ඇයි දෙයියනේ මං මෙච්චර පව්කාර ...මගේ පොඩි කාලේ බේබදු තාත්තා නිසා නැති උනා...දැන් තරුණ කාලේ...ඒක මේ කාලකණ්නියා නිසා නැති වෙනවා...

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
දෙව්දුවකි ඈ.....

අනේ අම්මේ මට දැන් මේ කරුමේ එපා වෙලා තියෙන්නේ අප්පා....

ශනිල්කට කවමින් සිටි බත්පත අහකට විසි කරපු මම තරහයින් එහෙම කිව්වේ මේකේ අවසානයක් දකින්න ඕනි නිසා.

කටවහපන් කෙල්ලේ ...මොනාද උඹ ඔය කියන කතා...ඔය දරුවා නිසයි අපි මෙහෙම කාලා ඇදලා කාටවත් අත නොපා ජීවත් වෙන්නේ....එහෙව් දරුවව පැත්තකට කරලා දාන්නද උඹ කියන්නේ.. .

එහෙමයි කියල අම්මා කියන්නේ මේ අබ්බගාතයා වෙනුවෙන් මං හැමදාම කැප වෙලා ඉන්න ඕනි කියලද....

ඔව් ඉන්න ඕනි කොහොමත් උඹට ඉන්න වෙනවා......ඒ කොල්ලා උඹ වෙනුවෙන් කරපු කැප කිරීම් වලට මීට වඩා දෙයක් උනත් උඹ ඒ දරුවව බලා ගන්න ඕනි....

අම්මා හයියෙන් හුස්ම ගනිමින් එසේ කීවේ මගේ දෑස් කදුළින් බර වන විටයි.

ඇයි දෙයියනේ මං මෙච්චර පව්කාර ...මගේ පොඩි කාලේ බේබදු තාත්තා නිසා නැති උනා...දැන් තරුණ කාලේ...ඒක මේ කාලකණ්නියා නිසා නැති වෙනවා.....

ඒ වචන ඇහෙන මගේ හිත දැඩිව රිදුම් දෙන්න ගත්තේ සමාලි මා නිසා නොවිදිනා දුක් විදින බව දැනීය.

බොරුවට කදුළු පෙර පෙර ඉදපන් ...කාලකණ්නි අබ්බගාතයා....

මගේ ඔළුවට අතින් ඇන එසේ කියමින් එතනින් පිටව ගිය සමාලි කුස්සියට ගොස් මහා හඩින් මොකක් හෝ බාජනයක් බිමට අත අරින හඩ මට ඇසුනි.දෑසින් නොනවත්වා කදුළු ගලා ගියත් ඒවා පිස දැමීමට අවැසි නැති නිසා මා ඔහේ ඉදිරිය බලා සිටියේ මා ගැන මටම අනුකම්පා හිතෙන විටය.

අනේ සුදු පුතා ඔය කෙල්ල කියන දේවල් හිතට ගන්න එපා....ඕකි ඔය කෑ ගැහුවට මගේ පුතාට ආදරෙයි.....

සමාලිගේ අම්මා මගේ හිස අතගාමින් එසේ කීවේ මා සනසවන්නට බව මට දැනුනි.

අනේ...සර් අපෙ තාත්තා අම්මට හොදටම ගහනවා ...අනේ මගේ අම්මව බේර ගන්න සර්....සර්ට බුදුබව අත්වෙයි....

කොණ්ඩෙත් කාඩාගෙන දුර්වර්ණ උන ඇදුමක් ඇදන් පාර දිගේ දුවගෙන ආපු තරුණියක් එක පාරම මගේ කාර් එකට එබිලා එහෙම කිව්වේ ඇස් දෙකෙන් වැටෙන කදුළු අත් දෙකෙන්ම පිහමින්.

ඇයි නංගී මොකක්ද ප්රශ්නේ....

අනේ සර්...තාත්තා බීලා ඇවිල්ලා ...වෙනදට අම්මයි මායි තාත්තා එන්න කලින් අර ලදු යාය පැත්තේ හැංගෙනවා...ඒත් අද තාත්තා කලින්ම ආවා ...මං පිටිපස්සෙ දොරෙන් පැනලා එද්දී තාත්තා අම්මට හොදටම තඩි බානවා සර්.....

ඒ තරුණියත් සමගම ඇගේ නිවසට ගිය මං බීමත්ව සිටි ඇගේ තාත්තාගෙන් අම්මාව ගලව ගත්තේ ලොකු පරිශ්රමයක් දරලා.

අනේ මගේ කොන්ද රිදෙනවා කෙල්ලේ ඉන්න බෑ....මේ මිනිහෙක් නිසා මම විතරක් නෙවෙයි උඹත් දුක් විදිනවා....

ඒ අම්මා අර තරුණියව තුරුල් කරගෙන හඩද්දී මට ඒ දෙන්නා ගැනම ලොකු දුකක් දැනුනේ අර අහිංසක අම්මගේ ඇගේ තිබ්බ ඇගිලි පාරවල් දැකලා.

අම්මලා දැන් ගෙදර යනවද අම්මේ....

මං එහෙම ඇහුවේ මටත් නිවසට යන්නට අවශ්ය නිසා.

අනේ...පුතාට පිංසිද්ද වෙයි මාව ඒ තිරිසනාගෙන් බේර ගත්තට...ඒත් දැන් ගෙදර යන්න බෑ පුතේ ඔය මිනිහා ආපහු මටයි කෙල්ලටයි තඩි බාන්න ගනියි...

ඔවුන්ව එතන දමා යන්නට නොහැකි නිසා මම කල්පනා කරන්නට වූයේ කුමක් කරම්දැයි කියාය.

අම්මලා අකමැති නැත්තම් මගේ ගෙදර යං...මං විතරයි එහෙ ඉන්නේ අම්මටයි නංගිටයි කැමති කාලයක් එහේ ඉන්න පුලුවන්...

මේ වෙලාවේ හැටියට ඔවුන්ට වෙන කරන්නට දෙයක් නොවූ නිසා මාත් සමග නිවසට ආවේ හිතේ දෙගිඩියාවෙන්.මොකඩ්ග තමන්ගේ සැමියම අද මේ විදිහට සලකද්දී පිට පිරිමියෙක් ගැන ව්ශ්වාස කරන්නේ කොහොමද....

අම්මා... ඔයයි නංගි මේ කාමරේ ඉන්න ...අනික මේක පිට තැනක් කියලා හිතන්න එපා ඔයාලගෙම ගෙදර වගේ හිතාගෙන සතුටින් ඉන්න....

දවස් මාස ගෙවිලා ගියේ සමාලි වගේම අම්මත් මේ හැම දේකටම හුරු කරවමින්.ඉගනීම මග නතර කරලා හිටපු සමාලි ආපහු ඉගෙනීම ආරම්භ කළේ ඒ හැම දේකටම මම වියදම් කරන්න කැමති උන නිසා.

සමාලි...නංගා...

දවසක් එයාගේ කාමරේ ගාවට ගිය මං සමාලිට කතා කළේ ජීවිතේ ලොකු තීරණයක් අරං.

ආ සුදු අයියා එන්න ඇතුළට...

නංගි මේ ..මං ආවේ ඔයත් එක්ක ටිකක් කතා කරන්න...

කියන්න අයියා....

මං මේක දැන් මාස ගාණක ඉදන් හිතේ තියාගෙන ඉන්නේ .තවත් මේ දේවල් හංගගෙන ඉදලා මට ඔයාව නැති වෙයි කියලා බයයි ...මං....මං...ඔයාට ආදරෙයි සමාලි...

ඒ දෑස් දිහා බලාගෙනම මම කියද්දී කිසිම විදිහකින් කලබලයක් නොපෙන්වපු සමාලි මට කිව්වේ අම්මගෙන් අහලා බලන්න අම්මා කැමති දේකට මාත් කැමති කියලා.

අනේ මගෙ පුතාට වරදින්නේ නෑ රත්තරනේ ...ඉස්සෙල්ලම මටයි කෙල්ලටයි ඉන්න තැනක් දුන්නා දැන් මගේ කෙල්ලට හොද ජීවිතයක් දෙන්න යනවා ....ඉතින් ඒකට මං අකුල් හෙළන්නේ ඇයි පුතේ...

සමාලිගේ අම්මා දෑස් වල කදුළු පුරවගෙන එහෙම කියද්දී මගේ ඇස් වලටත් කදුළු ආවේ මටත් දැන් අම්ම කෙනෙකුයි පෙම්වතියෙකුයි මටම කියල ඉන්න නිසා.

සමාලි ...

ඇයි ශනිල්ක ...

අපි දැන් ආදරේ කරන්න පටන් අරන් අවුරුද්දකටත් වැඩියි ඉතින් අපි ඉක්මනට කසාද බදිමු....

එක වහළක් යට සිටියත් දෙතනකට වී සිටින්නට හිත නොදුන් නිසා මා සමාලිගෙන් එසේ ඇසුවේ ඉක්මනින් ඈ මගේ පතිනිය කර ගන්නට හීන මවමිනි.

ඔයාගේ කැමැත්තක් මහත්තයො....

සමාලිත් අම්මාත් විරුද්ධ නොවූ නිසා මාසයක් ඇතුළත විවහායට දින දා ගත් අපි එහෙ මෙහෙ යමින් සියල්ලම සූදානම් කළේ මේ දිනය සමාලිගේ ජීවිතයේ සතුටුම දවස කරන්නට ඇගිලි ගනිමිනි.

ශනිල්ක අයියා....

ඇයි මැනික...

අනේ ගමේ මගෙ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා අපි ඒ දෙන්නටයි අප්පච්චිටයි ඉන්වයිට් කරන්න යමු....

සමාලිගේ ආශාව නිසා ගමට ගිය අපි ඇගේ පියාටත් යහළුවන්ටත් ආරාධනා කර ආපසු නිවසට එන විට හතර වටින්ම කළුවර වැටී තිබුණි.
එන්න එන්නම මීදුම වැඩි වෙද්දී මම ඉතාම ප්රවේසමෙන් වාහානය ගෙන ගියේ පාර දෙපැත්තේ ඇති කදු බෑවුම් නිසාවෙනි.

අනේ ශනිල්ක ..අර බලන්නකෝ කවුද මිනිස්සු වගයක් පාර හරස් කරගෙන ඉන්නවා....

සමාලි බියෙන් ගැහෙමින් එසේ කියද්දී මම හොදින් ඒ දෙස බැලුවේ එතන ඉන්නේ කවුදැයි කියා බලන්නටය.

සමාලි ඒ ඉන්නේ ඔයාගේ තාත්තයි තව කට්ටියකුයි එයාලා අතේ මොනවා හරි තියනවා.....

අනේ ශනිල්ක තාත්තා එහෙනම් අපිට කරදරයක් කරන්න එන්නේ ...අනේ එන්න අපි කාර් එකෙන් බැහැලා දුවමු සංසලාගේ ගේ තියෙන්නේ මේ ළග ....ඉක්මනට එන්න....

සමාලි මා කිසිවක් කියන්නට පෙරම වාහානයෙන් බැස දුවන්නට පටන් ගත්තේ ඇගේ තාත්තා හා පිරිස ඇය පසුපස පන්නන්නට එන විටය.

නැවතියන් හැමෝම එකෙක් හරි මගේ කෙල්ලව ඇල්ලුවොත් තොපි ඔක්කොම බාවනවා මම...

හිතේ හයියට එසේ කීවත් දහ දෙනෙකු සමග පොර බදන්නට නොහැකි වූ මා කීප දෙනෙකුට ගසද්දී එතන සිටි කවුරුන් හෝ මගේ දෙපයට යකඩ පොල්ලකින් පහර දුන්නේ කකුල් දෙක පණ නැති වී හිරි වැටී යද්දීය.

මුළු ගතම රිදුම් දෙද්දී දෑස් ඇරිය මං දුටුවේ මා අසල සිට හඩා වැලපෙන සමාලිත් අම්මාත්ය.

ස..මා..ලි... ඔයා හොදින් නේද මැනික....මං බය උනා උන් ඔයාට කරදරයක් කරයි කියලා....

මා එසේ කියද්දී ඈ තවත් හයියෙන් හඩා වැටුනේ ඇයි දැයි කියා මට නොතේරුනි.

මහ ලොකුවට තාත්තා කියාගෙන ගියේ...මං කලින්ම උඹට කිව්වා ඔය තිරිසනා ගැන කෝ ඇහුවද උඹ....

අම්මා නොනවත්වාම සමාලිට බනිද්දී ඇදෙන් නැගිටින්නට හැදූමට එය කරන්නට තරම් හයියක් නොමැති බව තේරුනි.

ඇයි අම්මා මේ මට කකුල් දෙක තියනවා කියලා දැනෙන්නෙවත්
නෑනේ ...

අනේ පුතේ මට සමාවෙයන් පුතේ ....අර තිරිසන්නු මගේ පුතාට ගහපු පාරවල් නිසා පුතාගෙ ඉණෙන් පහළ පණ නැති වෙලා පුතේ.....

පිරිමියෙක් නිසා සියල්ලන් ඉදිරියෙ හඩන්නට නොහැකි නිසා මා ආයාසයෙන් කදුළු යටපත් කර ගත්තේ දැඩි ආයාසයකිනි.

අම්මා ..අම්මා...

ඇයි දුව...

හෙට ඉදන් මේ කාලකණ්නියව බලා ගන්න නර්ස් කෙනෙක් එනවා කිව්වා...මට තවත් මෙයා වෙනුවෙන් කැප වෙලා ඉන්න බෑ මං ඒ නිසා අප්පච්චි ගෙනාව යෝජනාවට කැමති වෙනවා...

මූණට දමා ගහනවා වගේ සමාලි එහෙම කියද්දි මං මැරිලා ගියා නම් කියලා මට හිතුනා.වෙනදා මගෙ රත්තරං මගෙ පණ වස්තුව කියපු කටින් දැන් පිටවෙන්නේ කාලකණ්නියා අබ්බගාතයා මූසලයා යන වචන විතරයි .ඉතින් පිරිමියෙක් උනත් කොහොමද මේ දේවල් දරාගන්නේ...

පුතා ඕවා හිතන්න එපා පුතේ...මගේ එකී කිව්වට අර තිරිසනාගෙත් දුවනේ ..ගහේ කටු උල් කරන්න ඕනි නෑ කියන්නේ ඕකට තමයි පුතේ....

අම්මා එහෙම කියලා හැමදාම වගේ මගේ හිස අතගාගෙන එතනින් පිටවෙලා ගියේ මොනා උනත් එයා මාත් එක්ක ඉන්නවා කියන එක මට අගවලා .

ගෙදර කවුද ...ගෙදර කවුද....

උදේ පාන්දරම දොර ගාවින් ඇහෙන හඩ නිසා මං දෑස් ඒ දෙසට යොමු කළේ මෙච්චර උදෑසනින් කතා කරන්නේ කවුදැයි බලන්නටය.
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI