බැදපු ගැනියෙක් නම් මේක කියවපන්

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

 තමන්ගේ මිනිහ පිට යන හේතු ටිකක්... කැමති නම් කියවලා පාඩමක් හිතට ගන්න...

ආදරේ කරලා බැදලා හරි, බැදලා ආදරේ කලා හරි කලින් තිබ්බ මිනිහගේ ආදරේ,හිනාව,වෙලාව, සල්ලි පිට දැං ගිහිං නං මිනිහට බනින්න කලින් මේ ටිකත් හිතපන්...

උඹ යාලු උන දවස්වල/බැන්ද තිබ්බ උඹෙ ලස්සන


අහිංසක වචන,උඹේ හුරතලේ,ඒ කාලේ මිනිහට තිබ්බ ගෞරවේ, උනන්දුව දැං තියෙනවද බලපන්...

ඒ මිනිහට උඹේ ළග හුරතල් වෙන්න උඹ ඉඩක් තියෙනවද බලපන්...උඹේ ඔඩොක්කුවට වෙලා ඉන්න තත්පරයකට ඉඩක් දෙනවද උඹ... පොඩ්ඩක් හිතපන්...

මෝඩියක් නොවී කසාදේ තිත්ත කසායක් කරගන්නේ නැතිව ඉන්න දගලපන්... පොඩ්ඩක් බලන් ඉදපන් උලුවස්සට හේත්තු වෙලා මිනිහ ගෙදර එනකන්... එහෙම ආවම හෙමින් උඹෙ අතින්ම මිනිහගේ ඇදුම් ලිහිල් කරපන්... විනාඩි පහක් වියදම් කරලා රහට තේකක් හදලා උඹත් ඒකෙන්ම උගුරක් බීපන් පේන්න...

පිහිටලා තියෙන අත්ගුණේ පාවිච්චි කරලා කරවිල උනත් රසට උයලා උඹෙ අතින්ම කටක් දෙකක් බත් අනල කවපන්...

හැමතිස්සෙම මිනිහගේ ලගම දැවටියන් මිනිහ ආසයි උඹෙ කොමලෙට...හැට හතර මායම් වලින් දන්න තරමක් පාවිච්චි කරපන්... හුරතල් වෙවී කතා කරපන් ගිරවියක් වගේ අහං ඉදී සංසාරේම උඹෙ මිනිහ අකමැති නොවී...

ලමයි එකෙක් නෙවෙයි දහයක් වැදුවත්...සමාජෙත් එක්ක වෙනස් වෙලා උඹත් ලස්සනට පොඩ්ඩක් ඇග තියාගන්න මහන්සි වෙයන්...ලාවට මේකප් එකක් දාලා ලෝකෙට ඉරිසියා හිතෙන්න උඹෙ මිනිහට ලෝබ හිතිලා උඹටම වහ වැටෙන්න මිනිහගේ අතේම එල්ලිලා පලයන් බලයි හැරි හැරී ඔක්කොම...

වද කරපන් සැලොන් යන්න, ෂොපින් යන්න...වෙන ගෑනුන්ට වියදම් කරපු සල්ලි උඹ ගාව ඕන තරං වියදම් කරයි ලොස් නැතුව...

පුලුවන් හැම වෙලාවෙම හෙමීට කම්මුල් ඉබපන් ඒ ඇස් වලට හොරෙන් එබිලා...යයි වරු ගනන් උඹටත් නොදැනෙන්න...දැනෙන්න දීපන් උඹත් තාම සෙක්සි කෙල්ලෙක් කියලා...

බලපන් අඩුම සතියක් යද්දී,වෙනදා පාන්දර ගෙදර එන මිනිහ උඹෙ ඇද ගාව තනියට නැති වෙයිද කියලා... වෙනදට තිබ්බ මල ගෙවල්, මගුල් ගෙවල්, ඔෆිස් පාටි,යාලුවොන්ගෙ පාටි අඩුවෙලා උඹ එක්කම කාලෙ ගෙවයි... ලමයි වැදුවට උඹට වයසක් නෑනේ උඹෙ මිනිහත් ආසයි ලස්සනට වයසට කලින් නාකි වෙන්න එපා....

ඒ මිනිහටත් තියෙන්නේ සාමාන්‍ය හිතක්..උඹට වෙලාවක් නැති උනාම මිනිහ ළග හුරතල් වෙන්න,දග වෙන්න,සිප ගන්න ඒ මිනිහ වෙන ගෑනියෙක්ගේ ලස්සන දකින එක, අනියම් බිරියක් හොයන එක,උඹට කෑ ගහගෙන ගෙදරට එන එක,උඹ උයන බත් කටක් නොකන එක,වෙන ගෑනුන්ගේ සැප හොයන එක සාමාන්‍ය දෙයක්....

උඹ කසාද බැඳලා ඉන්න මිනිහා එක්ක ජීවිතේ විදපන් විදවන්නෙ නැතුව...ඒකට ගෑනුන්ගේ හැට හතර මායම් දැම්ම කියල කවුරුවත් නෑ බනින්න,ගහන්න...

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI