#සැකයෙන්_නිම_වූ_මුහුණුපොතේ_ආදරය🙄🙄*******
සදුනි එක් දරු මවකි , ඇය දෙවරක් හැරි බලන රුවකට උපතින්ම උරුමකම් කියයි.කිසිදු බාහිර ආටෝපයන් නැති සදුනි අහිංසක ගැහැණියකි.සදුනිගේ සැමියාද කඩවසම් පුරැෂයෙකු වෙයි. ඇයට ඉතා සෙනෙහසක් දක්වන ඔහු හා ඇය ඉතා සතුටින් පවුල්දිවිය ගෙනගියාය.ඔවුන්ගේ ජීවිතයට තුන්වැන්නෙකුගේ පැමිණීම නිසාවෙන් ඒ ජීවිත කනපිට පෙරලුනේ මෙලෙසිනි......
"සදූ.....නැගිටින්නකෝ තාම නිදි මං වැඩට යන්නෙ කීයටද ළමයෝ"
"අනෙහ්......දොයි මතයි අයියේ "
"මට තේ ඕනනේ නැතිනම් අද දවසම ඉවරයි දන්නවනේ ඉතින් චුට්ටක් බඩ රත්වෙන්න ඕනනේ .....හොද කෙල්ල වගේ තේ හදමු "
"එපා වෙනවා අනේ ඔයා එක්කනම් බෑ මං වෙන කාවහරි හොයාගන්නවා දවසම දොයියන්න පුළුවන් කෙනෙක්"
"හා...හා..නිකමෙක් හොයාගත්තම පුළුවන් දවසම මෙහෙම දොයියන්න"
එහෙම කියපු හසිත සදුනිව තුරැල් කරගෙන මිරිකගත්තා කෙල්ලට හිනාව තදකරගන ඉන්න බැරිඋනා ඒ සොදුරැ දිවියනම් සතුටින්ම පිරි ඉතිරි ගිය එකකි.......................
මාස දහයක් වයසැති පුංචි පුතුපැටියා තුරැල්කරගෙන සදුනි ඇදට වැටුනේ ඇය සතු අළුත්ම ස්මාට් ෆෝනයද රැගෙනයි.හසිත නිවසින් ගියපසු ඇය නිවසේ සියලු වැඩ නිමාකොට තම සිගිති පුතුද සමගින් ගතකරේ පාළු ජීවිතයකි.ඇයට පාළු නිසාමයි හසිත මේ දුරකතනය ගෙනවිත්දුන්නේ ..
ඇයට fb ගිනුමක් සාදා දුන්නේද හසිත විසින්මයි...සදුනි මුහුනුපොතේ ඉහල පහල යද්දී ඇයට කොතෙක් මැසෙජ් ලැබුනද ඇය පිලිතුරු දෙන්නට ගියේ නෑ නමුත් එදා ඇයට ආසාවක් ඇතිඋනා ....
Hi...
Hi..
Kohomada..
Hodin...
මෙලෙස ඇරඹෙන කෙටිපනිවිඩ සංවාදය ඉතා උනුසුම් ලෙසත් ආදරණීය ලෙසත් සෑම දිනකම සිදු උනා.සදුනි ජීවත්වුනේ වෙනදාට වඩා උද්යෝගයකින්.
සදුනිගේ මුහුණු පොතේ ආදරවන්තයා කලිදු..සදුනියි කලිදුයි අළුත්ම ලෝකෙක දෙන්නා ජීවත්උනේ..
📞
"හලො..සුදු මැණික"
"ආ..මගේ අප්පච්චී ...ඉතින් කාලද"
"ඔව් සුදු කෙල්ලේ ..ම්..ම්..ඔයා"
"මාත් කෑවා මම පුතුව නාවලා ගන්නද"
"දැන් අම්මිට වැඩ වැඩී නේද අප්පච්චිලා දෙන්නයි අපේ පුතුපැටියයි නේහ්"
"ම්...ම්..''
"අම්මියෝ"
"රහසක් කියන්නද.."
"ම්....මොකක්ද්ද "
"කෝ පැටියා"
"මේ මගෙ ලග ඉන්නවා ඇයි එයාට අහන්න හොදනැතිදෙයක්ද"
"හරි හරි ඕන නෑ ....."
"අනේ කියන්නකෝ"
"කීවනේ ඕනනෑ........හරි පුතා නාවන්න"
"මං නාවලා ගන්නම් ...තරහ නෑනේ"
"බුදුසරණයි"
"බුදුසරණයි"
මෙවැනි හුරතල් දුරකතන සංවාදද එමටයි.සදුනිට කලිදුගෙන් තොර ලොවක් තිබුනේම නෑ ...මොනවා කරත් ඇය හසිතටද තම පණ දෙවැනිකොට සෙනෙහස පෑවා හසිතද කිසිදු දිනක ඇයව සැක කලේ නෑ.හසිත හා සදුනි ගතින් එක්වෙද්දි කලිදු හා සදුනි සිතින් එක්වූනා ...ගතින් අල්වාගත්දෙයටවඩා සිතින් අල්වාගත්දෙය සමග සදුනි තදින් බැදී සිටියා කොටින්ම කියතොත් ඇය එයට ඇබ්බැහි වී සිටියා....
දිනක් කලිදු හා ආදරබස් තෙපලම්න් ඉද්දි සදුනිගේ දුරකතනයට ඇමතුමක් ආවා ඒ ඇගේ ලගම යෙහෙලියකගෙන් සදුනි කලිදු ඒ බව කියා යෙහෙලියගේ දුරකතන ඇමතුම සම්බන්ධ කරගත්තා ඇය වරුවකටවත් ෆෝනය තැබුවේ නෑ....සදුනි ට මෙය වදයක් වුවත් ඇය ඉවසාදරාගන සිටියා.....
එදින පටන් සෑම දිනකම ඇගේ යෙහෙලිය ඇයට කතාකරන්නට වූනා ඇගෙ ඕපාදූප සියල්ල කියන්නට ඇය තෝරාගත්තේ සදුනිවයි මෙය කලිදුගේ සිතේ යම් සැකයක් ඇතිකරා...කලිදු සදුනිට කතාකරන්නට ගත් බොහෝ අවස්තාවලදී සදුනිගේ දුරකතනය කාර්ය බහුලඋනා ...මෙය කලිදුට දරාගත නොහැකි තැන සදුනිට තදින් බැනවදිනවා ....
📞
"මේ...හලෝ ..තමුසෙට තව මිනිහෙක් ඉන්නවා නේද ...ඇත්ත කියපන් මාව යකා නොකර"
"දෙය්යනේ කලිදු මාව විස්වාස කරන්න මම එහෙම ගෑණියෙක් නෙවෙයි"
"අපෝ ..මේ මට ගෑණු ගැන කියන්න එන්න එපා මම හොදට දන්නවා"
"මේ අහන්න මගෙ මේ කිරි කැටියා පල්ල මට වෙන කිසිම සම්බන්ධයක් නෑ...මගෙ ජීවිතේ දරුවයි හසිතයි ඔයයි ප්ලීස් මාව තේරැම්ගන්න"
"දරැවා ගාවගන්න එපා ජරාවැඩකරන්න ඕන උනාම ගෑණුන්ට ඕවා ඒතරම් දේවල් නෙවෙයි"
"මං කියනදේ අහන්න චාරැකා මට ඉස්සර ගොඩක් උදවු කරලා තියනවා සල්ලි වලින් ඒ නිසා මට එයාව බ්ලොක් කරන්නත් බෑ ....අනේ කලිදු මාව තේරැම්ගන්න ප්ලීස් "
දිනෙන් දිනම මේ චෝදනාව වැඩි උනා මිසක අඩු උනේ නම්නෑ..සදුනිගේ ජීවිතේ එකම වේදනාවක් වුනා මුළු දවසම කෙල්ල නොකා නොබී ඇඩුවා දරුව ගැනත් වෙලාවකට නිනව්වක් නෑ ඇය බලාගත්ත අත බලගෙන හිටියා .....
ඇය කලිදු ට පිං සෙන්ඩු උනා ඒත් කලිදු ඇය කියන කිසිදෙයක් පිලිගත්තේ නෑ මේ පෙම් පුරාවතට වසරක් ගෙවෙද්දි වත් තවම එකිනෙකා මුනගැසී තිබුනේ නෑ ...දරැවා කුඩා නිසා දරැවා දමා එනවාට කලිදු කැමති උනේ නෑ ...
කලිදු ද සදුනි හසිත තරමටම දරැවාට ආදරය කලා..කලිදු සදුනි ටද බොහෝ ආදරය කලා....සදුනිගේ පවුලටද කලිදු බොහෝ ආදරය කලා ඒ නිසාවෙන් සදුනිට හානියක් වෙන කිසිම දෙයක් ඔහු අතින් වුනේ නෑ ඔහුද පන තරමට සදුනව ආරක්ෂා කලා ඒ අසීමිත ආදරයේ අනිසි ප්රතිඵලය තමයි මේ සැකය.කලිදු හැම මොහොතකම සිතුවේ සදූට වෙන සම්බන්ධයක් තියන නිසා තමා මග අරින බවයි....
හැම දිනකම කලිදු සදුනිව රිදෙව්වා ඒ ඔහුගේ අසීම්ත සෙනෙහසයි..මෙය සදුනිට දරාගත නොහැකි වුනා.සදුනි අත කිසිදු වරදක් නැති නිසා ඇය අසීමිතව කදුළු සැලුවා ඇය බලා ඉද්දි දුර්වල උනා ....එදාද ඇය කලිදු ට දුරකතනයෙන් කතාකලා..
📞
"ඇයි කලිදු මාව විස්වාස නැත්තේ ඔයා එන්න ඔයා කියන ඔින තැනකට මම එන්නම් මට ඔයාට දෙන්න බැරි දෙයක් නෑ.."
"අනේ...අනේ ..මේ මට තමුසෙ එක්ක නිදාගන්න ඕන නෑ එහෙම සල්ලාලයෙක් නම් මම මේ වෙද්දි දහපාරක්වත් තමුසෙගේ අැගඋඩ නැගලා"
"ඔහොම කතාකරන්න එපා අපි ආදරෙන් ඉමු ඉස්සර වගේ"
"ආදරෙන් ඉන්න තමුසෙටනෙ බැරි"
සදුනිට මෙය ඉවසිය නොහැකි වේදනාවක් උනා තමා අත කිසිදු වරදක් නැතිව කලිදු මෙලෙස චෝදනා කිරිම ඇයට දරාගන්නට බෑ...
"හරි උඹ මං මැරුනාම විස්වාස කරපන් මේ සදුනි උඹට කොයිතරම් ආදරේ කරාද කියලා මගෙ මිනිහට මගෙ දරැවට වඩා මේකි උඹට ආදරේ කරා මට උඹ නැතුව ජීවත්වෙන්න බෑ"
ඇය දුරකතනය විසන්දිකලා අතට අහුවුන රෙදි කැබැල්ල කාමරයේ බාල්කයේ ගැට ගැසුවා අනික් කොන තම ගෙලට දමා පුටුවට නැග පහලට පැන්නා.....
සියල්ල අහවර යැයි ඇය සිතුවා එකවරම තද කළුවරකින් තමා අවට වැසී යනවා ඇයට දැනුනා ...සුළු ගැස්සීමකින් ඇය ඇගෙ සිරුරින් වෙන් වුනා ඇය පාවී ගොස් වහලයේ රැදුනා ......දැන් ඇයට යලිත් සිදුවු සියල්ල මතකයට ආවා දෙය්යනේ මගෙ දරැවා සදුනි දරුවා අසලට ගියා...
යහනෙහි නිදන තම සිගිත්තාව අතට ගන්නට වෙර දැරුවා , ඒත් ඇයට එය කිරිමට බැරි වුනා..ඇය මහ හයියෙන් විලාප තිබ්බා ඒත් මනසින් පමනයි හඩක් පිට උනේ නෑ ඇය තම දෙඅත මිරිකාගත්තා ඒත් දෙඅතක් ඇයට තිබුනේ නෑ ඇය සිරුරින් නික්මි තවම විනාඩි ගනනයි... ඇය යලිත් තම සිරුරට ඇතුළු වීමට උත්සාහ කරා ඒත් එය ව්යවර්ථයක්ම පමනක් උනා......
දරුවා අවදිවී ඇදෙන් බැසීමට යද්දී ඇදෙන් බිමට වැටුනා දරැවා මහ හඩින් හඩන්නට උනා......අනේ දෙය්යනේ මගෙ පුතුවා ඇයි මට එයාව අල්ලන්න බැරි මට මොකද උනේ මගෙ කොල්ලා අඩනවා මේ...මේ...එයා වැටුනා මම ලග ඉද්දි එයා වැටුනා ....ඒත් ඇය ප්රමාදබව ඇයට වැටහෙද්දි ඇය සියල්ලන්ගෙන්ම නික්මී තිබුනා..
දරුවගේ විලාපය ඇසි අසල කාන්තාවක් සදුනි ගේ නිවසට ගොඩ වුනා.
"ඇයි නංගියේ කොල්ලා අඩන්නේ දැන් ගොඩක්වෙලානේ අහගන ඉදලා බැරිම තැනයි මං මේ ......"
ඇයට කියාගත හැකිවූයේ එපමනයි බාල්කයේ එල්ලි පැද්දෙම්න් සිටි සදුනි දුටු ඇයද ක්ලාන්ත වී ඇදවැටුනා ............මේ සියල්ල දෙස සදුනි ඇසිපිය නොහෙලා බලා සිටිනවා
"අනේ අක්කේ පුතාව ගන්නකෝ අඩලම කොල්ලට පණ නෑ මට මොකක්ද වෙලා ඔයාලව අල්ලන්න බෑ මේ මාව පාවෙනවා මට ශරීරයක් නෑ "
අැයට සියල්ල අවබෝධ වුනා ඒත් ඇය දරුවා වඩාගන්නට තැත් දරනවා වෙහෙසවි අවසන ඇය යලිත් වහලයටම යනවා .......ටික වෙලාවකින් අහල පහල අය එතනට ආවා නිලන්ත අයියා දරැවව වඩාගත්තා බාල්කයේ එල්ලි සිටින නදිනිදෙස සියල්ලෝම පුදුමයෙන් බැලුවා
"'"අනේ අපොයි"""
යන හඩ හැම මුවකින්ම පිටඋනා...........කවුරැන් හෝ ගොස් හසිතව රැගෙන ආවා.. ඔහුට මෙය අදහගත නොහැකි උදේ තමාට හාද්දක්දී දහවල බත් එකද දී සිනාවෙන් තමාව වැඩට යැවු ඇය මෙලෙස කරගන්නට හේතුව කුමක්දැයි ඔහු සිතනවා .....
""වචනයකින් පවා හිත රිදවීමක් මගෙ අතින් කවදාවත් වෙලා නෑ...ඉතින් ඇයි මේ රත්තරන් ...? "
හසිත අඩන්නට වුනේ පොඩි දරැවෙකු මෙනියි ........
"ඇයි සදූ ඔයා මේ පව්කාර දේ කරගත්තේ මම ඔයාට කරපු වරද මොකද්ද දෙය්යනේ....."
හසිත හිසතදින් මිරිකගත්තා....සදුනි මේ සියල්ල දෙස උඩ සිට බලාසිටියා දැන් ඇයට සියල්ල වැටහී හමාරයි
"මට ආයේ කිසි දිනක ඔබලා අතරට එන්නට බෑ මම ඔයාට කිසිම වරදක් කරේ නෑ ඒ මේ ගෑනී මනසින් කිළුටු උනා ඔයාට බොරුකීවා මේ ඒ පව තමයි මම මගෙ දරැවා දිහා බල බල කීපාරක් මැරි මැරි ඉපදුනාද මේ ටිකට මම මේ පව තව කී කාලයක් ගෙවයිද....?"
සදුනි සිතනවා..........
***********************************
"අඩන්න එපා වස්තුවේ අම්මා දැන් එයිනේ මගෙ පුතුවට කුක්කු දෙන්න"
අඩන පුතුව තුරැල්කරගෙන හසිත අඩම්න් පවසනවා මේ දසුන දුටු සදුනිට තමා කල මෝඩ කමේ බරපතල කම තේරුනත් තමා දැන් ප්රමාදවැඩි බව වැටහෙනවා ඇය වේදනාවෙන් මැරි මැරි උපදිනවා ඇය දන්නවා දැන් තමාට ඔවුන් පෙනුනත් ,ඇසුනත් තමාව දැන් ඔවුන්ගේ ලෝකයට අයිති නැතිබව .....
සදුනිට එකවරම කල්පනා වුනේ කලිදු ....ඇය කලිදු සොයාගෙන ගියා .....කලිදු මේ කිසිවක් දැනසිටියේ නෑ.. ඔහුට ප්රශ්නයක් වී තිබුනේ සදුනිගේ නිහඩබවයි කෙතරම් රණ්ඩු කලද පසුදා ඇය ආදරයෙන් තමාට අමතන බව ඔහු දන්නවා...
ඒත් දින දෙකක් තිස්සේ ඇගෙන් කිසිදු ප්රතිචාරයක් නෑ කෝල් ගත්තත් ඇගේ ෆෝනය ඕෆ්....
"වැඩිය ගන්නත් බයයි හසිත ළගද දන්නෙත් නෑනේ කලිදු හැමදාම හිතුවේ සදුනි ගේ සතුට සැකකලේ ආදරේ වැඩිකමට රැකගන්න හැදුවේ ආදරේට .මේ වෙද්දී කලිදු ද සිටියේ මහත් වේදනාවෙන්
"මම කෙල්ලට කතාකරපු විදිය වැරදි පව් අසරණී ....මට හිතෙනවා හොයාගන යන්න අන්තිමට එවපු මැසෙජ් එක දැක්කම ඇග හිරිවැටෙනවා ඊටපස්සේ මම කෝල් කීයක් ගත්තද ෆෝන් ඕෆ් ..මේ ගෑණී මොනවාහරි කරගත්තාවත්ද කලිදු දෑතින් තම හිස මිරිකාගත්තා අසම්මත උවත් මෙයද ප්රේමයක්ම නොවේද..........?"
සදුනි මේ සියල්ල දෙස බලා සිටියා
"කලිදු ඇයි මේ දුකෙන් ඉන්නේ ..දෙවියනේ ලස්සන මට මේ ලස්සන විදගන්න තිබුනනම්"
ඇයට කලිදුගේ සෙනෙහස මතකයට නැගුනා...තමා හා කලිදු කොතරම් සෙනෙහසකින් බැදී සිටියාද ......අසම්මත වුවත් එහි අමුතු රසයක් ඇතිබව දෙදෙනාම දැනසිටියා.....
එහෙත් එකවරම ඇයට තමා දැන් නදිනි නොවන වග වැටහුනා...
"හහ් උඹේ ආදරේ තමයි මට මෙහෙම කරේ දැන් උබ සතුටු වෙයන්කෝ උඹේ හොරගෑණි උඹට කොච්චර ආදරේ කරාද මගේ දරැවා මගෙ මිනිහා මට අච්චර ආදරේ කරද්දි මම මුලාඋනා ඉක්මන් තීරනයක් ගත්තා අද උඹ හොදට ඉන්නවා අරෙහේ මගේ දරැවා දුක්විදිනවා මගෙ තනෙන් කිරි බොන්න හොයනවා ....මම මහා පව්කාරියක් දෙය්යනේ ආයේ මට උපතක් නෑ මේ පව ගෙවන්න පුළුවන් එකක් නෙවෙයි ...."

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.