:::::::::::බඩු::::::::::::::::
ගාන කීයද...?
.....................................
පැයකට පන්සීයයි..!
..................................
ම්ම්ම්ම්ම්ම්ම්....මගෙ ලඟ දැන් තියෙන්නෙ තුන්සීයයි... මොකද කියන්නෙ..?
....................................................................
අපෝ බෑ මහත්තයා..මගෙ ගාන පන්සීයයි..
..........................................................
ඉතුරු දෙසීය මම පස්සෙ දෙන්නම්..මේ තුන්සීය ගන්න..
...........................................................................
ණයට බෑ..මහත්තයා...පන්සීයක් අරන් එන්න..
.....................................................................
සල්ලි වලට ඇඹරෙනව නෙමෙයි හලෝ....මම ඊලඟ වතාවෙ වැඩිපුර පන්සීයකුත් එක්ක
දෙන්නම්.. අද මට ඕනම වෙලා තියෙන්නෙ..ප්ලීස් මේ තුන්සීය අරගෙන පැයකට
එනවකො...
..........................................................................................
මම දැන් සැරයක් කිව්වනෙ මහත්තයා..... ඔහෙව මම මීට කලින් දැකලත් නෑ.. අනික
ඔය පොරොන්දු කියන ඒව, වැඩේ කරගත්තම අමතක වෙනවා..ඒ නිසා තරහ නැතිව වෙන
වෙලාවක එන්න..
....................................................................................................
මමත් මාස් පඩි කාරයෙක් තමයි හලෝ... කරුමෙට මේ වතාවෙ යාලුවො එක්ක බීලම
සල්ලි ඉවර උනා..සන්තකේට අතේ තියෙන්නෙ හාරසිය පනහයි. බස් එකට එකසිය පනහක්
යනවා...අදට විතරක් මේ තුන්සීය අරගෙන චාන්ස් එකක් දෙනවද...? ප්ලීස්..!
................................................................................................
මහත්තයගෙ සල්ලි ඉවර උනාට මට කරන්න දෙයක් නෑනෙ..කරුණාකරල මගෙ කාලෙ කන්නෙ
නැතිව මෙතනින් යන්න...අපරාදෙ මට වෙන කස්ටමර් කෙනෙක් හොයාගන්න තියෙන වෙලාව.
.................................................................................................
මේ අයිසේ... අපිත් ගෑනු දැකල තියෙනවා..ගෑනු එක්ක ඉඳලත් තියෙනවා හරිද..?
අපිත් හොඳට කනබොන කොල්ලො තමා..තමුසෙ දැන් මට දුන්නෙ නෑ කියන්නෙ වැඩේ
වරද්දගත්තා කියල හිතාගන්නවා..හරී..
.........................................................................................
අනේ යනව ඕයි යන්න මමත් තමුසෙල වගේ පිම්පියො ඕනතරම් දැකල තියෙනව..
........................................................................................
කට වහගනිං වල් බැල්ලි... තෝ මම කවුරු කියල හිතාගෙනද කතා කරන්නෙ..පාරක් පාරක් ගානෙ බල්ලො එක්ක ලගින තොපි ගෑනුද යකෝ..
අපේ කොල්ලො සෙට් එකට කියල තොට පෝලිමක් නොදැම්මොත් මේ මම නෙමෙයි හරී...පරිස්සමින් හිටහන්...
.................................................................................................
අනේ පල යකෝ යන්න.. ණයට හු#න්න එන ගෑනු පොන්නයා...අරක්කු ටිකක් කට ගෑවුනාම හිතන්නෙ මහලොකු වීරයො කියලා..
.................................................................................................
නෑ මම අද යන්නෙ නෑ.. මම යන්නෙ මගේ වැඩේ කරගෙනම තමයි...මෙහාට එනවා..
.....................................................................................................
ඒයි...අත අරිනව මිනිහෝ මාව....
....................................................................................................
....................................................................................................
වීදි ගණිකාව සහ තරුණයා අතර ඇතිවූ සටන අවසන් වන්නේ බීමතින් සිටි තරුණයාගේ
හිස අසල වූ ලයිට් කනුවක හැපී ඔහු සිහිසුන්ව බිම ඇදවැටීමත් සමගයි..අලුයමට
හෝරා කිහිපයකට පෙර පාලු මාවතක සිදුවූ මේ සටන අන් කිසිවකුගේ නෙත ගැටුනේ නැත.
තරුණයා සිහිසුන් වීමත් සමග ගණිකාව එතැනින් ඉවත් වීම වෙනුවට කලේ ඔහුගේ
සාක්කු අතගා මුදල් සෙවීමයි. ඔහුගේ පසුම්බියෙහි තිබූ රුපියල් හාරසිය පනහක
මුදල හැර වෙනත් මුදලක් ඇයට හමුවූයේ නැත..
එහෙත් ඔහුගේ කමිස සාක්කුවෙහි වූ කඩදාසියක් ඇයට හමුවිය.එය ලියමනකි.එහි මෙසේ ලියා තිබුනි..
"මා දයාබර සුදූ, ඔයාට කිහිප වතාවක් කෝල් කලත් ප්‍රතිචාර නොලැබුනේ වැඩ
රාජකාරි අදික නිසායැයි සිතමි. ඔයා නිවාඩු අරගෙන එනකන් පුතා මගබලමිනුයි
ඉන්නෙ..එයාගෙ සපත්තු දෙක කැඩිල නිසා ඉස්කෝලෙ යන්න බෑ කියනව. තාත්ත ආවම
සපත්තු දෙකක් අරගෙන දේවිලු.අපි කොහොමහරි ජීවත් වෙනව..පරිස්සමින් වැඩකරන්න
රත්තරං.
ඔයා එනකන් අපි මගබලන් ඉන්නවා. ඔයාට බුදුසරණයි.!
මීට ඔයාගෙ බිරිඳ,
නදී".
ගණිකාව ලිපිය කියවා අවසන් වීමත් සමගම තරුණයාට නැවත සිහිය එන්නට විය.තරුණයා
අමාරුවෙන් නැගිට හිස දෑතින්ම බදාගෙන අසල බෝක්කුව මත වාඩි විය. ගණිකාව තමා
අත ඇති රුපියල් හාරසිය පනහත්, කියවා අවසන්කල ලිපියත් නැවත ඔහුගේ කමිස
සාක්කුවට එබීය. අනතුරුව තරුණයා ඉදිරියෙහි දන තබා හිඳ ගත්තීය.
මොහොතකට පසුව ඇය තම වමතින් ඔහුගේ දකුණු අත්ල පිරිමැද ඒ මත යමක් තැබීය. එහි වූයේ මෙතෙක් වේලා ඇගේ දෙකන්පෙති හැඩ කල කරාබු ජෝඩුවයි.
" මේක විකුණල පුතාට සපත්තු දෙකක් අරන් දෙන්න" .
තරුණයා තම වේදනාබර දෑස් වලින් ගණිකාව දෙස බැලීය.ඇගේ ඇස් වල තිබුනේ ආදරයයි...
"මට සමා....වචනය සම්පුර්ණ කිරීමට පෙර ඇය ඔහුගේ මුව තම අතින් වසා මෙසේ කීවාය
" දැන් එලිවෙන්න ලඟයි. ගෙදර යන්න"
තරුණයා නැගිට සෙමින් එතනින් පිටව යන්නට විය..
"ඕනෙනං
ආයෙ වෙලාවක මාව හමුවෙන්න එන්න..මට සල්ලි එපා"
ගණිකාව
Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
Labels:
novel
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.