අකල් මරණය
"සුදු නෝනා..."
"ඕ කියන්න මහත්තයෝ..."
"කියන්නකෝ මං කවද්ද ඔයාලගේ ගෙදර එන්න ඕනි. දැන් අම්මලත් කැමති එකේ..."
"මං එන්නම් අපෙ අම්මලා එක්ක..මේම හොරෙන් ආදරේ කරනවට වඩා මට මගෙ සුදු කෙල්ලව ලගට අරන් ආදරේ කරන්න ඕනි..."
"හා මහත්තයා මේ පාර නිවාඩු ආපුවාම එන්න එහෙනම්.."
"මං අම්මට කියන්නම්.."
"ඉටිම් මගෙ කෙල්ල මොකෝ කරන්නේ දැන්.."
"මං පොඩි වැඩක් "
"මොකක්ද උබේ පොඩි වැඩේ..."
"ඒක ඔයා ආවාමම පෙන්නනම් ආ..."
"ඔයාට උපන්දිනේට එන්න පුලුවන්ද මහත්තයෝ..අනේ එදාට නම් එන්නම ඕනි."
"මට මාලිගාව යන්න ඕනි.."
"හරි මැනික මං ඒ දවසට එක දවසක ලීව් එකක් අරගෙන එන්නම්..අපි යමු..."
ඔහු කසුන් ආදිත්‍ය...වැඩ කරන්නේ ආමි එකේ..රට රකින අභීත සොල්දාදුවෙක්..
ඔහුගේ ආදරේ නිශී සම්මානි...
නිශී බලන් ඉන්නේ මාසේ නිවාඩු අරන් කසුන් එනකන්..මාසයක් නොදැක ඉන්නවා කියන්නේ අවන්කවම ආදරේ කරන හදවත් වලට කොච්චර දුකක්ද...
ඔහුගේ උපන්දිනේට කෙල්ල තෑග්ගක් අරන් ඒ දිහා හැමදාම බල බල හූල්ල කැලැන්ඩරේ දින කප කප ඉවසීමෙන් ඉන්නේ ඒ රත්තරං මූන බලාගන්න..
ඔවුන්ගේ වාසනාවටම ගෙවල් වලිනුත් කැමැත්ත ලැබිලා තිබුනා..
මේ පිවිතුරු ආදරේ අවුරුදු හතරක් තිස්සේ හරි ලස්සනට ගෙවිලා ගියේ ඔවුන්ට ඔවුන් නැතුවම බැරි කරමින්..
මේ මාසේ 31 කසුන්ගේ උපන්දිනේ...ඒකටයි කෙල්ල මාලිගාවට යන්න ඕනි කීවේ.
දවසක් දෙකක් තුනක් පාලුවෙන් ගෙවිලා ගියේ කසුන්ගේ උපන්දිනේ හෙට වනතුරු...
"සුදු නෝනා...මං හෙට එනවා ඔයා උදේ ලෑස්ති වෙලා ඉන්නවද..."
"එනවද මහත්තයෝ... මං බයේ හිටියේ එන්න බැරි වෙයි කියලා.."
"ඔවු මං රෑ වෙලා ගෙදර එනවා රත්තරං..හෙට උදේම මගේ කෙල්ලගේ ඉස්සරහා මං.."
"හරි මහත්තයෝ මං එන්නම් මගට..ඔයා එන්න.."
"ආදරෙයි වස්තුව..දකින්න ආසාවේ ඉන්නේ..."
"පරෙස්සමින් එන්න මහත්තයෝ..."
"මගේ කෙල්ලගේ ආදරේ තියනකං මට මොනා වෙන්නද..."
"උදේම මං මගේ වන්ඩියේ එනෝ..."
"අනේ මේ කසුන් ඕකේ නම් එන්න එපා..මං ඔයාට කියලා තියනවා බයික් ගමන් තියාගන්න එපා කියලා..."
"ඔයා බස් එකේ එන්න..බයික් එකට නැග්ගාම ඔයාට මුලු ලෝකෙම අමතක වෙනවා "
"හරි හරි බය නොවි ඉන්න මං පරෙස්සමින් එනවා.."
"ඒක නෙවේ සුදු නෝනා අපි හෙට පීසා කමු හොදද..මගෙ කෙල්ලගේ ආසම කෑමනේ..."
"උම්ම්ම්ම්ම්ම්ම්මා මගේ මහත්තයට ඒක මතකයි නේද..මන් ගොඩක් කල් ඕක කියලා..."
"මතක නැතුව..හෙට බඩ පිරෙන්න අරන් දෙනවා...."
"තව තව ඇදුම් ටිකක් අරන් දෙන්නත් ඕන ඔයාට..
ගිය මාසේ අරන් දුන්නට පස්සේ..."
"අනේ කසුන් මෙච්චර රෙදි මොකටද...ඇදපු නැති ඒවත් තියනවා. මං ගෙදරම ඉන්න එකේ..."
"නෑ නෑ මගේ නෝනට අඩුයි කියලා කිසිම දෙයක් තියෙන්න හොද නෑ...අඩුවක් නැතුව හැමදේම මගේ කෙල්ලට අරන් දෙන්න ඕනි."
"හා හා ඒනම්..ඔයාගේ ආසාවනේ.."
"හරි මැනික මං දැන් එනවා ගෙදර..
තියන්නම් වස්තුව.."
"බුදු සරනයි මහත්තයෝ..."
නිශීගේ හිත සතුටින් පිරිලා තිබුනා..කසුන්ට ගත්ත තෑග්ගත් පරෙස්සමින් අසුර ගත්තා..රෑ නින්ද ගියෙත් නැති තරම්..
හැම මාසේම ඒ මූන දකිනකංනම කෙල්ලගේ හිත මේම ගැහෙනවා..
පහුවදා උදේම මලක් වගේ ලෑස්ති උන කෙල්ල අම්මටත් කියලා උඩ පනිමින්ම ගියේ හරිම හදිසියෙන්...
"ඒ ගමන්ම කසුන්ගෙන් කෙල්ලට කෝල් එකක්.."
"හෙලෝ සුදු මැනික කොහෙද ඉන්නේ..."
"මහත්තයෝ මම ටවුන් එකට හැරෙන තැන තුන් මන් හන්දියේ..."
"ඕමම ඉන්න මං මේ ලග ඉන්නේ.
ඉක්මනට එනවා.."
"හා හා මං ඉන්නම් හෙමීට එන්න රත්තරං..."
ටික වෙලාවකින්ම කසුන් බයික් එකේ එනවා කෙල්ල දැක්කා...
මුන සිනා ලෝකයකින් පිරෙන හැටි දිහාම කසුන් බලාගෙන ආවේ ලගට ගිහින් තුරුලු කරගන්න හිතාගෙන...
එතකොටම...
"අනේ දෙවියනේ කසුන්...."
"මොකක්ද මේ උනේ...මහත්තයෝ..."
"නැගිටින්න මගේ රත්තරං දෙයියනේ...මොකක්ද මේ කරගත්තේ...."
"අනේ උදවු කරන්නකෝ මගේ මහත්තයාව හොස්පිට්ල් අරන් යන්න..."
"ඕම ඉන්න රත්තරං ඔයාට ගොඩක් රිදෙනවද.."
"මේ බලන්නකෝ මහත්තයෝ ඔලුව තුවාල වෙලා..
මං අත තියාගන්නම් රත්තරං"
"ඇස් අරින්නකෝ දෙයියෝ..."
කෙල්ලගේ වේදනාව දැනිලා වගේ කොල්ලා තප්පරේකට ඇස් ඇරියා..
කසුන් කෙල්ල දිහාම බලන් ආවත් එහා පැත්තෙන ආපු බස් රතය දැක්කේ නෑ...කෙල්ලගේ ඇස් ඉස්සරහම කසුන් මේ මුලු ලෝකෙම දාලා ගීන් තිබුනා...
ඔලුවම ගොඩක් ඩැමේජ් වෙලා..කුඩු වෙලා ගීන්..
ඒත් ඒ රත්තරං මූනේ තිබුන ආඩම්බර හිනාව එහෙමම තිබුනා...
අඩන්නවත් අමතක උන නිශී දවස් ගානක්ම සිහි නැතිව හිටියේ රෝහලේ....
මේක ඇත්තම සිදුවීමක්...මං දන්නේ නෑ මොනවද කියන්න ඕනි කියලා..ඒත් නොසැලකිලිමත් රිය ධාවනය නිසා මේ ලෝකේ කී දෙනෙක් මෙහෙම නැති වෙනවද..
නිශී තාමත් ජීවත් වෙනවා...ඒත් ඒ අමිහිරි මතකය ඇගේ හිතේ විශාල හෙල්ලිමක් තාමත් තියනවා..මතක් වෙන මොහොතක් ගානේ ඇගේ හිතට දැනෙන දේවල් වචනවලින් කොහොම ලියන්නද...
නිමි