නොහිමි අාදරය

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
"අයියෙ පොඩ්ඩක් ඉන්න පුලුවන්ද මම එනකම්"
"අවුලක් නැහැ මම එලියෙ ඉන්නම් එන්න"
"අද මේක ඉවර කරලම යන්න කිව්ව. නැත්නම් බැනුම් අහන්න වෙන්නෙ....ඉක්මනට එන්නම්"
"හරි හරි කීයට හරි කමක් නැහැ එන්නකො මම ඉන්නම්"
මම වැඩ කරන තැන අද මගෙ ටාගට් එක දෙන්න පරක්කු උනා සුපවයිසර් මට බැන්න ඉවර කරලම යන්න කියල. එ්ත් කළුවර වැටුනම් ස්ටේසන් එකට යනකම් පාර පාළුයි එ්කයි මම අසංක අයියට ඉන්න කිව්වෙ.
මගේ නම සචිනි මට අම්ම විතරයි ඉන්නෙ තාත්ත නැති වෙලා අපිට අගහිගකම් තියනව එ්ක නිසයි මම රස්සාවක් කරන්නෙ. අම්මට රස්සාවක් කරන්න අමාරැයි. මම ඉක්මනට වැඩ ඉවර කරල අාව. අසංක කියන්නෙ අපේ වැඩපලට අළුතෙන් අාව පිරිමි ලමය එයා අනිත් අය වගේ නෙමෙ මේ දවස් ටිකට හොද කෙනෙක් කියල තේරැනා එ්කයි මම බය නැතුව මාව අැරලවන්න ඉන්න කිව්වෙ.
"අනේ අයියට පරක්කු වෙනවත් අැති"
"එහෙම අවුලක් නැහැ නංගි...මම කොහොමත් රෑවෙලා ගෙදර යන්නෙ.."
"එ් මොකද....නෝන වැඩ දෙනවද"
"නෝනෙක් නැතිනිසානෙ රෑවෙලා යන්නෙ"
"ගෙදර කවුද ඉන්නෙ"
"අම්මයි නංගියි තමයි ඉන්නෙ තව නංගි කෙනෙක් ඉන්නව එයා බැදල මහත්තයගෙ ගමේ ඉන්නෙ"
අපි දෙන්න කතාකර කර ස්ටේසන්එක ලගට අාව මම වෙනද යන කෝච්චිය ගිහින් අනිත් එක එනකම් ටිකක් වෙලා ඉන්න වෙනව.
"5.45 ගිහින් නේද අනිකට තව වෙලා තියනව නේද"
"ඔව් අයියෙ මම එතනින් බැහැලත් බස් එහෙක යන්න ඕනෙ"
"එහෙනම් මම ඉන්නද කෝච්චිය එනකම් නංගිගෙ තනියට"
"අයියට පරක්කු නැත්නම් ඉන්න"
"නංගි බැදලද ඉන්නෙ..මම අැහැව්වෙ මුද්ද දාලතියන නිසා අැහැව්වෙ"
"එ්ක මම නිකම් දාගෙන ඉන්නෙ අයියෙ එතකොට කොල්ලන්ගෙන් කරදරයක් නැහැනෙ එ්කයි"
"එ්කත් හොදයි නේද..එතකොට යාළුවෙලාවත් නැද්ද"
"එහෙම නැහැ....එ්ත් අපේ මාම කෙනක් ඉන්නව එයාල තමයි අපිට උදව් එහෙම කරන්නෙ එයාගෙ පුතානම් මගෙ ගැන උනන්දුයි"
"ඉතින් ඔයා කැමති නැද්ද"
"එහෙම මට එයා ගැන විශේසයක් හිතිල නැහැ......අයියෙ කෝච්චිය එනව මම යන්නම් බොහොම ස්තූතියි..හෙට වැඩට එනව නේද.."
"ඔව් මම එනව...එහෙනම් පරිස්මින් යන්න"
අම්ම බලාගෙනත් අැවිත් අද පරක්කු නිසා තේවත්ත බස් එක ගිහින් තිබුනොත් එ් ටිකත් පයින් තමයි යන්න වෙන්නෙ. මම දැක්ක මම කෝච්චියට නගිනකම් අසංක පාලම උඩ ඉදන් බලන් ඉන්නව. එයා වැඩට අැවිත් සතියක් විතර වෙන්නෙ. මේ වැඩපලට අාපු පිරිමි ලමයින්ගෙන් මම කතාකරනකල් මාත් එක්ක කතා නොකරපු එකම කෙනා එ්කයි මම බය නැතුව ඉන්න කිව්වෙ. එයාට ඉන්න කියන්නත් හේතුවක් තිබුන අපේ සුපවයිසර් මට යෝජනා ගෙනල්ල තියනව කිහිප සැරයක්ම මම කැමති උනේ නැහැ. එ් මනුස්සය අමුතු කෙනක් ලමයි කතා වෙන විදිහට එයාට කෙල්ලො හැම තැනම අද මාව පරක්කු කරද්දි මගෙ හිතට බය හින්දමයි අසංකට ඉන්න කිව්වෙ.
.............
ටිකදවසක් යද්දි අසංක මට හුගක් හිතවත් උනා හැමදාම මම යනකල් ඉදල යන්න එයා පුරැදු උනා එයාගෙයි මගෙයි හිතවත් කම නිසා සුපවයිසර් අසංක එක්ක තරහෙන් හිටියෙ අසංකට බැන්නත් එයා ගනන් ගන්නෙ නැහැ.
දවසක් සුපවයිසර් මට කතාකරා
"සචිනි අසංක එක්ක මොකුත් සම්බන්දයක් තියද"
"නැහැ අපි. හොද යාළුවො"
"මට අාරංචියක් අාව මට පුලුවන් එ් ගැන හෙඩ් ඔෆිස් එකට දන්නවල සචිනිව අයින් කරන්න...මම ගෙනාපු යෝජනාව ගැන හිතුවොත් සලකල බලන්න පුලුවන්"
මට රස්සාව නැති කර ගන්නත් බැහැ එ්ත් එ් මිනිහ එක්ක යාළු වෙන්න මට බැහැ..මම වැඩ අැරිල කල්පනා කර කර අාවෙ එ් ගැන.
"සචිනී......."
"අසංක අයියෙ මම වෙන කල්පනාවක හිටියෙ"
"ඔහොම නවතිනව අැයි අැස්වල කදුලු"
"මොකුත් නැහැ..අැහැට රොඩ්ඩක් ගියා"
"අැස් දෙකටම එකපාරද රොඩ්ඩ ගියෙ..අැත්ත කියනව මට නිලූක කිව්ව වෙච්ච දේ"
අසංක කේන්තියෙන් මගෙ දිහෑ බලාගෙන අැහැව්වෙ මම කවදාවත් දැකල නැහැ අසංකට කේන්ති ගිහින් තියනව.මම වෙච්ච දේ කිව්වට පස්සෙ අසංක මගෙ අතින් අල්ල ගත්ත හරියට යකඩෙකට හිර උනා උනා වගෙ අායෙ වැඩපල පැත්තට අැද ගෙන ගියා..යනකොට සුපවයිසර් ගේට්ටුව ලග හිටියෙ තව පිරිමි ලමයි දෙන්නෙක් එක්ක එයාල තමයි කේලම් කියන්නෙත්
"උපුල් උඹට ගරැනම්බුදීල කතා කරේ උඹේ තනතුරට මිසක් උඹට බයකට නෙමෙ..උඹ සචිනිට මොනාද කිව්වෙ"
"කලබල වෙන්නෙ නැතුව කතාකරමුද"
"මම අාවෙ උඹත් එක්ක කතාකර කර ඉන්න නෙමෙයි ...මේක අහගනින් මට මේ රස්සාව තිබ්බත් එකයි නැතත් එකයි..එ්ත් සචිනි වැඩට එන්න ඕනෙ අනවශ්ය කතා බැහැ....එච්චරයි...එහෙම නොවුනොත් උඹත් වෙන තැනක් හොයාගනින් රස්සාව කරන්න.."
"මේ අසංක කතාකරන්න ඉගනගනින් ඉස්සෙල්ල"
එහෙම කිව්වෙ අපිත් එක්කම වැඩ කරන කෙලම් කියන කොල්ල එ්ක අැහුන ගමන් අසංක එ් කොල්ලගෙ කනට ගැහැව්ව හිතාගන්වත් බැරි විදිහට
"තෝත් රස්සව කරන්න අාවනම් එ්ක කරල ගෙදර පලයන් අනුන්ගෙ සීනි කිරනෙනැතුව....හෙට ඉදල එකෙක් හරි සචිනිට වචනයක් හරි කියල තිබ්බොත් බාවනව බලගනින්"
ඊට පස්සෙ අපි දෙන්න ඉස්ටේසන් එකට අාව මගෙ අත රතු වෙලා එනකම්ම මම වචනයක්වත් කතා කරෙත් නැහැ.
"මොකද සචිනි ගොළු වෙලාද"
"ඔයාට මොකද උනේ එකපාරම"
"මේක මගෙ ගම මට ඔය එකෙක්වත් ලොකු නැහැ ඔයා වැඩට යන්න කවුරැත් ඔයාට මොකුත් කියන්නෙ නැහැ"
"අැයි ඔයා"
"මම අායෙ එන්නෙ නැහැ මම හැමදාම හවසට එන්නම් ඔයාට කරදරයක් නැත්නම්"
"අැයි එච්චර කේන්ති ගියෙ කියන්නකො"
"මම කියන දේ කෙලින් කියන කෙනෙක් එ්ක මගේ විදිහිය...මම ඔයාට අාදරෙයි අවංකවම එ්ත් මම එ්ක කියන්න දවසක් එනකම් හිටියෙ ඔයා මොකද කියන්නෙ කියල මට අදාල නැහැ මම අාදරෙයි එච්චරයි"
"එතකොට මම මොනවද කියන්නෙ කියලවත් දැනගන්න ඕනෙ නැද්ද"
"මේ ඉරිද මම ඔයාලගෙ පල්ලියට එනව ඔයා කියන්න ඕනදේ එදාට කල්පනා කරල කියන්න හාද"
"හා හැබැයි පල්ලියට එන්න ඕනෙ චන්ඩිය නෙමෙයි අර මාත් එක්ක හැම දාම කතා කරන අසංක හාද කියන්න"
"ඔයාට මම මොකුත් කිව්වෙ නැහැනෙ සචිනි නිලූක මට විස්තරේ කියපුවාම කේන්ති ගියා එ්කයි"
"මේ බලන්න මගෙ අත රතුවෙලා තාම රිදෙනව මට අද ගෙදර ගිහින් අම්මට උදව් කරන්නවත් වෙන්නෙ නැහැ"
"එ්කට මට සමාවෙන්නකො....අන්න කෝච්චිය එනව එහෙනම් පරිස්මින් යන්න"
"ඔයත් ගෙදර යන්න එහෙ මෙහෙ රස්තියාදු ගහන්නෙ නැතුව හාද"
"හා හා...."
...................
අපි ඉරිද පල්ලියෙදි හම්බ උනා එදා මම අසංකට අාදරේ කිව්ව එ්ත් අසංක අායෙ වැඩට අාවෙ නැහැ. එ්ත් හැමදාම හවසට වැඩපල ලගට අාව එයා හැමදාම මාත් එ්ක කෝච්චියෙ ගිහින් මම එතනින් බස් එකට යනකම් ඉදල එනව හැම ඉරිදම පල්ලියට එනව මාව බලන්න අපේ අාදරේ ලස්සනට ගලාගෙන යද්දි තමයි ලොකු බාදකයක් අාවෙ මම එදා අසංක එනකල් හිටියෙ එ්ක කියන්න.
"මොකොයි මූණෙ හැටි කවුරැත් බැන්නද"
"විහිලු නෙවෙයි අසංක ලොකු ප්‍රස්නයක්"
"අැයි මොකද වෙලා තියෙන්නෙ කියන්න"
"අපේ මාමගෙ පුතාව මට බන්දන්න හදන්නෙ අම්ම කැමති වෙලා"
"ඉතින් ඔයා මොකද කිව්වෙ"
"මම අම්මට කිව්ව කැමති නැහැ කියල එ්ත් අම්ම කියනව එයාව බැන්දොත් හොදින් ඉන්න පුලුවන් වෙයි කියල දුක් විදින්නෙ නැතුව..අනික හැම දේම තීරණය කරන්නෙ මාම"
"ඉතින් ඔයා කියන්න මට අාදරේ කරනව කියල ඉවරයිනෙ"
"එහෙම කියන්න බැහැ අසංක දැනටමත් මාම කියල තියෙන්නෙ මම වැඩට යන එක නවත්තන්න කියල....මම ඔයා ගැන මේ වෙලාවෙ කිව්වොත් කොහොමවත් වැඩට එන්න දෙන එකක් නැහැ"
"ඉතින් දැන් ඔයා මොකක්ද කියන්නෙ"
"මාව තේරැම් ගන්න අසංක මම අසරණයි එ්ත් මට ඔයා නැති කරගන්න බැහැ මට ඔයා ඕනෙ අසංක"
"හරි අපි එන දේකට මූණ දෙමු මම ඉන්නවනෙ බය වෙන්න එපා.....කෝ දැන් හිනාවෙන්න දන්නවනෙ මම අාස නැහැ කියල අඩණ මූණු වලට"
"මාව සන්තෝසෙන් තියන්න පුලුවන් ඔයාට විතරයි අසංක කවදවාත් මගෙ එ් සතුට නැති කරන්න එපා"
"බය වෙන්න එපා සචිනි මම ඔයාව නැතිකර ගන්නෙ නැහැ"
මම එදා ගෙදර අාවෙ සතුටෙන් අසංක කිව්ව වගේ එයා ඉන්නවනෙ මාව තනිකරන්නෙ නැහැ කියල මම දන්නවනෙ ඉතින් මම බය වෙන්නෙ මොකටද මම ගෙදර යන කොට මාමල අපේ ගෙදර අැවිත්
"සචිනි මේ මාසෙ සැලරිය අරන් ගෙදර නවතින්න අායෙ වැඩට යන්න ඕන වෙන්නෙ නැහැ"
"අැයි මාම ගෙදර ඉන්න එපාවෙනවනෙ මේ අවුරැද්ද ඉවර වෙනකල් යන්නම් "
"ලබන මාසෙ සචිනි බදිනව අපි පල්ලියෙන් දින දාගෙන තියෙන්නෙ එ්වට ලෑස්ති වෙන්න තියනව එ්ක නිසා වැඩකරන තැන දැනුවත් කරල නවතින්න හෙට ගිහින් එයාලට ලියුමක් දෙන්න"
අද ගෙදර වෙච්ච කතා බහෙන් පස්සෙ මට තේරැනා ගැලවීමක්ම නැතිබව මට අසංක හම්බවෙන්න පුලුවල් වෙන්නෙත් හෙට විතරයි හෙට දවස අපි අපි වෙනුවෙන් තීරණයක් ගන්න වෙනදවස
.......................
"අසංක මොකද දැන් අපි කරන්නේ"
"අපිදෙන්න බදිමු ඔයා මොකද කියන්නෙ"
"ඔයා කියන ඕන දේකට මම කැමතියි... මට ඔයාව ඕනෙ මට ඔයා නැතුව බැහැ"
"මටත් එහෙමයි සචිනි මම ඉස්සෙල්ලම අාදරේ කරේ ඔයාට මට ඔයා නැති කර ගන්න බැහැ"
"අපි කොහෙද යන්නෙ "
"මාතර මගෙ යාළුවෙක් ඉන්නව අපිට ටික දවසකට එහෙ ගිහින් ඉන්න පුළුවන් ඊට පස්සෙ හැම දෙයක්ම විහසදෙයි මම හැම දෙයක්ම ලෑස්ති කරල ඔයාට පණිවිඩයක් එවන්නම් එතකම් ඔයා බය නැතුව ඉන්න"
මම ගෙදර ගියෙ හුගක් දුකින් මොකද අායෙ අපිට හැමදාම හම්බ වෙන්න වෙන්නෙනැහැ හැමදාම කෝච්චිටය එනකම් පාලම උඩ කතාකර කර ඉන්න එක මතක් වෙද්දි හිතට දුකයි එක දවසක්වත් අපි හම්බවෙන්නෙ නැතුව ඉදලනැහැ හිතට කියා ගන්න බැරි තරම් තනි කමක් පිාළුවක දැනෙන්නෙ දවසක් දවල් වෙලාවක නිලූක අපේ ගෙදර අාව
"නිලු එන්න ගෙට කොහොමද ඉතින්"
"මම හදිස්සියෙ අවෙ හාෆ් ඩේ එකක් දාල වැඩ ඉවරවෙන වෙලාවට කලින් යන්න ඕනේ..ගෙදරට හොරෙන් අාවෙ"
"කෝ අසංක අාවද.."
" මෙහෙට අාවෙ නැහැ මග ඉන්නව.....කෝ අම්ම"
"අම්ම කුස්සියෙ අැයි කියපන් මොකද කිව්වෙ"
"මේක දෙන්න කිව්ව මම යන්න ඕනෙ පරක්කු වෙනව"
නිලූ ලියුමක් මට දීල එයා ගියා අසංක මග ඉන්නව කියල මම කාමරේට ගිහින් එ්ක දිග අැරල බැලුව හෙටමට ගෙදරින් එන්න කියල තිබුනෙ අසංක හැම දෙයක්ම ලෑස්ති කරල හෙට අපි දෙන්න බදිනව මගෙ හිතේ තිබුණ හැම පුස්නයක්ම ඉවරයි මගෙ ජීවිතේ හෙට ඉදල අලුතින් පටන් ගන්නව.
"සචිනි මොක්කද ඔය..."
මම ගැස්සිලා බැලුවෙ අම්ම මගෙ පිටිපස්සෙ මම ලියුම ගුලි කර ගත්ත
"මෙහෙට දෙනව මොකක්ද ඔය"
අම්ම මගෙ අතින් ලියුම උදුරල අරගෙන බැලුව බලල අම්ම මොකුත් නොකිය අැද උඩින් වාඩි උනා. ටිකක් වෙලා මගෙ දිහෑ බලන් හිටපු අම්ම මගෙ මගෙ කදුලු පිහිදැම්ම
"දැන් මගෙ දුව ගෝඩක් ලොකු වෙලා අම්මව දාල යන්න තරම්ම"
"අනේ අම්මෙ එයා හුගක් හොද කෙනෙක් මම එයාට අාදරෙයි එයත් එහෙමයි"
"කමක් නැහැ දුවේ ඔයා යන්න ඔයාගෙ ජීවිතේ ගැන හිතන්න ඔයාට දැන් මේ අම්මගෙන් වැඩක් නැහැ"
"අනේ නෑ මගෙ අම්මෙ මම අම්මට අාදරෙයි එ්ත් මට දනුෂ්කව බදින්න බැහැ"
"ඔයා දන්නෙ නැහැ දුව තාත්ත නැති වෙච්ච දා ඉදල අපිට මාමල තමයි හැම දෙයක්ම කරේ එයාල මගෙන් ඉල්ලුවෙ ඔයාව පිට මිනිස්සු නෙමෙ හින්දයි මම කැමති උනේ අැරත් දුවට ලස්සනට ජීවත් වෙන්න පුලුවන් නිසයි. දුව ගියොත් මට කාටවත් මූණ දෙන්න බැහැ...හැමෝම මගෙන් අහන දේවල් වලට මම කොහොමද උත්තර දෙන්නෙ...මගෙ ජීවිතේ ඔයා විතරයි දුවේ...ඔයා නැති උනොත් මට ජීවත් වෙලත් වැඩක් නැහැ"
"අනේ අම්මෙ එහෙම කියන්න එපා..මම නැති උනොත් එයා පිස්සෙක් වෙයි අම්මෙ එ්තරම් අාදරෙයි මට"
"එ්ක ඔයා තීරණය කරන්න දුවේ ඔයාට මෙතනදි දෙන්නවම රැක ගන්න බැහැ...ඔයා ගියොත් මම මිනිස්සුන්ගෙන් අපහස විදින්න ජීවිත් වෙන්නෙ නැහැ.."
"මම දනුෂ්කව බදින්නම් අම්ම කියන දේ අහන්නම්..මට එක පාරක් අසංකව බලන්න යන්න දෙන්න අම්මෙ මම පොරොන්දු වෙනව අම්මට දෝහි වෙන්නෙ නැහැ කියල"
"යන්න මම ඔයාව නවත්තන්නෙ නැහැ...ඔයා එ් ලමයට තේරැම් කරල දෙන්න...හැබැයි ඔයා එ් ලමයත් එක්ක ගියොත් අම්ම ජීවත් වෙන අන්තිම දවසත් මේක වෙයි...."
අම්ම මාව බදාගෙන හුගක් වෙලා අැඩුව මමත් අැති වෙන්න අැඩුව අැයි දෙයියනේ මාව මේ තරම් අසරණ කරේ අැයි මාව උත්තරයක් නැති තැනක අතරමන් කරේ...
.....................
මම උදේ අසංක බලන්න ගියා අසංක මට එන්න කියල තිබුනෙ පල්ලිය ලගට මම යනකොට එයා අැවිත් එලියෙ තියෙන ගල් බංකුවෙ වාඩිවෙලා හිටියෙ මාව දැක්ක ගමන් හුගක් සන්තෝසෙන් අවිත් මගෙ අතින් අල්ල ගත්ත...එ්ත් එයා දන්නවනම් මම අැතුලෙන් පිච්චෙන තරම්.
"ඔයා දන්නවද සචිනි තව දවස් දෙක තුනත් ගියනම් මට පිස්සු හැදෙනව ඔයාව දකින්නෙ නැතුව.."
"මමත් එහෙම තමයි අසංක මම අද දවස එනකල් කෝච්චර සතුටෙන්ද හිටියෙ කියල දන්නවද...එ්ත්"
"අැයි එ්ත් කියන්නෙ...මම ඉන්නවනෙ දැන් අද අපි බදිනව..අදින් පස්සෙ ඔයාව හැමදාම සතුටින් තියනව..තේරැනාද"
"මට එන්න වෙන්නෙ නැහැ අසංක මට සමාවෙන්න...එ්ත්..මම ඔයාට බොරැවක් කරේ නැහැ..අැත්තටමයි අාදරේ කරේ..ඔයාට පුළුවන්නම් මේ අසරණ කෙල්ලට සමාවෙන්න අසංක"
"මොනාද සචිනි මේ කිියන්නෙ අැයි මොකද උනේ"
"මම ඔයාට අාදරෙයි අසංක මගෙ මුලු හදවතින්ම අාදරෙයි..එ්ත් මගෙ අම්මටත් අාදරෙයි ඔයාටත් වැඩිය
....මම ඔයත් එක්ක අාවොත් අම්ම ජීවත් වෙන්නෙ නැහැ අසංක එ්ක මම දන්නව..මට පව්කාරියෙක් වෙලා ජීවිත කාලෙම විදවන්න වෙයි.."
"අඩන්න එපා සචිනි දන්නවනෙ මම අඩනවට අාස නැහැ කියල...මට ඔයාව තේරෙනව..."
"මට අඩන්න දෙන්න අසංක අද අැති වෙනකම් අඩන්න ඕනෙ මම මහ පව් කාරියෙක් මම හොයපු අාදරේ මගෙ අැස් දෙක ඉස්සරහම තියාගෙන මට එ්ක ලබාගන්න පින නැහැ.."
"ඔයා නෙමෙ මමයි පව්කාරය මටයි පින නැති උනේ ඔයාව මගෙ කරගන්න.."
"මට පොරොන්දුවක් වෙන්න අසංක මම වෙනුවෙන් ඔයා එ්ක කරනව කියන්න...හාද"
"මොනාද කියන්න මම ඔයා වෙනුවෙන ඕන දෙයක් කරනව.."
"ඔයා ජීවිතේ අවුල් කරගන්නෙ නැහැ කියන්න..දවසක ඔයාට මට වැඩිය අාදරේ කරන කෙනෙක් ලැබෙයි...ඔයත් ලස්සනට ජීවත් වෙන්න ඕනෙ..හාද කියන්න"
"ඔයත් මට පොරොන්දුවක් වෙන්න ඕනෙ..."
"කියන්න ඕන දෙයක්"
"අදින් පස්සෙ ඔයාගෙ හිතෙන් මාව අයින් කරල දානව කියල..."
"බැහැ...ඔයා ඉරිදට පල්ලියට එන්න මට දකින්න හරි ඕනෙ.."
"නැහැ සචිනි එ්ක හරියන්නෙ නැහැ එ්කෙන් වෙන්නෙ ඔයාගෙ ජීවිතේ අවුල් වෙනව එ්ක නිසා අදින් පස්සෙ අපි දෙන්න අහම්බෙකින් හම්බුනොත් අැරෙන්න අායෙ කවදවාත් හම්බ වෙන්නෙ"
"අඩුම තරමෙ මම බදින දවසට පල්ලියට හරි එන්න..."
"නැහැ සචිනි එ්ක හරි යන්නෙ නැහැ ඔයාගෙ ජීවිතේ සතුටුම වෙන්න ඕනෙ දවසෙ මාව දැකල දුක් වෙන්න ඕනෙ නැහැ"
"ඔයා හිතන්නෙ එදාට මම සතුටින් ඉදියි කියලද..මට ඔයාව අමතක කරන්න පුලුවන් කියලද.."
"මම දන්නව සචිනි ඔයාට මාව අමතක කරන්න අමාරැයි කියල..එ්ත්..ඔයා එ්ක කරන්න වෙනව..මට ඕනෙ ඔයා සතුටින් ඉන්නව දකින්න...කවද හරි කොහෙදි හරි අපි දෙන්න මුනගැහැයි එදාට ඔයා සතුටින් ඉන්න ඕනෙ ඔයාගෙ මහත්තය එක්ක.. මම පොරොන්දු වෙනව එදාට මමත් සතුටින් ඉන්නව කියල"
"මට සමාවෙන්න අසංක...එකම එක පාරක්...වෙනද වගෙ මගෙ ඔළුව අතගාල පරිස්සමින් යන්න කියන්න"
"පරිස්සමින් යන්න.."
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI