නුබ වගේ මම

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
...............නුබ වගේ මම .....
දසුනො..එහා පැත්තෙ ඉන්න කෙල්ල කතා කරන හැටි බලපන්කො..ඒකි කතා කරන්න හැටි සිංහලත් නෙමේ ඉන්ග්‍රීසිත් නෙමේ..සුද්දෙක් අහවල් එක කරලා වගේ
හසරැල් මේන් වැන්දා,ඕකිට මොකුත් කියන්න එපා..ඕකිගෙ කටක් නෙමේ තියෙන්නෙ වක්කඩක්..
එහෙමද..මමත් ආසයි චාන්චූන් ගාන බෝනික්කියන්ට...
නංගි ඔයාගෙ තාත්තා සුද්දෙක්ද...
ඇයි තමුසෙට මොකද..තමන්ගෙ වැඩක් කරගන්නවකෝ..
අප්පට බොල තරහගියාම ලෙසටම සිංහල කතාකරනවනෙ...නැත්නම් වචන දහයකට අටක් ඉන්ගිරීසි..
මේ වදින්නම් තමුන් තමුන්ගෙ වැඩක් කරගන්නවද..තමුසෙල ගොඩේ උනාට අපි පලිද ..
ඕන් ඉතින් ..මගෙ යකා නගිනවා අසූහාරකෝටි තිස්පන්ලක්ශ දහදහස් එකසිය විසි පහට..අපි ගොඩේ තමා ඇයි නංගි ඔයාට මොකෝ..
තමුසෙ ගොඩේ උනත් මඩේ උනත් මට මොකො..තමුසෙනෙ පැනලා දුන්නෙ..
දසුනො උබ දන්නවද,,එංගලන්තෙ හොරි දද හැදුනු හිගන්නොත් කතා කරන්නෙ ඉන්ග්‍රීසි.
තමුසෙට මොකො වෙන්න ඕනෙ කියනවකො..
දසුනො මේ බලකො ..අපි දෙන්න කතා කරන්නෙ ..වෙන උන්ට ඩෝං යන්නෙ .සුද්දට අපේ රට අල්ලන්න උදවු කරපු උන්ගෙන් පැවතෙන උන් ඔහොමයි..
කට වැඩී තමුසෙගෙ..ක්ලාස් ආවනම් තමන්ගෙ වැඩේ කරගන්නවා..මම මොකාගෙන් පැවත ආවත් තමුසෙට මොකො..
දසුනො ..
හසරැල් නවත්තපන් ඕකි යකින්නක්..
උබ බය උනාට මම බය නැ..කතාවක් කියන්නම් අහපන්කො..ඔන්න දවසක් දොස්තර කෙනෙක් ගාවට තැමිල් අපි වගේ ගොඩේ කෙල්ලක් ආවලු බෙහෙත් ගන්න...ඩොකා නිකන් අහවල්ලු වගේ හෙන පොස්ලු.බොරු හිලලු..ඩොකා කීවලු ටන් එලියට දාන්න කියලා ..කෙල්ලට දන්නෙ නැ ටන් කියන්නෙ දිව කියලා..කෙල්ල ඇබරෙනවලු...ආයෙ කීවලු ටන් එලියට දාන්න කියලා...කෙල්ල ඇබරිලා ඇබරිලා හැට්ටෙ අස්සෙන් කුක්කු එලියට ගත්තලු...ඩොකාට වැඩේ තේරිලා කීවලු..ඔය ටන් නෙමේ කටේ ටන් කියලා..ඒ ගමන් කෙල්ල ඩොකාගෙ කටේ එබුවලු කුක්කු..
අරකි කට වහන් හිනා වෙනවා බන්..
..............................................................
දසුනො ..අනේ වරෙන්කො රන්ජන් ලංකා එකට ගිහින් එන්න..
අනේ බන් බඩගිනි උබ ගිහින් වරෙන් ..මම ස්කෝලෙ ගිහින් එනකන් මගෙ බත් එක මග බලන් ඇති..
තොගෙ බඩේ හිගන්නෙක් හරහට නිදිනෙ..වරෙන් මම එනගමන් කන්න දෙයක් අරන් දෙන්නම්..
අරන් දෙනවද ඇත්තටම..
ඔව් පකෝ...අපේ වචන දෙකක් නැ..අම්මා දෙනවා කීවොත් තාත්තා ගස් බැදල හරි දෙනවා.
අම්මෝ බන් සෙනග ..
අඩෝ දසුනො අර බලකො..
කවුද...
අර ස්කූල් කිට් එකෙන් ඉන්න කෙල්ල..
අම්මෝ බන් අර ක්ලාස් එකේ අපි එක්ක මරා ගන්න ඉන්ග්‍රීසි බඩ යන කෙල්ල..
හ්ම්ම්..යසෝදරා විදුමවගෙ දියනියක් ..ඒක තමා මේ හු## නලලෙ තියන් ඉන්නෙ..
ආ නංගීගී...
ඒකි මොකෝ බන් අපි දැක්කාම ගුලි කාලා වගේ හිනාවුනේ..
ටන් කතාව මතක් වෙන්න ඇති...
මේ ..කරදර කලාට සමාවෙන්න සහෝදරී ..පොඩි උදවුවක් කරනවද...
මොකක්ද ...
ඉංග්‍රීසි හෝඩිපොත් තියෙන්නෙ කොයි හරියෙද...
කෙල්ලට ආයෙත් හිනා...
අඩෝ ඒකි ලස්සනයි බන් පට්ට ..
මට නම් ඒකි උබයි එක වගේ බන්..සිරාවටම..කටවලුත් එකයි දෙකම කටර්..
හසරැල් ඇයි උබ රන්ජන් ලංකා එකට ආවෙ ඇයි බන්.
.අදුරන අයිය කෙනෙක් ඉන්නවා බන්.ස්කෝලෙ ඇරිලා ඇවිත් රෑවෙනකම් මෙහෙ වැඩ කරන්න පුලුවන්ද අහන්න බන්..උබ දන්නවනෙ අම්මා විදින දුක..ක්ලාස් පීස්වත් හොයාගන්න පුලුවන්නෙ බන්..
ඒත් බන් උබ කොහොමද පාඩම් කරන්නෙ වත් කඩේ වැඩ කරලා ..
කොහොම හරි කරනවා බන් .උබ දන්නවද අනිත් ගෙවල්වල ලමයින්ට රෑට කෙදිරි හඩ ඇහෙනවලු මහාඅය ජිල්ලමලේ දානකොට..ඒත් මට හැමදාම ඇහෙනවා රෑට අම්මා දවල්ට මැරිලා මැරිලා ඇවිත් මහන්සියට කෙදිරිගාන සද්දෙ..අම්මට බැ බන් දැන් 45ත් පැනලා..
අම්මා කොහෙද බන් වැඩ ...
මිනුවන්ගොඩ පැත්තෙ ලොකු ගෙදරක බන්..බත් තම්බනවා..ගෙවල් වල වැඩ..ලමයින්ගෙ වැඩ,උදේ ගියාම රෑ වෙනවා එන්න..
කොහොම හරි මෙඩිකල් පැකල්ටි යමන් මහත්තයො ..උබ උබේ අම්මගෙ වගේම බන්ඩාරනායක අම්මගෙ බලාපොරොත්තුවක්..
හ්ම්ම් ..මට ඕනෙ දවසක මගෙ අම්මා රැජිනක් වගේ තියන්න..මේ විදපු දුක්වලට ...මම හින්දා ..
දසුනො හෙට ස්කොලෙ එද්දි ටිකක් හොද සර්ට් එකක් අරන් එනවද..හෙට කඩේ වැඩට යද්දි ටිකක් හොදට යන්න ඕනෙ..දන්නවනෙ මගෙ ඇදුම් ...පට්ට ගහලා ගහලා හම ගිහින්...
ගේන්නම් මචන් ....පන උනත් දෙනව උබට මම හසරැල් ...
.......................
හැමදාම ස්කොලෙ ඇරිලා මම හවසට රන්ජන්ලංකා එකට වැඩට ගියා..ඒත් කවදාවත් අම්මට කීවෙ නැ..අම්මට කීවෙ ක්ල්ස් කියලා...
හායි....
ආ......ඉතින් ,,
මම දවස් දෙක තුනක් රන්ජන් ලංකා ආව ඔයා හිටියා..හැමදාම සොපින්ද..
නෑ..නංගි මම මෙහෙ වැඩ..
එතකොට ස්කෝලෙ..
ස්කෝලෙ ඇරිලා එනවා..
ඇයි ඉතින් එහෙම ...
අපි දුප්පත්නෙ...ක්ලාස් යන්න සල්ලි හොයාගන්න...
ඇය මගේ මූන දිහා බලාගන උන්නාය..
ගිහින් එන්නම් ..මොකක්ද නම
හසරැල් ...
මගෙ ෂානි ..ගොඩක් අය කියන්නෙ ස්ටෙෆ්නි කියලා..
සුද්දුයක්ගෙ නමක් නෙ..
ඇය පඩිපෙලෙන් බැස හෙමින් හෙමින් යන්නට ගියාය..ඇය යලිත් ආපසු දුවන් ආවාය..
ගොඩය කීවට ක්ලාස් එකේදි ගොඩක් සමාවෙන්න ...ඔයා ගොඩයෙක් නෙමේ ...
නැ මම ගොඩයෙක්...
නෑ අනේ ඔයා ගොඩයෙක් නෙමේ...පොස් කොල්ලෙක්
නැ.මම පොස් කොල්ලෙක් නෙමේ ගමේ හැදුනු ගොඩයෙක් ....
අපි දෙන්නාම එකවර සිනාසුනෙමි...
..........................
පෝලිමේ හිටගන උන්නෙමි..
හසරැල් මල්ලි...හොදට කස්ටමස්ලට කතා කරනවා..ගුඩ්..ඔයා වරුවනෙ වැඩ ඒත් ඔයාට සතුටු වෙන්න පුලුවන් ගානක් ඇති...
ඒ ජීවිතයේ මගේ මහන්සියෙන් උපයා ගත් පලමු වැටුපයි...
පඩි පැකට් එක හොරෙන් කඩා බැලුවෙමි..අලුත්ම දාහෙකොල අටකුත් පන්සීයේ කොලයෙකුත් තිබිනි..හොරෙන් ඉබ බැලුවෙමි අලුත් නෝට්ටුවල අමුතු සුවදකි.
මුලින්ම ගියේ ජුවලරියට..මම කිසිම දවසක අම්මා මගුල් මුද්දක්වත් අතේ දමා ඉන්නවා දැක නැත..
අයියෙ මේ මුද්ද කීයද ,,,
8.800 වෙනවා...
අතේ සන්තකේ තිබුනේ 8.500කි..
අඩු නැද්ද...
නැ මල්ලි..
මේක 5.600යි..
චූට්ටි උනත් එය ලස්සනයි...
දෙන්න අයියෙ...
ඊලගට ගියේ..ඇදුම් කඩයකටය..ලා ගුරුපාට ටීසර්ට් එකක් ගත්තෙමි..
ආපසු එනවිට පැන්සිකඩේක තිබූ පොල්කටුවලින් කැපූ දර්ම චක්‍රරයක් සහිත කලු නූල් මාලයක් දැක්කෙමි..එයට ආස හිතුනි..එයද ගත්තෙමි..
............................................
අම්මෙ ...
ඇස් වහගන්න...
ඇයි
වහගන්නකො..
ලස්සනද..
මහත්තයො ...කොහෙන්ද ...රත්තරන්ද...
ඔවු ..රත්තරන් ..ඒත් අම්මා තරම් වටින්නෙ නැ..
අනේ ..මගෙ පන සල්ලි කොහෙන්ද ...
අම්මෙ බොරු කීවා සමාවෙන්න මට අම්මට තනියම බෑනෙ..ඒ හින්දා හවස ක්ලාස් කියලා පොඩි ජොබ් එකක් කලා..රන්ජන් ලංකා එකේ වැඩකලා..අද පඩි අම්මෙ ..මුල්ම පඩියෙන් අම්මෙ මේ...
මට කියා ගත හැකි ඌයේ එපමනකි..මම හයියෙන් ඇඩුවෙමි.ඊට වඩා හයියෙන් අම්මා හැඩුවේය..
මගෙ පන ආයෙ යන්න එපා..මට පුලුවන් ..
බෑ අම්මා වයසයි..
නෑ අම්මා තාම කෙල්ල වගේ..මගෙ පුතා දොස්තර වෙනකන් අම්මා කෙල්ල..ඊට පස්සෙ නාකි වෙන්නෙ.
අම්මෙ තාත්තා බදින දවසෙ දාපු මුද්ද කෝ..
දැම්මෙ නැ පුතේ...
මම එයින් එහා අහන්නට ගියේ නැත..
.....................................
දසුනො ...
ආ...
මොකක්ද ..
බලපන්කො...
ටීසර්ට් එකක් ..
හ්ම්ම් ඊයෙ පඩි ..ගොඩක් සල්ලි හම්බ උනාම ලොකු දෙයක් අරන් දෙන්නම්..එතකන් මේක මගෙන්..
හුත්තො ...උබ මාව ඇඩෙවුවා..මට තෑගි එපා බන්..
උබේ ජොකා ඇර හැමදේම අදිනවා මම ..මම මෙහෙම කරලා මදි උබට..
ජොකත් දෙනවා උබට මම.
දන්නවා..බන් අම්මයි උබයි විතරයි මට ඉන්නෙ.
ක්ලාස් පටන් අරන් ඇති යන්...
ස්ස්ස්....
එන්න ඔය දෙන්නට ඉඩ ඇල්ලුවා...
හසරැල් ..යකෝ උබ එක්ක මරාගත්තු එකී නේද ..
හ්ම්ම් ..
දැන් ඉඩ අල්ලනවද
හ්ම්ම් ...මොනව අල්ලයිද මන්ද ඉස්සරහට..
ස්ටෙෆ්නි ...ආ...
මොකක්ද ..
ආස නැතුව ඇති කමක් නෑ දාන්න එපා .පස්සෙ විසිකරන්න..
අනේ ...සත්තමයි මම ආසයි..
ඔයා වගේ සල්ලිකාර කෙල්ලක්ට පොල්කටු මාල..
ඊයෙ පඩි..අම්මට මුද්දක් ගත්තා ..දසුනට ටී එකක් ඔයාට මේක..
මාව මතක් උනාද හසරැල් ...
හ්ම්ම් ...
ඇගේ ඇස් දිලිසුනි..
ලෝබයෙක් කියලා හිතන්න එපා පඩි තිබ්බෙ අට දාහයි..මුද්දටම හයදාහක්...
නැ මහත්තයො නැ..
ඇයි මහත්තයො කීවෙ..
නිකන්
අපේ අම්මත් කියන්නෙ මහත්තයො කියලා මට..
එහෙම තමා අදරෙ අය..
ඇය එහෙම කියා බිම බලාගත්තාය..
................................
හසරැල් ...
ඇයි බන් මේ..
වරෙන්කො යන්න...
කොහෙද ..මම තාම ඕෆ් නැ..
කලබල වෙන්න එපා..අම්මා වැඩ කරන ගෙදරදි කලන්තයක් හැදිලා වැටිලා හොස්පිටල් ලු...
මට හුස්ම හිරවුනි..
යන්..
ගම්පහ රෝහලේ කොරිඩෝව දිගේ දීවෙමි..
හසරැල් හෙමින්...
අම්මෙ ...අනේ මගෙ අම්මෙ මොකද උනේ..
අමාරු නැ මහත්තයො ....
අයේ මම ස්කෝලෙ යන්නෙ නැ..මම කොහොම හරි සල්ලි හොයන්නම්..අම්මා ගෙවල්වල වැඩට යන්න එපා..
බැ..මට ඕනෙ මගෙ දොස්තර පුතා...
පුතේ..මේ මම වැඩකරන ගෙදර මහත්තයයි .එයාගෙ දුවයි....
ස්ටෙෆ්නි ....ඔයා..
ඇගේ බෙල්ලෙ මගේ දුප්පත් මාලය රැදී තිබිනි...
බත් අම්මෙ අපි ගිහින් එන්නම්...
ගිහින් එන්නම් ඇය හිසෙන් කීවෙමි...
මහත්තයො ..එන්න ලගට පන.මේක කීවාම මට අම්මා කියන එකකුත් නැ.ඒත් මේක කියන්න ඕනෙ..
මට මොකුත් උනොත් මගෙ පන ඒ මහත්තාය ලගට යන්න..
අම්මට මොකුත් වෙන්නෙ නැ.මම එක එකා ලගට යන්නෙත් නැ..
එහෙම කියන්න එපා..ඒ තමා මගෙ පුතාගෙ තාත්තා ...
නැ කම් කියන්න බැ අහසෙ තරු වලට ඒත් පුතාට නොබල ඉන්නෙ නැ ඒ මහත්තයා....
මගේ ඔලුව බබන්නට විය..මම තවත් ගෙදර හාමුගෙන් අතවරයට ලක්වු මෙහෙකාරියකගේ දරුවෙකි..ඒත් මම සාම්ප්‍රදාය බිද දමා මහ මගට නොව පේරාදෙණිය සරසවියට වැටුනි..මට හැම විටම මතක් වන්නෙ ඇය ගම්පහ රන්ජන් ලංකා එකේදී දුටු විට දසුනා කී කතාවයි..."ඒකියි උබයි එක වගේ බන්"එය එසේ වියයුතුය.එක සුක්‍රානු වලින් හැදෙන උන් එක වගේය.වෛද්‍ය සිසුවෙකුට මෙය අරුමයක් නොව.
(නිමි)
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI