කඳුලු කතාවක්..
" නදී .. මොකද අනේ කරන්නෙ කොහෙද ඉන්නෙ. මං දැන් කීයෙ ඉදන්ද බලාගෙන ඉන්නෙ.."
" මේ එන ගමන් කවිදු අයියෙ. තව විනාඩි පහෙන් ඔතන "
කිව්ව විදියටම විනාඩි පහකින් නදී ඇවිත් කවිදු හිටපු තැනින් වාඩි වුණා..
" කොහෙද ඔච්චර වෙලා ගියෙ. මාව රස්තියාදු කරන්නද එන්න කිව්වෙ මෙතනට"
" අනේ නෑ අයියෙ . මං කලින් ලෑස්ති වුණා. ඒත් අම්මගෙ බෙහෙත් ටික දීලා එන්න වෙලා ගියා. "
" අම්මටද කැන්සර් එක තියන්නෙ දැන් දුවටද. හරියට නිකම් මෙයා ලෙඩෙක් වගේනෙ හැසිරෙන්නෙ.."
" සමාවෙන්න මගෙ මහත්තයො. මං හිතල කලේ නෑ"
නදීගෙ ඇස්වලින් කදුලු තලි එළියට පැන්නෙ කෙල්ලට ඉවසන්නම් බැරිම තැන.
" ඔන්න ඉතිම් ටැප් එක ඇර ගත්තා. මට පේන්නම බැරි ඕකනෙ. මං කැමති නෑ මගෙ කෙල්ල අඬනවට.. අර මිනිස්සුත් බලන් යනව. ඊයා ලැජ්ජාවෙ බෑ. පොඩි එකෙක් කියල හිතයි..නවත්ත ගන්න දැන් ඕක "
" මං නිසා ඔයාටත් ලැජ්ජාව නේද අයියෙ. ම්ම් මං අඬන්නෑ.. "
" පිස්සි. උඹ මගෙ පණ නෙහ්. විකාර කියවන්නෙප"
...........................................................
" මොකද මිනිහො වෙලා තියන්නෙ. විනාඩියෙන් විනාඩියට මැසේජ් කරන්නෙ. වෙන වැඩ නැද්ද "
" ඔයා දන්නවනෙ මං ඔයා කනකම් කන්නෙ නෑ කියලා. මට බඩගිනි නදී.. උදේ ඉදම් කාලා නෑ. මං ඒකයි මැසේජ් කලේ. "
" මගෙ කටින්ද ඔයා කන්නෙ. අනේ මේ බබා නොවී ගිහිම් කනව. මම තියනව. මට අම්මව හොස්පිටල් එක්ක යන්න තියනව.. "
" ඇයි මේ තරහින් මැණික.."
" අනේ සමාවෙන්න මහත්තයෝ. අම්මගෙ අසනීපෙ නිසා මන් ඉන්නෙ ටෙන්ශන් එකේ. පිළිකාව උඩු දුවලලු. සනීප කරන්න අමාරුයිලු.."
නදීගෙ හැම වේදනාවක්ම කියන්න කියලා හිටියෙ කවිදු විතරයි . මොකද අම්ම ඇරුණම නදීගෙමයි කියන්නෙ වෙන කවුරුත් හිටියෙ නෑ..
" නදී මොකක්ද ඔයාට වෙලා තියන්නෙ. දැන් මාව බලන්න එන්නවත් වෙලාවක් නැද්ද..හරියටම මාසයක් වෙනව මං ඔයාව දැකලා"
" අම්ම එක්ක මහරගම යන්න ඕන අයියෙ හැමදාම. පිළිකා රෝහලට. එයාට ගොඩක් දරුණුයි දැන්.."
" හරි මමත් එන්නම් මැනික. ඉන්න හෙට උදේ යමු දෙන්නම."
" ඕන නෑ අයියෙ . මන් එක්කන් යන්නම්. බය නොවී ඉන්න"
"ඔයාට හයියක් වෙනව් වගේම මට ඔයාව බලන්නත් පුලුවන්නෙ කෙල්ලෙ. මං එන්නම් හෙට උදේ.. "
" හරි මං කියන්නම්කො"
නදී කතා කරනකම් කවිදු නොඉවසිල්ලෙන් හිටියෙ පහුවදා කෙල්ලව දකින්න ලැබෙන නිසා. ඔන්න ඔය අතරෙදි තමා නදී කතා කලේ..
" අයියෙ."
" කියන්න මැනික අම්මට කොහොමද දැන්. මොකද තත්වෙ."
" එන්න එන්නම දරුණු වෙනව. මට කරන්න දෙයක් හිතා ගන්න බැ.. "
කෙල්ල ඉකිබිද බිද අඬන්න ගත්ත.
" ඇයි මැනික මේ."
" අම්මට මාව බන්දන්න ඕනලු අයියෙ. අසනීපෙ නිසා ඉක්මනට මාව බන්දලා එයාට නිදහස් වෙන්න ඕනලු. මස්සිනාට මාව තීන්දු කරලා.."
" මොනවද රත්තරන් මේ කියන්නෙ. මං කොහොමද ඔයාව වෙන කෙනෙක්ට දෙන්නෙ. මං කතා කරන්නම් අම්ම එක්ක. බය නොවී ඉන්න. "
" මට බෑ අයියෙ අම්මට පිටින් යන්න. එයා හෙටම මාව බන්දනව කිව්ව. මට සමාවෙන්න මහත්තයො.. මීට පස්සෙ මට කතා කරන්න එපා.. "
" ඔයාට බෑ මැනික මට ඔහොම කරන්න. බෑ බෑ ඔයාට බැ දෙයියො."
" මං ආදරෙයි මහත්තයො. මගෙ පණටත් වඩා. සතුටින් ඉන්න. මට වඩා දාස් ගුණයක් හොද කෙල්ලෙක් ඔයාට ලැබෙයි. මං නවතිනව. බුදු සරණයි ඔයාට"
කවිදුට වචනයක්වත් කියන්න වෙලාවක් නොදීම නදී දුරකතනය විසන්දි කලා.. කවිදු හැමදාම කෝල් ගත්තත් එදායින් පස්සෙ කවදාවත් ඒ නොම්බරය වැඩ කලේ නෑ..
" කමක් නෑ මැනික. ඔයා සතුටින් නම් ඉන්නෙ.."
හරියට කෑමක් බීමක් නැතුව නදීව හොයා ගන්න විදියකුත් නැතුව කවිදු පිස්සෙක් ගාණට වැටුණා. අම්ම එක්කන් කොහෙට නැතත් නදී මහරගම එනව කියලා කවිදු දැනගෙන උන්නා.. දවස් ගාණක් මහරගම පිළිකා රෝහල මුර කරාට කවිදුට නදීව නම් දකින්න ලැබුණෙ නෑ..
" දෙවියනේ. අම්මට අසනීපයි නම් එයා මෙහෙ එන්නම ඕන. ඒත් මං නොදැක මෙතනින් යන්න බෑනෙ. ඔයා මට බොරුවක්ද කලේ නදී.. ඔයාට මාව දාලා යන්නද ඕන වුණේ.."
රෝහලේ පුටු ඇන්දට හේත්තු වුණ කවිදු ඉකි ගගහා අඬන්න පටන් ගත්ත..
" සර්. මේක ඔයාට දෙන්න කිව්ව."
මිසී කෙනෙක් ළඟට ඇවිත් කතා කරනකම් කවිදුට ඉන්න තැනක්වත් නිච්චි නෑ. ඒ මිසීගෙ අතේ කොළ කෑල්ලක් තිබුණා..
" කවුද දුන්නෙ මේක."
කොළ කෑල්ල අතට ගන්න ගමන් කවිදු ඇහුවෙ කුතුහලයෙන්..
" අන්න අර වෝඩ් එකේ ඉන්න කෙනා දුන්නෙ"
එහෙම කියාගෙන මිසී ඈතට යනකම් හිටපු කවිදු කොලේ දිගෑරලා බැලුව..
හරියට ලියාගන්නවත් බැරුව ඇද වුණ අකුරු ටික අමාරුවෙන් කියව ගත්ත. ඒකෙ මෙන්න මෙහෙම ලියලා තිබුණා..
" ඔහොම අඬන්න එපා මහත්තයෝ මට වාවන්නෑ.."
බොද වෙච්ච ඇස් වලින් කදුලු තලි එළියට පනිද්දි කවිදු දුවගෙන ගියෙ අර මිසී පෙන්නපු වෝඩ් එකට.
කොණ්ඩෙ හැලිලා හම වැහැරිච්ච ගෑනු කෙනෙක් එක්ක කෙල්ලෙක් ඉදගෙන හිටියෙ පිටි පස්ස හැරිලා..
" නදී "
හරි අමාරුවෙන් වගේ පිට වුණ ඒ වචනෙට එතන හිටිය කෙල්ල හැරිලා බැලුව..
" නෑ නෑ මේ මගේ නදී නෙමෙයි. ඒක වෙන්නෙ කොහොමද. මිසී පෙන්නුවෙ මේ වෝඩ් එකමයි.. නෑ සමහරවිට වරදින්න ඇති.."
" සමාවෙන්න නංගි. මට වැරදීමක් වුණේ.."
ඒහෙම කියලා කවිදු ආපහු හැරුණ විතරයි සුපුරුදු කටහඬක් පිටිපස්සෙන් ඇහුණා..
" සුදු මහත්තයෝ."
" මගෙ කෙල්ලගෙ කටහඬ"
කියාගෙන ආපහු හැරුණ කවිදුට ඇස් අදහ ගන්න බැරි වුණේ එතන හිටපු අනිත් කෙනාගෙ මූණ දැක්කමයි..
" දෙවියනේ මගෙ මැනික. ඔයාට මොකද මේ වුණේ"
සමාප්තයි 💔

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.