවදා හරි අපි ආයෙත් මුණ ගැහුණොත්... සත්තයි මැණික... ඔය ආදරේ මං නැති කර ගන්නේ නෑ..." කොල්ලා කිව්වේ කෙල්ලගේ නලල සිබලා.
ජීවිතේ කිසිම වෙනසක් සිදු නොවී... සෙනුර නැතිවෙලා අවුරුද්දකුත් ගතවුණා... හැමෝටම කොල්ලා මැරිලා වුණත් කෙල්ලටනම් තාමත් කොල්ලා ජීවත් වෙනවා... සෙනුරගේ සොහොනයි නිවසයි හැරුන තැන කෙල්ල වැඩිපුරම හිටියේ පන්සලේ.... එදා සෙනුරගේ අවුරුද්දේ දානෙත් දීලා කෙල්ල හවස හොදට නා ගත්තා... සුදු දිග ටොප් එකට කලු ජීන්ස් එක ඇද ගත්තු කෙල්ල තමන්ගේ නමට තියෙන සියලුම දේපල අනාථ දරුවන් ඉන්න නිවාසෙකට පැවරුවා... කෙල්ල ගෙදරින් යද්දි කියලා ගියේ පන්සලට යනවා කියලා... තට්ට තනියෙන් රෑ එකොලහයි හතලිස්පහ වෙනකම් පන්සලේ හිටිය කෙල්ල බෝ ගහ දිහාට වැදගෙනම ඉල්ලුවේ ඊලග ආත්මෙදීත් සෙනුරගෙම වෙන්න කියලත්... කවදාවත් සසරේ කොතනකදිවත් මෙහෙම අකාලේ දෙන්නට වෙන්නෙන්න සිද්ද වෙන්න එපා කියලත්... කොල්ලා මේ දිහා බලාන හිටියේ... මොකුත් තේරුම් ගන්න බැරුව... ගෙදර හැමෝමත් කෙල්ලව හොයනවා... කිෂූ කොල්ලා හැප්පුන තැනට ආවා... දොලහා වෙන්න තව විනාඩියයි.....
"මට ඔයා නැතුව තවත් ජීවත් වෙන්න බෑ රත්තරං... මාත් එනවා ඔයා ලගටම... මෙහෙම මැරි මැරි ජීවත් වෙනවට වඩා එක සැරේම මැරෙන එක මට සැපක්..." කෙල්ල තමන්ටම එහෙම කොදුර ගත්තේ ඈතින් එන බස් එක දිහා බලාන...
"එපා මැණික එපා.... මේ දේ නම් කර ගන්න එපා.... කිෂූ මගේ රත්තරං මං කියන දේ අහන්න..." සෙනුර කෑ ගගහා කව්වත් ඒ දේවල්වලින් පලක් වුණේ නෑ... හරියටම දොලහා පහුවෙද්දි කෙල්ලත් වේගෙන් ආව බස් එකට පැන්නා... කොල්ලා ඒක නවත්තන්න හැදුවත් ඔහුට ඒක කරන්න බැරිවුණා... බස් එකේ වැදුන කෙල්ල නතර වුණේ මීටර් විස්සක් විතර ඇදිලා ගිහින්... බස් එකේ පිරිස ඒ වටා රොක් වුණා....
සුදු ඇදුම රත්පැහැ වෙලා... කෙල්ල අන්තිම සුසුම හෙලද්දි ඇයට ඉස්සරහා දණ ගහගෙන අඩන කොල්ලව පෙනුනා... කෙල්ලගේ පණ ටික ගියේ හදවත සතුටින් පිරෙද්දි....
ඒ නිමේෂයෙන්ම සෙනුරගේ ආත්මය දැක්කා... කෙල්ලගේ නිසල සිරුර මතින් නැගිටින කෙල්ලගේ ආත්මය.... කොල්ලා ඒ දෙසට අත දිගු කලේ අඩමින්මයි....
"මගේ මැණික..." කොල්ලා හයියෙන් කෑ ගැහුවා... කෙල්ල ඇවිත් කොල්ලව බදා ගත්තා...
"ඔයා මෙතනද මහත්තයෝ හිටියේ.... ඇයි මාව දාලා ගියේ...." කෙල්ල එ් පපුවට තුරුලුවෙලා... කියනවා...
"මං හිටියේ ඔයා ලගමයි මැණික... ඇයි මෙහෙම දෙයක් කර ගත්තේ... මට වුණේ අනතුරක්.... ඒත් ඔයා මේ දේ විහින් කරගත්තේ.... වැරදියි රත්තරං..."
"ඔයා නැතිව මං ජීවත් වෙන්නේ කොහොමද... මට මෙහෙම ඔයාගේ තුරුලේ ඉන්න දෙන්න සෙනුර... මං හුගක් ආදරෙයි මහත්තයෝ...." කෙල්ල කිව්වේ ඒ ජීවයක් නැති පපුව ඉඹලා..
"මං ආදරෙයි මැණික...." දෙන්නා අත්වැල් පටලන් නොපෙනී ගියේ... කිෂූගේ නිසල දේහය වටා කට්ටිය එක්රොක් වෙද්දි....
සපුරා තහනම් නොවේ.. ආයෙමත් මට ආදරේ....... නිමි!!!
වෙනදා වගේ අදත් මා නොඑන බව දැන තවත්
මග බලාගෙන හිටියා ඇති දැන් එන්න වෙන්නෑ මට අදත්
පාට දේදුනු බැද විමන් හීන මල්පෙති අතුරමින්
තැනූ යහනේ නිදා ගන්න ලගින් ඉන්නම් රත්තරං.....
උණුහුම ඒ මා දමා...
සුළගක් වී එන හමා...
ඔබේ තුරුලෙම දැවටිලා...
සුපුරුදු සුලගක් වෙලා....
සංසාරේ යලි කවදා හෝ... හමුවේවීනම් අපි ආයේ...
සපුරා තහනම් නොවේ... ආයෙමත් මට ආදරේ..
වෙනදා වගේ අදත්.........
දකින්න ආසයි වෙනදා මෙන්
හිනාවෙන්න මදකට හොරෙන්
හිතා මතා ගියේ නෑ ඉතිං
තාමත් ඔබ ලග මං හිතිං...

සපුරා තහනම් නොවේ... ආයෙමත් මට ආදරේ....

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.