දෙවනි ආත්මය

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
දෙවනි ආත්මය
මම දිලිනි.පෝසත් පවුලක වැඩිමල්ම දරුව වෙලා තමා මම ඉපදුනේ.මට ඉන්නෙ තව මට වඩා අවුරුදු කීපයක් බාල චුටි මල්ලි කෙනෙක්.අපේ අම්මි නම් ජොබ් එකක් කරේ නැ.අම්මි ගෙදර හිටියෙ.අපේ තාත්ති තමා අපි ඔක්කොමල බලාගත්තෙ.තාත්තිට ලොකු ගාමන්ට් ෆැක්ට්‍රි එකක් තිබුනා.ඒ නිසා තමා තාත්ති අම්මිටත් ජොබ් එකට යන්නැතුව මල්ලිවයි මාවයි බලාගෙන ගෙදරට වෙලා ඉන්න කිවෙි......
පවුලෙ ඉස්සරලම ඉපදුන ළමයා නිසාමද කොහෙද මට නම් දැනුනෙ අම්මි තාත්ති විතරක් නෙවෙි ආච්චී සීයයිත් වැඩිපුරම ආදරෙ කරෙ මට කියලයි මට නම් තේරුනේ.එත් ඉතින් එක එහෙම නෙවෙයිද දන්නෙත් නැ......කොහොම හරි මම හිතුවෙ ඉතින් එහෙමයි......
ඇති තරම් විසිකරන්න උනත් සල්ලි තිබුනත් ගෑණු ලමයි විතරක් යන ඉස්කොලෙකට සල්ලි දිල හරි මාව දාන්න පුලුවන් කම තිබුනත් මම අකමැති නිසාම තාත්ති මාව දැම්මෙ කුරුණෑගල තිබුන ප්‍රසිද්ධ මිශ්‍ර ඉස්කොලෙකටයි.....
**************************************************
"මෙි දිලිනියෝ......මෙි අහපන්කො..."
"මොකද බං අනින්නෙ.....අහගෙන ඉන්නෙ කියනවකො මල වදේ....."
"මෙි උබ දන්නව නේ අර මදුසංක අයියා...."
"කොකද බං...."
"ඇයි බං අර ආර්ට් එකේ ඉන්න පොර...."
"මීටර් නැ බං....හැඩරුව කියහන්කො බලන්න...."
"අයියෝ....අර උස කොන්ඩෙි උඩට උස්සල ඉන්න හැන්ඩ්සම් ලුක් එකක් තියන පොර බං.අර රගර් කැප්ටන්....."
"ආ....හරි...හරි....මතක් උනා.....අර දවසක් පිනාගෙන් ගුටි කෑවෙ ඌ නේද...."
"අන්න හරි ඌ තමා පොර...."
"ඉතින් ඇයි බං උබ එක පාරටම ඌ ගැන කිවෙි...."
"මෙිකයි මචං...මං යාලුවෙලා ඉන්න අයියගෙ පංතියෙම තමා උෟත් ඉන්නෙ....ඌ උබට කැමතිලු බං....මාත් හොයල බැලුව තාම කවුරුවත් නැ ඌට.....ඔන්න චාන්ස් එක....."
"අනේ විකාර බං.ලබන අවුරුද්දෙ අපට O/L තියනව.උබ මගුල් ජොඩු කරනව...."
"අනේ මැට්ටි....උබ අතට ආපු චාන්ස් එක මිස් කරගන්න හදන්නෙ....උබ ඌව දාගත්තනම් ඉතින් ආය ඉස්කොලෙම උබෙි වගෙ තමා..."
"බලමුකො....බලමුකො කුෂියො....මම හිතල බලල කියන්නම්...."
"ආය මොනාද හිතන්නෙ....මෙන්න නම්බර් එක....උබෙි එකත් උට දෙන්නම්....උබල වැඩෙි දෙල් කරගන්නැතුව කර ගනින්....."
"හම්ම්ම්....හම්ම්ම්ම්...."
එදා කුෂි මගෙ නම්බර් එක මදුසංක අයියට දීල තිබුන.කුෂි කියන්නෙ මගෙ හොදම යාලුව නිසා කවදාවත් කුෂි මට වැරැද්දක් කරන්නැතිවෙයි කියල තිබුන විස්වාසෙ මත තමා මම මදුසංක අයියා දාපු මැසෙජ් වලට රිප්ලයි කරේ.....
අපි මාසයක් විතර මැසේජ් කරා....මදුසංක අයියා මගෙන් ඒ කාලෙදි කිපවතාවක්ම යාලු වෙන්ඩ ඇහුවත් මම අකමැති උනේ එයා ගැන තවත් මටත් හොයන්න ඕන උන නිසාමයි.....ඒ කොච්චර හෙව්වත් කොල්ලගෙ වැරැද්දක් නම් හොයාගන්න බැරි උනා මට.....එහෙම කාලය ගෙවිල යනකොට තමා දවසක්...
"නංගි මං මෙි අන්තිම වතාවට ඔයාගෙ පස්සෙන් එන්නෙ.අද මට කෙලින්ම උත්තරයක් ඕන...."
"හම්ම්ම්....මොකක්ද අයියෙ අහන්න ඉතින්...."
"දැන්වත් මට ආදරෙයිද කියන්නකො....."
"මම ගෙදර ගිහින් කියන්නම්....හිතල බලල..."
"ඒ කියන්නෙ අදත් බෑ නේ....මම යනව එනම්...."
"හොව්...හොව්....ඔහොම නවතිනවකො මැට්ටො....කොහෙ දුවනවද මන්ද පිස්ස.....මම ආදරෙයි මගෙ පිස්සට...."
"ඔය ඇත්තමද මැනික....ආයෙත් කියන්න බලන්න මට ඇහුන්නැ හරියට...."
"මම....ආදරෙයි මැට්ටෝ ඔයාට....."
**************************************************
කාලය ගෙවිල ගියෙ පුදුම වෙිගෙකින්.අපේ ආදරෙ එන්න එන්නම දලු දැම්ම මිසක් අඩු උනේ නම් නැ කවදාවත්.....මදුසංක අයියගෙ exam ඉවර උටෙ පස්සෙ එයානම් ෆ්‍රී උනා.එත් මට කිසිම නිදහසක් නැති උනෙ මට exame තිබුන නිසාමයි....මෙහෙම කාලයක් යනකොට තමා දවසක්....
"නංගා අද clz යන්න ඕන නැ....අපි කොහෙ හරි යමු...."
"එත් කොහෙද යන්නෙ..."
"අපේ ගෙදර යමු...."
"අම්මෝ...මට බෑ...ඔයාලගෙ අම්ම මට ගහල පන්නයි...."
"අයියො එහෙම නැ මැට්ටි....එනවකො යන්න...."
එදා මදුසංක අයියලගෙ ගෙදර ගියත් ගෙදර කව්රුවත්ම හිටියෙ නැ....අපි දෙන්න විතරමයි ගෙදර හිටියෙත්.කවදාවත් පිටස්තර පිරිමියෙක්ගෙන් හාදුවක් නොලබපු මගෙ නොඉදුල් දෙතොල මදුසංක අයියා එයාගෙ කරගත්තෙ පිස්සෙක් වගෙ......එතනින් නැවතුන්නැති එයා මට ආදරෙ ගැන ලොකු කතා කියල චාරිත්‍රානුකුලව පොරුවට නැගල රෝස පෙති තවරපු සුදු රෙද්දක් උඩ පුජා කරන්න බලන් හියපු මගෙ පතිවත එයා ඒ ගදගහන කාමරෙ මෙට්ට උඩදි එයාගෙ කරත්තෙ බලෙන් වගෙයි.....එදා ඉදන් එයාට නිවාඩු හැම දවසකම වගෙ මාව එයා එක එක තැන් වලට එක්කන් ගිහින් එයාගෙ ඕන එපාකමි පිරිමහගත්ත......
**************************************************
කාලයක් ගෙවිල ගියා.එයාට කැම්පස් යන්නම පාස්වෙලා තිබුනා.මට වගේම එයාටත් ඒ ගැන ලොකු සතුටක් තිබුනෙ.එත් එයා කැම්පස් ගියාට පස්සෙ ඉස්සර දවසට මැසේජ් 100ක් විතර එවපු කෙනාගෙන් දැන් දවසටම මැසේජ් 2ක් විතර තමා එන්නෙ.කොල් ගත්තත් ෆෝන් එක බිසි.එයාගෙන් ඒ ගැන අහපුවම මට කිවෙි එයා ලෙක්චස් වල ඉන්න නිසා ඉස්සරට වඩා බිසි කියලයි.මම වචනයක්වත් නොකිවෙ එයා තරහ උනොත් මන් අසරන වෙන නිසාම හැම දුකක්ම ඉවසන් හිටියා.දවසක් මම කොල් කෝල් කරනකොට...
"හෙලො අයියේ...."
"හෙලො කව්ද මෙි..."
"ඔයා කව්ද......"
"මම මදුසංකගෙ gf කවුද ඔයා...."
"අහ්නෙ එහෙමද අක්කෙ....මම මෙි එයාගෙ යාලුවෙක්.එයාට කියන්න දිලිනි කතා කරා කියල..."
"හරි....මම කියන්නම්...."
එදා මදුසංක අයියගෙ ෆෝන් එකෙන් ඒ ඇහුන කටහඩ නිසා මම හිටියෙ දරාගන්න බැරි වෙිදනාවෙන්.එත් එ් හැමදේම ඉවසන් මම සාමාන්‍යපෙල හොදට පාස් වෙලා උසස්පෙලත් කරන්න පටන් ගත්ත.එකාලෙදි කොච්චර කොල්ලො ආවත් යාලුවෙන්න මම අකමැති උනෙ පිරිමි සංහතියම මට එපාවෙලා තිබුන නිසයි......ඒ කාලෙදි තමා මට ස්මාට් ෆෝන් එකක් ගන්න ලොකුවටම උවමනාව ආවෙි.ඒ අනිත් හැමෝටමත් තියන නිසයි.....
කොහොම හරි වදකරල අඩල තාත්තිට කියල මමත් ස්මාට් ෆෝන් එකක් ගත්ත.ඒ ගත්ත ගමන් මම කරේ මට fb එකවුන්ට් එකක් හදාගත්ත එක.මට දවසට රික්වෙස්ටි 100ටත් වැඩි.මන් ඉතින් ප්‍රෙෆයිල් එක බලල හොදයි කියල හිතෙන කට්ටියව ඇඩ් කරගත්ත.ඒ එකරික්වෙස්ට් එකක් කන්ෆමි කරපු ගමන්ම වගෙ මට මැසේජ් එකකුත් ආව.නම තිබුනෙ තරිදු විමුක්ති කියල....
Tharindu : Hi
Me :Hi
Tharindu :khmd itn
Me : hndai
ඔහෙම කාලයක් තරිදුයි මායි මැසේජ් කරා.එයා ඉන්ජිනේරින් ෆැකල්ටි එකේ ෆයිනල් ඉයර් එකෙ අයිය කෙනෙක්.අපි හොදම යාලුවො උනේ අපිටත් නොදැනිමයි.පස්සෙ පස්සෙ අපේ යාලුකම් ඉබෙිම ආදරයකට පෙරලුනෙ ගෙවල් වල ආශිර්වාදයත් ඇතුවමයි.
කාලය දින සති ගෙවිල යනකොට මම එයාට මගෙ ජිවිතේ වැරදුන හැම දෙයක්ම කිය කියා ඇඩුව.එයා කිවෙ...
"අඩන්නෙපා පැටියො....අපි හැමොටම වැරදිමි වෙනව.වරදින එක මනුස්ස ගතියක්නෙ....අනික මට ඒ දෙවල් වැඩක් නැ.මට ඕන ඔයා විතරයි මැනික...."
එයාගෙ ඒ වචන වලින් මට තවත් හිත රිදුනෙ දෙයියනෙ මෙච්චර හොද කෙනෙක් මට ලැබෙනව කියල දන්නව නම් මට මදුසංකට ආදරෙ නොකර ඉන්න තිබුන කියල කරපු මොඩ වැඩ මතක් වෙලාමයි.
එයාට මම හැමදේම කිවත් එයා මට සමාව දිලා දෙමාපියන්ගෙ ආශිර්වදය ඇතුව මාව මනමාලියක් කරල එක්කන් ගියා.....
#ලියන්නෙ : දුෂාන්
#Dushan D Ekanayake
#හැමෝම කියන්නෙ ෆේස්බුක් කියන්නෙ නරක දෙයක් කියලනෙ.මගෙ කලින් කතාවකදි මමත් කිවෙි ෆේස්බුක් නරක දෙයක් කියලයි.එත් මට මෙි සිද්ධිය ඇහෙන කොට තමා තේරුනේ ෆේස්බුක් එකේ නරක වගේම හොදත් තියනව කියල.මිනිස් වෙස් ගත්ත රාක්ෂයො අතරෙ දෙවිවරුත් ඉන්නව.ආදරෙ කියන වචනෙ තේරුමවත් නොදන්න පුංචි කෙල්ලන්ව රවට්ටල යාලු කරගෙන ඒ කෙල්ලගෙ ජිවිතෙ වනාශ කරල තමන්ට බදින්න යශොධරාවක් හොයන සමාජයක් මෙික.කෙල්ලො කියන්නෙ සෙල්ලම් බඩු නෙවෙි.ඕන වෙලාවට ලන් කරගෙන එපා වෙලාට අයින් කරන එක නෙවෙි පිරිමි කම කියන්නෙ.අනික කොල්ලො කැමති නැ වෙන එකෙක් එක්ක ගියපු කෙල්ලක් කර ගහන්න.එත් එහෙම සමාජෙක කෙල්ලගෙ නොදැනුවත් කමට වෙච්ච වැරැද්දට සමාව දිලා එකිව රැජිනක් කරන්න හදන කොල්ලො අඩුයි.සැබැ ආදරෙ තියෙන්නෙ පතිවතේ වත් වෙන කිසි දේක නෙවෙි.හදවතෙයි.ඒ නිසා තමන්ගෙ අතිතය ගැන දැනගෙනත් පනටත් වඩා ආදරෙ කරන කෙනෙක් ලැබුනොත් එයාව නැති කරගන්න එපා.මොකද එහෙම කට්ටිය හරිම අඩුයි.
(උපුටා ගැනීමකි)
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI