🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
" අඩෝ අර බලහන්කො බං පට්ට කෑල්ල යකෝ"
දිනෙත්ගේ කටහඩට ආකාශ් හැරිලා බැලුවේ එතනින් ගිය හුරුබුහුටි කෙල්ල දිහා.
දිග කොණ්ඩේ ගොතලා පිට මැද්දේන් වැටෙන්න දාලා.නිල් පාට ඇස් දෙක දිගු ඇස් පිහාටු පැහැපත් මුහුණ .පිරුණු කම්මුල් කෙල්ලගෙ ලස්සන තවත් වැඩි කලා.
ආකාශ් කෙල්ල දිහා බලන් හිටියෙ කටත් ඇරගෙන .ඒ ඇස් කෙල්ල ලගම නැවතිලා .කෙල්ලත් බැලුවේ කොල්ලා දිහා.කොල්ලගෙ ඇස් දෙකේ කෙල්ලව අතරමං වෙලා.හීන් හිනාවකින් මූණ සරසගත්තු කෙල්ල අහක බලා ගත්තා .
කොල්ලගෙ හිතට ආවේ කෙල්ල ගැන ආසාවක් .ඒක ආදරයක් නෙමෙයි .
" මචං දිනෙතයා මට ඒකීව ඕනේ බං "
" හම්මට ඒ කියන්නේ දැන් උබටත් පව්ල් පන්සල් වෙන්න හිතිලා වගේ"
"පිස්සුද බං ඒකිව මට ඕනේ එක දවසකට විතරයි .දන්නවනේ ඉතිං "
ආකාශ් ඇස් නටව නටව කියද්දි දිනෙත්ගේ මූණේන් පෙනුනේ නොපහන් බවක්.
" පිස්සු කෙලින්න එපා යකෝ පව් ඒකි අහිංසක පාටයි බං බලහන්කො.උබේ සල්ලි වලට වහ වැටිලා උබත් එක්ක එන කෙල්ලො වගේ නෙමෙයි ඒකී.නිකං පව් වැඩ නොකර ඉදහන් බං "
" අනේ අනේ මේ උබේ බණ නවත්ත ගනින් බං .මට ඒකිව ඕනේ එච්චරයි .ඔන්න බලහන්කො මං සති දෙකෙන් කෙල්ලව දා ගන්නවා."
ආකාශ්ට තවත් කියලා වැඩක් නැති නිසා දිනෙන් සුසුමක් හෙලලා අහක බලා ගත්තා .
ඊළග දවසෙත් ආකාශ් කෙල්ලව බලන්න එදා කෙල්ලව දැකපු තැනට ගියා.
දිගු කොණ්ඩේ උඩට බැදලා ගෙඩියක් ගහගෙන නිල් පාට ඇස් වලින් බිම බලාගෙන එන කෙල්ල දිහා ආකාශ් බලන් හිටියෙ ආසාවෙන් .
කෙල්ල කොල්ලා ලගට එනකන්ම දැක්කේ නෑ .
" හායි මට චුට්ටක් ඔයත් එක්ක කතා කරන්න පුලුවන්ද ?"
ආකාශ්ගේ කට හඩට කෙල්ල ගැස්සිලා කොල්ලගෙ මූණ දිහා බැලුවා .ඝනට වැවුනු ඇහි බැමි,හිනාවෙනකොට පුංචි වෙන ඇස් වල ගැහෙන කම්මුල් කෙල්ලගෙ හිතට මොකක්දෝ කලා.ඒකමයි කෙල්ල ඇස් පිය ගහන්නෙවත් නැතිව කොල්ලා දිහා බලන් හිටියෙ .
" කියන්නකෝ ඉතිං මට ටිකක් කතා කරන්න පුලුවන්ද "
කොල්ලගෙ ඇස් වල අතරමං වෙලා හිටපු කෙල්ල පියවි සිහියට ආවේ කොල්ලගෙ කටහඬට.
" ඔව් පුලුවන්
කෙල්ල කිව්වේ ලැජ්ජාවෙන්.
" හි හි ඉතිං නංගිගේ නම මොකක්ද ?"
"මං හිමන්දි"
"වාව් ලස්සන නමක්නේ.දන්නවද නංගී ඔයාව දැකපු පලවෙනි දවසෙ මට දැනුනෙ ඔයා මට ගොඩක් ලග කෙනෙක් කියල .ඇයි කියන්න තේරෙන්නෙ නෑ .ඒත් මට ඔයා ගැන අමුතු හැගිමක් දැනෙනවා ."
ආකාශ් එහෙම කියද්දි කෙල්ල ඇස් දෙක ලොකු කරන් කොල්ලා දිහා බැලුවා .සුදු කම්මුල් රතු වෙලා.
" මං මං යන්නම් අයියා "
කෙල්ල අමාරුවෙන් වචන ගලපගෙන එතනින් යන්න හදද්දි කොල්ලා කෙල්ලගෙ අතින් අල්ල ගත්තා.කෙල්ල වෙව්ලනවා හොදටම .
" බය වෙන්න එපා සුදු මැණික .මොකද මේ ම්ම්ම්ම් වෙව්ලන්නේ.දන්නවද ආදරෙයි මං ගොඩක් "
කොල්ලා එහෙම කියල කෙල්ලගෙ අත අත් ඇරියා .කෙල්ල එතනින් දුවගෙන ගියේ ඇති ගැහෙන පපුවට අතකුත් තියාගෙන .
කොල්ලා එදායින් පස්සෙ කෙල්ලව හැමදාම වගේ හම්බෙන්න ගියා.දැන් කෙල්ල ආකාශ් එක්ක ගොඩක් එකතුයි.කෙල්ලගෙ හිතත් කෙල්ලට හොරෙන්ම ආකාශ්ට ආදරේ කරන්න පටන් අරන්.කෙල්ල හිටියෙ ඒ ගැන කියා ගන්න බැරිව .
" දැන්වත් මට කියන්නකෝ ආදරෙයිද "
" ඔව් ගොඩක් ආදරෙයි "
කෙල්ල එහෙම කිව්වේ බිම බලාගෙන .කොල්ලා හිනා උනේ කට කොනකින් .
එදායින් පස්සෙ කෙල්ල කොල්ලට ගොඩක් ආදරේ කලා.කොල්ලා නම් කෙල්ලව ආශ්රය කලේ වෙන දෙයක් බලාපොරොත්තුවෙන් .කෙල්ල ගැන කිසිම හැගිමක් ඒ හිතේ තිබුනේ නෑ .තමන්ගේ ආශාවන් ඉෂ්ට කර ගන්න ඇරෙන්න කොල්ලට කෙල්ලගෙන් කිසිම දෙයක් ඕනේ උනෙත් නෑ.
කොල්ලා කෙල්ලව හම්බෙන්න ගිය වෙලාවට කෙල්ල හිටියෙ ගොඩක් සතුටින් .ඒත් ඒ ඇස් වල ලොකු දුකක් කොල්ලා හැමවෙලේම දැක්කා.ඒත් ඒ ගැන හිතන්න කොල්ලට උවමනාවක් තිබුනේ නෑ .
එදත් වෙනදා වගේම කෙල්ල ගියේ කොල්ලව හම්බෙන්න .
" සුදු මැණික මට ඔයත් එක්ක ටිකක් නිදහසේ කතා කරන්න ඕනේ.අපි ටිකක් නිදහස් තැනකට යමු.මගෙ යාලුවෙක්ගේ හොටෙල් එකක් තියෙනවා අපි එතනට යමුද"
කොල්ලා එහෙම අහද්දී කෙල්ල ටික වෙලාවක් කොල්ලා දිහා බලාගෙනම හිටියා.
"අපි යමු සුදු අයියා .ඔයාගේ කැමැත්තක් "
කෙල්ල එහෙම කියන ගමන් ඉදන් හිටපු තැනින් නැගිට්ටා.
කොල්ලා සතුටින් ඉපිලෙනවා.කෙල්ලවත් එක්කගෙන හොටෙල් එකට ආපු කොල්ලා කාමරයක් ඇතුලට කෙල්ලව එක්කගෙන ගියා.
එදා කෙල්ල තමන්ගේ ජිවිතේ වටිනම දේ කොල්ලට දුන්නා.කෙල්ලගෙ හිතේ කිසිම පසුතැවීමක් තිබුනේ නෑ .කොල්ලා නම් හිටියෙ සතුටින් මොකද කොල්ලට ඕනේ දේ ඉෂ්ට උනු නිසා.
කොල්ලා කෙල්ලව බස් හෝල්ට් එකට ඇරලුවා.කෙල්ල බයික් එකෙන් බැහැලා බලන් හිටියෙ කොල්ලා දිහා.
" අපි ආයේ හම්බෙන්නේ නෑ මේ හැමදේම මෙතනින් ඉවරයි .මට ඔයාගෙන් ඕනේ දේ ලැබුනා."
කොල්ලා හිනා වෙවී එහෙම කියද්දි කෙල්ල වචනයක්වත් නොකියා කොල්ලා දිහා බලන් හිටියා .
" ඒකට කමක් නෑ සුදු අයියේ .ඉන්න තැනක ඔයා සතුටින් ඉන්න .මගේ කිසිම තරහක් නෑ"
කෙල්ල එහෙම කියල එතන තිබුන බස් එකකට නැග්ගා .කොල්ලා බලන් හිටියෙ පුදුමයෙන් .
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
ආකාශ් ගෙදර ඇවිත් කොල්ලගෙ බෑග් එක ඇද්දේ ෆෝන් එක හොයන්න.ඒත් බෑග් එක ඇතුලෙ තිබුන පුංචි සමරු පොත දැකලා කොල්ල පුදුම උනා.
පොත අතට ගත්තු කොල්ලා ඒක පිටුවෙන් පිටුව පෙරලන්න පටන් ගත්තා .පලවෙනි පිටුවේ නමක් ලියලා තිබුනා.ඒ කෙල්ලගේ නම.
❤️❤️හිමන්දි නිම්සරා❤️❤
ඊට පස්සෙ දෙවෙනි පිටුව පෙරලපු කොල්ලා දැක්කේ කොල්ලගෙ ෆොටෝ එකක් ඒ පිටුවේ අලවලා තියෙනවා .කොල්ලවත් දැකපු නැති ෆොටෝ එකක් .ඒක යටින් ලස්සන කවි පෙලක් ලියලා.
දගකාර ඇස් දෙකේ
අතරමං වෙලා මම
ඔබේ ඔය පපුව මත
මියැදෙන්න පුලුවනිද
කඩවසම් පිරිමි රුව
දුර ඉදන් බැලුවාට
සමාවක් දෙනවාද
මගේ පුංචි හදවතට
ආදරේ පිරීලා
නුඹේ නමට හදවතේ
ඔබේ මැණික වෙන්න මට
දෙනවාද අවසරය
කොල්ලගෙ හිතට නුහුරු දුකක් දැනුනෙ .කොල්ලා අනිත් පිටු සේරම පෙරලලා බැලුවේ ඉක්මනින් .ඒ හැම පිටුවකම කොල්ලගෙ ෆොටෝ අලවලා ලස්සන කවි ලියලා තිබුන .අන්තිම පිටුවේ ලියලා තිබුනේ කොල්ලට
ආදරණීය සුදු අයියේ
මේක ඔයා දකිද්දි මං ඔයාගෙන් ගොඩක් දුර ගිහින් ඉදීවී.මං දන්නවා ඔයා මට ලං උනේ ආදරේකට නෙමෙයි කියලා.ඒත් මේ කෙල්ල සුදු අයියට මහ මෙරක් තරම් ආදරේ කලා.මීට අව්රුදු දෙකකට කලිනුයි මං ඔයාව දැක්කේ .ඒ දැකපු දවසෙ ඉදන් මං ආදරේ කලා ගොඩක් .ඔයා මට ආදරෙයි කියද්දි මං ඔයාට ආදරේ කරන්න අරං අවුරුදු දෙකක් වෙනවා සුදු අයියේ .
මං දැනන් හිටියෙ ඔයා මොන වගෙ කෙනෙක්ද කියල.ඒත් මේ පපුව පිරෙන්න තරම් ආදරේ කලා මම.
මං යන්නම් සදහටම .ආයේ කවදාවත් එන්නෙ නෑ මම.මං යනවා අයියේ මේ රටම දාලා යනවා.මාව ඕනේ කියලා හිතෙනවා නම් එකම එක පාරක් ඇවිත් යන්න එපා කියන්න .මං බලන් ඉන්නවා.
ඔයාගෙම
සුදු මැණික
කොල්ලා ඇස් වලින් කදුළු වැටුනේ සට සට ගාලා.බයික් එකට නැග්ගේ කොල්ලා අසිහියෙන් වගේ.
පැයකට විතර පස්සෙ කොල්ලා ආවේ එයාපෝර්ට් එකට.ඒ ඇස් හෙව්වේ කෙල්ලව.ඒත් කෙල්ල හිටියෙ නෑ .පිස්සෙක් වගේ එයාපෝර්ට් එක වටේම දිව්වත් කෙල්ලව දැකපු නැති නිසා කොල්ලා අඩාගෙනම පුටුවකින් වාඩි උනා.
එක පාරටම කොල්ලා පිටිපස්ස හැරිලා බැලුවේ කවුරුහරි කොල්ලගෙ උරහිසට අත තියපු නිසා.ඒ හිටියෙ කෙල්ල ඒ ඇස් වලින් කදුළු වැටෙනවා.
කොල්ලා නැගිටලා කෙල්ලව තදින් තුරුළු කර ගත්තා .
" මට සමාවෙන්න සුදු මැණික අනේ මට සමාවෙන්න "
කොල්ලා කිව්වේ අඩ අඩ.
" ආදරෙයි සුදු අයියේ ගොඩක් .ඔයා තමා මගේ පන."
"කියන්න මැණික දාලා යන්නේ නෑ නේද ආයේ "
"නෑ සුදු අයියා කවදාවත් දාලා යන්නේ නෑ "
කොල්ලා කෙල්ලගෙ නලල සිප ගත්තේ ආදරෙන් .
" ආදරෙයි මගෙ පන"
කොල්ලා කිව්වේ සැනසීමෙන් .
සමාප්තයි
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️
පවන හෙට්ටිආරච්චි

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
පවන හෙට්ටිආරච්චි
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.