ලස්සන ආදර කතාවක්-නුබ එනතුරු බලා සිටිමි

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
ඔය අඩුකුලේ කිය කිය ෆේස්බුක් එකේ කෑ ගහන අය විනාඩියක් නැවතිලා කියවන්නකෝ ලස්සන ආදර කතාවක්..
........
නුබ එනතුරු බලා සිටිමි.....
පෝන් එක වයිබ්‍රේර්ට් වෙනු ඇසුනි..මම බත් එක දමා කාමරේට දීවෙමි..මට දැනුනා නිවරදී ඒ නුබයි..
අනේ .....මහත්තයෝ ...පුලුවන් නම් මාව එක්ක යන්න කොහාට හරි..නැත්නම් ඔයාට මාව කවදාවත් දකින්න බැරි වෙයි..ආයේ..
මැසේජ් එක කීපවිටක් කියෙවුවෙමි..වෙනසක් නැත.නුබ මට නැත්තටම නැතිවෙන්නට ආසන්නය..
මොකද ලමයෝ බත් එක දාලා ඇවිත් පෝන් එක ඔබන්නෙ.පිස්සුද කාල ඉන්න.මොකෝ ඇස් රතුවෙලා ප්‍රර්ශනයක් ද ?
නෑ අම්මේ මැල්ලුමේ තිබිලා කොච්චි කරලක් හැපුනා..
මට අද වගේ මතකය..බංඩාර සර් ගේ ඉකෝන් ක්ල්ස් එකේදී මට උහුලන්න බැරි තරම් ඔලුව රදයක් සෑදුනි , ඉන්ටවල් එකේදී කඩේට ගොස් පැනඩෝල් දෙකක් ගතිමි..කවුරුත් ලග වතුර තිබුනේ නැත..නිකමට ඉදිරිපස බලද්දී වතුරබෝතලයක් අතින් ගත් නුබ දුටුවෙමි ..වතුර ඉල්ලන්නට බය හිතුනි.ඒ තරම් නුබ ආඩම්බරපාටය..excuseme.වතුර චුට්ටක් දෙනවද පැනඩෝල් දෙකක් තියනවා බොන්න..නුබ කතා නොකරම බෝතලය දුන්නාය.
ගොඩක් ස්තුති ..
ඇයි සනීප නැද්ද..
ඔලුව පුපුරන්න වගේ..
ක්ල්ස් එක ඉවරවී ආපසු එද්දී නුබ මට අහම්බෙන් මුනගැසුනි.ඒ ගම්පහ දුම්රිය පොල ඉහලින් ඇති ගාඩර් එක උඩදීය..
දැන් මොකෝ ඔලුව රදේ..
තාම අඩු නෑ..
නුබ බෑග් එකට අතදමා...කුඩා කුප්පියක් ගත්තාය..එය ඇක්ස් ඔයිල් එකකි.හිතුවෙවත් නැති විදියට නුබ කුඩා බින්දු දෙකක් ගෙන මගේ නලලේ ගෑවාය.
මගෙත් ඔලුවරදේ එනවා නිතරම ඒකයි මේ ඇක්ස් ඔයිල් එක තියන් ඉන්නෙ..පරිස්සමින් යන්න.
ගොඩක් ස්තුති ..
මම යන්නට හැරෙද්දී ආච්චි කෙනෙකුගේ ඇගේ හැපිනි..
ඇස් පේන්නෙ නැද්ද..මගුල් විසේ..
නුබ හයියෙන් හිනාවි..යන්නම් .කීවාය
තාමත් ඒ හිනාව හිතේ ඇදී ඇත..
එදා සිට මම සෙනසුරාදා වෙනකන් ඇගිලිගැන්නෙමි.අපි මුවින් නොදෙඩුවත් හිතින් හැමවිට දෙඩුවේය..අපි කතාවී නැතත් හැමදාම නුබ ගැනු පේලියේ කෙරවලත් මම පිරිමි පේලියේ කෙලවරත් එක ලග වෙන්නට වාඩි ගත්හ.
දැන් ඔලුව රදේ අඩුද..
ඒ මාස තුනකින් අපි හිතින් කතාව නවතා මුවින් දෙඩූ මුල් අවස්ථාවයි..
දැන් හොදයි ...
මොකක්ද නම..
හසරැල් ..
ඔයාගෙ
අරලියා ..
කාලය ගතවිනි .මම හැමසෙනසුරාදටම නුබ එනතුරු ක්ල්ස් එකට එන තැන මග බලා සිටියෙමි.නුබ ඈතින් මතුවනු දකින විට නුබ මා දැක සිනානගනවිට මා ලොව සිටින ප්‍රීතිමත්ම මිනිසා විය..
අරලියා .
හ්ම්ම් ..
හැන්ඩ් පෝන් එකක් නැද්ද ..
තියනවා..ඇයි ..
නිකන්..
නුබ යටසින් බලා සිනාසුනි..ඒත් නම්බර් එක කීමට නුබවත් මමවත් මාසයක් යනතුරු ඉදිරිපත් නොවිනි..
හසරැල් ..ඇයි එදා හෑන්ඩ් පෝන් එකක් තියේද ඇහුවෙ..
නම්බර් එක ඉල්ල ගන්න.
ඒත් ඉල්ලුවෙ නෑනෙ..
ඔයා දුන්නෙ නෑනෙ..
හිතේ තියන් හිටියට මම දන්නවයෙ..
එදා නුබ කලාස් එක අවසානයේ මා පසුපසින් පැමින පිටට තට්ටු කෙලේය..
අත දෙන්න..
ඇයි..
අත දිග අරින්න.
හ්ම්ම් ..
බඩ්ඩක් දෙනවා..ගෙදර ගිහින් මිසක් බලන්නෙ නෑ..බෑග් එකට දාගන්න.
හ්ම්ම්..
මම පිම්මේ ගෙදර ආවෙමි..නුබ ලස්සන අත්කුරෙන් .නුබේ හෑන්ඩ් පෝන් නම්බරය ඉලක්කමෙන් නොව අකුරින් ලියාතිබිනි..
මම මුලින්ම මිස් කෝල් එකක් තැබුවෙමි..
විනාඩියකින් මැසේජ් එකක් ආවේය..එහි තිබුනේ ...හසරැල් ..කියාය..නුබ කෙසේ මා කියා දැනගත්තාදැයි අදටත් නොදනිමි...
කොහොමද මම කියලා දැන ගත්තෙ එක මිස් කෝල් එකෙන්..
හ්ම්ම් .කියන්නම්..තරහා එපා..
හා..
මිස් කෝල් එක එද්දී ..පෝන් එකෙන් අමුතු ගදක් ආවා..පස්සෙ මතක් කරලා බැලින්නම්...මතක් උනා ආ..මේ මගෙන් පැනඩෝල් බොන්න වතුර ඉල්ලපු ඔලුව අමාරු කාරයා ලගින් එන ගදනෙ කියලා..
මැට්ටී..
එදා අපි පැය කීයක් කතා කලාදැයි නොදනිමි ..
හසරැල් වෙලාව කීයද දන්නවද..පාන්දර 1.20යි..
හ්ම්ම් .
නිදාගමු..
බෑ..
ඇයි..
නිකන් ..
අරලිය ..දෙයක් කියන්න හදන්නෙ ඔයා ඒක ගෙස්ට් කරලාමට කියන්න.මගෙ නම මුලට දාලා..
හ්ම්ම් ..
මෝඩියේ හ්ම්ම් නෙමේ මම කියන්න හැදුවෙ..
දන්නවා..
එහෙනම් කියන්න.
හසරැල් ...මම ඔයාට ගොඩක් ආදරෙයි ..
මගෙ පපුව කොනක් රිදුනි ..
අරලියා මමත් ගොඩක් ..
කවදාවත් නැතිව යන්න එපා..
........................
කාලය බොහෝ වේගයෙන් ගෙවී ගියෙමු..
අරලියා ..දෙයක් කියන්නම්..
හ්ම්ම් ..
අපි අඩු කුලේ..
අනේ මහත්තයෝ උබේ මොනවත් අඩු නෑ .ඔයා මට මහමෙරක් ..
ඒත් ඔයාගෙ අම්මලා මට අකමැතිවෙයි..
කවුරු අකමැති උනත් මම එනවා මහත්තයෝ ඔයා ලගට..ඔයා නැතිව මම කොහොමද ඉන්නෙ..රත්තරනේ ..ඔයා වගේම කොන්ඩෙ ක්‍රේල් ලස්සන කොලුපැටවු දෙන්නෙක් ඕනැ මට..
ඉතින් කොහොමද කොල්ලොම හදන්නෙ..
ඒක වදන කෙනාගෙ නෙමේ හදන කෙනාගෙ අතේ තියෙන්නෙ..
අතේ නෙමේ අනේ ඒක තියෙන්නෙ කකුල් දෙක අස්සෙ..
ඊයා..කීව කැත.
.......................................
මම නුබේ මැසේජ් එක දෙසබලා සෑම දෙයක්ම ආවර්ජනය කලෙමි..කෙසේ මම නුබ දන්දෙන්මද..මම වෙස්සන්තර නොවෙමි..බත් එක පැත්තකින් තබා කලිසමක් දමාගන පාරට ආවෙමි..
මම පාරට විත් බොක්ස් එකකින් ඇගේ ගෙදර නම්බරයට කෝල් එකක් ගත්තෙමි ..
හසරැල් ...
මැනික..කොහොමද දැනගත්තෙ මම කියලා..
පුරුදු ගද ආවා..මහත්තයෝ ..ඇය හඩමින් කීවෙමි..
අනේ මහත්තයෝ ..අනේ මාව එක්ක යන්න' අම්මලා මහේෂ් අයියගෙයි මගෙයි වෙලාවල් අරන් ගියා නැකැත් හදන් එන්න..අනේ මට වෙන කාගෙවත් වෙන්න බෑ රත්තරනේ ..
ඔයා ලෑස්ති වෙන්න මම එනවා..
හා ..අම්මලා එන්න කලින් ඉක්මන්ට මම එන්නම් ගම්පහට .
........................
මහත්තයෝ ..
අරලියා ..
එන්න අපි යමු ..
කොහෙද අපි යන්නෙ.
අපේ බාප්ප එන්නෙ නුවරඑළියෙ එහෙ යන් අපිව හොයන්න බෑ.
ඇය ..ගම්පහ සිට නුවරට එනතුරු මගේ උර හිසෙ නිදාගන ආවේය..
අරලියා ..ඔයා හැන්ඩ් පෝන් එක ගෙනාවද..
ඔවු ,,,සයිලන් කරලා තියෙන්නෙ..ඇයි...
...අම්මලා කෝල් ගොඩක් අරන් මාව හොයනවා ඇති ..
ඕක ..විසික්කරන්න..
ඇයි...
ඕකෙ ඉමි අංකෙන් අපි ඉන්න තැන හොයාගන්න පුලුවන්..
නමුත් අපි.පරක්කු ඌව වැඩිය ..
හසරැල් ...
ඇයි අරලියා ...
අනේ ..මහේෂ් අයියා..
මට බොහෝවේලාවක් යනතුරු ඇසුනු එකම වචන එය විය..හිසට වැදුනු පහරකින් මා සිහිසුන්ව වැටුනි.
සිහිය එනවිට මා සිටියේ කාමරයක් තුලය..ටික වේලාවකට පසු මහේෂ් කාමරයට ඇතුලුවිය..ඒ පිටුපසින් අරලියා අඩමින් පැමිනියාය.
බල්ලෝ...තොපේ ජාතියට හරියන එකියක් හොයාගනින් ..මහේෂ් එසේ කියන ගමන් මට පා පහරක් එල්ල කලෙමි...
අනේ ..මහේෂ් අයියෙ එපා ගහන්න වදින්නම්..අනේ ගහන්න එපා මගෙ හිගන්නට..
කොහොද යකෝ ඒකා උබේ උනේ ..උබ මගෙ ගෑනි වෙන්න ඉන්නෙ බැල්ලියේ..
ඔහු දත්මිටිකමින් ඇයට කම්බුල් පහරක් එල්ල කෙලේය..
මහේෂ් එපා යකෝ මගෙ කෙල්ලට ගහන්න..
කොහෙද බොල උබෙ උනේ..එසේ කියමින් මගේ හිස බිත්තියේ වේගයෙන් වැදුදුවේය..මුලු ලොවම බබන්නට විය..
අනේ ..එපා දෙයියනේ ..අනේ ..කියන දෙයක් කරන්නම් .හසරැල්ට ගහන්න එපා මහේෂ් ...මාව මුලින්ම මරන්න..
යලිත් ඔහු මගේ ඔලුව බිත්තියේ ඇන්නේය..
එපා.අනේ එපා..මගෙ හිගන්නා මරන්න එපා..අනේ මහේෂ් වදින්නම් හසරැල් ට යන්න දෙන්න..මම එන්නම් ඔයා එක්ක..අනේ හසරැල්ට ගහන්න එපා..
මට නැගිට ගන්නට පන නැතිවිය..ඇය මහේෂ් ගේ පාමුල වැටී මගේ ජීවිත ඉලලා යැද්දාය.
යලිත් ඔහු මගේ හිසින් අලලා හොලෝමින්...බල්ලෝ උබට මම ආත්ම ගානකට අමතක නොවෙන්න පාඩමක් උගන්වන්නම්..ඔහු මගේ හිස බිත්තියේ එක දිගට වද්දාගන ගියේය.හිසෙන් ලේ ගාලන්නට විය..
අනේ එපා මහේෂ් අයියෙ..අනේ නවත්තන්න..අනේ වදින්නම් එපා ..ඇය මහේෂ් හා පොරබදමින් මා බේරාන්නට විය..
උබට මූ පනපිටින් ඉන්නවා බලන්න ඕනැද..එහෙනම් ගලෝපන් උබේ ඇදුම් මූ ඉස්සරාම
. හා ගලවන්නම්..අනේ ..ගහන එක නවත්තන්න එයාට..
මට එපා කියන්නට කීප වරක් උත්සහා කරත් මට වචන පිට නොවිනි..
ඇය මගේ ජීවිතය බේරාන්නට ඇගේ ඇදුම් එකිනෙක උනා දැමීය
එපා අරලියා එපා..අනේ ඔයා මගෙ..අනේ මාව මැරුවට කමක් නෑ මගෙ දේවල් පෙන්නන්න එපා කාටවත් ...අනේ එපා රත්තරනේ ..
ඇය ඉකිගසමින් ඔහු ඉදිරියේ නිරුවත් විය .ඔවු මා ඉදිරියේ මාගේ ආදරය .මා පන මෙන් ආදරය කල යුවතිය කෙලෙසා දමමින් සිටියේය .ඇය ඉකිලමින් ඔහු හා පොරබැදුවද පලක් නොවීය. මම පුලුවන් වෙර යොදා නැගිට්ටෙමි..කෙලින්ම පැන්නෙ ඔහුගේ ඇගටය.. මට කල හැකි එකම දේ කෙලේය. ඒ මගේ දත් වලින් ඒ පාපතර බල්ලාගේ උගුරු දන්ඩ හැකි වෙරදමා හපාදැම්මෙමි..
කටට ආ ලේ රහත් සමග මහේෂ් තවදුරටත් පන ඇති එකෙකු නොවීය..
අරලියා ..
අනේ මහත්තයෝ ....ඔයාට මොකද....
මොකුත් නෑ මැනික..ඇදුම් ඇදගන්න අරලියා...ඔය හැමදේම මගෙ කාට වත් පෙන්නන එපා..
ඔවු මහත්තයෝ ඔයාගෙ ..ඔයාගෙ කොන්ඩෙ පොකුටු පැටවු දෙන්නගෙ අම්මනෙ මම..
කෝ නැගිටින්න මගෙ පන...
අමාරයි ගොඩක් මට අරලිය ..ඔලුව ගොඩක් රිදෙනවා..එදා ගාඩර් එකේදී වගේ මගෙ නලල අත ගාන්න
හා..මහත්තයෝ ..එපා මාව දාල යන්න..මට කවුරුත් නෑ හසරැල් ..
නෑ යන්නෙ නෑ අරලියා ..ඔලුව හිරිවැටිලා එදා වගේ ඇක්ස් ඔයිල් ගාන්න එතකොට හරියයි..ඊට පස්සෙ අපි නුවර එලි යන්..
අනේ මහත්තයෝ කතාකරන්න.අනේ ඇස්,අරින්න දොයියන්න එපා මට බයයි...අරලිය කොයි තරම් කෑ ගසා ඇඩුවත් යලි ඔහු දෑස් ඇරියේ නැත..
පොලිස් නිලධාරීන් එනවිටත් ඔහු බදා ඇය හඩමින් සිටියාය...
අනේ පොලිස් අංකල් අනේ මෙයාට ඇස් අරින්න කියන්න..මෙයා මාව බය කරනවා..අනේ විහිලු නොකර මෙයාට ඇස් අරින්න කියන්න..
හසරැල් අනේ ..අනේ ඇස් අරින්නකෝ..මට පාලුයි..
වසර ගානක් යනතුරු ඇය කී එකම වචන කීපය ඌයේ ..අනේ ඇස් අරින්නකො හසරැල් කියාය.ඇය නොදන්නවට ඔවු එහා ලෝකයේ සිට ඇය එනතුරු දෑස් දල්වා බලා සිටියේය..අනිවාර්යයෙන් ඔවුන් එහෙදී හමුවනු ඇත...
Share this post :
--------------------------
---------------------------------

+ comments + 1 comments

July 20, 2019 at 10:16 AM

Godaaak duka hithenawa

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI