අමතක කරපන් රත්තරන් මාව දැන්වත්

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
හාර හාර පපුව
විසි කරන්න හැදුවට ආදරේ පිරිච්ච මතක
පීර පීර හීන
එකක් නෑර අරක් අරගෙන උඹම
පීන පීන ඟඟක
කඳුලු වරුසාවකින් හැදුණ
පාර පාර මතක
හිත හොයන්නෙම  උඹ  බං තාම 
.

රෑට රෑට දැන් හීනෙන්වත් එන්නැත්තෙ මොකද
පාට පාට හීනත් දැන් කලු සුදුයි දන්නවද
ඔලුවක් තියන්න බැරි උරහිසකින් ඵලක් තියනවද
ආදරේ නොකියා මට ආදරේ කරන්නම බැරිද..
එල්ලීගෙන ඉදපු අන්තිම බලාපොරොත්තුවත් හිමි හිමීට බොද වෙලා යද්දි
උඹව ඇරුණම කාලකණ්ණි හිතටත් වෙන කිසිම දෙයක් නොපෙනෙද්දි
උඹම ඇවිත් උඹම ගියපු හීන වලට තාමත් මං අරුත් හොයනව..
හැමදේම නැති වුණ බව ඇත්තයි
උඹ හන්ද ඒ ආදරෙත් දැන් තිත්තයි
ඒත් එක දෙයක් නම් සත්තයි
වේදනාවෙ හොදම පාඩමේ ගුරුවරයා උඹයි..
පීරලා බලපන් මේ පපුව
හුස්මක් ගාණෙම එල්ලිලා ඉන්නෙ උඹ
ආදරේ නාමෙන් දෙන්නම් පණ කෙන්දත්
හැබැයි ඉල්ලන්නෙපා එක දෙයක්..
" අමතක කරපන් රත්තරන් මාව දැන්වත්"
මටත් තිනෙන්නේ හිතක්...



Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI