#ආදරේ_ඉස්සරහ_ආත්මය_පාවලා_දෙන්න_කලින්_මොහොතක්_හිතන්න

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

" පොඩ්ඩියේ...ඔය ආප්ප ටික බලහන් බං...නිවාඩු දවසත් නිසා අද දෙයියනේ කියලා කීයක් හරි වැඩිපුර හම්බ කර ගන්න පුලුවන්...."
ඒ මගේ අම්මා...මාතර දෙනියාය පාරේ පුංචි ලෑලි කඩයක් කරන් අපි ජීවත් උනේ...ගේ නම් ඊට ටිකක් එහායින් තිබුනේ...ඒක ගෙයක්මත් නෙමෙයි...මඩුවක් වගේ...මැටි ගහලා පොල් අතු හොයලා තිබුන පුංචි ගෙයක්..මගේ මම තාත්තා පුංචි කාලෙම නැති වෙලා...එදා ඉදං මාව බලාගත්තේ අම්මා...කොච්චර ඉගෙන ගන්න පුලුවන් උනත් අම්මට තව බරක් වෙන්න බැරි නිසා උසස් පෙළ එක පාරක් කරලා ගෙදර නැවතිලා අම්මට උදව් කරන්න පටන් ගත්තා...කලා විශය ධාරාවෙන් උසස් පෙළ කරපු මට බී සාමාර්ත තුනක් ගන්න පුලුවන් උනා ...
මම සමනලී...සමනලී ආකර්ශා...අවුරුදු විසි තුනක් වෙනවා..ඒත් තවම හරි හැටි රස්සාවක් නෑ...ඒ ගැන එහෙමට කියලා මගේ හිතේ දුකක් නෑ...මොකද මේ ලෝකේ මට ලැබිච්ච දේවල් වලට වඩා නොලැබිච්ච දේවල් වැඩියි...අවුරුදු එකොළහක් ස්කෝලේ ගියාට මොකද මට කියලා එකම එක යාලුවෙක් ඉදලා නෑ...හිගන්නී කිය කිය මාව කොන් කරා මිසක් එකෙක්වත් මගේ පැත්තවත් බැලුවේ නෑ...
" නංගී...අපට මොනවා හරි උදේට කන්න ගන්න පුලුවන්ද...."
ඒ කටහඩින් මාව ගැස්සිලා ගියා...
" අනේ සොරි...නංගී භය උනා වගේනේ...."
" නෑ මහත්තයා...මහත්තයලට මොනවද ඕන...."
" මොනවද තියෙන්නේ...."
" ආප්ප තියෙනවා ...ඉදි ආප්ප තියෙනවා වන්ඩු තියෙනවා..තව හැලපත් තියෙනවා...ඕනේ නම් රොටිත් දෙන්න පුලුවන් මහත්තයා...."
එයා මුකුත් නොකියා මගේ කට දිහාම බලන් හිටියා...ඒ බැල්මට මාවත් ගැස්සිලා නොගියා කිව්වොත් මං කියන්නේ බොරුවක්...එයා හරිම කඩවසම් තරුණයෙක්...නිල් ඩෙනිම් කලිසමකට තද නිල් පාට අත් දිග ශර්ට් එකක් ඇදලා එයා හිටියේ...ස්කෝලේ යන කාලේ මම ගන්න ආස කරපු ලොකු සන්ග්ලාස් කුට්ටමක් එයාගේ ශර්ට් එකේ රදවලා තිබුනා...
" මහත්තයා....."
" මාරයි...කටර් එකක් වගේනේ...."
මං බිම බලාගත්තා...වෙන කෙනෙක් ඔය කතාව කිව්වා නම් මම බුම්මගෙන ගෙදරත් දුවනවා...ඒත් මොකද්දෝ හේතුවකට මට අද එහෙම කරන්න හිතුනේ නෑ....
" මචංලා...වරෙන්...සුපිරි කෑම ටිකක් තියෙනවා...බඩ පැලෙන්න කන්න පුලුවන්..."
එයාලා ඇවිත් තිබුනේ අලුත්ම කාර් තුනකින්...එතන දහ දොළොස් දෙනෙක්ම හිටියා....කට්ටියම ඇවිත් අපේ පුංචි කඩ කෑල්ලේ තිබුන ලෑලි බංකු වලින් වාඩි උනා...
" සමනලී....ඔය සම්බල් තසිම මේ මහත්තයලට ගෙනත් දීපන්කෝ ළමයෝ..."
" සමනලී...ශා...නංගී වගේම නමත් ලස්සනයි..නැද්ද දසුනා..."
එතන හිටපු එක තරුණයෙක් කිව්වේ අර මුලින්ම ආපු තරුණයගේ පිටටත් ගහන ගමන්...එතකොට එයා දසුන්ද....
" නංගී තාම ස්කෝලේ යනවද..."
එක තරුණයෙක් මගෙන් ඇහුවා...අම්මත් මුකුත් කිව්වේ නෑ...කොහොමටත් එයාලගේ එහෙම නරක පෙනුමක් තිබුනේ නෑ....
" නෑ මහත්තයා...මම උසස්පෙළ කරලා ඉන්නේ...."
" නෑ....එච්චර වයසක් පේන්නේ නෑනේ..."
" දැන් මේකිට විසි තුනක් මහත්තයෝ...."
අම්මා කිව්වේ එයාලට තේ ගෙනත් දෙන ගමන්...
" කොහොමද නංගිගේ උසස් පෙළ ප්‍රතිඵල..."
එහෙම ඇහුවේ දසුන්....ඔව්...අර ඉස්සෙල්ලාම ආපු තරුණයා...
" බී තුනයි...සිංහලයි පොලිටිකලුයි ඉකෝනුයි කරේ..."
කිව්වමත් නෙමෙයි..මට ඒ ටික කියවුනා...
" එහෙනම් හොද ජොබ් එකක් කරන්න පුලුවන්නේ...."
ඒකට මට උත්තරයක් තිබුනෙ නෑ....මං බිම බලාගෙනම හිටියා...
එයාලා ගියේ ටික වෙලාවක් ඉදලමයි...යද්දි දසුන් මට එයාගේ කාඩ් එකක් දීලා ගියා... ඒත් ඉතින් එයාට කෝල් කරන්න මට කොහෙද ෆෝන්....
දසුන් ඊට පස්සෙත් දෙතුන් දවසක්ම අපේ කඩේට ආවා...පස්සේ පස්සේ මාසෙකට දෙපාරක්වත් එයා අනිවාර්‍යෙන්ම අපේ පැත්තේ ආවා...
" අම්මේ...."
" මහත්තයා....."
දසුන් දන්නේ නෑ මං එයාලගේ කතාව අහන් ඉන්නවා කියලා...මොකද එයා හිටියේ මට පිටුපාලා අම්මා ඉන්න පැත්තට හැරිලා....
" මං සමනලීව බදින්න කැමතියි අම්මේ....එයා දැකපු දවසේ ඉදන් මගේ හිත මට වද දෙනවා එයාව මගේම කර ගන්න කියලා..."
මටත් නොදැනිම මගේ අතේ තිබුන භාජනේ බිම වැටුනා...දසුන් වගේම අම්මත් ගැස්සිලා වගේ මං දිහා බැලුවේ....
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මුලින් මුලින් අකමැති උනත් පස්සෙ පස්සේ අම්මත් දසුන්ට කැමති උනා...ඉතින් අපි ආදරේ කරා ...මහ හුගක් ආදරේ කරා...අහස උසට තිබුන නොගැලපීම් අමතක කරලා ආදරේ කරා...අවසානේ දසුන් මාවයි අම්මවයි දෙන්නව කොළඹ එක්කන් ආවා...අපිව හොදට බලාගත්තා....
" සමනලී...ඇදුමක් දාන් එන්න...පොඩි ගමනක් යන්න ඕන...."
දවසක් දසුන් හදිස්සියෙන් වගේ ඇවිත් කිව්වා...අම්මටත් කියලා මං දසුන් එක්ක ආවා...මොකද මට එයාව අවිස්වාස කරන්න හේතුවක් තිබුනේ නෑ...එයා මාව එක්කන් ආවේ ලොකු ගෙදරකට...මං හිතුවේ දසුන් මාව එයාගේ ගෙදරට එක්කන් ආවා කියලා....
" අනේ දසුන්...මට එන්න බෑ...ඔයාලගේ අම්මලා මට බනීවී...."
දසුන්ගේ ගෙදරින් මං වගේ දුප්පත් හිගන්නියෙකුට කැමති වෙන්නේ නෑ කියලා මං දැනගෙන හිටියේ....ඒත් දසුන් කිව්වා කොහොමහරි එයාලව කැමති කර ගන්නවා කියලා....
" මෙහෙ එනවා හලෝ යන්න...."
වෙන කරන්න දෙයක් නැති කමට මම දසුන්ගේ පස්සෙන් ගියා...ඒ ගෙදර යතුර තිබුනේ දසුන් ළග...දසුන් මාවත් එක්කගෙනම ගේ ඇතුළට ගිහින් එක පාරටම මාව තුරුල් කර ගත්තා...එයා කවදාවත් එහෙම හැසිරිලා නෑ ....
" දසුන්...ඇයි මේ...මාව අතාරින්න...දසුන්..."
කොච්චර කිව්වත් දසුන් මාව ඇතෑරියේ නෑ...එයා මගේ බ්ලවුස් එකේ බොත්තම් ගලවන්න ගත්තා .මගේ ඇදුම දාඩියෙන් තෙත් වෙලා...ඒ තරමට මං භයෙන් හිටියේ...අන්තිමට මම දසුන්ව පැත්තකට තල්ලු කරල දෑවා....
" දසුන්...මොකද මේ...."
" ඔයා මගේ නම් මං මෙහෙම හිටියම මොකද ...කොහොමටත් කවදහරි ඔයා මගේනේ....ටිකක් විනෝද උනාම මොකද...මං ඔයාට ඉල්ලන ඉල්ලන හැමදේම දෙනවනේ සමනලී ...."
ඒ වචන මං කවදාවත් දසුන්ගෙන් බලාපොරොත්තු උනේ නෑ...හිතට දැනුනේ දුකක්ද තරහක්ද කියලා මට තෝර ගන්න බැරි උනා....දසුන් ආයිත් මට ළං වෙන්න උත්සහ කරා...පුලුවන් වීරිය යොදලා මං දසුන්ව පැත්තකට තල්ලු කරා....
" උබත් ඒ ජාතියෙද මහත්තයෝ...උබ මෙච්චර දවසක් ඒ හැමදේම කරේ ඕකටද....මේවා බලාපොරොත්තුවෙන්ද...."
" කටවහනවා සමනලී...ඒ කියන්නේ තමුසේ මට ආදරේ නෑ කියන එකද..."
" ආදරේ....ආදරේ කියන්නේ මේකටද...මේකටද...නෑ....ආදරේ කියන්නේ මේකට නෙමෙයි....උබට වැරදුනා දසුන්...උබට වැරදුනා...නෑ..උබට නෙමෙයි...උබව විස්වාස කරපු මටයි වැරදුනේ...මං උබට කොච්චර ආදරේ කරාද..."
" එහෙනම් ඒ ආදරේ ඔප්පු කරපන්...."
මං දසුන් ළගට ගියා....පුලුවන් තරම් හයියෙන් දසුන්ගේ කණට ගැහුවා....
" උබට තියෙන ආදරේ ඔප්පු කරන්න කියන්නේ උබ ඉස්සරහා රෙදි ගලවලද...ආ මිනිහෝ...ඒකද ආදරේ....අවුරුදු දෙකක් ආදරේ කරලත් උබට මගේ ආදරේ විස්වාස නැද්ද...විස්වාසේ ඇති වෙන්නේ මං උබ ඉස්සරහා රෙදි ගැලෙව්වොත් විතරද...මං මැරුනත් ඒ දේ කරන්නෑ කියන එක මතක තියාගනින් .....සල්ලි ඉස්සරහා ආත්ම ගෞරවේ පාවලා දෙන්න තරම් මම ජරා ගෑනියෙක් නෙමෙයි දසුන්...."
මං වියරුවෙන් වගේ කෑ ගැහුවා...මාව ලොකු ගින්නකින් දැවෙනවා වගේ මට දැනුනේ....
" ඔච්චරටම ඕක වටිනවා නම් තියාගනින්...ආයිත් මගේ දෑහට පේන්න එන්නෙපා...."
" හොදයි මහත්තයෝ....මං මේවා පරිස්සම් කරේ උබට දෙන්න තමයි....ඒත් මෙහෙම නෙමෙයි....කවදාවත් නෑ...දුප්පත් තමයි...එහෙම කියලා මං උබ ඉස්සරහා මගේ අම්මා තත්තගේ නම්බුව විනාස වෙන්න දෙන්නෑ...හැබැයි එකක්...මං කවදාවත් හිතුවේ නෑ උබ මෙහෙම මිනිහෙක් කියලා...කමක් නෑ...මටයි වැරදුනේ...මං යන්නම්..."
මං එන්න හැරිලා ආයිමත් දසුන් දිහාවට හැරුනා ..
" මේක මතක තියාගන්න දසුන්...ආදරේ කියන්නේ ඔප්පු කරන්න ඕන දෙයක් නෙමෙයි...ආදරයක් රැදෙන්නේ විස්වාසේ මත...විස්වාසයක් නැති තැන බැදීමක් පවතින්නේ නෑ...ආදරේ පපුවට දැනෙන්නේ නැත්තම් එතන රැදිලා වැඩක් නෑ...පරිස්සමින් ඉන්න...ඔයාව අමතක කරන්න හුගක් අමාරු වෙයි...ඒත්...කමක් නෑ...සතුටින් ඉන්න...කවදාවත් කිසිම කෙල්ලෙක්ට මෙහෙම දෙයක් කරන්නෙපා...මං යන්නම්..."
මං යන්න හැරුනා ...ආයිත් දසුන්ගේ මූණ බලන්න තරම් ශක්තියක් මට තිබුනෙ නෑ...මහමෙරක් තරම් දුක් කන්දක් හිතේ තියන් මං පියමැන්නා....
" අම්මා ඇහුවේ සමනලීගේ මොකද්ද තියෙන විශේශත්වේ කියලනේ...ඔන්න ඕකයි මගේ මැණිකගේ තියෙන විශේශත්වේ...මීට වඩා හොද කෙනෙක් අම්මට මට හොයලා දෙන්න පුලුවන් නම් මම සමනලීව අතාරින්නම් අම්මා...එච්චරයි....."
කිසි දෙයක් හිතාගන්න බැරුව මං පිටිපස්ස බැලුවා...එතන හිටියේ දසුන් විතරක් නෙමෙයි ...දසුන්ගේ අම්මයි තාත්තයිතුත් හිටියා ...ෆොටෝ වලින් මම කලින් එයාලව දැකලා තිබුනා...දසුන්ගේ අම්මා මං ළගට ආවා...මං හිටියේ කිසි දෙයක් හිතාගන්න බැරුව...
" මට ඔයාව මගේ ලේලි කරගන්න බෑ පුතේ...ඔයා වගේ දරුවෝ අද හරි අඩුයි..මට ඔයාව මගෙම දුව කර ගන්න ඕන...."
දසුන්ගේ අම්මා ආදරෙන් මාව වැළදගත්තා...
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
හැමදේම හොදින් විසදුනා...මම දසුන්ව බැන්දා...අපි අපේම උනා ....
" දසුන්..."
" ම්ම්ම්...."
" හදිස්සියෙවත් එදා මං ඔයා කියපු දේවල් වලට කැමති උනා නම්...."
මං ඇහුවේ හැමදාම මගේ හිතේ තිබුන ප්‍රශ්නේ...දසුන් මගේ නලල සිප ගත්තා...
" මතකද ඔයා කියපු දේ...ආදරේ පවතින්නේ විස්වාසේ මත...නැතුව බැදීමක් පවතින්නේ නෑ...ඉතින් මං මගේ ආදරේ විස්වාස කරා...මං දන්නවා...කොච්චර මට ආදරේ කරත් මගේ කෙල්ල ඒ වගේ දෙයක් කරන්න තරම් මෝඩ බොළද කෙල්ලෙක් නෙමෙයි කියලා...."
මං ආදරෙන් මගේ මහත්තයව වැළදගත්තා....
නිමි....

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI