"නෑ මහත්තයෝ, මේ ජීවිතේ හරි පුදුමයි නේද, දෛවය මට මේ ටික කාලෙට ගොඩක් දේවල් දුන්නා ඒ වගේම ගොඩක් දේවල් මගෙන් උදුරගත්තා."
"මැට්ටියේ.. මං හැමදාම කියනවා දැන් ඔය නරක අතීතය අමතක කරලා දාන්න. හිනා වෙලා අනාගතේ ගැන හිතන්න. කො එන්න මගෙ ලගට" ඔහු මාව පපුවට තුරුළු කරගත්තේ අසීමිත සෙනෙහසකිනි.
ඔහු නිසල් ය. අපි දෙදෙනා හමු වුණේ මීට අවුරුදු 5කට පෙරය. අහම්බෙන් හම්බෙලා මගේ ජීවිතේ ඔහුගෙ ජීවිතය මෙන් ආදරෙන් රැක බලාගත්තේ ඔහුය. මගෙ අම්මා, තාත්තා, සහෝදරයා, යාලුවාට පවා හිටියෙ ඔහුය. ජීවිතේ කිසිම තැනක මට වරදින්න නොදී දරුවෙක් වගේ මාව රැකබලාගත්තේ ඔහුය. ගොඩක් සතුටින් සෙනෙහසින් මේ විදිහට අවුරුදු 2ක්ම ගෙවිල ගියා. හැම ආදර කතාවකටම වගේ අපේ කතාවටත් කුණාටුවක් එන්න පටන් ගත්තා. ඇත්තටම ඒ කුණාටුව මම විසින්ම ගෙන්ව ගත්ත මහ භයානක කුණාටුවක්.
ඒ දවස් වල මං හරි ආසාවෙන් හිටියා ස්මාර්ට් ෆෝන් එකකට. දවස් ගානක් ආසාවෙන් බලාගන හිටිය ඒ තෑග්ගත් නිසල් මට අරන් දුන්නා. ඒ තෑග්ග නිසා අපේ ජීවිත වල ගොඩාක් දේවල් වෙනස් වුණා.
දවසක් මට අදුරන්නෙ නැති නම්බර් එකකින් කෝල් එකක් ආවා.
"හෙලෝ!"
"හෙලෝ,, කවුද ඔයා?"
"ඉස්සල්ලා ඔයා කවුද කියන්නකෝ"
"සොරි ව්‍රෝන් නම්බර්. ආයේ මේකට කෝල් ගන්න එපා. බායි"
මං කෝලෙ එක කට් කලත් ඔහු දිගටම කෝල් මැසේජ් කරන්න පටන් ගත්තා. එහෙම ආරම්බ වුණ කතාව මං ඔහුගෙ යාලුවෙක් කරා. තවත් ටික දවසකින් මං නිසල්ව මගහැරල ඔහු සමග කතා කරන්න පටන් ගත්තා.
ඔහු සදුන් ය. සදුන් හරි ඉක්මනට මගේ ජීවිතේට ඇතුල් වෙන්න පටන් ගත්තා. නිසල්ගෙ මතක වලින් පිරිල තිබුන මගේ ජීවිතේ හිමින් හිමින් මකලා සදුන් මට වෙනම ලෝකයක් පෙන්නුවා. මාත් ඒ ලෝකෙට පිස්සුවෙන් ආදරේ කරන්න පටන් ගත්තා. දවසක් සදුන්ට මාව බලන්න ඕන උණා.
"බබා මට ඔයාව බලන්න ඕන"
ඒත්,,
"ඒත් කියන්න එපා අපිට හැමදාම මෙහෙම ඉන්න බෑනේ මේ ප්‍රශ්න විසදගන්න ඕන. ඉක්මනටම අපි මීට වෙමු. "
මේ වෙනකොටත් නිසල් හැමදෙක්ම දැනගෙන හිටියා. කවදාවත් වචයනයක් වත් නොකියපු නිසල් මට බැන්නේ ඔහුගෙ දුකටත් තරහටත් පමණි. නමුත් කිසිම දිනක නිසල්ව අතහැර සදුන් සමග විවාහ වීමට මගේ අදහසක් නොතිබුණි. සදුන්ගේ වචන වලින් මා අන්ද වී තිබූ බව නම් නිවැරදිය.
ඒ දවස උදා වුණා...
සදුන්ව පළමු වරට මා දුටුවේ එදිනය. වරදක් කරනව කියලා හිත කෑ ගහලා කිව්වත් මට ඇහුන්කම් දෙන්න බැරි තරමටම මම සදුන්ට ලැදි වී හමාරය.
"බබා අපිට මෙහෙම කතා කරන්න බෑනෙ කට්ටියත් ඉන්නවා. අනික අව්වයි. අපි යමුද රූම් එකකට" සදුන් ඇසුවේ හරි ආදරයෙනි.
"අනේ පිස්සුද ඔයාට මට නම් බෑ. අපි මෙහෙම කතා කරමු."
"තමුසෙට මං එන්න කිව්වම බෑ. අරූ එක්ක නම් ඕන මගුලක යයි" සදුන් වෙනස් වෙන්නට පටන් ගත්තේය.
"එහෙම කියන්න එපා සදුන්. එයා කවදාවත් මට රූම් එකකට යන්න කතා කරල නෑ. එයා මාව බලාගන්නෙ එයාගෙම නංගි කෙනෙක් වගේ ඔයා ඒක දන්නවනෙ"
"අනේ තමුසෙ මෙතන බබා වෙන්න හදන්න එපා"
එදා මේ විදිහට වෙනස් වෙන්න පටන් ගත්ත සදුන් දවසින් දවස දරුණු වුණා. ඊට පස්සෙ අපි දවස් දෙක තුනක් මීට් වුණා. ඒ හැමදවසකම තැන කොතන වුණත් මාව පොඩි කරල රිද්දුවා.
ඊට පස්සෙ හැමදාම මට සතෙක්ට වගේ ගහන්න බනින්න පටන් ගත්තා.. මේ හැමදෙයක්ම නිසල් දැනගන හිටියා. ඒත් මගේ සතුට ඒක කියල හිතාගන නිසල් ඈත් වෙලා හිටියෙ. මට ආයෙත් නිසල්ගෙ මූණ බලන්න තරම් ශක්තියක් තිබුණෙ නෑ. ඒ නිසාම මම හැමදේම ඉවසගන කාලයට ප්‍රශ්න බාර දීලා හිතින් අඩ අඩ විදව විදව හිටියා.
ඒත් සදුන් මට රිද්දන එක නම් නතර කරේ නෑ. මේ හැම තත්පරේකම මට නිසල්ගෙ අඩුව දැනුණා. නිසල් මාව දරුවෙක් වගේ බලාගත්තා. මලක් වගේ පරිස්සම් කරා. ඒ වගේ ආදරයක් ආයෙත් මට කවදාවත් ලැබෙන්නෙ නෑ. නිසල්ට මං ලොකු වරදක් කරා. ඒ වරදට දඩුවම තමයි මේ. මං නිසල්ට මීට වඩා රිද්දුවා. ඒ පව මං ගෙවන්න ඕන කියල මම හිත හදාගත්තා...
මේ කාලෙදි තමයි මට සදුන්ගෙ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෝල් කරේ. එයා මට සදුන් ගැන ලොකු විස්තරයක් කිව්වා. එයාල අතර ලොකූ බැදීමක් තියනවා කිව්වා. ඒ වගේම ඒ එෆෙආර් එක ඉවර නෑ කියලත් කිව්වා. මම කිසිදෙයක් දන්නෙ නැතුව සදුන්ගෙ වචන වලට රැවටිලා මගෙ නිසල්ට රිද්දුවා.
මේ හැමදේම හීනයක් වගේ. හරි නපුරු හීනයක්. වරද සදුන්ගෙ වුණත් එයා බොරු කතා හදලා මාව වැරදි කාරියක් කරා. අන්තිමට මට දරාගන්නම බැරි තැන මං නිසල්ට කෝල් කරා..
*******************-********************
"දෝණි.. ඇයි මේ අඩන්නෙ. කියන්න මොකද්ද වුණේ කියලා."
"අයියෙ,, මට සමාවෙන්න." මට ඇඩුම නවත්තගන්න බැරි වුණා..
"හරි ඔයාට ඇති වෙනකල් අඩන්න. හිතේ තියන දුක තරහ නිවෙනකල් මට බනින්න ගහන්න කමක් නෑ. ඒත් පන ඔයාට කවුරුවත් නෑ කියලා හිතන්න එපා. ඔයාට ඔයාගෙ නිසල් අයියා ඉන්නවා"
අනේ දෙයියනේ මේ තරම් ආදරේ කරන කෙනෙක්ට මං මොන තරම් වරදක් කරාද. මගේ පපුව පැලෙන්න තරම් දුකයි. ඒක වරද කරේ මම. මේ හැම දේකටම කාටවත් දොස් කියන්න බෑ. මං අඩන්නෙ මං කරපු දේවල් නිසාමයි.
එදා හැමදේම මම නිසල්ට කිව්වා. නිසල් හැමදේම අහගන හිටියා.
**********************************
"දෝණි, මිනිස්සු අතින් වැරදි වෙනවා. අපි හැමෝටම නරක කාලයක් තියනවනෙ පන. ඔයා වැරදි නෑ ඒ කාලය තමයි වැරදි. අද ඉදන් ජීවිතේ ඉදිරිය ගැන හිතමු පන. ඔයා තාමත් මගේ ඉස්සර හිටපු හුරතල් දෝණි. ඒ තැන වෙන කාටවත් ගන්න බෑ. මේ නිසල් අයියා ඔයාගෙමයි හැමදාමත් පන"
මේ හැමදේම සිදු වුණේ මාස 6කින්. දැන් මගේ ලග මගේ නිසල් අයියා ඉන්නව. මං එයාට ලොකු වරදක් කරා ගොඩාක් රිද්දුවා. ඒත් එයා කවදාවත් මට වැරදි කාරියක් කියලා චෝදනා කරලා නෑ. හැමදාමත් මාව ආදරෙන් බලාගත්තා. මං එයාට කරපු වරදට අදටත් මං දුක් වෙනව පසුතැවෙනවා. ඒත් මේක ජීවිතේට හොද පාඩමක්. අද මම මගේ නිසල් අයියගෙ තුරුලෙ ඉන්නවා.
"දෝණි නැගිටින්න පන.. අපේ චූටි පුතා ඇහැරිලා.."
කල්පනා ලෝකෙ හිරවෙලා හිටපු මම නිසල්ගෙ හඩින් අවදි වුණා.
"කෝ එන්න දග කොල්ලා ඇහැරුණා නේද.." නිසල් පුතාවත් අරගන මගෙ ලගට ඇවිත් ආයෙත් මාව තුරුලු කරගත්තා...
දෙවියනේ මගේ ජීවිතේ දැන් සම්පූර්ණයි. මගේ මුලු ලෝකෙම මගේ මගේ මහත්තයයි අපේ චූටි හුරතල් පුතා යි. මට දැන් ලස්සන පවුලක් තියනවා. නරක කාලයක් පහු වෙලා මගේ ජීවිතේ දැන් ගොඩක් ලස්සනයි. එදායින් පස්සෙ කවදාවත් මං හීනෙකින් වත් මගෙ නිසල්ට වරදක් කරේ නෑ කරන්නෙත් නෑ. මොකද නිසල් කියන්නෙ මගෙ ජීවිතේ නිසා.. දැන් අපි අපේ චූටි පුතා ගෙ අනාගතේ ගැනත් හිතල සතුටින් ජීවත් වෙනවා.

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.