තමුසෙම කිව්වේ මාව විශ්වාස නෑ කියලා..විශ්වාස නැතුව ජීවත් වෙන්න බෑනේ..මං බයකට නෙවේ එන්නේ නැත්තේ..තමුසෙලා වගේ පහත් විදියට හිතන මිනිස්සු එක්ක සම්බන්ධතා තියා ගන්න මගේ ආත්මේ මට පාවලා දෙන්න බැරි නිසා.

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

මම හිටියේ උදේ වැඩට යන ගමන්...එක පාරම ආපු කැරකිල්ලක් නිසා මං ළගම තිබ්බ තැනක වාඩි උනා....
"ඇයි පුතේ" ඒ අසල සිටි කාන්තාවක්
"නෑ aunty කලන්තයක් ආවා"
ඇය ඉක්මනින් වතුර බෝතලේ අරන් මගේ මූනෙ තැවරුවා..බොන්නත් දීලා ඔලුව ටිකක් තියා ගන්න කිව්වා....ඇය අවසානයේ මාව train එකටත් නැග්ගුවා.....
"පුතේ ගෙදර කාට හරි කතා කරනවද??යන්න පුලුවන් ද...."
මම පැතුම්ගේ number එක screen එකට අරගෙනත් ඕනි නෑ කියලා හිතුවා..
"මට දැන් හොදයි aunty"
ම්ම්ම්ම් ඇත්තටම කිව්වොත් මං දවස් ගානක් තිස්සේ හරියට කාලා නෑ....කන්න බෑ..ඇත්තටම කිව්වොත් මම මානසිකව හුගක් වැටිලා ඉන්නේ...මගේ affair එක නිසා..එයා පැතුම්...අපි හුගක් ආදරෙන් සතුටින් හිටියා..අනිත් හැමෝම වගෙ නෙවේ..ඊටත් වඩා...
අපේ ගෙවල් වලින් අකමැති උනත් එයාලගෙ ගෙදරින් කැමති උනා...මාත් ආදරේ වැඩි කමට කවදා හරි අපේ ගෙදරින් කැමති වෙයි කියලා බලාගෙන හිටියා...
"බබා අපි film එකක් බලන්න යමුද..."
"හා හැබැයි පොඩි ප්රශ්නයක් තියනවා"
"ඇයි පැතුම්"
"මං ළග සල්ලි නෑ..පඩි ගත්තම අම්මා සේරම ගන්නවා .ඊට පස්සේ මගේ වියදමට ටික ටික දෙන්නේ...නැත්තම් මම නාස්ති කරනවනේ...ඔයා මට සල්ලි දෙන්න...මන් පඩි ගත්තම දෙන්නම් ඔයාට. "
"හා"
මොනා උනත් හැමදාම අපි සතුටින් හිටියා..මාත් හුගක් ආදරේ කරා...හුගක් වෙලාවට මන් නිවාඩු දවසට එයාගෙ ගෙදර ගිහින් හිටියේ...එයා මට කැව්වා..මාව හොදට බලා ගත්තා ....එයාගේ අම්මා තාත්තා මට හුගක් ආදරෙන් සැලකුවා....
ඒත් එක මොහොතකින් හැමදේම වෙනස් උනා...ඒ මගේ යාලුවෙක් පැතුම් ගැන කියපු දේකින්..
"මොකක්ද බං කියන්න තියනවා කිව්වේ.."
"නෑ බං උබ දැන් අරූව බදිනවද!
"ඔව්ව් ඇයි"
"ඕක කල් දාපන් බං..උබට ඕක හරි යන් නැ..උබ කොච්චර හොදද..ලස්සනද"
"එයත් හොදයි ලස්සනයි..ඉතින් අවුලක් නෑනේ"
"ලස්සන කන්නද ගෑනියේ .ඌ ගංජා ගහනවා"
"මොකක්..උබට පිස්සුද"
"ඔව් උබට මං පෙන්නන්නද"
"මොකක්ද.."
"ඌ යාලුවෝ එක්ක ඉන්න photo එකක්..ගංජා කාරයෝ එක්ක...."
"හා"
"මට ඕක දෙනවද.."
"අනේ බං මේ උබ මේක පෙන්නලා ගිහින් උගෙන් අහන්නද..කට වහන් හිටපන් බං"
**********
මට ඒක හිතේ තියන් ඉන්න බැරි උනා...මං ඒක දවසක් පැතුම්ගෙන් ඇහුවා..
"බබා sorry...ඒක ඇත්ත...."
"හරි thanks ඇත්ත කිව්වට..මං යනවා.."
"බබා යන්න එපා...මගේ අතීතේට මං වෛර කරනවා..ඔයා මගේ ජීවිතේට ආවට පස්සේ මං ඒ හැම දේකින්ම ඈත් වෙන්න තීරනේ කරා..ඔයා දන්නවනේ මං කලින්ට වඩා හුගක් දැන් හොදයිනේ..මං කලින් වගේ යාලුවෝ හම්බෙන්න යන් නෑ..ගියත් ඔයාට කියනවා..මේ හැමදේම කරන්නේ ඔයා නිසා..ඔයාව මට ඕනි නිසා..ටික ටික මං හැමදේම නවත්තන්නම්...එක පාරම බෑ.."
"මට ඔයාගෙ අතීතෙන් වැඩක් නෑ..ඒත් මං එක්ක ඉන්න කොට ඔයා මං අකමැති දෙයක් කරනවා නම් ඒක මට ප්රශ්නයක්..මොකද අපේ ගෙවල් වලින් මේකට අකමැතිව මං තීරණයක් අරන් මට මගේ ජීවිතේ විනාශ කර ගන්න බෑ...මට මගේ life එක ගැන වගකීමක් තියනවා..."
"හරි බබා..මට ඔයාව විතරයි ඕනී..මං ඔයා කියන දේ කරන්නම්..මාව දාලා යන්න එපා...මට ඔයා නැතුව බෑ..මට කාලයක් දෙන්න..අපි දෙන්නට අපේ අම්මා ඉන්නවනෙ..ඔයා තනි වෙන්නේ නෑ..."
"මං දන්නේ නෑ පැතුම්...මට නම් දැන්ම බදින්න බෑ"
"ඔයාට කල් තියනවා..ඒකට කමක් නෑ..ඔයා ඔයාගෙ වැඩ ටික කර ගන්න"
"බලමු"
"බලමු කියන්නෙ මොනාද..මම මෙච්චර හොදින් කතා කරලත්....ඔයාගේ virginity එකත් මං ප්රශ්නයක් කර ගත්තේ නෑ..ඔයා ඇත්ත කිව්වත් බොරු කිව්වත් මං කිව්වනේ මට ඔයාගෙ අතීතේ වැඩක් නෑ කියලා..මට ඒක ප්රශ්නයක් උනෙත් නෑ..ඉතින් මොනාද කියවන්නෙ..මං ඔයාට ඒකටත් සමාව දුන්නා.."
"මේ පැතුම් මට virginity එක prove කරන්න බැරි උනා කියලා මං වෙන මිනිස්සු එක්ක ගිහින් නිදා ගෙන නෙවේ...ඒක මතක තියා ගන්න...මට සමාව දෙන්න මං වැරැද්දක් කරේ නෑ..මං එදාම කිව්වනේ ඔයාට ඒක ප්රශ්නයක් නම් අපි මේක නවත්තමු..මට ඒක නෑ කියලා ඔප්පු කරන්න විදියක් නෑ කියලා...ඔයාම එදා කිව්වනේ මම එහෙම හිතන කෙනෙක් නෙවේ..මට ඒකෙන් වැඩක් නෑ කියලා.."
"කියවන්න එපා..මං ඔයාට බයේ ඉන්නෙ නෑ"
"කවුද බය වෙන්න කිව්වේ..මට බය වෙන්න ඕනි නෑ..කරපුවා කියවන් නැතුව ඉන්නවා..ගංජා කාරයා"
"අනේ තමුසේ මොනාද ඒ ගැන දන්නේ..ඒවා ටිකක් use කරාට මොකුත් වෙන් නෑ..."
"අනේ පලයන් බං යන්න..වැරැද්දක් කරලා ඒක නිවැරදි කරන්නත් යනවා..."
******
මං එදා ගෙදර ඇවිල්ලා හොදටම ඇඩුවා..මං රැවටුනා වගේ මට හිතුනේ..ඒත් මට පැතුම්ව ඕනි උනා....මං ඒකයි මේ ගැන එයාගෙ අම්මට ටිකක් කියලා බලන්න හිතුවේ..එයාව ගොඩ ගන්න අම්මා උදව් කරලා කියලා..ඒත් උනේ වෙනම දෙයක්.මං අම්මට කතා කරලා ටික වෙලාවක් ගියේ නෑ..පැතුම් මට කතා කරා..
"හෙලෝ....අපේ අම්මට කියලා මොනාද බලාපොරොත්තු වෙන්නේ..මම අවුරුදු 30ක් අම්මා එක්ක ඉන්නේ..අම්මා මං ගැන දන්නවා...ඔයා කවුද...මගේ අම්මා මගේ පැත්තේ.."
"අනේ මේ පැතුම්..අම්මා කෙනෙක් කියන්නෙ දරුවගේ පැත්ත ගන්නවට නෙවේ..වැරැද්දක් කරාම ඒක පිලි අරන් ළමයට කියලා දෙන එකට...නැතුව සුද්ද කරන එකට නෙවේ.මහ ලොකුවට අම්මා ඔයාව හැදුවා නම් තමුසේ ගංජා කාරයෙක් වෙයිද...."
"කට වහනවා...අපේ ගෙදරින් දැන් කොහොමත් ඔයාට කැමති නෑ..අම්මා කිව්වා ඔයාව බැන්දොත් කිසි දෙයක් දෙන් නෑ කියලා...ඊටත් එයා කිව්වා මට ඔයාව පාලනේ කරන්න බෑ කියලා.."
"ඔයාට පාලනය කරන්න ඕනි නම් ජනාධිපති වෙනවා..මොකුත් කර ගන්න නම් බෑ..මහ ලොකු talks නම් දෙනවා..අපි වැදගත් මිනිස්සු.."
******
පැතුම් එදායින් පස්සේ මට වැඩිය කතා කරේ නෑ..මාත් කතා කරන්න ගියේ නෑ..ඇත්තටම මට මැරෙන්න හිතිලා තිබ්බේ..ඔක්කොම අපේ affair එක දන්නවා..ඒ මදිවට බදින්නත් දින දාගෙන..මට ජීවිතේම එපා උනා..
ඔහොම ඉන්න කොට පැතුම් මට message එකක් දැම්මා..
"බබා මට ඔයාව ඕනි..ඔයාටත් මාව ඕනි නම් අපිට අම්මා කියන දේ කරන්න වෙනවා"
"මොකද්ද ඒ පාර"
"මායි ඔයයි අම්මයි docter කෙනෙක් meet වෙන්න යමු.."
"ඒ මොකටද"
"Virginity test එකක් කරන්න"
"මොකටද?අම්මද කරන්නේ"
"බබා අහන්න..මට දැන් ඔයා කියන දේවල් විශ්වාස නෑ..ඔයා ඒකට එන්න..එතකොට අපිට දැන ගන්න පුලුවන් ඔයාට උපතින්ම ඒක තිබ්බේ නැද්ද කියලා"
"අනේ මිනිහෝ තෝ කටින්ද කියන්නේ .තමුසේ එහෙනම් මාත් එක්ක හිටියේ මොකටද" ..තමුසෙගෙ virginity එකත් test කරමු එහෙනම්"
"කට වැඩී.."
"ඔව් මං කාටවත් බය නෑ...ඔයා අම්මා කියන විදියට නැටුවට මං ඉන්නෙ මට ඕනි විදියට..තමුසෙට වඩා මට කොන්ද පන තියනවා"
"එහෙනම් කොන්ද පන තියන එකෙක් හොයා ගන්නවා"
"ඔව් හොයා ගන්නවා.."
"ඔච්චර තරහා ගන්නේ මොකටද..බය නැත්තම් test එකට ඇවිල්ලා ඔප්පු කරන්න..ඒක අපි දෙන්නටම හොදයි.."
"දැන් තමුසෙම කිව්වේ මාව විශ්වාස නෑ කියලා..විශ්වාස නැතුව ජීවත් වෙන්න බෑනේ..මං බයකට නෙවේ එන්නේ නැත්තේ..තමුසෙලා වගේ පහත් විදියට හිතන මිනිස්සු එක්ක සම්බන්ධතා තියා ගන්න මගේ ආත්මේ මට පාවලා දෙන්න බැරි නිසා.."
"ඔහොම කියන්න එපා..මට ඔයා ඕනි නිසා එහෙම කිව්වේ "
"අපි දෙන්නගෙ ප්රශ්න මෙච්චර කල් අපි විසදගත්තා..අම්මව සම්බන්ධ කරේ නෑනේ..ඔයා තමා හැමදේම කරේ.."
"ඔයයි මේකට අම්මව ගාවගෙන අපේ ගෙදර තත්වේ කෑවෙ..එයාල කැමති වෙලානෙ හිටියේ.."
"කමක් නෑ පැතුම්.."
"මං එක්ක හිටියොත් ඔයා විනාශ වෙයි..ඊටත් අම්මලා මොකුත්ම නොදුන්නොත් ඔයාට මාව බලා ගන්න පුලුවන්ද ..බෑනේ...ඒ නිසා අම්මා කියන දෙයක් තමා"
"අනේ අම්මා කියන දේ අහන සුදු පුතා..අම්මත් දැනුවත් ඇති එහෙනම් හැමදේම ගැන...අම්මා එක්කම ඉන්න..එයා කියන දේම කරන්න.අම්මට දුක ඇති එයාගේ පුතා ගෑනිට යටත් වෙලා ඉදීවි කියලා..කවුද ගෑනු එන්නේ ඔයා වගේ අය එක්ක.මට පිරිමි නැතුවට නෙවේ..thank u මාව සතුටින් තිබ්බට..අම්මට කියන්න මං verginity test කරලා පෙන්නලා ලබා ගන්න තරම් දෙයක් ඔයාගෙ නෑ කියලා..අම්මට දුක ඇති පුතාගේ කෙරුව්වාවල් දැන ගත්තම...දැන් මගේ වැරැද්දක් හොයනවා ඇති..බලු කම"
නිමි
මොනා උනත් මං තාමත් පැතුම්ට ආදරෙයි ..හැදෙයි කියලා බලා ගෙන ඉන්නවා නොකා නොබී...ඒත් හුගක් දුකයි...ඔයාලත් ආදරේ කරද්දී 3 වෙනියෙක් මැද්දට ගන්න එපා..අම්මා තාත්තා උනත්...තමන්ගේ ප්රශ්න දෙන්නා එක්ක විසදගන්න තාක් ඒ බැදිම ආරක්ෂා වෙයි...
ඔයාලගේ අදහස් කියාගෙන යන්න..
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI