මම සස්වාමිකයි ස්වාමිනී

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
--මම සස්වාමිකයි ස්වාමිනී--

මං පවනි කලුආරච්චි.හැමෝම ආදරේට කිව්වේ කලූ කියලා..ඇත්තටම මං කලුයි..කලුයි කිව්වට මං තලෙලුයි.ඒ වුනාට මොකද මට දිගම දිග කොන්ඩයක් තිබ්බා.හැමෝම කිව්වේ මං කලුවුනාට හරි සිරියාවයි කියලා.ඇතටම මං සිරියාවන්ත වාසනාවන්ත කෙල්ලක්ද කියලා මං තාම හිතනවා.
යමුකෝ ළමයිනේ අඩිය ඉක්මන් කරලා..මෙහෙම ගියොත් නම් අද තේවාවට අත ගහනවා බොරු...⁣
අනේ අම්මා බය නොවී ඉන්නකෝ..තව කොච්චර වෙලා තියනවද...
මට බය මේ හදාගත්ත කිරිපිඩු ටික වෙලාවට දළදා හාමුදුරුවන්ට පුජා කරන්න බැරිවෙයි කියලා.
හරි හරි අම්මා..ඔන්න මං ඉක්මන් කරලා එනෝ...
ඒ මාය..සුන්දර මීදුම් පටලයකින් මුලු නුවරම වෙලා ගෙන තියන උදයේ අම්මා සමග නුවර යන්න මා ඉතාමත් ආස කළා.අම්මා මාත් අක්කත් කැටුව නුවර යන්නේ මහත් කැමැත්තෙනි.
රාත්‍රියේ ගොතා අහවර කළ සුදුමල් මාලය මා රැගෙන ආවේ නුවර වැඩ සිටින දළදා වහන්සේට පුජා කර වන්දනාමාන කරන්නට සිතාය.එය කුඩාකල සිට මාගේ සිරිතය.
දඩාාාස්......අම්....මහ්......
එපමනකි.මා ඇද වැටුනේ කවුදෝ කෙනෙකුගේ ඇගේ වැදි බව මතකය.එහෙත් ඒ කවුරුන්ද..
අතදෙන්න...
සුදු ටීෂයට අත්ගොබ මනාව කැපි පෙනුන ඔහු සිටියේ මා දෙසට දෑතක් දිගු කරගෙනය.සුදු මුහුණෙහි ඝනව වැඩුන කලු රැවුල ඔහුට එක්කරේ මනා තේජස පෙනුමකි.කොණ්ඩය උස්සා අමුතුම හැඩයට සකසා තිබුනු ඔහු කාගෙත් සිත් ඇදගන්නට සමත්විය.
හලෝ....මොන ලොකෙද ඉන්නේ..
අඩෝ ..මචං..බලපන් උඔ වැදුන පාරට මේ කෙල්ලට සිහි කල්පනාවත් නැතිවෙලාද කොහෙද බං...
ඒක තමා මාත් බැලුවේ ..
එහෙම කියා ඔහු මාගේ කොපුලකට තට්ටු කලා.ගැස්සුනු මා ඉක්මනින්ම එතනින් නැගිට ගත්තා.තරමක් දුරින් උන් අම්මා අක්කාත් සමග දිව ආවේ මා දෙසටය.
මොකද දුවේ...ඇයි...
න්..නැහැ අම්මේ ..මෙයා මගේ ඇගේ හැප්පුනා...වැරදීමක්....වෙලා...
ඔහු හිටියේ මගේ ඇස්දිහම බලාගෙන...මට ඒ ඇස්වල හුරුබවක් දැනුනේ...එහෙමම මං ඇස්පිහාටු බිමට බරකර ගත්තේ..ඒ බැල්ම ලගදි දැනුන කෝල බව නිසාමයි...
----------------------------------------------------
ඒ ඇස් අදටත් මේ පපුවේ තියනවා.ඒ බැල්ම තාමත් හරි පරිස්සමට මං ලග තිබ්බා..එදා මතක එක්ක හැමදාම මං ජිවත්වුනා ..ඒත් එයා එක්ක ජිවත් වෙන්න තරම් මං පිං කරලා නැතිවුනා.මොකද දෛවය හරි ලස්සනට මගේ ජිවිතේට හරස්වෙලා තිබුනා.
අම්ම්..තුත්තු බතගිනී...අම්මී...
මා පියවි හිටියට පැමිණියේ මගේ චූටි පුතුගේ ඇවිටිල්ලෙනි...
එන්න පැටියෝ ...අම්මී තුත්තු බොමු ...
දඩබ්බර මාගේ චූටි පුතු ඔසද හිටියේ බඩගින්නේය.ඔහු එහෙමයි මිලන වගේම මා හා හුරතල් වේ.විටක දගකරයි.කෙලිලොල් ඔහුට පිහිටි ඇස් ඒ අයුරින්ම පුතු ඔසදටද නොහඩුවම හිමිවී තිබුණි.
අම්මි...තූති පුතාත ඇති..මේ තූත්ත තාත්තිට...
ඔසද එහෙමයි.නොඑන බව වටහා ගැනීමට නොහැකි වුවත් තම පියා වෙනුවෙන් හැමදේම වෙන්කරයි.තාත්තා කවදාම හරි එනවා කියලා මං පුතාට කිව්වා.එදා සිට පුතු හැමදාමත් මෙලෙස හැමදේම නොදැකපු නොවිදපු පිය සෙනෙහස ඉදිරියේ ඉතිරි කිරිමට පුරුදුවිය.ඔහු කවදාම හරි එයි.මං මගේ හිතට කියමි.
නංගි....
අක්කා ....
හැමදාම ඔහොම ඉන්නද නංගි කල්පනාව..මේ දරුවා එක්ක තනියෙන් ජිවත්වෙන්න උඔට බැහැ කෙල්ලේ...යමං ගෙදර...අපිට පුලුවන් උඔවයි දරුවයි බලාගන්න...
බැහැනේ අක්කේ...නර්සරි යන්න එහේ ඉදන් දුර වැඩී කොල්ලට...මට තනියක් නැහැ අක්කා ...මේ කොල්ලා මගේ තනිකම මකනවා..මේ පේන් නැද්ද..මගේ අස්සෙම තමයි .
මා කීවේ පුතු පැටියාව තුරුලු කරන් හිස ආදරයෙන් පිරිමදිමිනි.
මිලින ගැන ආරංචියක් නැද්ද නංගි ...
පුතූ ...හොද ළමයා වගේ ගිහින් සෙල්ලම් කරන්න....ම් ....
කොල්ලා දුවගෙන ගියා.
නැහැ අක්කේ....හැමතැනම හෙව්වා..සමහරු කියනවා රට ගිහින්ලු...එක එක අය එක එක කතා කියනවා...
එක අතකින් මෙහෙම ඉන්න එක හොදයි ...දාලා ගිය මිනිහෙක් ගැන මොකට හොයනවද...මට නම් මතක්වෙද්දි තරහයි...
මිලිනට බනින්න එපා අක්කා...
ඔව් ඔව්...උඔ ඉතිං ⁣එයාව සුද්ද කරන්නකෝ ..
අක්කට නොකියු රහසක් මා සිත තුල ඇත.ඒ නිසා මා නිහඩ වීමි.
-------------------------------------------------
ඒ....කලු කෙල්ල...
මං වටපිට බැලුවේ ඒ කවුද කියලා ...
එදා සිද්ධියට සොරි කලු නංගී..මේක ඔයාට මගේ යාලුවා මිලින දෙන්න කිව්වා...
ම්....මිලින....ඒ කවුද ..ඔයා කවුද..
ඇයි නංගි මතක නැද්ද...එදා උදේ ඇගේ හැප්පිලා වැටුනේ...ඒ මගේ යාලුවා මිලින...මේකට
පි...පිස්සුද ..මට එපා ...
නංගි මේ...පිස්සු නම් කෙලින්න එපා...මේක ගන්න...නැත්තං මිලිනයා මාව මරන් කයි...
මට එපා ....කවුද තමුන්...මං පොලීසියට කියනවා...
අචියා....දීපං මෙහෙට..
මිලින ..මේකි ගන්න බැලු බං..
දීපං මෙහෙට...
මිලින යාලුවගේ අතේ තිබ්බ කොල කෑල්ල උදුරලා අරගෙන මං ලගට ආවා...මොකක්දෝ බයකින් මගේ පපුව ගැහෙන්න ගත්තා..ඒ ලස්සන ඇස්වල තිබ්බේ නපුරුබවක්...
කෝටිපති ව්‍යාපාරික ධනවංශගේ පුතාගේ කැමැත්ත මෙහෙම ලේසියෙන් ප්‍රතික්ෂේප කරන්න කාටවත් බැහැ..හොදයි බලාගමු...
කොළ කෑල්ල ඒ දරදඬු අතේම ගුලි කරගෙන දබර ඇගිල්ලෙන් මගේ නිකට උස්සලා ඇස්දිහා බලපු ඔහු යන්න ගියා.මා සුරත ගැහෙන හදවත ලග නතරවුයේ කරකියා ගන්නට දෙයක් හිතාගන්නට නොහැකිවයි.
උඔට නම් පිස්සු පවනි...මේ හම්බුන චාන්ස් එකට තෝ පයින් ගැහුවනේ යකෝ...දන්නවද ඌ කවුද කියලවත්..කෝටිපති ධනවංශ තමා ලංකාවේම බිස්නස් කම්පැනිවලින් එකටම ඉන්නේ..ධනවංශ ගෘප්...අනික ඌගේ මොන අඩුපාඩුද බලපං...ලස්සන අඩුවක්ද..නැනේ..
අනේ නිකා හිටහං...උඔ දන්නවනේ ධනුෂි...මට සල්ලිකාරයෝ ලස්සන කොල්ලෝ ඕන නැහැ කියලා..මං ආස දුප්පත් කලු කොල්ලෙක්ට ආදරේ කරන්න.මේ මං වගේ...
එහෙනම් රබර් සෙරප්පු කෑලිදෙකක් දාගෙන එල්ලිලා වැටෙන ෂර්ට් එකයි කලිසමයි ඇදන් උබේ පස්සේ එන සිරිල් අයියට කැමතිවෙයන්..ඌ හිගාකනවනේ...දුප්පත්නේ..අනේ නිකන් හිටහං..
ධනුෂි ..උඔට කියලා වැඩක්..නැහැ..
උඔටත් කියලා වැඩක් නැහැ පවනි.අපරාදේ මගේ වචන...කවදාහරි උඔට තේරෙයි උගේ අගේ...
මං ආයෙත් අතීතෙට දුවලා ආවේ ධනුෂි කියපු කතාව මතක්වෙලා.ඇත්ත මගේ හොදම යාලුවා වුන ධනුෂි කිව්ව විදිහට මට අද මිලිනගේ අගේ තේරෙනවා.දරුවෙක් එක්ක මං අසරණ වෙලා සමාජෙන් කොන් වෙද්දි මට මිලිනගේ වටිනාකම දැනෙනවා.
මට මගේ අතීතය ආයේ ආයෙත් මතකෙට ආවේ ඒ නිසයි ...
පවනි..දුවේ....ලැස්තිද...අද එන්නේ බොහෝම සල්ලි බාගේ තියෙන පවුලක දරුවෙක්...ලස්සනට ඇදගන්න ඕන...ඔන්න ඒ දරුවගේ හිත රිදෙන්න මොනවත් කියනවා එහෙම නෙමෙයි...
මං උදේම ඔසරියක් ඇන්දේ අම්මගේ වදේටමයි.තාත්තා තමයි මේ කසාදේ මට හෙව්වේ.
නන්නාදුනන මනමාලය⁣ මොනවගේ වෙයිදෝ කියලා පසුතැවෙමින් මං හිටියේ.මගේ තාත්තා නම් කිව්වේ එයා හරිම වැදගත් හොද පවුලක දරුවෙක් කියලා.තාත්තාගේ ලගම හොදම යාලුවෙක් තමා මේ මංගල්‍යය කතා කරේ.ඒ නිසා හිතට ටිකක් සහනයක් තිබ්බා..
ෂා...මගේ නංගිගේ හැඩ...ලස්සන චූටි උඩරට මැණිකේ කෙනෙක් වගේ.දන්නවද අද එන මනමාලයා කවුරුවුනත් මේ හිත ගන්නවා සත්තයි..
එහෙම කියාගෙන අක්කා මාව වැලදගත්තා..ඇත්ත ඉතිං..තලෙලු වුනාට මොකද ඔසරියට මගේ අමුතුම ලස්සනක් තිබ්බා.⁣මං ඒක කැඩපතෙන් දැක්කා.
යමු..මනමාලයා ඇවිත්..බයයි නේද..ම්.බයවෙන්න එපා නංගි..මාත් ඔහොමම බයවුනා කවිරුලා මුලින්ම මේ ගෙදරට ආපු දවසේ..
මං බයවුනේ නැහැ.ඒත් හිතට අමුතුයි.මෙයා මොනවගේ වෙයිද...මට ආදරේ දෙයිද..හැමදාම මං ලගින් ඉදීද...අපේ අදහස් ගැලපෙයිද...
මං ගොඩක් දේවල් හිත හිත පහලට ආවා...
දෙයියනේ...මි....මිලින..
පඩිපෙලේ පහලට තිබ්බ කකුල උඩට අරන් මට ආපහු දුවන්න හිතුනා..ඒත් මට සේරම අමතකවුනා..එහෙමම මාව ගල් ගැහුනා..ඒ තේජාන්විත මුහුණ,නපුරු බැල්ම මං දිහා බලන් හිටියේ.
යමු නංගි...ඇයි...
න්...නැහැ..යමු...
බුලත් හෙප්පුව මං ඔහුට දුන්නේ බුලත් කොළ ටික දිහා බලාගෙන.එකොටම මිලින මගේ අත කෙනිත්තුව..එදා ඒ දැනුන වේදනාව මං යටපත් කරගත්තට අද මේ මට දැනෙන වේදනාව හරියට වතුරට දාපු බෝලයක් වගේ උඩට මතුවෙවී මාව රිද්දනවා.
මිලින...යකෝ අර කෙල්ල නේද.අඩේ.මේක දෛවයේ සරදමක්ද බං...නැත්තං හීනයක්...මේ උබේ කලුකෙල්ල නේද බං..
අචියා...කටවහපං යකෝ...
මිලිනගේ යාලුවා අචින්තව දැක්කම නම් මට මතක්වුනේ එදා වෙච්ච දේ...
----------------------------
ඔන්න දුව ඒ පැත්තෙන් කැමතී...ධනවංශ කියන්නේ කෝටිපතියෙක්...මගේ දුවගේ වාසනාව...ධනවංශ එහෙම ලේසියෙන් කෙනෙක්ව ලේලි කරගන්නේ නැහැ...දැන් නම් අපිට දෙයියනේ කියලා ඇස් පියාගන්න පුලුවන්...
තාත්තාගේ සතුට ලග මගේ මුව ගොලුවුනා.
ඒකනේ කපිල...අපේ කෙල්ලගේ වාසනාව...ඒ දරුවත් බොහොම යහපත් කෙනෙක්..දැක්නනේ අම්මේ කිය කියා කතා කරපු හැටි...
ධනවංශ වගේමයි ඒ නෝනත්...සල්ලි තිබ්බා කියලා කිසිම ලොකුකමක් නැහැ...බලන්නකෝ දුව එක්ක වුනත් කතා කරපු අපූරුව..අපිටම පෑහෙන මිනිස්සු ..
ඒකනේ වජිරා...මට නම් අපේ චූටි කෙල්ල මනාලියක්වෙනවා දකින්න තරම් තවත් සතුටක් නැහැ...ඒකිවයි ලුකු කෙල්ලවයි මං ඇහැක් වගේ බලාගත්තේ මේ දවස එනකම්නේ...
එදා මං තාත්තාගේ ඇස්වල පලවෙනියටම කදුලු දැක්කා.ඒ සතුටු කදුලු...ඉතිං තවත් මං මොනවා හිතන්නද..ඒ නපුරු හිතට මං කැමතිවුනා.අපේ විවාහය ලගම දිනයකට දාමු කියලා මිලිනගේ පැත්තෙන් කියලා තිබ්බා.වෙලාවල් ගැලපීම් සේරම බලලා හොද නැකත් ලැස්තිකරෙත් මගේ තාත්තාමයි.
එදා සදුදා දවසක්...හරි ලස්සනට මීදුමෙන් වැහුන මුලු නුවරම හරියට මගේ විවාහයට සුදානම් කියන්න වගේ හිටියේ...ඒත් තව වෙනතුරුත් මිලින නම් මා හා කතා කරලා තිබුනේ නැහැ.
මං ගොල්ඩ් කලර් ඔසරියක් ඇදලා මාල හත දාගෙන ලස්සන මනාලියක් වුනා.මිලින හිටියෙ තේජාන්විත නිළමේ කෙනෙක් විදිහට ඇදගෙන.ඇත්තටම එයා පුදුම ලස්සනක් තිබ්බා.
මාලිගවට යමු...මුලින් බුදුන් වැදලා එමු.ෆොටෝ එහෙම ගහන්නත් තියන නිසා ගාඩ්න් එකටත් යන්න වෙනවා...නැකත කිට්ටු වෙන්න කලින් මේ වැඩ ඉවරකරගන්න එපැයි..
තාත්තා හිටියේ ගොඩක් කලබලෙන්..හැමදේම ලස්සනට කරන්නයි එයාට ඕන වුනේ.පවුල් දෙකම එහෙම එකතුවෙද්දි මගේ හිතටත් දැනුනේ පුදුමාකාර සතුටක්..
දැන් මෙහෙමයි...නෝනා ඔහොම ඉන්න...මහත්තයා නෝනගේ ඉණෙන් මෙහෙම අල්ල ගන්න...දැන් නලලට කිස් එකක් දෙන්න මං ෆොටෝ එක ගන්නම්...
මිලින මාගේ ඉණ අත්දෙකන්ම අල්ලලා ලංකරගත්තා.සීතල ඔහුගේ දෙතොල් මා නලලත ස්පර්ශ වුයේ ඒ මොහෙතෙමය.
මහගොඩක් ආදරයක් ඒ වෙලාවේ නම් මගේ හිතේ ඔහු නමින් හරි ලස්සනට ලියවුනා.
හරි දැන් නෝනා...නෝනත් ඒ විදිහටම ඔහොමම ඉද්දි කිස් කරන්න...
ෆොටෝ ගන්න හිටපු කොල්ලා එහෙම කියද්දි නම් මාව එහෙමම ගල්වුනා...කවදාවත් නාදුනන පිරිමියෙකුගේ පහස නොලද මා තුල ඇතිවූයේ ලැජ්ජාව පිරි කෝලබවකි.මිලින මාව තව ටිකක් තදින් අල්ල ගත්තා..ඔහු බලා සිටියේ මාගේ හාදුව ලැබෙන තුරුය.මදක් ඉහලට ඉස්සී මා ඒ නළලත සිප ගතිමි.ඒ ඇස් මගේ ඇස් දෙස බලාසිටිනවා දැක මා බිම බලාගතිමි..
සුභ මංගලම්....
සුවිශාල හෝටලයක මාගේත් මිලිනගෙත් විවාහ සංවස්තරය සිදුවිය.දන්න කියන අය වගේ නොහදුනන බොහෝ පිරිස් අපට ආශිර්වාද කරන්නට විය.
මිලින ප්‍රථම වතාවට මා අත දැඩිව ග්‍රහනය කර ගත්තේ මධුසමයට යන්නට පිටත්වෙද්දි අප නැගි මගුල් කාරය තුලදිය.
ආදරෙයි පණටත් වඩා පවී...දන්නවද ඔයාව දැකපු මුල්ම දවසෙයි මට ඔයා ගැන දැනුනේ...එදා ඔයා මට ගොඩක් රිද්දුවා...මං කෝටිපතියෙක්ගේ පුතෙක්...ඒත් කවදාවත් සල්ලි නිසා ආදරය පාවා දුන්නේ නැහැ...මං ලේසියෙන් කෙල්ලන් එක්ක කතා කරන් නැ.ඒත් එදා ඔයාව දැක්කම මට මොනාද වුනා..එදාමයි මං ඔයාව මගේම කරගන්නවා කියලා හිතුවේ ..
මං මුකුත්ම කිව්වේ නැහැ.එයා කියපුවා මං අහන් හිටියා..එයා ගැන ආදරයක් ඒ වෙනකනුත් මං ලග තිබ්බේ නැහැ..ඒත් කියාගන්න බැරි දෙයක් මගේ හිතට දැනෙමින් තිබුනා.
නාගන්න පවී...වතුර නම් ගොඩක් සීතලයි ..උණුවතුරත් තියනවා..ඒවගෙන් නාගන්න..
කෙටි තුවායකුත් ඉණ දවටන් ඔහු කියනවා.ඒ නිරුවත් ශරීරය මගේ හිතම සසල කරා.ඒ නිසාම මං ඔහු දිහා නොබලම නානකාමරයට ගියා.සීතල පැත්තක හරි ලස්සනට තිබ්බ මේ තැනට මං ගොඩක් ආස කරා..ඒ නිසාම ආසාවට මං සීතල වතුරෙන්ම නාගත්තා.
කෙල්ලේ...හොදටම උණ නේද...උණුවතුර නෙමෙයිද නැවේ..
න්..නැහැ...
රැ වෙද්දි මට ගොඩක් අමාරු වුනා.මිලින මගේ ලගින්ම ඉදන් මට සාත්තු සප්පායම් කරා.හරිටට මගේ තාත්තා වගේ.අද නම් මට මිලින ගැන ලොකු ආදරයක් දැනුනා.එහෙමම කාලය ගෙවුනා..
හරිම සතුටින් අපේ කැදැල්ල ලස්සන වුනා.
සීතලයි මැණික...
මිලින මට තුරුලු වුනා.දරදඬු ඔහුගේ ශරිරය මගේ මුලු ශරිරයම වැහෙන විදිහට වසාගෙන අතොරක් නැතුවම ඔහු මාව සිප ගත්තා.මං ඒ පහසට ලෝභ කමින් ඔහුට නතුවෙලා හිටියේ..
මහා විශාල වේදනාවකින් මං ඉද්දි එදා මම මිලිනගෙම වුනා.මගේ වටිනාම වස්තුව ඔහු සතුකරගද්දි මං මහ ගොඩක් ආදරෙන් ඔහුට තුරුලු වුනා..
නැගිටපං බැල්ලි.....උඔ මාව කෑවා යකෝ....වටේ ගිහින් එක එකා එක්ක නිදියලා නේද උඔ මං එක්කත් නිදියන්න ආවේ..උඔ මාව කෑවා යකෝ...
මි...මිලින ම...මං....
කට වහපං ....අර අසරණ අම්මයි තාත්තයි පවු යකෝ...උඔ උන්ටත් ලැජ්ජ කරා...කියපං කවුද උඔව අනාථ කරේ...කවුද වු...මට කලින් මගේ මල උදුරගත්ත ඒ පාහරයව මං ඉතුරු කරන්නේ නැහැ..කියපං...
අ...ඌ....රිදෙනවා මිලින මගේ කොණ්ඩේ අත අරින්න...ඔයාට වැරදිලා...එහෙම දෙයක් නැහැ..
බලපං..බලපං මේ ඇද දිහා ...හනිමුන් දවසේ උණ හදන් උඔ රගපෑවා..මං ඒවට ගොනා වගේ ඇන්දුනා...බලපං මේ ඇද දිහා..කෝ උබේ පතිවත..කෝ...
අනේ....මට ගහන්න එපා මිලින...මං අසරණයි මං කියන දේ අහන්න මහත්තයෝ..
කට වහපං බැල්ලී..තව දුරටත් මේ වහල යට මං නැ ....උඔ වටේ ගියත් මට කමක් නැහැ..මට දීපු ගින්දරට උඔට හොදක් වෙන් නැහැ ගෑනියේ..
එදා මිලින මට හොදටම ගැහුවා.මං හොදටම ඇඩුවා.මං එපා කියද්දි මාව දාලා ඔහු යන්න ගියා..එදා මගේ පතිවත ඔහු සතුවුනත් සාක්ෂි ඉතුරු කරන්න බැරිව සුදු රෙද්දත් මට සරදම් කරා
දුව..මොකද වුනේ...කෝ මිලින පුතා...
මං සේරම අම්මට කිව්වා.අම්මා තාත්තට කිව්වේ නැහැ.ඒත් මිලිනගේ ගෙදර අය තාත්තට හැමදේම කිව්වා.මාවත් ඒ ගෙදරින් එලෙව්වා.පස්සේ අක්කා මට ගෙයක් අරන් දුන්නා.තාත්තා නම් මාව ගෙට වද්ද ගන්නවත් කැමතිවුනේ නැහැ..අක්කා කිසිදෙයක් හරියට ⁣දැනන් හිටියේ නැහැ.මට හැමදේම එපා වුනා.මං තිරණයක් ගත්තා.
ජිවිතේම වුණු ඔයා නැතුව
ජිවිත්වෙන්නට බැ තව මට
ඒ හින්දා නුඹ වෙනුවෙන්
ජිවිතයම බිලි දෙන්නෙම්...
-පවනි-
එහෙම ලියලා මං ගියේ සියදිවි නසාගන්න හිතලා.බස්එකේ වාඩිවෙලා තැනක් නොතැනක් හිතාගන්න බැරිව මං හිස හැරැන අතේ යන්න ගියා.අන්තිමට මං නැවතුනේ කොහෙද නම් මං දන්නේ නැහැ.මං ඇස් අරිද්දි මගේ අම්මායි මට වෛර කරපු මගේ තාත්තයි අක්කයි මං ලග..
මෙයාව හොදට බලාගන්න...
ඇ...ඇයි අම්මේ...මට මොකද වුනේ...
පුතේ උඔට දරුවෙක් ලැබෙන්න ඉන්නවා ...මිලිනගේ දරුවා පුතේ...
මො...මොනවා..
එදා මට සතුටට ඇඩුනා...මට මගේ මිලින ගැන ලොකු ආදරයක් ඇතිවුනා...
මං දැනන් හිටියා මගේ දරුවා අපිට ලැජ්ජ කරන්නේ නැති විත්තිය..
අම්මා කිව්වේ මගේ හිස පිරිමදිමින්.මිලිනගේ අම්මලා ආවෙත් එතකොටමයි..
දුවේ...අපිට සමාවෙන්න...අපි අපේ පුතා කියපුවා පිලිගෙන දුවට වෙනස්කම් කරා.
අම්මේ...මි...ලි...න....
එදා ඔයාව දාලා පුතා ගෙදර ආවා.යාලුවෝ එක්ක බොන්න යනවා කියලා ගියා ගියාමයි තාමත් කොල්ලා ගැන ආරංචියක් නැහැ දුවේ..
ඔයා කෙහෙද මහත්තයෝ ..මං ඔයාගේ...ඔයාගේ විතරමයි...මේ දරුවා අද ඔප්පු කරා මිලින..එයා ඔප්පු කරා මං එදා සස්වාමිකයි කියලා.ඔයා මේක දැනගන්න ලැබුනනම්...ඔයා කෙහෙද මහත්තයෝ...
----------------------------
අම්මී....ඇයි අම්මී අදන්නේ..තූති පුතා එක්ක තලාවෙදාද අම්මී...
නැහැ රත්තරං..කවදාවත් මේ අම්මී මගේ රත්තරං පැටිය එක්ක තලාවෙන්නැහැ දෙයියෝ . .
අම්මී හුගාරියක් වෙලා දෝ ගෙන..බලන්න අද මත ඉක්කෝලේ නන්නත් බැරිවුනා..
දෙයියනේ...මං ගොඩක් වෙලා නිදාගෙන...හීනෙන් මං අතීතයට ගිහින්..පවු කොල්ලට ඒකෙන් ⁣නඅසරි යන්නත් බැරිවුනා..
අදන්න එපා අම්මී...තුතී පුතා ඉන්නවානේ...
කොල්ලා මගේ කදුලු පිහිදැම්මා.මං ඒ සියුමැලි මුණ සිපගත්තේ මහත් ආදරයෙන්.එදා ඔයා මගේ බඩට ආවේ නැත්තන් ජිවිතේ ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබ්බා පුතේ...උඔ තමයි මේ අම්මට ජිවත්වෙන්න අන්තිම බලාපොරොත්තුවත් ඇති කරේ රත්තරං...
ඔසදව තුරුලු කරන් මං එහෙම හිතුවා.
මිලන නැති පාලුව මකාගන්න.ඒ දගකාර චූටි හිත මට ගොඩක් උදවුකරනවා.
අම්මි අද අමීර්ගේ උපන්දිනය..එහේ එන්න කූවා නේහ් ...
හොද පුතා වගේ අමීර්ට සුභ පතන්න...ඉන්න අම්මී කොල් එකක් අරන්දෙන්නම්..දෙන්නම හවස පාටියට යමුකෝ..ම් ..
අමීර් කියන්නේ මගේ පුතාගේ නසරි එකේ හොදම යාලුවා.හවස අපි එහේ යන්න ලැස්තිවුනා.ලොකු ගෙයක් නිසා සෙනගත් ගොඩක් හිටියා..
ඔසද...එන්න යමු...මට අලුත්ම අලුත් තෑගි ගොඩක් හම්බුනා..⁣අපි යමු ඒවා බලන්න...
දෙන්නම පරිස්සමින් පැටව්නේ ...
අහ්..පවනි..එන්න ඇතුලට කෙල්ලේ...කෝ පුතා..
ඔන්න යාලුවෝ දෙන්නම ඇතුලට දිව්වා.
ඉදගන්නකෝ...ඔසදගේ තාත්තා රටලු නේද...ඔසද දවසක් අමීර් එක්ක කියලා තිබ්බා..කොහෙද රට පවනි.
මේ..එයා මෝල්ඩිව්ස්..
එහේ මොනවා කරනවද..
එයා හොටෙල්වල කන්ස්ට්‍රක්ෂන් තමා කරන්නේ...කන්සල්ට කෙනෙක් ...
මිලින කියපු රස්සාව වෙලාවට මට මතක තිබ්බා.ඒත් ⁣මෝල්ඩිවුස් කතාව නම් මං කිව්වේ බොරුවක් ...
මෝල්ඩිව්ස් කිව්වහම මතක්වුනේ..මගේ හොදම යාලුවෙක් අද එහේ ඉදන් එනවා.හස්බන්ගේ යාලුවෙක් පුතා එක්ක ගොඩක් හිතවත්..මෙහෙ එන්නම කැමති වුනේ නැහැ.පුතා නිසාමයි එන්නේ..
අහ් එහෙමද...හොදයිනේ...
ඒකමයි මේ ලොකු පාටියක් දැම්මේ..
මං එදා තනියම වාඩිවෙලා කල්පනා කරේ මිලින ගැන.එයාට තිබ්බ ටිකක් මං එක්ක කතා කරන්න.නපුරා...එයා කලබලවුනානේ...
මිස් බොන්න මොනාහරි ගේන්නද...
වේටර්වරයෙක් එහෙම කියද්දි මගේ ඇස් නතරවුනේ ඈතින් හිටපු ඒ රූපේ ලග.මං ඇස් පිහගෙන ආයෙත් බලද්දි එයා තරහෙන් එතනින් යනවා මං දැක්කා ...
ම්.මිලින....
ඔව් ඒ එයා තමයි මං දුවගෙන එයා පස්සෙන් ගියා.එතකොටමයි කොහේදෝ ඉදලා ඔසද පුතා එතනට ආවේ..
අම්මී...බදගිනී අම්මී...
මිලිනට ඒ වචන ඇහුනා.මිලිනගේ ඇස් තරහෙන් රතුවෙනවා මං දැක්කා..මගේ ඇස් තිබ්බේ මිලින ලග.ආදරෙන් බදාගෙන හැමදේම කියන්න මං හැදුවේ...
තාත්තී......
ඔසද මගේ ඇස් අනුගමනය කරමින් මිලින දිහා බලලා ඔහු ලගට දුවගෙන ගියා..
තාත්ති කො⁣යිද ගියේ තාත්තී...අම්මී පුතුයි ගුඩාරියක් පාලුවෙන් හිතියේ...අම්මි මේ මගේ තාත්ති නේද අම්මී..අම්මි කිව්වා නේද පුතු වගේමයි කීලා ...මේ මගේ තාත්තී අම්මී...💜💜💜
කොල්ලා අඩනවා මට බලන් ඉන්න බැරිවුනා.ඔසදවත් වඩාගෙන මං පාරට ආවා.මං දැක්කා මිලින දුවන් එනවා.ඒත් මං ගනං ගත්තේ නැහැ .
පවනි...ඔහොම ඉන්න...මට කියන්න...මේ මගේ...
වැඩක් නැහැ මිලින ඔයා එදත් මාව ප්‍රතික්ෂේප කරා.අද ඔයා ඔයාගෙම දරුවව ප්‍රතික්ෂේප කරනවා.මේ ඔයාගේම දරුවා කිව්වත් අද ඔයා පිලිගන්නේ නැහැ.ඒ නිසා මටයි දරුවටයි පාඩුවේ ඉන්න දිලා යන්න.
තමුන් එදත් ගොලුවෙලා ඉදලා මගේ ජිවිතේ විනාස කරා..අදත් මේ හැමදේම මට හංගන්නද හිතන්නේ...කියනවා මට හැමදේම දැනගන්න ඕන...මේ දැන්..
අපි ගෙදර යමු ...ඔයාට මං හැමදේම කියන්නම්..
මේ මගේ දරුවා පවනි.මගේ හඩරුව කොල්ලට තියෙන්නේ..මට තවත් සාක්ෂි ඕන වෙන්නේ නැහැ.දැන් මට හැමදේම තේරෙනවා...මං ගොඩක් ඔයාට අපහස කරා.මට සමාවෙන්න පවනී ..ඔයා මගේ මගේ විතරමයි.අපි යමු..මගේ පැටියා එක්ක අපි අලුත් ජිවිතයක් පටන් ගමු..ආයේ කවදාවත් මං අතින් මේ වගේ වරදක් වෙන්නේ නැහැ.
සමාව එපා මහත්තයෝ..එදා වගේම ඊටත් වඩා මං ආදරෙයි මිලින...මගේ ජිවිතේ අද සම්පූර්ණ වුනා...
අපි ගෙදර යමු ..මට හැමදේම නිවැරදි කරන්න ඕන පවනි...
මිලින එයා ආපු වාහනේ අරන් එන්න ගියා.අපි දෙන්නවම දාගෙන එයා එයාගේ ගෙදර ගියා.පුතා යනකම්ම හිටියේ මට තුරුලු වෙලා නිදාගෙන.මිලින මගේ හිස අතගාලා ⁣ඔසදගේ චූටි හිසට අතකුත් තියන් වාහනය පැදෙව්වා.
වැරදි කවුද , කවුරුන්ද අදටත් මම නොදනී...
ජිවිතය යළි ලැබුවෙමි නුඔ ලගට පැමිණි විටදී..
හැරදමා හිටි කාලය මෙපමණයි නොදනී...
එකට ලංව දුක බෙදාගමු ඉතිං නිබද ස්වාමිනී...

***---නිමි---***
හිතට ආපු අදහසක්...හොදයි නම් කියන්න යාලු
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI