_________________________________________
ඔයාලා දන්නවද මගේ රත්තරං අම්මා එයා ගොඩාක් ලස්සන කෙනෙක් හිතේ කිසිම ආඩම්බරකමක් නැතිවයි මම මෙහෙම කියන්නේ.එයා කියන විදියට එයා ඒ කාලේ ලොකු පවුලක ඉපදුන කෙනෙක්.හිතුවක්කාරෙට මගේ අප්පච්චිත් එක්ක ඇවිත්.එදා ඉදලා අම්මට එයාගේ පවුලේ කවුරැත්ම කතා කරලා නෑ.ඒත් මට මතක කාලේදි ඉදලා අම්මගේ අක්කා ඒ කියන්නේ මගේ ලොකු අම්මා අම්මගේ හැම දේකදිම ලගින්ම හිටියා.
මගේ අප්පච්චි රාජ්‍ය ආයතනයක කම්කරුවෙක් වුනා.රජයේ රැකියාවක් කලත් ගෙදරක තියෙන අඩුපාඩුකම් මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ දන්න කෙනා දන්නවනේ.මම මේ හැම දේම කියන්නේ හරිම කෙටියෙන්.
මම #මනේකා_අමින්දි_බස්නායක.මගේ දඩබ්බර අයියා ගැන නොකියා කොහොමද එයා.#රංගජීව_බස්නායක මගේ එකම සහෝදරයා.කියන්නම ඕනේ එයත් හරි හැන්ඩියා.
ගෙදර කප්පරක් අඩුපාඩුකම් මධ්‍යයේ අපි දෙන්නාටම අම්මා අප්පච්චි අධ්‍යාපනය දුන්නා.අද අප දෙදෙනාම රජයේ ඉහලම තනතුරු දරනවා . අද මට පුදුම තරම් මගේ අම්මාව අප්පච්චි මතක් වෙනවා ඒ ඇයිද ?
අප්පච්චිට ලැබුන සොච්චම් වැටුපෙන් පමණක් අපිට ජීවත් වෙන්න පුළුවන් වුනේ නැහැ.අපේ අධ්‍යාපන කටයුතු වලට ඒ හැමදේම වියදම් වුනා.ඒ නිසයි මගේ අම්මා පෞද්ගලික රබර් වත්තක කිරි කපන්න ගියේ.සුරංගනාවියක් වගේ හිටපු මගේ අම්මාගේ ඇග රැලි වුනේ අපි බලාගෙන ඉදැද්දිමයි.
කොයි තරම් අඩුපාඩුකම් තිබුනා වුනත් අයියටයි මටයි ඒ දේවල් තේරුනේ නෑ.මොන අඩුපාඩුකම් මැද වුනත් එයාලා අපි ඉල්ලපු හැම දෙයක්ම දුන්නු නිසා වෙන්නැති.
"අම්මේ අද මොනවද කන්න තියෙන්නේ...."
"මනේ....අද හාලුත් ඉවර වෙලා... හාල් චුට්ටක් තිබිලා ඉව්වේ පුතේ...ඒකයි කොස් ටිකකුත් හැදුවේ.අප්පච්චිට හෙට පඩි හෙට කටට රහට හදලා දෙන්නම දෙන්නටම..."
"මොනවද අම්මේ මේ කෑම කන්න පුලුවන්ද ...අප්පෝ මටනම් එපා
ඊ...........යා."
"මොකද පුතේ අමාරුවෙන් අම්මා හදපු කෑම ටිකට ඔහොම කියන්නේ..ඔහොමවත් කන්න නැති ලමයි කොයි තරම්නම් ඉන්නවද?"
අප්පච්චි එහෙම කිවත් මම අම්මා බෙදලා දුන්න බත් එක අතින් මේසේ පැත්තකට තල්ලු කරලා යන්න ගියා.අයියත් කුටු කුටු ගාලා මොනවද කියනවා මට ඇහුනා.එයානම් ටිකක් කෑවද කොහෙද.
"මැණිකේ...හාල්මැස්සන් ටිකක්වත් තියෙනවනම් මනේට හදලා දෙන්නකෝ පව් දරුවා හිස් බඩින්ම නිදනවා..."
මට හීනෙන් වගේ අප්පච්චි එහෙම කියනවා ඇහුනා.මම නින්දත් නොනින්දත් අතර හිටියේ අම්මා ඇවිත් මලේ නළලත සිපගෙන ෂීට් එකත් මගේ ඇගට දාලා යනවා මට දැනුනා.ඒත් මම සෙලවුනේවත් නෑ.මම හැමෝම නිදාගන්නකල් ඉදලා හෙමිහිට කෑම මේසයට ගිහින් බත් එක කෑවා.ඒක පුදුමාකාර රසක් හුනුසහල් බතට පොල් සම්බෝලයක් තෙම්පරාදු කරලා පරිප්පු කිරට හදලා තිබුනා.
"අම්මේ....මට පරක්කු වෙනවා බස් එකට යන්න ඉක්මනට සල්ලි දෙන්න අද ක්ලාස් පීස් රුපියල් තුන්සියක් දෙන්නත් ඕනේ..."
"අනේ මගේ දුව මම තිබුන රුපියල් දෙසීයත් ලොකූට... දුන්නා දැන් කොයිනද මගේ අතේ සල්ලි...."
"මොනවද අම්මා වෙලා තියෙන්නේ වෙලාවට සල්ලි දෙන්න බැරිද සර්ට දැන් මම මොකද කියන්නෙ...#වියදම්_දෙන්න_බැරිනම්_අඩුපාඩු_දෙන්න_බැරිනම්_මොකටද_අපිව_හැදුවේ?"
"මනේ....ඇයි දරුවෝ අම්මට ඔහොම කතා කරන්නේ මම හෙට සල්ලි දෙන්නම් අද මම ගෙදර ඉන්න නිසා අර ගස්වල තියෙන පොල් ටික හරි කඩලා කඩේකට දෙන්නම්...."
මම අම්මටත් අප්පච්චිටත් වදින්නෙවත් නැතිව ගස්සගෙනම ගෙයින් එළියට බැස්සා.අම්මා වත්තේ වැඩට යන්නැති.මමත් රෑ වෙලයි ගෙදර එන්නේ...ඒත් අද අප්පච්චි ගෙදර නිසා ගෙදර වැඩ පල එයා කරලා තියෙනවා.
මොන දේ වුනත් අම්මා අප්පච්චි පණ වගේ අපිත් එහෙමයි.මම අම්මා නැතිව එක රැයක්වත් පිට ඉදලා නෑ.අයියා උසස්ලපෙල ලියන කාලෙත් අප්පච්චිත් එක්කයි නිදා ගත්තේ.
"අප්පච්චි සදුදා අපිට දෙමාපිය රැස්වීමක් තියෙනවා අම්මාට එන්න කියන්න?ලස්සනට ඇදගෙන එන්න කියන්නහැමදාටම අදින සාරිය එහෙම අදින්න එපා කියන්න...."
අයියා එහෙම කියාගෙන කාමරයට ගියා...
"මුන්ට දැන් අපේ තත්වෙත් මදි වෙලාද කොහෙද...?
අයියා හිතා මතා එහෙම නොකියන්නැති ඒත් අප්පච්චිට ගොඩාක් හිත රිදෙන්නැති කියලා මට හිතුනා.
"මනේ .....පුතේ මේ කුස්සිය තෙත් වෙලා බිමට දාන්න පරණ රෙදි කෑල්ලක් ගෙන්නකෝ..."
එදා ඉරිදා දවසක් අම්මා ගෙදර හිටයේ නෑ.අප්පච්චි මට එහෙම කිව්ව නිසා අම්මාගේ පරණ සායකුත් අරගෙන මම කුස්සියට ගිහින් වතුර වැටිලා තිබුන තැනට ඒක දාලා කකුලෙන් පිහදාන්න ගත්තා.
"#මනේ...අම්මාගේ ඇදුමක් නේද ඔය.අම්මා බිම දාලා පාගනවා වගේ වැඩක් දරුවෝ ඔක අරගෙන යන්න යන්න මාව කේන්ති නොකර."
අප්පච්චි අපි මොන වැරැද්ද කලත් මේ වෙනකම්ම අපිට අතක්වත් උස්සලා තිබුනේ නෑ....අයියත් ක්ලාස් ගිහින් ගෙදර ආවා.
"අප්පච්චි..."
"මොකද දරුවෝ අවා විතරයි නේද කෑ ගහන්නේ..."
"මට පොඩි මෝටර් බයික් එක්ක අරගෙන ඕනේ ක්ලාස් ...අර අකිලටත් ගෙදරින් අරගෙන දීලා...."
"දැන් ඒක තමයි උඹට අඩු වුනේ...පොතක පතක වැඩක් ඕනේ නෑ ...."
"මොකට අපි මේ ගෙවල් වල ඉපදුනාද මන්දා.අකිලගේ ගෙදරවත් මාව ඉපදුනානම් ...."
අප්පච්චිගේ දෑස් වල කදුලු නටනවා මම දැක්කා .ඒත් අයියා කියව කියව යන්න ගියා .
"#මේ_දරුවෝ_වචන_කියන්නේ
#අපේ_හිත්වලට_දැනෙන_වේදනාව #නොදැන_කවදා_හරි_තේරේවි...."
මගේ දෙසවන්වල අදටත් ඒ වදන් රැව් පිලිරැව් දෙනවා.අපේ අම්මා අප්පච්චි අපිට කොයි තරම්නම් ආදරේද?
ඒදා මහ මූසල දවසක් වැහි මන්දාරමින් බර වෙලා...වත්තේ වැඩ කරන කෙනෙක් ගෙදර දුවගෙන ඇවිත් කිව්වේ අපේ අම්මා ලිස්සලා වැටුනා ගොඩාක් අමාරුයි කියලා.
දෙවියනේ එදා මමයි අයියයි අඩපු තරම මගේ අම්මා ඉස්පිරිතාලෙ ඇදක් උඩට වෙලා හිටපු හැටි...
"මගේ කෙල්ලට රසට මොනව හරි උයලා දෙන්න මහත්තයා දන්නවනේ දරුවගේ හැටි කටට රහට නැතිව මගේ කෙල්ල නොකන විත්තිය"
අම්මා එහෙම කියද්දි අප්පච්චිය අයියයි මාව තුරුල් කරගෙන අඩපු තරම.ඔයාලා දන්නවද? අම්මා කිරි කපන අතරතුර පිටිපස්සට තියපු අඩිය ලිස්සලා පුංචි හෙලකට වැටිලා තිබුනේ .එයාගේ අතක් තමයි තදටම වැදිලා තිබුනේ මගේ අම්මගේ වම් අත පණ නැති වුනේ එදා ඉදලා.
ඒත් කොයි තරම් බැරි වුනත් අපි ඉස්කෝලේ ගිහින් ගෙදර එද්දි වෙහෙරක් වගේ බත් පිගානක් බෙදලා තියෙනවා.නැත්නම් රොටියක් හරි හදලා තියෙනවා.ඒ හැම දේම තනි අතින් කරන්නේ ඒ අතින් කිසිම දෙයක් කරන්න බැහැ අම්මට.පව් දෙවියනේ.මේ කාලේ වත්තේ කෝපි කරාබු වගේ දේවල් වලින් පුංචියට ආදායම් තිබුනා.
ඉස්සර යාලුවෝ ටියුෂන් පංතියට ඇදගෙන එන නානාවිධ ඇදුම් මටත් ඕනේ වුනා.අම්මා ,අප්පච්චිටත් අයියටත් හොරෙන් මට ඇදුම් ගෙනත් දුන්න අවස්ථා තුබුනා.
"ඔයාගේ අැඩිල්ල බලාගෙන ඉන්න බෑ #මනේ...මට. අනික ඔය වයසට ලස්සනට අදින්න කවුද අකමැති.අයියා දැක්කොත් මට විසුමක් නෑ.."
අපේ ජීවිත අපි නොහිතපු විදියට වෙනස් වෙන්න ගත්තා.හිතුවක්කාර කමට,සෙල්ලමට හිටපු මගේ අයියට ගෙදර බර දැනෙන්න ගත්තා.මම කන්න අකමැති වුන හුනසහල් බත් පවා කෑවා.මම කවදාවත් අලුත් ඇදුම් ඉල්ලා ඇඩුවේ නෑ ගෙදරට වෙලා පාඩම් කලා පෞද්ගලික පංති නොයා.
අම්මට බෙහෙත් කරන්න අයියා කුලියට පොල් කඩන්නත් ගියා.ඒත් මොන දේ වුනත්. උසස්ලපෙල ජීව විද්‍යා අංශයෙන් එයා විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගත්තා.අම්මට දෙන්න පුලුවන් උපරිම සතුට එයාට දෙන්න පුලුවන් වුනා.මම කලා අංශයෙන් විශ්ව විද්‍යාල වරම් ලබා ගත්තා. අපේ ලොකු අම්මා ගුරුවරියක් එයා අයියටයි මටයි දෙන්නටම පුලුවන් විදියට වියදම් දැරුවා.
අයියයි මමයි දෙන්නම එකම දවසක නිවාඩුවකට ගෙදර ආවා.එයත් දැන් #ආදරවන්තයෙක් .මාත් #ආදරවන්තියක්.එදා මම එයාගේ ඇමතුමකට සවන් දුන්නේ ඒ කාලේ වගේම තියෙන නැහැදිච්ච කමටම තමා.
"ශලා...මම හැමදාමත් කියනවා වගේ ඔයාට මම පුදුම තරම්ආදරෙයි ඒත් #මගේ_අම්මගේ_තැන_නම්_ඔයාට_ගන්න_බැරි_වේවි කවදාවත්ම.
කාලය ගෙවිලා ගියා.මට මුලින්ම ලැබුනේ ගුරු පත්වීමක් අම්මගේ අප්පච්චිගේ #දහඩිය_මහන්සියේ ප්‍රථිපල.අයියාට මට කලින් රැකියාව ලැබුනා.
"මගේ චූටි දූ...අපි මැරිලා යන්න කලින් ඔයා මනමාලියෙක් වෙනවා දකින්න මම ආසයි.අපිට හොරාට කතා කරන දරුවට ගෙදරටම එන්න කියන්න දැන්වත්...."
අම්මා තනි අතින් මගේ හිස පිරිමදිමින් එහෙම කිව්වා.
#දිනුජ_දර්ශනාත්...එයා මගේ පෙම්වතා.ඔහුත් මාත් විශ්වවිද්‍යාලයේදි මුන ගැහුනේ..දැනට රජයේ මූල්‍ය ආයතනයක රැකියාවක් කරනවා ...මම එයාට කතා කලෙ #නාත් කියලා.
හැමෝගේම ආශිර්වාද මධ්‍යයේ අපේ විවාහය තීන්දු වුනා.දෙමාපියන්ගෙන් වෙන් වෙනවා නේද කියලා දැනෙන හැගීම පුදුම තරම් වේදනාවක් මට ගෙන ආවේ.මට නාත් හිනහා වෙනවා බොරුවට අඩනවා කියලා.මුල් දින චාරිත්‍ර සියලු දේ අවසන් අම්මට අප්පච්චිට වදින මොහොත ආවා.
මම අප්පච්චිටත් දණ ගහලා වැන්දා.ඒ මොහෙතේ දැනෙන සිතිවිල්ල කොහෙිමද මම අකුරු කරන්නේ.
"අම්.....මේ..."
"මගේ රත්තරං කෙල්ල සතුටින් ඉන්න හැමදාමත්"
අම්මට වැදලා මට නැගිට ගන්න බැරිව ගියා මුලු පරිසරයම මා වටා කැරකෙනවා වගෙයි දැනුනේ.මට මතකයි අම්මා මාව අල්ලගත්තා.ඒත්......
දන්නවද වසර හයක් වම් අත පණ නැතිව හිටපු මගේ අම්මා ඒ මොහෙතෙ මාව අල්ලගෙන තිබුනේ ඒ අතින්....කිසිම වෛද්‍යවරයෙක්ට සුවකරන්න බැරි වුන ඒ අත එදා ඉදලා ක්‍රියාකාරි වුනා....#දරු_සෙනෙහසට_මොනවද_
#කරන්න_බැරි.අයියාත් මමත් පණ වගේ ආදරෙයි මගේ අම්මට අප්පච්චිට
අම්මගේ රූපේ අපට දීලා එයා වයසට ගියා.අප්පච්චි.... අපේ සතුට වෙනුවෙන් කොයි තරම්නම් දහඩිය වගුරන්නට ඇත්ද?අපිට හොද අධ්‍යාපනයක් දුන්නා...එහෙව් දෙමාපියන්ට අපි සදා ණයගැතියි.
අද මම දැන ගත්තා මාත් අම්මා කෙනෙක් වෙන්න යන විත්තිය...මට ඒ තරමට ඒ දෙන්නව මතක් වුනේ ඒ නිසා වෙන්නැති.අපි නොහිතා කරන කියන දේ වලින් මොන තරම් නම් අපේ දෙමාපියන්ගේ හිත් රිදෙනවා ඇත්ද? මේ මගේ අතින් වුනත් කොයි තරම්නම් හිත් රිදවීම් වෙන්න ඇත්ද?
____________නිමි________
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.