ආදරේ_නුඹටමයි

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
#ආදරේ_නුඹටමයි..
ස්ස්....
විදුර හැරුණෙ තමන්ට අමතනවා වගේ දැණුනු නිසා.හැරෙද්දිම විදුර දැක්කා තමන් දිහා බලලා හිනාවෙන අලුත් ගෑණු ළමයා.ගෘප් ක්ලාස් එකට ඇවිත් දවස් දෙකෙන් අලුත් කෙල්ල මුලු පන්තියටම ගැළපුනත් විදුර නම් වචනයක් වත් කතා කළේ නෑ.මොකද ඒ විදුරගෙ හැටි
ආඩම්බරකාරයෙක් බන්
විදුර දිහා බලලා ගොඩක් අය කීවෙ එහෙම.ඒත් කෙනෙක්ව හොදයි නම් විදුර හදවතින්ම ආශ්‍රය කරනවා
උඹ දන්නවද කේශි මාර බ්‍රයිට් බන් ඕකා ,හැමදාම ස්කූල් හෝල් ෆර්ස්ට්
කේශි දෙතුන් පාරක් බැලුවා ආඩම්බරකමට ඔහේ බිම බලාගෙන ඉන්න විදුර දිහා.වෙන පිරිමි ළමයින්ගෙ නැති අමුතුම තැම්පත් පෙනුමක් විදුරට තිබුනා
මාර රෙස්පට් වගේ නේ බන්
කේශි ඇහුවෙ ශර්ට් එකේ අත හදන විදුර දිහා බලාගෙන කේශිව පිරිමි ළමයෙක් ගනන් නොගෙන ඉදලම නෑ.මොකද කෙල්ල ලස්සනයි.අහින්සක පාටයි.හිත ඇදෙන හිනාවක් කේශිට තියෙනවා.ඒ මූන දිහා කොල්ලෙක් හැරිලවත් නොබලපු පලවෙනි වතාව මේ
කේශි විදුර දිහා ආයෙ ආයෙ බැලුවා.බැලුවම නෙවෙයි බැලුනා
උඹ මොකෝ විදූව කන්න වගේ බලන්නෙ
ශශී අහද්දි කේශි අහක බලාගත්තා
හැමදාම දැක්කත් ඒ මූන ඒ විදියමයි.කිසිම විශේසයක් කිසිම හිනාවක් නැ.කාටත් එහෙමයි වගේ කියලා කේශිට හිතුනා
එක බස් එකකට නැග්ගත් විදුර නිකමටවත් අදුනන කමට හිනා වෙන්න වත් හිතුවෙ නැති තරම්.මේ ආඩම්බරකාරයා වෙනුවෙන් කේශිගෙ හිතේ නොකියපු කවියක් ලියවුනා
විදුර
බස් එකෙ දවසක් හිටගෙන යද්දි විදුර එහා පැත්තෙ.සෙනගත් වැඩියි.කේශිට ලග ඉන්න එකාගෙ ඇතිල්ලිල්ල එපා වෙලා නිසා විදුරට කතා කළා.විදුරගෙ නම් විශේස හිනාවක් නෑ ඒත් කේශි ඉන්න විදියෙන් විදුරට කෙල්ල පව් හිතුනා
අයින් වෙනවා
කියපු විදුර කේශිව තමන් ලගට ලන් කරගන ආරක්ශා කළා
තෑන්ක්
කේශි බහිද්දි ස්තුති කරද්දිත් විදුර ඔලුව වැනුවා විතරයි.
කේශි මොන පන්තියට නොගියත් කෙමෙස්ට්‍රි පන්තිය මග ඇරියෙ නෑ.මොකද කවදාවත් කතා නොකරන විදුරව බලන්න ලොකු ආසාවක් කේශිට තිබුනා
විදුර
කේශි දවසක් ලන් වෙලා විදූට කතා කළා
විදුර ඇයි ඇහුවෙත් ඇස් වලින
මට පිසික්ස් පාඩම් වගයක් තේරෙන්නෑ සශී කීවා ඔයා හොදට තේරුම් කරලා දෙනවලු පුලිවන්නම් මට ක්ලාස් කලින් ආපු දවසට කියලා දෙන්න පුලුවන්ද
විදුරට එහෙම හැකියාවක් තිබුනා.පාඩමක් සරලව කෙනෙක්ට තේරුම් කරන්න
හෙට පුලුවන් නම් වේලාසන එන්න
විදුර කියද්දි කේශිගෙ හිතේ මල් පිපුනා.කේශි වෙනදට වඩා වේලාසන පන්තියට ආව.විදුර අහිතක් නැතිව කේශිට පාඩම කියලා දුන්නා.මේ පාඩම් කියලා දීම එක දිගට ටික කාලයක් කෙරුනා
එක දවසක් විදුරට හදිස්සියෙම පන්ති එන්න බැරි උනා.කේශි හිටියෙ පිස්සුවෙන් වගේ.පහුවදා විදුරව දැකපු ගමන්
ඇයි ආවෙ නැත්තෙ මම දුකෙන් හිටියෙ
කේශි එහෙම කිය්ද්දිත් නොතේරෙන මොකක්දෝ හැගීමක් විදුරට ඒ ඇස් වලින් පෙනුනා.මෙච්චර දවස් කේශි ලන් වෙද්දි දැනුනු සුපුරුදු හැගීම තවත් උණුසුම්.වෙලා විදුරට දැනුන
ඔයා ක්ලාස් එන්නැතිව ඉන්නෙපා ප්ලීස්
පලවෙනි වතාවට ගෑණු ළමයෙක් කෙලින්ම විදුරට එහෙම කීවා.විදුර පුදුමෙන් කේශි දිහා බැලුවා.ඒ බැල්ම හිනාව නොමැකෙන විදියට විදුරගෙ හිතේ සටහන් උනා
මට ඔයාව ගොඩක් මතක් වෙනවා
දවසක් නොහිතපු විදියට කේශි කියද්දි විදුරගෙ පපුවටත් අමුතුම හැගීමක් දැනුනා
මම ඔයාට මාරම ආදරෙයි විදුර
විදුරගෙ ආඩම්බර පිරිමි හිත හොලවලා කේශි ආදරෙයි කීවා.ඒ බැල්ම ආදරේ අහක දාන්නා විදුරටත් බැරි උනා
ඔයා මගෙ පණ නොදැක ඉන්න බෑ
ඒ අහම්බෙන් හිතට දැනුනු කේශිගෙ ආදර වෙනුවෙන් විදූගෙ කටින් පිට වුනු වචන
මාව දාලා යන්නෙපා මම මැරෙයි
කේශිවත් නොහිතපු විදියට ආඩම්බරකාරයා කේශිට පැලෙන්න ආදරේ කරන්න ගත්තා
මොහොත්ක් වත් නොදැක ඉන්න බෑ කේශි
විදුර වෙලාවකට පිස්සුවෙන් වගේ කියෙව්වා.අවුරුදු ගානක් වහපු දොරගුල්.ඇරලා හදවතට ආපු කෙල්ලට විදුර පන
මට වෙලාවකට ගෙදර ඉද්දි හිතෙනවා ඔයාගෙ ගෙදර ඇවිත් බලල යන්න
විදුර කීවෙ ඇත්ත.අහම්බෙන් ආපු කෙශි විදුරගෙ ජීවිතේම උනේ පුදුම විදියට
අම්මෝ ගෙදර ආවොත් නම් අයියලා අඩු කඩයි
සැප සම්පත් අයියලාගෙ ආදරේ මැද හැදුනු කේශිට තනිකමක් තිබුනෙ නෑ ඒත් තනිකමෙන් ගෙව්නු විදුරගෙ ජීවිතේට කේශි පණ උනා
එක්සැම් එකෙන් පස්සෙ කොහොමද බලන්නෙ මට නොබලා ඉන්න බෑ
කොල්ලා නාහෙන් ඇඩුවා.
එහෙම කියලා පිස්සෙක් වගේ ගෙදර නම් එන්නෙපා
කේශි කීවෙ එහෙම
ඔයාට මාව නොබලා ඉන්න පුලුවන්ද
විදුර ඇහුවෙ.වේදනාවෙන්
එහෙම නෑ ඒත් එහෙම නෙවෙයි ගෙදරින් ප්‍රස්න දාගන්න බෑ දැන්ම
විදුරට දැනුනෙ කේශි තමන් ව නොසලකා හරිනවා කියලා
විභාගෙන් පස්සෙ ඒ හැගීම වැඩි උනා.විදුරටපාලුයි.දුකයි.වෙනදා විදුර නොදැක ඉන්න බැරි උන කේශි විදුරට කතා නොකර බැරි උන කේශි ටික ටික වෙනස් වෙන්න ගත්තා
මට බලන්න ඕනෙ නැත්නම්.පිස්සු හැදෙයි
විදුර කෝල්.කර කරා කීවා.ඒත් කේශි ගෙදරින් එලියට බැස්සෙ නෑ.කේශිගෙ ගෙදර අම්මලා කේශිව හැදුවෙ මලක් වගේ.ඒ මල විදුරට දෙන්න කොහෙත්ම කැමති උනේ නෑ
මට ඔයා නැතිව ජීවත් වෙන්න බෑ
ඒ විදුරගෙ ආදරේ
අපිට එකතුවෙන්න බෑ
ඒ කේශිගෙ අසරණකම.අවසානෙදි කේශි බැන්දා
ඒත් විදුරව නෙවෙයි
මට සමාවෙන්න
කේශිගෙ අවසාන කෙටි පණිවිඩය විදුර කියෙව්වා.ඒ පාලු මූසල රෑ කේශි වෙන කෙනෙක්ගෙ පතිනිය වෙද්දි විදුර පලු කාමරේ කේශිගෙ ආදරේ වෙනුවෙන් පණ දුන්නෙ කේශි තමන්ගෙ පණ කියලා ඔප්පු කරලා
පිස්සෙක් කෙල්ලෙක් හින්දා මැරුණා
හැමෝම කීවා.ඒත් තමන්ට අයිති ඕනෙ කෙනා නැතිව ජීවත් වෙන්න විදුර දැනගෙන හිටියෙ නෑ මොකදවිභාග පාස් කරන හැමෝම හැගීම්.ඉස්සරහා තමන්ගෙ හදවතට ෆේල් වෙනවා
කෙනෙක්ට ලන් වෙන්න කලින් ගොඩක් හිතන්න මොකද ඔයා ලන් වෙන්නෙ ඔයාව ජීවිතේ කරගන්න කෙනෙක්ට.වෙන්න පුලුවන්
කෙනෙක්ගෙන් ඈත්වෙන්න කලින් ගොඩක් හිතන්න මොකද ඔය ඈත්වෙන්නෙ ඔයාට ජීවිතේ දීපු කෙනෙක්ගෙන් වෙන්න පුලුවන් එයා ඔයානැතිව ජීවත් වෙනන නොදන්නවා වෙන්න පුලුවන්
මොකද හැරයන ඔයාට ඒක සාමාන්‍ය උනාට තනිවෙන කෙනාට ඒක දරාගන්න බැරි තරම්.ලොකු වේදනාවක් වෙන්න පුලුවන්.මොකද ආදරේ වෙනුවෙන් මැරෙන හැමෝම පිස්සොත් නෙවෙයි.හැගීම් තමයි ප්‍රබලම ඔබට ඔබේ බැදීමට සාදාරනයක් කල
නොහැකි නම් බැදීම්.ඇති කර නොගන්න..
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI