රෝස මලක් මෙන් පිපී සැලුන,සමන් මලක් මෙන් සුවද දුන්,ආදරනීය යුවතියක් හැගීම් වලට වහල්වී නිකරුනේ මිය ගියා

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
👸#අතුරුදහන් වූ යුවතී
හංසි ආකර්ශනා සූරියබන්ඩාර.චුට්ටක් සැර අයියෙක්ගෙයි,කටකාර මල්ලියෙක්ගෙයි අතරමැදියා.පවුලේ මද්දුමී.කෙල්ල හරි ලස්සනයි .උරහිස හරියට වගේ තට්ටු තට්ටු කොන්ඩයක් තිබුනා.ලස්සන දුබුරු පාට ඇස් තිබුනා.හරියටම නහය මැද උපන් ලපයක් තිබුනා.අයියගේ පන වෙද්දි මල්ලිගේ නම් තරහා කාරයා.හැබැයි මේ මල්ලි තම අක්කට ලෝකෙටත් වඩා ආදරේ කරා.
හැබැයි මේ තුන්දෙනාට අම්මයි තාත්තයි නම් හිටියේ නෑ.හංසිගේ මල්ලිට අවුරුදු 15වෙද්දි උනු රිය අනතුරකින් දෙමාව්පියෝ දෙන්නම මේ ලෝකේ අත ඇරලා ගියා.එදා ඉදලා මේ නංගියි මල්ලියි බලා ගත්තේ ශී ලංකා හමුදාවේ අන දෙන නිලධාරියෙක් උන හසිදු මිහිරාන්.ඒ කියන්නේ හංසිගේ අයියා.පොල් අක්කර තුනක ඉඩමක මැද්දට වෙන්න මොවුන්ගේ ලස්සන දෙමහල් නිවස තිබුනා.
ඉඩම බලා ගන්නත්,නංගිගේ ආරක්ෂාව වෙනුවෙනුත් මේ ඉඩමේ නිවසක් හදලා පවුලක් පදිංචි කරේ හසිදු.මේ පවුලේ හිටියෙත් අම්මයි,තාත්තයි,පුතයි විතරයි.
පුතා තමයි දහම්.තලෙලු අහිංසක පාට තරුනයෙක්.ඉතින් හංසිත්,දහමුත්,හංසිගේ මල්ලි හිශානුත් තුන් දෙනාම හවසට ගෙට පිටිපස්සේ තියෙන ලොකු ගල උඩට යනවා.වෙරලු අච්චාරු,ලොවි,අන්නාසි වගේ දේවල් කකා තුන්දෙනත් එක්කම කතා කර කර ඉන්නවා.හිශානුත් හංසිත් දෙන්නගේ වයස් පරතරය අවුරුද්දක් වගේ නිසා මේ දෙන්නත් යාලුවෝ වගේ.තුන්දෙනාම ඒලෙවල් කරලා ගෙදර හිටියේ.
දවසක් ලොවි ගෙඩියක් ලුනු ඇටයක් එක්ක හපන ගමන් හංසි මෙහෙම කිව්වා.
"ගෙදර ඉදලා එපා වෙලා අයියෝ.කෝස් එකක්වත් කරන්න තිබුනා නම්.
බලන් ඉන්නවා.තමුසෙට යන්න දෙයි ලොකූ".
ඒ හිශාන්.
"ඒකනේ අයියා කැමති නෑනේ."
"ඒකනේ,ඒකනේ කියන්නේ කොල්ලෙක් වෙන්න පිං කරන්න ඕනේ කියල.කොහෙද කෙල්ලෝ උනහම ලිං මැඩියෝ වගේ ගේ අස්සේ.හී හී"
"අනේ මල්ලි මේ."
එහෙම කියපු හංසි හිශාන් එක්ක තරහා වෙලා හිටපු තැනින් නැගිටලා කාමරේට දිව්වා.
"පව් බං."
"චුට්ට වෙලාවයි බං.බලපන් එන හැටි තව ටිකකින්."
ඒත් විනාඩි විස්සක් විතර බලන් හිටියත් හංසි ආවේ නෑ.
"ඒ දහම් අයියේ.අද නම් අක්කා තරහා වෙලා ඇත්තටම.බලනවකෝ ගිහින් පොඩ්ඩක්,"
"හ්ම්ම්"
හෙමි හෙමින් නිවස තුලට ගියපු දහම් හංසිගේ කාමරය අසල නැවතුනා.සිහින් ඉකිබිදුමක්.
"හංසි"
"එන්න අයියේ"
දොර විවර කරගෙන දහම් ඇයගේ කාමරයට ගියා.කෙල්ලගේ ඇස් රතු වෙලා.ඇය උන් තැනින් නැගිට විත් දහම්ගේ පපුවට තුරුලු උනේ දහම්ට මොනවත්ම කියා ගන්න ඉඩ නොදෙමින් .දහම් නිහඩව ඇගේ හිස පිරිමැද්දේ ඇයට අඩන්නට ඉඩ දීලා.චුට්ට වෙලාවක් අඩ අඩා හිටපු හංසි දහම්ගේ පපුවෙන් ඈත් උනා.
"කවුරුත් මට ආදරේ නෑ දහම්"
හංසි එහෙම කිව්වේ දුකෙන්.ඇගේ නොසිතූ ස්පර්ශයෙන් දහම් හිටියේ නොසංසුන්ව.හෙමි හෙමින් හංසි අසලට කිට්ටු වූ ඔහු හංසිගේ නොයිදුල් දෙතොල් පෙති ඔහුගේ දෙතොල් වලින් අල්වා ගත්තා.මොහොතකට දෙදෙනාගෙම දෙනෙත් වැසී ගියා.තත්පර කිහිපයකින් දහම්ගේ දෙතොලින් දෙතොල් මුදවා ගත් රුවැත්තිය කාමරයෙන් පිටට දිව ගියා
..........................
දහම්ගේත් හංසිගේත් ආදර කතාව ගලාගෙන යන්නේ ඔවුන් දෙදෙනා සිතින් මෙන්ම ගතිනුත් ලං කරමින්.ආදරේ ප්‍රතිපලයක් වශයෙන් අහිංසකාවිය ගැබිනියක් වෙනවා
"අනේ දහම් අයියා දැන ගත්තොත් මාව මරයි"
"ඉන්න අපි බලමුකෝ මොනා හරි"
එසේ කිව් දහම් තම මවට මේ ගැන කියනවා.බය වෙන දහම්ගේ මවත් දහමුත් නිවසේ සිට රහසින් කතා කරනවා දරුවා නැති කරන්න.කිසිම දෙයක් නොදන්න අහිංසකාවිය දහම් හා ඔහුගේ මව ගෙනවිත් දෙන සියලුම දේ කනවා.ඒත් ඇගේ කුසේ උන් දරු පැටියා හංසිගේ කුස අත හරින්න සූදානම් වෙන්නේ නෑ.පසුව දහම් සහා ඔහුගේ පවුලේ අය හංසිවත් රැගෙන ඉතා දුරකට යන්නේ හංසිගේ සොයුරාට ඇයව සොයා ගන්න ඉඩ නොතියා
......................
එතැන් පටන් හංසිගේ ජීවිතය ගෙවෙන්නේ නුවරඑළියේ තේවත්තක් මැද තිබුනු චූටි ගේ කෑල්ලක.මේ තේ වත්තේ තේ දලු නෙලන්න පවා අසරනීට යන්න වෙන්නේ තම නැන්දම්මාගේ වචන අහන් ඉන්න බැරුව.දහම් අකමැත්තෙන් උනත් ඇයව වත්තේ වැඩට යවනවා.කුසත් උස්සන් තේ දලු නෙලන කෙල්ලට හැමෝම අනුකම්පා කරනවා.
කාලයාගේ ඇවෑමෙන් හංසිට චූටි දියනියක් ඉපදෙනවා.චූටි දුව හංසි වගේමයි.හංසිගේ මුලු ලෝකෙම උනේ දෝනි.
දහම් දැන් අයියගේ තරහා නිවිලා ඇති.ගිහින් බලලා එමුද අපි
දිනක් හංසි එහෙම අහන්නේ දහම්ගේ තුරුලේ ඉදන්.ඔහු මොනවත් නොකියා ඒ හිස පිරිමදිනවා.
ඕං චූටි පුතේ උබේ ගෑනි නැති වෙන තැන.ඔය හමුදාවේ ඉන්න එකා නාහෙට අහන්නේ නෑ.යවන්න එහෙම එපා.උබ යන්නත් එපා.
ඒ කතාව අහපු දහම් හංසිගේ යෝජනාව ප්‍රතික්ෂේප කරන්නේ කුරිරු විදිහට.
"අර කොල්ලා ණය වලට හිර වෙලා.ඔය චේන් එකයි,කරාබු දෙකයි දුන්නා නම් ණය ටික ගෙවයි.ලබන මාසේ බේරලා දෙයි"
කෙල්ල ලගට ආපු දහම්ගේ මව කියන්නේ කපටි විදිහට.හංසි ඇගේ සොයුරා ගෙල පලදපු මාල පොටත් කරාබු යුගලයත් ගලවා නැන්දම්මා අත තබනවා.
කෙල්ලට දුකයි.ඇගේ පෙර ජීවිතය මතක් වෙනවා.ඇගේ දෙමව්පියෝ ඇයට දෙයක් දුන්නා මිසක් උදුර ගන්න උත්සහා කලේ නැහැ.ඔවුන් මිය ගිය පසු සොයුරාන් දෙදෙනාත් එහෙමයි.පාරක්වත් ගහන්න අත උස්සන්නේ නැහැ.ඒත් දැන් දහම් ඔවුන්ගේ ප්‍රශ්න වලට පවා කෙල්ලට ගහනවා.ඒ හැමදේම දරාගෙන ඇය ජීවත් වෙන්නේ චූටි දියනිය නිසයි.
....................
දිනක් ගමේ හොරකමකට දහම් අහුවෙනවා.හොරකම් කල නිවසේ තරුනයින් දෙදෙනෙක් පැමින උත්සහා කරන්නේ දහම්ව රැගෙන යන්න.ඒත් හංසි ඉඩ දෙන්නේ නෑ.කොටම කොට ගවුමක් ඇද සිටින චූටි කෙල්ල දෙස මේ තරුනයා බලනවා.කෙල්ල කොට ගවුම ඇන්දේ නම් පැෂන් එකට නෙමේ.මේ ඇදුම් කෙල්ල එද්දි අරන් ආපුවා.ආපු අවුරුදු පහටම කෙල්ලට එක ඇදුමක් දහම් අරන් දුන්නේ නෑ.
"අනේ මහත්තයෝ මාව අත අරින්න""
"අත අරිනවා.හැබැයි එක කොන්දේසියක් උඩ"
"මොකද්ද මහත්තයෝ "
උබේ ගෑනි එක රැයකට ඕන"
දහම් ඔහුගේ ජීවිතය වෙනුවෙන් සියලු දේ කැප කර ඔහු සමග ආ යුවතිය සමග යහන් ගත වීමට ඉඩ දෙනවා.එදිනම රාත්‍රී ඇයව රැගෙන යන මහත්වරු එලි වෙනකම්ම ඇයව කෙලෙසනවා.හැඩි දැඩි පිරිමි දහා දෙනෙක්ගේ අතින් ඇය සමූහ දූශනයකට ලක් වෙනවා.
පසු දින උදාවත් සමගම ඇගේ නූල් පොටක්වත් නැති අඩ සිහියෙන් උන් කෙල්ලව මහත්තුරු කියනා උන් දහම්ගේ නිවස ඉදිරිපිට අත හැර යන්නේ සිත්පිත් නැති ආකාරයට.තම මවගේ නිරුව්ත් ශරීරය තුරුල් කර ගන්නා චූටි දියනිය හඩා වැටෙනවා.
දහම් පැමින දියනිය රැගෙන ගොස් කාමරයක සිර කරන අතර හංසිව උස්සාගෙන සාලයට ගෙන යනවා.අඩ සිහියෙන් උන් ඇගේ සිරුරෙන් සතුටු වන ඔහුද ඇගේ සිරුරෙන් මෑත් වෙන්නේ ඒ මූනට කාරලා කෙල ගහලා
"අරුන් එක්ක බුදිය ගත්ත මේකිව මට මොකටද දැන්.මරලා දාන්න තියෙන්නේ"
එසේ සිතූ දහම් කිසිදු හිත් පිත් නැත්තෙකු සේ ඔහුට පන මෙන් ආදරය කල හංසිගේ ගෙල සිර කර මරා දමනවා.ඔහුගේ මවත් සමග එකතු වන ඔහු සාලයේ මැද වලක් හාරා ඇයව එහි දමා පස් වලින් යට කර ආපසු කොන්ක්‍රිට් තට්ටුවක් උඩින් දමා සිමෙන්ති දමනවා.මොවුන් මේ කරනා දේවල් එකම කෙනෙකු බලා සිටිනවා.
..................
මේ අතර හසිදු තම සොයුරිය සොයනවා.මුලු ලංකාවේම පීරා සෙව්වත් ඔහුට හොයා ගන්න බැරි වෙනවා.දිනක් යාලුවෙකුගේ මාර්ගයෙන් ඔහු දහම් සොයා ගන්නවා.දහම්ගේ නිවසට යන ඔහු දහම් මුන ගැහෙනවා.හසිදු ඉදගෙන සිටියේ සොයුරිය වලදාපු තැනමයි.
"මාත් එක්ක නංගි ආවේ නෑ මහත්තයෝ .හදිස්සියේ අපි ආවේ තාත්තට යන්න ඕනේ කිව්ව නිසා.නංගි ආවේ නෑ."
හසිදුව දහම් බොරුවෙන් මුලා කරන්න හැදුවත් හසිදු තේරුම් ගන්නවා දහම් කියන්නේ බොරුවක් කියලා.එවිටම චූටි දියනිය පාසල් ගොස් නිවසට එනවා.හසිදු ඇය දෙස බලනවා.සොයුරිය දහම් සමග ආ බවට හසිදුට තවත් සාක්ශි අවශ්‍ය උනේ නැහැ.තම නැගනියගේම රුව අඩුවක් නැතිව ලැබී තිබූ දියනිය දෙස බැලූ හසිදු ඔහුගේ උගුසු දෑසට යොමු කර ගන්නේ චූටි දියනියගේ නිල ලාංජනයේ තිබූ පාසලේ නම.දහම්ගෙන් සමාව ඉල්ලූ හසිදු නිවසින් එලියට බසින්නෙත් ඔහුව ගොනාට ඇන්දවූ බව සිතා දහම් සිනා සෙන්නේත් එකම විටයි.
...............
පසු දිනම පොලිස් නිලධාරින් දෙදෙනෙකුද සමග දියනියගේ පාසලට යන හසිදු විදුහල්පති වරයා මුන ගැසී සියලුම විස්තරය කියනවා.චූටි දියනිය විදුහල්පති කාමරයට ගෙන්වන හසිදු ඇය ඉදිරියේ දන ගහා ගන්නවා.
චූටි දුව මම හසිදු.පුතාගේ අම්මගේ අයියා.ඒ කියන්නේ ඔයාගේ ලොකු මාමා.
හසිදු ඇයට ඔහු ගැන හදුන්වා දෙද්දි ඒ මුහුනේ සිනා රැලක් නැගෙනවා.දෑසට නොදැක්කත් අම්මා කිව්ව් කතා ව්ලින් ඇය ලොකු මාමටත් චූටි මාමටත් ආදරය කරනවා අසීමිතව.
"දුව මට උදව් කරනවා නේද"
"හ්ම්ම්"
තම සොයුරියගේ ජායාරූපයක් ගත් හසිදු එය දියනියට පෙන්නනවා.
"මේ කවුද දුව"
"මගේ අම්මා"
හසිදුගේ දෙනෙත් කදුලින් තෙත් වෙනවා.ඔහුගේ සැකේ හරි.ඔහු දියනියගෙන් ප්‍රශ්න කරනවා.දියනිය මෙසේ කියනවා.
"දවසක් මාමලා වගයක් ඇවිත් අම්මව අරන් ගියා.එදා රෑ අම්මා ආවේ නෑ.මං තනියම නිදා ගත්තෙත්.උදේම වෑන් එකක් ආවා.දඩස් ගාලා මොකද්ද දාන සද්දෙට මං දුවලා ගියා ඉස්සරහට.මගේ අම්මා.ඇදුම් එකක්ව්ත් තිබුනේ නෑ අම්මගේ ඇගේ.මං ඇඩුවා.අඩද්දි තාත්තා ඇවිත් මාව කාමරේක හිර කරා.චුට්ට වෙලාවකින් ආච්චි එනවා ඇහුනා.මං හෙමි හෙමින් දොර ලගට ඇවිත් දොරේ යතුරු හිලෙන් බැලුවා."
කතාව නැවැත්තූ දියනිය ඉකිබින්දා.
"දුව මොනවද දැක්කේ"
"තාත්තා අම්මගේ බෙල්ල ආච්චිගේ චීත්තෙකින් තදට ගැට ගහලා ඇද්දා.චුට්ට වෙලාවක් දගලපු අම්මා එකපාරටම දගලන එක නැවැත්තුවා.ඒකත් ඉවරයි කියලා ආච්චි කියද්දි තාත්තා ඇලවංගුවක් ගෙනත් සාලේ බිම කැඩුවා.වලක් හාරලා අම්මව ඒක ඇතුලට දාපු ආච්චියි තාත්තයි ඒ වල වහලා තිබුනා වගේම සිමෙන්ති දැම්මා."
දියනියගේ කට උත්තරය පටිගත කෙරුනා.දෑතින්ම මුහුන වසා ගත් හසිදු හඩා වැටුනේ හුරතල් නැගනියගේ මුහුන මතක් වීමෙන්
...............
හංසිගේ සිරුර ගොඩ ගත්තා.මරන පරීක්ෂන වලින් හෙලි උනා දියනිය කිව් දේ ඇත්ත බව.දහම්ව එල්ලා මැරීමටද,මිනී මැරීමට අනුබල දුන්නාට ඔහුගේ මවට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්ද,හංසි දූශනය කල වරදට මහත්තයා ඇතුලු දහා දෙනාද එල්ලා මැරීමට නියෝග කල උසාවිය චූටි දියනිය මන්දහාසි ඇගේ මාමා වන හසිදු වෙත බාර දුන්නා.
රෝස මලක් මෙන් පිපී සැලුන,සමන් මලක් මෙන් සුවද දුන්,ආදරනීය යුවතියක් හැගීම් වලට වහල්වී නිකරුනේ මිය ගියා.ඉන් අසරන උනේ ආදරනීය දියනිය නොවේද?සිතන්නට ඔබට ඉඩක්
...............................................
නිමි
Share this post :
--------------------------
---------------------------------

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI