සයුරු අයියේ මන් කැම්පස් සිලෙක්ට්

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
"සයුරු අයියේ මන් කැම්පස් සිලෙක්ට් වෙලා ..ඔව් මන් සිලෙක්ට් වෙලා "
දුරකතනෙන් සයුරුට රන්දිමාගේ හඬ ඇහුණේ හීනෙන් වගේ ,මොහොතක් හීනෙන් වගේ ඇහුණු ඒ වචන පේලිය සයුරු ආයේ ආයෙම මතක කරගත්තේ ලෝබකමකින්.
"මන් දැනන් හිටිය රන්දී ...මගේ දක්ෂ කෙල්ල "සයුරු කීවේ ඇය ලගක හිටිය නම් බදාගෙන වැළදගන්න තරම් ආදරෙන්.සයුරුයි රන්දිමයි හිටියේ එකම ගමේ.සයුරු කෙල්ලට වඩා වැඩිමල් උනේ වසර දෙකකින් විතරයි.සයුරු ඉගෙන ගන්න හරිම දක්ෂයි.ඔහු ගණිත විෂය ධාරාව තොරගත්තෙත් ඉංජිනේරුවෙක් වෙන්න තිබ්බ ලොකු ආසව නිසාමයි.දක්ෂකම තිබුනත් ඊට වඩා තිබුණේ බාහිර දේවල අඩුපාඩු .ඒ නිසා පළමු වතාවේ උසස් පෙළ අසමත් වෙද්දී ඔහු අධ්‍යාපනයට තිත තිබ්බේ තමන්ගේ දුප්පත් පව්ලේ බර තව දුරටත් තාත්තට දෙන්න බැරි නිසා,තමන්ගේ පස්සෙන් හිටිය නංගිටයි මල්ලිටයි අනාගතේ හදන්න ඔහු පවුලේ බර කරට ගත්ත .
රන්දිමා උසස්පෙළට කලේ වානිජ්‍යය .ඇයත් ඉගෙන ගන්න දක්ෂයි.මේ ගමේ කාටත් අගහිගකම් අඩු වැඩි වශයෙන් තිබ්බ.මේවා ජය ගන්න කවද හරි ඉගෙන ගෙන හොද තැනකට එනවා කියල දෙන්නම හිතාගෙන හිටිය.නමුත් පව්ල් බර වැඩියෙන්ම දැනුණු සයුරුට එක හීනයක් වෙද්දී රන්දිමා නම් අන්තිමේ ඒ හීනෙට ගියා .
තමන්ට බැරි උණු දේ තමන්ගේ ආදරිය කරා කියල සයුරු හිටියේ ගොඩක් ආඩම්බරෙන්,සමහර විට සයුරු තේරිලා රන්දිමා නොතේරුනනම් ඔහුට මේ තරම් සතුටු නොහිතෙන්න තිබුණා .ගොඩක් පිරිමි ළමයි එහෙමයි.තවමත් පොඩි ළමයි නිසා සද්ද නැතිව හිටියත් ගෙවල් දෙකෙන්ම මේ සම්බන්දෙ දැනන් හිටිය.කාලයට ඉඩ දීල බලන් හිටිය මිසක් කව්රුත් මේ ගැන කතා කරන්න නොගියේ දෙන්නම හොද ළමයි විදියට ගමේම අය දැනන් හිටි නිසයි.
ටිකින් ටික රන්දිමාට කැම්පස් යන්න දිනත් ලැබුණා .රන්දිමා හිටියේ පුදුම සතුටකින්.
උසස්පෙළින් පස්සේ සයුරු කලේ තාත්තගේ ගොවිතැන් වැඩ වලට උදව් වෙන එක.අනුරාධපුරේ ඈත ගමක ජිවත් උණු නිසා ඒ දේවලින් අඩුවක් තිබුනේ නම් නෑ .තාත්තට හතිය අමාරුව තිබුණු නිසා තවදුරටත් ඒ දේවල් කරන්න පුළුවන්කමක් කොහෙත්ම තිබුනේ නෑ .අතට ආව පුංචි මුදලින් සයුරු පුළු පුළුවන් විදියට රන්දීමට ඇදුම් ටිකකුයි ඇයට අවශ්‍ය වෙන අනෙකුත් සබන් ,ක්‍රීම් ,ෂැම්පු වගේ දේවලුත් අරන් දුන්නේ අගේ දෙමාපියන්ටත් සහනයක් වෙන්න.
"මට දුකයි අයියේ,ඔය මට වඩා කොයි තරම් දක්ෂද ?තව සැරයක් උසස් පෙළ කලා නම් ,අඩුම තරමේ එක පන්තියකටවත් ගියා නම් ඔයා අනිවාර්යෙන්ම පාස් වෙනවා මගේ අයියේ.එහෙනම් අපි දෙන්නම අද කැම්පස් එකේනේ "රන්දිමා කිවේ හදවතින්ම උපන් කදුලක් ඇහේ තියාගෙනයි.
"නෑ මගේ සුදු නැඟී,අපි දෙන්නම ගියා නම් අපේ පවුල් වල අයට මේ වියදම් දරාගන්න බෑ .මේ උනේ හොදම විදිය.ඔයා හොදින් ඉගෙන ගෙන එන්නකෝ.මන් උදව් කරන්නම්.මගේ පණ ඔයයි මගේ නංගියි මල්ලියි ලොකු ලොකු මිනිස්සු කරන්නයි මට ඕනි."
සයුරු කිවේ ස්ථිර අධිෂ්ටනයක් හිතේ තියාගෙන.
"මන් ගිහින් එන්නම් අයියේ" ,රන්දිම ගියේ ආයෙත් වතාවක් ඒ රළු දෑතම සිපගෙන.
තමන්ගේ ශරීරයෙන් කොටසක් වෙන්වෙලා යනවා වගේ සයුරුට දැනුණේ ,එත් මේ දුක පාළුව අවුරුදු හතරකින් ඉවරයි නේද කියල හිතල සයුරු සැනසුණා .කාලය හෙමි හෙමින් ගත උණා .කැම්පස් එකේ රැග් සීසන් නිසා රන්දිමා ගෙදර අවේ එක වතාවයි.ඒ වතාවේ ය අපහු යන්න බෑ කියල හොදටම ඇඩුවා.
"මට බෑ අයියේ ,එයාල වෙලාවකට හරි නපුරුයි.අපිට බනිනවා.ගහන්නත් හදනවා,නිදාසේ කන්නත් නෑ ,හොස්ටල් එකේ යාලුවොත් එහෙමයි.මන් ගොඩේ කියල වෙලාවකට හිනාවෙනවා,අනේ මාත් ඔයා එක්කම ඉන්නම්.මට මෙහෙම හොදයි අයියේ.ආයේ ගියොත් මට පිස්සු හැදෙයි"
"මේ අහන්න නනගී ,ඕව සාමාන්‍ය දේවල්.තවම ඔයා ගියා විතරනේ.මුල් දවස්වල ඕම තමයි ලු.මාසයක් දෙකක් යනකම් විතරයි මේ ඔක්කොම .ඉන් පස්සේ මගේ කෙල්ල කියලවත් ගෙදර ගෙන්න ගන්න බැරිවෙයි"
"නෑ ..මට බෑ ..මට බයයි අයියේ,මට එහෙ ගැලපෙන්නේ නෑ .අපි වගේ දුපත් මිනිස්සුන්ට උරුම මේ මහපොළොව විතරයි.අපි හඳ අල්ලන්නන හැදුවට වැඩක් නෑ "
"ඔයාට පුළුවන් රන්දී ,ඔයාට ඕනි මේ විදියටම ඉදල මේ විදියටම මැරිලා යන්නද?එක පියවරක්වත් ඉස්සරහට තියන්න ඕනි නැද්ද?අර දුප්පත් අම්මට තාත්තාට බෙහෙත් ටිකක්වත් හොදට අරන් දෙන්න මේ ඉන්න තත්ත්වෙන් පුලුවන්ද?"තීරණය ඔයා අතේ.මන් බල කරන්නේ නෑ "
සයුරු කිවේ ගොඩක් වේදනාවෙන්,කෙල්ලගේ තත්වේ හොදටම තේරුනත් මේකට විසදුම තියෙන්නේ ප්‍රශ්නේ කියලයි ඔහු හිතුවේ.අමාරුවෙන් එකතු කරගත්තු සල්ලි ටික දීල පොඩි ෆෝන් එකක් අරන් දුන්නේ ඉදල හිටලා හරි ඒ හඬ අහන්න ඕනි නිසයි.
රන්දිමා කැම්පස් ගිහින් මාස කිහිපයක් ම ගෙවිල ගියා,යාලුවෝ කීප දෙනෙක් ඇගේ ජීවිතේට එකතු වීමත් රැග් සීසන් එක ඉවර වීමත් නිසා කෙල්ල හිටියේ සතුටින්.ගෙවල් මොරටුවේ වෙච්ච් නතාලි තමයි අගේ හොදම යාලුවා උනේ.
"මොකද්ද රන් ඔය ඇදුම ?හැමදාම ගවුම් අදින්න එපා වෙන්නේ නැද්ද ?අනික ඔකේ හැටි බලන්නකෝ ?නතාලි දවසක් කිවේ රන්දිමාගේ ඇදුම් දැකල .ඉන් පස්සේ ඇය තමන්ගේ ඇදුම් කිහිපයක් රන්දිමාට දෙන්නත් පසුබට උනේ නෑ ,ඈ එවා බලෙන්ම වගේ ඇන්දුවේ .
"ශා කෙල්ලගේ ලස්සන අදනේ පෙන්නේ ආ "නතාලි කිවේ යහළුවාගේ ලස්සන බලමින්.
"මොන හැඩද අනී ,කොටයි මේක .ගමේදී ඇන්දනම් අම්ම කොස්සෙන් ගහන්නේ"රන්දී කිවේ ලජ්ජාවෙන් රතුවූ මුහුණින්.
"ඒ ගම ළමයෝ ..මේ කොළඹ ,ඉන්නකෝ අපේ අක්ක ගාව ගොඩක් ඇදුම් තියෙනවා තව.මන් ගෙනත් දෙන්නම්,ඒවා මටත් මදි අනේ,තිබ්බත් අපරාදේ.එයා එකම ඇදුම දෙතුන් සැරයයි අදින්නේ ".
ඉන්පසුව රන්දිමා ද ඒ ඇදුම් පැළදුම් වලට හුරු වුවාය.නතාලිගේ නිය ආලේපන තොල් ආලේපන රන්දිමාට ද ලැබිණ.නතාලිගේ ගෙදරින් රන්දිමාට ලැබුනේ අහිංසක දැරියකට දක්වන සෙනෙහසකි.එනිසා නතාලියා තමන්ගේ වැරදි හා හොර වසා ගැනීමට නතාලියාව බිල්ලට දුන්නාය.ඈ ඇගෙ පෙම්වතා සමග ගියේ රන්දිමා සමග ගෙදර යන බව පවසාය ,සෑම දෙකටම රන්දිමා නිහඩව උදව් දුන්නේ ඈ තම හොදම මිතුරිය නිසාය.ඈටත් හොරා ඇයද නතාලියා මෙන් ජිවිතයක් තමාටත් ඇත්නම් කියා සිතුවාය.ගමට වී ගෙවන ගොඩේ ජීවිතය කෙතරම් නීරස දැයි ඈට හිතුණේ වරක් දෙවරක් නොවෙ .නතාලියගේ දෙමාපියන් මෙන් තම දෙමාපියන් තැනකට ගෙන ආ හැකි දැයි ඇයටම සිතුනා ය .
මේ අතර සයුරු හේන කුඹුර හා ගැටෙමින් තම පවුලත් රන්දිමාත් සතුටින් තැබීමේ නොනිමි අරගලයක යෙදුනේය ,රන්දිමා ට ලැප් ටොප් යන්ත්‍රයක් අවශ්‍ය බව ඇය කීවේ ගිය මාසේ පැමිණි අවස්ථාවේය."පව් කෙල්ල අනිත් ළමයින්ගේ ඒවා ඉල්ලන්නත් බෑනේ ,කොම හරි අරන් දෙනවා ,එත් කෝ සල්ලි ?"
සයුරු හිතුවේ වේදනාවෙනි.
"කමක් නෑ ,මගේ කුඹුරු කොටස උකස් තියනව,පස්සේ ගන්න බැරිය එකට 10ක් උනත්.
නමුත් අවසන් වර රන්දිමා හැසිරුණු ආකාරය සිහි වෙද්දී සිහින් රිදුමක් දැනේ.කිසිදා නොඇදී කෙටි ගවුමත් නිය හැඩ කල රත් පැහැ ආලේපනයත් දුටු ඔහුගේ හිත නොගැස්සුනාම නොවේ.
"කෙල්ල වෙනස් වෙලා වගේ ටිකක් " ඔහු පැවසුවේ ඇගේ හිත නොරිදෙනා විදියට ය.
"මොන වෙනසක් ද ?ඔයත් මේ ගමෙන් ටිකක් එලියට බැස්ස නම් මේවා මොනාද හිතෙයි"
"හ්ම් ..මන් දන්නවා නංගි ,එත් ඔයා වෙනද මෙම නෑනේ ,එකයි ඇහුවේ."
ඔහු කිවේ දුකෙනි.
"අනික ගවුම ටිකක් දිග උනා නම් අපුරුයි."
"විකාර ..ගොඩේ ගති" ඈ අන්තිමට කිවූ ටික නොකීව නම් හොදය කියා ඔහුට හිතිණි .ඒ තරම් එය රිදින .
රන්දිමා එවර වැඩි දවසක් ගමේ නොරැදුනාය .පාඩම් වැඩ ඇති බව පවසමින් නැවත කොලඹ ආවාය .නතාලිද උන්නේ එහිය.
"මේ කොහෙද යන්නේ මේ හවස් වෙලා ?" රන්දිමා ඇසුවේ ගමනකට සුදානම් වෙන නතාලි දෙස බලාය .
"ම්ම් පොඩි ගමනක්.ෆිල්ම් එකක් බලන්න...?
"කාත් එක්කද ?රශෙන් එක්කද ?" රෂේන් යනු නතාලිගේ කැම්පස් පෙම්වතාය.
"නා අනී ..එයා ගෙදර ගිහින් ,මන් යන්නේ නිලුෂ් එක්ක,ඔයා දන්නවද එයා මොඩ්ලින් කරනවා.අපේ පපා තමා ස්පොන්සර් කරන්නේ "
"ඉතින් එයා එක්ක ගියාම රශේන් මොනවා කියයිද ?
"මොන කියන්නද ?ඕව හිතල මේ ජිවිතේ දුකින් ඉන්න මට බෑ .ජොලියේ ඉන්න ඕනි "
නතාලියා ගිය පසු රන්දිමාට දැනුනේ පාලුවකි.කැම්පස් එකේ හැම කෙල්ලටම වගේ කොල්ලන් සිටි.බොහෝ දෙනා උගත් වැදගත් ය වේ,ඇයට සිහි උනේ සයුරුය.රැවුල වවාගෙන ඉදහිට බුලත් විටක් හපමින් සිටින ඔහු දැන් පෙරට වඩා කලුය.රළුය.එහෙත් ඒ ඈ ඇතුළු පව්ලේ අය වෙනුවෙන් විදි දුක් නිසා බව ඇයට සිතුනේ නැත.
"මේ රන්දී යන්කො අද මාත් එක්ක,නිලුෂ් ගේ යාලුවෙක් එනවා කිව,අනික අද ටිකක් රෑ වෙනවා .අම්මට ඔයා යනවා කිවොත් ශේප් "
රන්දිමාටත් අවැසිව තිබුණේ එවන් වටපිටාවකි.ඈ කැමති වුවාය.
ඉන් පසු රන්දිමාටත් සරසවිය පාලු වුයේ නැත ,විනෝද් සමග ඇවිදින්නට විනෝද වන්නට රිසි සේ ඉඩ ලැබුණෙන් ඇයට ගෙදරත් අමතක විය.ගොවිතැනින් පමණක් ගොඩ යා හැකි නොවන බව වටහුනෙන් සයුරු හිතවත් ගොයිවන්ගේ එළවලු පලතුරු නගරයට ගෙන ඒමට පටන් ගත්තේය.ඒ සඳහා යහළුවෙක්ගේ ලොරි රථයක් ද ලැබුණෙන් එය ඉතාම සරු විය.රන්දිමා ගැන කිසිදු ආරංචියක් නොවුනේ අගේ දුරකතනයද ක්‍රියා විරහිත විය .පාඩම් වැඩ සමග ඈ බොහෝ කරය බහුල වී ඇති බව ඇගේ මව පවසුයෙන් ඔහු කරදර කරන්නට නොගියේය.විබගයෙන් පසුව මේ සතුට සමරනවා යයි සිතා දිගටම මහන්සි වී ඔහුගේම කියා ලොරි රථයක් ද මිලට ගත්තේය.ඉන් පසු දිගින් දිගටම දුරකථන ඇමතුම් දුන්නද ඇ එය මග හරියේ අනුකම්පා විරහිත ලෙසිනි.
තවත් බල සිටිය නොහැකි තැන සයුරු දිනක් සරසවියටම ගියේ රංදිමා දකිනු රිසිනි.නතාලි රන්දිමා සොයා අවේ ඒ පුවත සැල කිරීමටය.
"රන්දී අන්න ර ගොඩය ඇවිත්,ඉකමනට එන්න ..."නතාලි ආවේ කලබලයෙනි.
"එයා මොකට මෙහෙ අවද?ෂිට් ..පාඩුවේ ඉන්න නෑනෙ මට ?රන්දිමා සිතුවේ තරහෙනි."කරන්නම් හොද වැඩක් "
රන්දිමා එතනට පැමිණියේ විනෝද් සමගය.සයුරුට මේ දකින්නේ හීනයක් දැයි මොහොතකට සිතිණ .
නමුත් එය සැබෑවක් විය.ඉතින් එලෙසින් රන්දිමා සයුරු හැර ගියේය.ඔහුට අවැසි වුයේ ඈ සතුටින් සිටීමම පමණකි.
"මචන් මේ කෙල්ල අහිංසකයි.හොදින් බලාගනින් "සයුරු කිවේ එපමණකි.
ඉන්පසු ඉතා වේදනාකාරී දින ගත විණි .තම පව්ලේ අසරණයින්ගේ මුහුණු මතක් නොවන්නට සයුරු මෙලොවත් හැරදා ගොසිනි.ඔහු කලේ සියලු වේදනා අමතක කිරීමට වැඩ කිරීමය.එනිසාම ඔහු දැන් ලොරියකත් වවෑන් රතයකකත් හිමිකරුවෙකි.දිනක් නගරයට යන අතර තුරය දිලානි මුණගැසුනේ .දිලානිත් සයුරුත් උන්නේ එකම පංතියේය.ඈ ඉතා අහිංසක එකියක ලෙස කා අතරත් ප්‍රසිද්දය.
"කොහෙද දීලා මේ යන්නේ "
"ටවුන් යනවා සයුරු අම්මට බේත් ගන්න."
"දැන් මොකෝ කරන්නේ ?
"ටිචින් ...අල්ලපු ගමේ ඉස්කෝලේ "
ඒ ආදර කතාව අවසන් වුයේ දිලානිත් සයුරුත් අතිනත වෙලද්දිය.
සරසවියේ අවසන් වසරට පා තැබූ රන්දිමා ට විනෝද් අහිමි වන්නේ ඔහු නතාලියා හා පෙමින් වෙලීම නිසාය.නමුත් ඒ වන විට ඈ සතු සියලු දේ ඔහු උදුරාගෙන තිබිණ . බලාපොරොත්තු ගොන්නක් හිස හොවා ගිය ඈ යලි ගමට ආවේ හිස් අතිනි.නමුත් හිස් නොවූ කුසිනි.
"නරක මිතුරන් ඇසුරු නොකිරීමටත් ,තමන්ගේ සතුට කැපකර ඔබගේ සතුට තනන අයට දුක් නොදීමටත් සිතට ගන්න.සරසවියේ මා ලද අනෙක අත්දැකීම් ඇසුරිනි."
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI